පර්සි අබේසේකර

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ශ්‍රී ලංකා ඒක පුද්ගල ක්‍රිකට් දිරිගන්වන්නා වන පර්සි අබේසේකර අද 76 වැනි වියට පා තබයි. ‘චියර් පර්සි’ ලෙසින් ද මෙරට ක්‍රිකට් ලෝලීන්ගේ ආදරයට ලක්ව සිටින පර්සි අබේසේකර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරි ගැන්වීම සඳහා ප්‍රථම වතාවට පිටියට පිවිසියේ ඔහුට යන්තම් වයස අවුරුදු 12 දී ය.

    392368_427151870657329_937013893_n.jpg


    ඒ 1948 වසරේ ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් ‘සරා’ ක්‍රීඩා පිටියේ තරගයකට ක්‍රීඩා කිරීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදීය. එදා පර්සි එම තරගය නැරඹීම සඳහා ගාල්ලේ සිට කොළඹ ට පැමිණියේ ඔහුගේ වැඩිමහළු සහෝදරයන් දෙදෙනාගේ රැකවරණය යටතේය. එදා මෙදා තුර පර්සි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන දේශීය මෙන්ම විදේශීය තරගවලදීද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිරි ගැන්වීමේ කාර්යයේ නියැලී සිටී.

    සිංහ කොඩිය ලෙළවමින් පිටිය පුරා විටෙක ඇවිදින, විටෙක දිව යන පර්සි ගේ රුව සෑම ක්‍රිකට් තරග බිමක ම දක්නට ලැබෙන දසුනකි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තව බොහෝ කලක් දිරි ගැන්වීමට පර්සිට ශක්තිය ලැබේවා යන්න ක්‍රිකට් වලට ආදරය කරන අප සැමගේ පැතුමයි.

    ඔබට සුභ උපන් දිනයක් වේවා !!!
     

    WEgiqs70621b

    Member
    Aug 26, 2012
    1
    0
    0
    the need for project feasibility of the delivery time of Key words and Outdoor? project investment? feasibility? the report [delivery] Speedpost, E-mail [] 3-5 business days [report format] Word format; the PDF the format [report price] This report commissioned by the project report, the price depending on the requirements for consultation, welcomed the call. Another: to provide the NDRC Class A qualification 2012-2016 China outdoor industry market investment research and forecasting analysis