පවතින අයහපත් කාලගුණ තත්ත්වය ලබන ඉරිදා තෙ&#3482

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    Weather Forcast

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය ලබන ඉරිදා තෙක


    අද දිනයේ මීලිමීටර් 100ත් 150ත් අතර අධික වැසි ඇතැම් ප්‍රදේශවලට ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

    කැලණි ගඟේ නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 7.3ක් ලෙස සටහන්ව ඇති බව නිව්ස්ෆස්ට් අද උදෑසන කළ නිරීක්ෂණයේදී දැක ගත හැකි විය.

    මේ අතර අරනායක නාය යෑමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා අද තවදුරට ත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසී ය.
    නාය යාමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 144 දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර ජල ගැලීම්වලට කොටු වී සිටින පිරිස් මුදා ගැනීම සඳහා අද ත් මේහෙයුම් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
    එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, තවමත් පිරිසක් කොටු වී සිටින බවට තොරතුරු ලැබී ඇති බව ය.

    අවතැන්වූවන්ට ආහාර ලබා දීමේදී කිසියම් ගැටලුවක් ඇත්නම් 117 දුරකතන අංකයට දැනුම් දිය හැකි ය.

    ඊට අමතරව 011 2 670 002 අංකය වෙත ද දැනුම් දිය හැකි බව‍ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    ජල ගැලීම් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම තවදුරට ත් තාවකාලිකව වසා දමා තිබේ.

    අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකාර අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ, අධිවේගී මාර්ගයේ කඩවත හා කොට්ටාව අතර ගාස්තු අය කිරීමකින් තොරව භාවිත කිරීමට ද අවස්ථාව ලබා දී තිබෙන බව ය.

    අද දිනයේ දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
    ඊයෙ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දැනුම් දුන්නේ ය.

    පවතින ගං වතුර තත්ත්වයත් සමග බෝවන රෝග පැතිර යාමේ අවදානමක් මතුව තිබේ.
    වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ, කුඩා ළමුන් සහ ගැබිනි මව්වරුන් පිළිබඳ විශේෂ අවධානයකින් පසුවිය යුතු බව ය.

    ගංවතුරින් අවතැන්ව, පීඩාවට පත් ජනතාවට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට වෛද්‍ය කණ්ඩායම් යොදවා ඇති බවද ඇය සදහන් කලා.

     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    විපතට පත්වූවන්ට සීමාවකින් තොරව සේවා සැපයීමට සියලු රෝහල් සුදානමින්



    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ආපදාවට ලක්ව ඇති සියලු ම දිස්ත්‍රික්ක සඳහා සීමාවකින් තොරව මුදල් නිකුත් කර සෞඛ්‍ය සේවාවන් ඉටු කරන ලෙස විෂය භාර අමාත්‍යවරයා තමන්ට උපදෙස් දුන් බව ය.


    මේ අතර ආපදාවට ලක්ව ඇති කඩුවෙල, කොළොන්නාව, කොටිකාවත්ත- මුල්ලේරියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව වෙනුවෙන් විශේෂ ජංගම සෞඛ්‍ය සායන ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


    ඉදිරියේදී ආපදා තත්ත්ත්වය වැඩි වුවහොත් ඒ සඳහා විශේෂ පුහුණුව ලැබූ වෛද්‍යවරු 37 දෙනෙකු පැය 24 පුරා ම අවශ්‍ය සේවාවන්හි යෙදවීමට සුදානම් කර ඇති බව විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ ය.


    දරුවන් සහ ගැබිනි මව්වරුන් රෝහල් කරා රැගෙන ඒමට අවශ්‍ය ගිලන් රථ සුදානමින් තබා ඇති අතර සෑම අවතැන් කඳවුරකට ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු යොමු කර තිබේ.
    සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, දිස්ත්‍රික්ක 21 ක් වෙනුවෙන් ඖෂධ ප්‍රවාහන පහසුකම් සපයා ඇති බව ය.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මහ වැසි අවසන් නැහැ: ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි



    WEATHER-1.jpg



    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව ය.
    ‘ROANU’ ලෙස නම් කර ඇති සුළු කුණාටුව මේ වන විට ස්ථානගත වී ඇත්තේ, කන්කසන්තුරේට කිලෝමීටර් 600ක් උතුරිනි.


