පරිණාමවාදයේ ඩාවින්ගේ බොරුව 1
මාතෘකාව දැම්මේ ත්‍රෙඩ් එකට සෙනග අදින්න.මට ඕනි වෙලා තියෙන්නේ ජීවයේ සම්භවය පිලිබද දැනට ඉදිරිපත් වෙලා තියන මතයන් සහ වාදයන් පිලිබදව පැහැදිලි කිරීමක් කරන්න.සරලවම ගත්තොත් මේලෝකේ තියෙන මොකක් හරි සංසිද්දියක් පැහැදිලි කරන්න ඉදිරිපත් කරන අදහසකට තමයි මතයක් කියලා කියන්නේ.මතය හැම වෙලාවේම හරි නෑ,ඒකට යන්න පුලුවන් සීමාවක් තියෙනවා එතනින් එහාට යන්න බැරි නන් හෝ එතනින් එහාට පැහැදිලි කරන්න බැරි නන් අලුත් මතයක් ඉදිරිපත් කරනවා පරන එක විසික් කරලා දානවා.දැනට හොයාගෙන තියෙන ප්‍රශ්න සැකයක්.නැතුව විසදගන්න පුලුවන් මතයන්වලට අපි කියනවා වාදයක් කියලා.මතයක් වාදයක් වෙන්න අවුරුදු 100ක්වත් යනවා කාලයත් සමග මතු වෙන ප්‍රශනවලට පිලිතුරු දෙන්න එයාට පුලුවන් වෙන්න ඕනි.කිසිම ගැටලුවක් නැතුව අවුරුදු සියගනක් පවතින වාදයකට නියමයක් කියනවා.මේ නිකන් 5 පන්තියේ විද්‍යාව වගේ සරලව කිව්වේ..පරිණාමය වාදය කියලයි තවම කියන්නේ මේකට දැනට තියන ප්‍රශ්න විසදන්න පුලුවන් අනාගතේ දී එන ඒවා විසදන්න පුලුවන් නන් මේකත් නියමයි වෙයි.
පරිණාමය ගැන පැහැදිලි කරන ඉදිරිපත් කරලා තියනවා මතයන් ගොඩක් මානව ඉතිහාසය පුරාම.එකින් එක අරගෙන ඒ මොනවද අඩු පාඩු මොනවාද කියන එක පැහැදිලි කරමු මෙතන ඉන්දලා.
1)- මැවීමේ වාදය
මේක තමයි පරණම අදහස පරිණාමය ගැන.දෙවිකෙනෙක් විසින් (සර්ව බලධාරී හෝ වෙනයම් දෙවි කෙනෙක්) ජීවීන්වයි ජීවය සම්බන්ධ අනිත් අයවයි මැවුවායි කියන එක.ඔක්කොම ආගමික මතවාද මේක අස්සට තමයි දාන්නේ.පොඩි පොඩි වෙනස්කම් තිබ්බත්.
2)- ස්වයං සිද්ධ ජනනවාදය
16 ශතවර්ශයට කලින් යුරෝපයේ පිලිගත්තේ මේක.මේකට අනුව අජීවී ද්‍රවය් වලින් ඕනිම වෙලාවක ජීවියෙක් බිහි වෙන්න පුලුවන් කියන එක තමයි කිව්වේ.
අහක දාන රෙදි කෑලිවලින් මීයෝත් පිළුනු වන මස්වලින් මැස්සොත් බිහි වෙනවා කියලා තමයි මෙයලා කිව්වේ.දර මිටියා,දෙහි කොලයා වගේ සත්තුත් මේකට දානවා සමහරු.
ෆ්‍රන්සිස්කෝ රෙඩී කියන ඉතාලි විද්‍යඥායා කරපු සරල පරීක්ෂණයකින් මේක බොරු කියලා ඔප්පු වුන.පරීක්ෂණ තමයි මස් කෑලල්ක් බෝතලයකට දාල එක බෝතලයක් මැස්සන්ට එන්න බැරි වෙන්න රෙදි කෑල්ලකින් වහනවා අනික ඇරලා තියෙනවා.වහලා තිබ්බ එකේ පනුවෝ නෑ ඇරලා තිබ්බ එක පනුවෝ ගහනවා.පනුවෝ කියන්නේ මැස්සන්ගේ පැටවු කියලා ඔප්පු වෙනවා මේකෙන්.
