පරික්ෂණ නොකර කොරෝනා රෝගීන් සහ නිරෝධායනය වෙන අය යැවීම

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අලුතින් හොයාගෙන තියෙනවාලු රෝග ලක්ෂණ නැති කෙනෙක්ට දවස් 10 කින් පස්සෙ තව කෙනෙක්ට බෝ කරන හැකියාව නෑ කියලා. ඒ නිසා එහෙම අයව පරීක්ෂණයක් නොකරම ගෙදර යවනවලු. එතන ප්‍රශ්නයක් තියෙනවා නේද.

    අපි හිතමුකො A කියලා කෙනෙක් ඉන්නවා එයාට රෝග ලක්ෂණ පෙන්වන්නෙ නෑ දවස් 12 ක් ඉන්නවා තව දවස් දෙකකින් එයාව ගෙදර යවන්න හදන්නේ. ඔන්න ඔය අතරේ B කියලා අලුත් එක්කෙනෙක්ව ගේනවා එයාගේ ඇගේ තව කෙනෙක්ට බෝ කරන්න පුලුවන් වෛරස් මට්ටමක් තියෙනවා.එයා අර දවස් දෙකකින් ගෙදර යන්න ඉන්න කෙනාට ආපහු ලෙඩේ බෝකරනවා ඒයාව දවස් දෙකකින් පරීක්ෂණ මොකුත් නොකර ගෙදර යනවා. එතකොට එයාට දෙවෙනි පාරට බෝවෙලා දවස් 10 ක් නෑනේ. දවස් 2 යි.
     
    • Like
    Reactions: hasithayad

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ස්වයං නිරෝධායනයට යොදා සිටි අයෙක් මිය යයි..
    November 8, 2020 at 12:00 pm | lanka C news
    ස්වයං නිරෝධායනයට යොදා සිටි අයෙක් මිය යයි..

    බිංගිරිය පානවැව ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙකු තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී අසාධ්‍ය වී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

    හලාවත රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ ඔහු අසාධ්‍ය තත්ත්වයකින් රෝහල් ගත කිරීමෙන් පසුව මරණයට පත්වූ බවයි.

    මෙම පුද්ගලයා පසුගිය 30 වැනිදා උණ හා ශ්වසන අපහසු තාවයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර එහි කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සුව වීමෙන් පසු ඔහුගේ බලවත් ඉල්ලීම මත නිදහස් කර යවා තිබේ.

    ඉන් පසු නිවසේ ස්වයං විරෝධයට ලක් කරන ලද පුද්ගලයා නැවත 06 වෙනිදා අසාධ්‍ය වී රෝහල්ගත කල පසු එදිනම මරණයට පත් වී තිබේ.

    මෙම පුද්ගලයාගේ ජීව සාම්පල පරීක්ෂණ සඳහා යවා ඇති බවත් මෙතෙක් ප්‍රතිඵල ලැබී නැති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දවස් 14කින් ගෙදර යවල තව දවස් 10ක් ගෙදර නිරෝධායනය කරොත් ඔය ගැටලුව ඇති වෙන්නෙ නැතිවෙයි.

    ලෙඩ්ඩු 1000ට අඩු කාලෙ වගේ නෙවෙයි 10000 විතර පැන්නම ඔහොම තත්වයක් එනව ඇති ඒත් අලුත් ෆාස් ඇන්ටිජන් ටෙස්ට් එක කරලම ගෙදර යව්වනම් 100% ෂුවර්.
     

    tik123

    Member
    Dec 15, 2011
    11
    1
    3
    Dawas 14 kin Hospital eken & Quarantine Centers walin discharge karama thawa dawas 14k gedara nirodayana karanawa. Ea dawas 14 innakota MOH Office eken dawasa gane call kara kara ahanawa Roga lakshana thiyenawada kiyala. Army eken nirodayanaya wena gewal walata visit karanawa. PHI la visit Karanawa. Police Visit karanawa. heta idan oya widiyata thamai wenne.