    ඒ අනුව දිවයිනේ වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වලට වැසි සමග තද සුළං ඇති විය හැකි බව ත් අදාළ නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් ය
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා කොට්ටාව හා කඩුවෙල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස ජලයෙන් යට වී ඇත. දෙපස ඇති නිවෙස් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇත. මෙම ප්‍රදේශය පහත් භූමියක් නිසා මේ තත්වය උදා වී ඇති බව ප්‍රදේශවාසීන් කියයි.



    මේ අතර සපුගස්කන්ද, බියගම, කඩුවෙල, හංවැල්ල, ඇලකන්ද ප්‍රදේශ සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යටවී ඇති අයුරු දැකගත හැකිවිය.


    MG_8383.jpg
    MG_8395.jpg
    MG_8416.jpg
    MG_8418.jpg
    MG_8450.jpg
    kaduwela_2016519.jpg
    kaduwela_2016519-2.jpg
    kaduwela_2016519-3.jpg
    kaduwela_2016519-4.jpg
    kaduwela_2016519-5.jpg
    highway_2016519.jpg
    highway_20165192.jpg
    highway_20165193.jpg
    highway_20165194.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    වෙසක් පෝය වෙනුවෙන් කඩවත මහර වෙසක් කලාපය සඳහා ඉදිකර ඇති තාවකාලික ඉදිකිරීම් සිදු කර ඇත්තේ කඩවත බැංකු සංකීර්ණය අසල නව බස් නැවතුම්පොළ ආසන්නයේ මාර්ගයේය. එම මාර්ගය මාර්ග තදබදය අඩු කිරීමට කඩවත නගරය මග හැරීම සඳහා ඉදි කළ මාර්ගයයි.
    අයහපත් කාලගුණ තත්වය නිසා මාර්ග තදබදය වැඩි වී විකල්ප මාර්ග බහුලව භාවිතා වන මේ දිනවල මෙම තාවකාලික ඉදි කිරීම දැඩි මාර්ග තදබදයක් ඇති කරවන බව ප්‍රදේශවාසීහු කියති.








    MG_84801.jpg



    MG_84821.jpg



    MG_84831.jpg



    MG_84841.jpg



    MG_84871.jpg



    MG_84941.jpg



    MG_84951.jpg
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    කුරුණෑගලට දැන් පට්ට වැස්සක් වහින්නේ මොනවා වෙන්න යනවද මන්දා :sorry::sorry::sorry:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    රට පුරා අද (20 වැනිදා) දැඩි සුළං තත්ත්වයක්‌ ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනතුරු අඟවයි.

    එය දිවයින අවට මුහුදු ප්‍රදේශයන්හිදී දැඩි ලෙස පවතිනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

    මධ්‍ය කඳුකරයේ නිරිත දිග කොටස, බස්‌නාහිර, වයඹ සබරගමුව, දකුණ, හා මධ්‍යම පළාත්වලට මෙම සුළං තත්ත්වය දැඩි ලෙස බලපානු ඇති බවත් සමස්‌තයක්‌ ලෙස දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලටද එය බලපාන බවත් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා "දිවයින"ට පැවැසීය.

    එසේම දිවයින අවට මුහුදු කලාපයේ සුළං වේගය ඉහළ යන බව කී හෙතෙම කොළඹ සිට පුත්තලම, මන්නාරම, කන්කසන්තුරේ ත්‍රිකුණාමලය දක්‌වා මුහුදු කලාපයේ සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 60 දක්‌වා ඉහළ යා හැකි බවත් පැවැසීය.