රෙඩීගේ පරීක්ෂණය
3)- ජීවය පිටසක්වලින් පැමිණිබව
මේකෙදී කියන්නේ ජීවය පෘථිවියට පිටසක්වල ජීවීන් විසින් අරන් ඇවිල්ලා මෙහේ පැල කලා හෝ වල්ගාත්වරුවක්,ග්‍රාහකයක් වගේ එකක ජීවය තිබිලා ඒක පෘථිවියේ හැපිලා ඒකෙන් ජීවය පටන් ගත්තා කියලා.මේ මතය තහවුරු කරන්න මහන්සි වෙන අය අතර ඉන්නේ ලංකාවේ සම්භවයක් තියන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ.චන්ද්‍රා x කිරණ දූරේක්ශය කියලා අභ්‍යාවකායේ රදවලා තියෙන දුරේක්ශයක් නම් කරන්න තරන් මෙයා වැඩ්ඩෙක්.
චන්ද්‍රා X කිරණ දුරේක්ෂය
4)- ජෛව රසායනික පරිණාමවාදය
ස්භාවික,භෞතික, රසායනික නියමන්ට අනුව ජීවය බිහි වෙලා ක්‍රමයෙන් පරිණාමය වෙලා අද තියන තැනට ආව කියන එකයි මේකෙන් කියන්නෙ.ලෝකයේ ගොඩක් දෙනා විශ්වාස කරන්නේ මේක.
පෘථිවිය බිහි වෙනකොට ලාවා බෝලයක්.මේක ක්‍රමයෙන් සිසිල් වෙනවා,තාමත් සිසිල් වෙමින් තමයි පවතින්නේ.හරය තවමත් රස්නෙයි.සිසිල් වෙද්දි විවිධ වායි නිදහස් වෙනවා.ඒ වායු වලින් තමයි පලවෙනි වායු ගෝලය හැදෙන්නේ මේකේ ඔක්සිජන් නෑ. හයිඩ්‍රජන්,මීතේන්,ඇමෝනියා,හයිඩ්‍රජන් සල්ෆයිඩ්,ජල වාශ්ප කියන වායු වර්ග තමයි තියෙන්නේ.අදික උශනත්වය නිසා තමයි ජලය වාශ්ප විදිහට තියෙන්නේ.මේක මේ වායු ගෝලය හදමින් අවුරුදු දහස් ගනන්ක් තිබ්බා.මේ කාලය තුල පෘථිවි උශ්නත්වයත් ටික ටික අඩු වුනා.ජල වාශ්ප එකතු වෙලා වලාකුළු හැදුනා.වලාකුළු කාලයක් තිබිලා වහින්න ගත්තා,මේ වැස්ස අවුරුදු දහස් ගනන්ක් තිබ්බා.සියලුම අද පවතුන සාගර වලට ජලය ආවේ මේ වැස්සෙන්.වහිනකොට ජලය එක්ක කලින් නම් කරපු වායු වර්ග ජලයේ දිය වුනා.මේ වායු ජලයේ දිය වෙන්න හේතු වුන කරුණු තමයි.
1)- වැස්සත් එක්ක ගහපු අකුණු.
2) අදික යමහල් ක්‍රයාකාරීත්වය
3)-පෘතුවියේ විකිරණශීලිතවය
4)-පාරජම්බුල කිරණ හේතු වුනා
වායු වර්ග ජලයේ දිය වෙලා හැදුනු සාගරය සුප් එකක් වගේ නිසා මේකට ආදි සූපය කියලා තමයි හදුන්න්වන්නේ.(primordial soup).මෙ සුප් එක ඇතුලෙදි ප්‍රතික්‍රියා මගින් සරල ඇණුත්,සරල අණූ බහුඅවයවීකරණය මගින් මහා අණුත්,මහා අනු එකතු වීමෙන් සෛල ඉන්ද්‍රයිකාත්,සෛල ඉන්ද්‍රයිකා එකතු වෙලා සෛලත් හැදුනා කියන එක මේකේ අදහස.
ස්ටැන්ලි මිලර් කියන විද්‍යාඥායා මේක පරීක්ශනාතමකව විද්‍යාගාරයක්තුල කරලා පෙන්නුවා.සරල අණු හදන්න පුලුවන් කියාලා ස්භාවිකවම.එතනින් ඉස්සරහට ටික වෙන්න කාලය තමයි අවශ්‍ය.තවත් ලාංකික විද්‍යාඥායෙක් වුන සිරිල් පොන්නම්පෙරුම මේක සනාථ කරන්න ලොකු මෙහෙයක් ඉටු කලාකලා.කාට හරි කියන්න පුලුවන් ඇයි දැන් මේක වෙන්නෙ නැත්තේ කියලා.ඒ කාලේ තිබ්බ කටුක තත්වවලට යන්තන් හරි පොඩ්ඩක් සමාන වෙන්නේ දැන් තියන.ගිනි කන්දක් අස්සේ වගේ තැනක්.ඉතිං දැනටත් මේක වෙන්න පුලුවන් ඒ වුනාට අවස්ථා සීමිතයි.ඩාවින්ගේ පරිණාමවාදය වෙන දවසක් කතා කරමු.
ස්ටැන්ලි මිලර් පරීක්ෂණය
මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා