සරල කැල්කියුලේශන් තමා බන්. ඉස්සර කාලේ කරලා තියෙන හැම ලොකු නිර්මාණයක්ම බැලුවහම ඊට කලින් ඒවගේ කරපු පොඩි පොඩි නිර්මාණ දකින්න පුලුවන්. ඒවා කරල ලබපු ආභාශය අරන් තමයි ලොකු නිර්මාණ කරල තියෙන්නෙ. අනික බන් දාගැබක් හදන එකට මහලොකු කැලකියුලේශන් ඕනි නැහැනේ. ගානට මැද කුහරයක් එන විදියට ගඩොල් පේළි තියන්න විතරනේ තියෙන්නෙ.
වැඩිය ඕනි නැහැ. බලහන් ගමේ ඉන්න බාස් කෙනෙක් අරන්. පොරට පුලුවන් තට්ටු 2-3 ගෙවල් හදන්න. මොකද මිනිහා ඉන්ජිනේරැ උපාධී අරගෙනද? නෑනේ. ගෙවල් හදලම තියෙන දැනුමින් තමයි ඒහෙම කරන්නෙ. ඉස්සරහත් එහෙම තමා වෙන්න ඇත්තෙ.
මාදුරැ ඔයත් බන් ඉතින් වතුර බහින්න සුදුසුම තැන ඒ කාලේ මිනිස්සු වැව් හදලම තේරැන් ගන්න ඇති. පස්සෙ කාලේ සුද්දොත් උන්ගේ තාක්ශනෙන් බලපුවාම හරිම තැන එතනයි කියල හොයාගෙන තියෙනවා.
එතකොට මනුස්සයාගේ ක්ෂණික පිම්ම තමා කාර්මික විප්ලවය....
හැබැයි තාමත් මොඩල් එකක් හදලා තමා ලොකු නිර්මාණ කරන්නේ.. එකම වෙනස් මිනිස්සු ගණිත ක්රම වලින් නිර්මාණ කරන්න පටන් ගත්තා. වැඩ පහසුවෙන් කරන්න මැශින් හැදුවා....
පරිණාමය වෙලා ඉපදෙන ඉපදෙන එකාට වැඩි කැපෑසිටියක් ප්රොසෙස් කළ හැකි මොළයක් හැදුනා