    කොළඹ සිට දකුණු මුහුදු කලාපයේ සුළඟේ වේගය පැයට කිලෝ මීටර්Êපනහ දක්‌වා ඉහළ යනු ඇති බවත් එහෙයින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මුහුද රළුවන හෙයින් ඊට ඔරොත්තු නොදෙන ධීවර යාත්‍රා භාවිතා කිරීම ඉතාම අනතුරුදායක බවත් කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා කීවේය.

    බෙංගාල බොක්‌කේ පැවැති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක්‌ බවට පත්වී කන්කසන්තුරය ප්‍රදේශයට කිලෝ මීටර් 600 ක්‌ උතුරින් පිහිටා ඇති බව සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම පද්ධතියට මෙරට දෙසින් ඇදී යන සුළං ප්‍රවාහයේ අධිබාරී බව හේතුවෙන් මෙම තත්ත්වය හට ගන්නා බවත් පවසයි.

    මේ හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසට වැසි ඇතිවිය හැකි යෑයිද එම ප්‍රදේශවල මිලි මීටර් 100-150 අතර තද හෝ ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    දිවයිනේ පළාත් දහයක, දිස්‌ත්‍රික්‌ක විසි දෙකකට දින කිහිපයක්‌ තිස්‌සේ බලපා ඇති අධික වැසි, නායයැම් හා ගංවතුර සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (19 වැනිදා) සවස්‌ වන විට පුද්ගලයන් පනස්‌ අටදෙනකු (58) මියගොස්‌, එකසිය තිස්‌දෙදනකු (132) අතුරුදන්ව තවත් පුද්ගලයන් විසිඅට දෙනකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.

    අතුරුදන් වූවන් අතරට අරණායක ප්‍රදේශයේ 128 දෙනකු ඇතුළත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි. පවුල් අනූඅටදහස්‌ හැත්තෑහයකට අයත් පුද්ගලයන් හාරලක්‌ෂ දාහතරදහස්‌ හයසිය විසිහත් දෙනකු (414627) ඊයේ (19 වැනිදා) වන විට පීඩාවට පත්ව සිටි බව එම මධ්‍යස්‌ථානය සඳහන් කළේය.

    එම පිරිසෙන් අවතැන්වූ පවුල් හැටඑක්‌දහස්‌ තුන්සිය අසූදෙකකට (61382) අයත් පුද්ගලයන් තුන්ලක්‍ෂ හයදහස්‌ හත්සිය හැත්තෑතුන් දෙනකු (306773) අවතැන් කඳවුරු පන්සිය අනූහතරකට (594) යොමුකර ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේය.

    මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා නිවාස දෙසීය අසූඅටක්‌ (288) පූර්ණ වශයෙන්ද, තවත් නිවාස තුන්දහස්‌ පනස්‌හතක්‌ (3057) අර්ධ වශයෙන්ද හානිවී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

    මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් වැඩිම බලපෑමක්‌ එල්ලවී ඇත්තේ බස්‌නාහිර පළාතට වන අතර ඊයේ (19 දා) සවස්‌ වන විට එහි පවුල් හැටහත්දහස්‌ එකසිය හැට පහකට අයත් පුද්ගලයන් තුන්ලක්‌ෂ දාහත්දහස්‌ පස්‌දෙනෙක්‌ පීඩාවට පත්ව සිටිති.

    කොළඹ දිස්‌ත්‍රික්‌කයේ එක්‌ලක්‍ෂ හැත්තෑදහස්‌ දෙසීය තිස්‌තුන් දෙනකුද, ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ එක්‌ලක්‌ෂ විසිදෙදහස්‌ දෙසීය තිස්‌දෙදෙනකු සහ කළුතර දිස්‌ත්‍රික්‌කයේ නවදහස්‌ දෙසීය හතළිස්‌ දෙදෙනෙක්‌ද එසේ පීඩාවට පත්ව සිටිති.

    කොළඹ දිස්‌ත්‍රික්‌කයේ වැඩිම පිරිසක්‌ පීඩාවට පත්ව ඇති ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය වන්නේ කොළොන්නාව වන අතර එහි පුද්ගලයන් අනූහතරදහස්‌ එකසිය පනස්‌ එක්‌ දෙනකු පීඩාවට පත්වී ඇත.

