දැන් බං නඩත්තු වියදමයි පාට්ස් ගනනුයි තෙල් වියදමයි එක්ක උබ ඩේලි දුවන එකෙක් නං 2015 වගේ ඉන්දියන් ඇල්ටො එකක් ගනින් 28 කට වගේ.ඉතුරු සල්ලි ටික ෆික්ස් එකක් දාපන්. ඩේලි දුවන්නෙ නැති ඉදහිට ගමනක් ෆැමිලි කාර් එකක් විදිහට ගන්න නං හිතන් ඉන්නෙ ඇල්ටො එකට වඩා ලුක් එක status එක ඕන නං 2002 විතර Fb15 එකක් ගනින්. පාට්ස් සුලබ හින්දා ඒ ගැන බය වෙන්න දෙයක් නෑ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් හොදටම හොදයිනෙ. හැබැයි පරණ හින්දා ලෙඩ එන්න පුලුවන්. උබේ පලවෙනි වාහනේ හින්දා ලෙඩ ආවොත් සංසාරෙ එපා වෙයි. ඒ හින්දා හොදට වාහන ගැන දන්න යාලුවෙක් හරි මැකෑනික් කෙනෙක් හරි සෙට් කරගෙන ගිහිං බලලා 32කට විතර හොයාගනිං බොඩි කන්ඩිශන් සුපිරිම හොදට නඩත්තු කරපු හැප්පිලා චොර නොවිච්ච වාහනයක්. ඒකරලා හොද ජෙනුවින් ගරාජ් එකක් හොයලා දාල වාහනේ ෆුල්ම චෙක් කරලා එන්ජින් සස්පෙන්ශන් බ්‍රේක් රේඩියේටර් ඔක්කොම බලලා මාරු කරන්න ඕන හැම රෙද්දම මාරු කරලා බැට්‍රි ටයර් වයිපර් බ්ලේඩ් පවා පොඩ්ඩක් හරි අවුල් නං මාරු කරලා ඒසී සර්විස් එක, යට බොඩිය වොශ් කරන එක, සෙන්සර් ටික චෙක් කරන එක ඔක්කොම එකපාර කරහන්. ඊටපස්සෙ වාහනේ ශීට් ගලවල ශීට් කවර හිටන් හෝදලා සර්විස් කරන තැන් තියනවා. ඒවගේ ප්ලේස් එක්කට දාල ශීට් ගලවලා කවරත් ක්ලීන් කරගෙන ෆුල් ඉන්ටීරියර් ක්ලීනප් එකක් දාගෙන වාහනේ බොඩියටත් කට් ඇන්ඩ් පොලිශ් එකක් දාගෙන ෆුල් සර්ව්ස් එක්කුත් කරලා වාහනේ ෆුල් ස්කෑන් එකකුත් කරලා වීල් එලයිමන්ට් එකක් එහෙමත් කරගනිං. ඔය ටික කරන්න ලක්ශ 2+ යයි. ෆුල් ඉන්ශුරන්ස් එකත් දැම්මම උබේ 35 හරි

හැබැයි අර ඔක්කොම ටික චෙක් කරලා ඔක්කොම හරියටම කරගත්තොත් අවුරුදු 4ක් විතර කිසිම ලෙඩක් නැතුව දුවාගන්න පුලුවන් වෙයි. තනිකර ෆුල් රීස්ටොරේශන් එකක් දෙනවා වගේ සීන් එකක්නෙ කරන්නෙ