    * කැලණියේ පහත් බිම් සියල්ලම යටවෙලා

    කැලණි ගඟ පිටාර ගැලීම නිසා කැලණි ගංගා මිටියාවතේ පහත් බිම් සියල්ල පාහේ යටවී තිබූ අතර මේ හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑමක්‌ එල්ලවී තිබිණි. කොළඹ - නුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක්‌ හටගෙන තිබූ අතර අවතැන්වූ ජනතාව පෑලියගොඩ පාලම මත තාවකාලික නිවාස ඉදිකර නවාතැන්ගෙන සිටිති.

    කැලණි ගඟේ ජලධාරා ප්‍රදේශයන්ට ඊයේ වර්ෂාව ඇද නොවැටුණහොත් අද (20 වැනිදා) වන විට පවතින ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් ටී. පී. අල්විස්‌ මහතා ඊයේ "දිවයින" ට පැවසීය.

    * කැලණි ගඟේ ජල මට්‌ටම අඩි 7.6 ට නගී

    ඊයේ කැලණි ගඟේ ජල මට්‌ටම නාගලගම්වීදියේ ජල මාපකයට අනුව අඩි 7.6 ක්‌ වශයෙන් වාර්තා වූ බවත් මෙය විශාල ගංවතුර තත්ත්වයක්‌ බවත් හෙතෙම කියා සිටියේය.

    1989 න් පසු කැලණි ගඟේ ජල මට්‌ටම මෙපමණ ඉහළ ගිය පළමු අවස්‌ථාව මෙය බවත් අල්විස්‌ මහතා සඳහන් කළේය.

    * වැව් 15 ක්‌ වාන් දමයි

    වැව් පහළොවක්‌ ඊයේ වන විටත් වාන් දමමින් තිබෙන බව කී අල්විස්‌ මහතා අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ නුවරවැවේ වාන් දොරටු 4 ක්‌ අඩි 4 ක්‌ බැගින්ද, මහකනදරාව වැවේ දොරටු දෙකක්‌ අඩි තුන බැගින්ද, මහවිලච්චිය අඩි දෙක බැගින්ද, රාජාංගනය වැවේ දොරටු 10 ක්‌ අඩි අට බැගින්ද, හුරුළු වැවේ අඟල් තුන බැගින්ද, අංගමුව ජලාශයේ දොරටු 2 ක්‌ අඩි 8 බැගින්ද වාන් දමන බව හෙතෙම කීවේය.

    එසේම කුරුණෑගල දැදුරු ඔයේ දොරටු 5 ක්‌ අඩි පහ බැගින්ද තවත් දොරටු දෙකක්‌ අඩි තුන බැගින්ද පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ තබ්බෝව ජලාශයේ දොරටු හයක්‌ අඩි තුන බැගින්ද, ඉඟිණිමිටිය ජලාශයේ දොරටු 2 ක්‌ අඩි තුන බැගින්ද තවත් දොරටු 2 ක්‌ අඩි දෙක බැගින් සහ එහි තවත් දොරටුවක්‌ අඩි එක බැගින්ද විවෘත කර ඇති බවත් අල්විස්‌ මහතා සඳහන් කළේය.

    ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ මාවිල්ආරු ජලාශයේ දොරටු 2 ක්‌ අඩි දහය බැගින්ද ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ ජනරංජන වැවේ අඩිය බැගින් ද පෙරියමඩුව වැව අඟල් හතර බැගින්ද වාන් ඇළ අඟල් හතර බැගින් ද මහනුවර දිස්‌ත්‍රික්‌කයේ නාලන්ද වැවේ දොරටු 2 ක්‌ අඩි දෙක බැගින් ද විවෘත කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

    * දිස්‌ත්‍රික්‌ක 7 ක නාය හා කණ්‌ඩි කඩා වැටීමේ අවදානමක්‌

    වර්ෂාව තව දුරටත් පැවැතියහොත් දිස්‌ත්‍රික්‌ක හතක නාය යාමේ හා කණ්‌ඩි කඩාවැටීමේ අවදානම පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයැම් අධ්‍යයන අංශ ප්‍රධානී ආර්. එම්. එස්‌. බණ්‌ඩාර මහතා ඊයේ (19 වැනිදා) සවස "දිවයින"ට පැවැසීය.

    මහනුවර, රත්නපුරය, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල, මාතලේ හා කළුතර එම දිස්‌ත්‍රික්‌ක හත වේ.

    ඊයේ පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාව ආණමඩුව ප්‍රදේශයෙන් වාර්තා වූ බවත් එය මිලිමීටර් 46.5 ක අගයක්‌ ගත් බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා "දිවයින"ට සඳහන් කළේය.

    * මිහිදන් වූ අයගේ සිරුරු සෙවීමට වැස්‌සෙන් බාධා

    අරණායක එළඟපිටිය රාමසර කන්ද නාය යාම නිසා සිය නිවාස 66 ක්‌ තුළ පණපිටින්ම මිහිදන් වූ 100 කට අධික පිරිසකගේ (නිල වශයෙන් මේ සම්බන්ධයෙන් නිශ්චිත සංඛ්‍යා මේ වනතෙක්‌ ලැබී නැත.) මළ සිරුරු සෙවීමේ කටයුතුවලට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිරතුරුව බාධා පැමිණ ඇත.

    මේ මහා ෙ€දවාචකය නිසා පණ පිටින්ම මිහිදන් වූ 17 කගේ මළ සිරුරු දැඩි අපහසුතා මධ්‍යයේ සහන කණ්‌ඩායම් මගින් පෙරේදා (18 දා) සොයා ගනු ලැබූ අතර නාය යැමේ ආසන්නයේ අනූනවයෙන් දිවි ගලවාගත් දස දෙනෙක්‌ මේ වනවිට කෑගල්ල මාවනැල්ල රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

    * බුලත් කොහුපිටියෙන් සිරුරු 10 ක්‌ හමුවේ

    බුලත්කොහුපිටිය, කලුපහනවත්ත ප්‍රදේශයේ පසුගිය අඟහරුවාදා සිදු වූ නායයැමෙන් අතුරුදන්ව සිටි 16 න් 10 දෙනකුගේ සිරුරු යුද හමුදාව විසින් ඊයේ (19 දා) වන විට සොයා ගෙන තිබේ. පෙරේදා සවස සිරුරු 5 ක්‌ ද ඊයේ දහවල් වනවිට තවත් සිරුරු 5 ක්‌ ද සොයා ගෙන තිබේ.

    මහ වැස්‌සත් සමඟ දැදුරුඔය කොලමුණු ඔය - කාරඹුඔය ඇතුළු ඇළ දොළ ගංගා පිරී පිටාර ගැලීම හේතුවෙන් බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ගල්වැව - මොලඑළිය - ගැටුලාව - පහළ තලම්පොළ - කෝසගම විලත්තව - ඌරාපොත්ත - මාඋනාව - බෝවත්ත - බ්‍රහ්මණයාගම - මූකලන්හේන - වදුරැස්‌ස - තෝරබිච්චිය ඇතුළු ග්‍රාමසේවා වසම් 13 ක පවුල් 456 ක පුද්ගලයන් 1500 කට පමණ උන්හිටිතැන් අහිමිව පවතී.

    * නිවිතිගල නිවාස 8 කට හානි

    වර්ෂාව හේතු කොට ගෙන මේ වනවිට නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් පහක නිවාස 8 කට හානි සිදු වී ඇත.

    නාත්තන්ඩිය හා මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල පදිංචිව සිටි පවුල් 295 ක සාමාජිකයන් දහසකට ආසන්න පිsරිසක්‌ ඊයේ පෙරවරුව වනවිට ගංවතුර නිසා අවතැන්ව සිටිති.

    * මහනුවර ගමනාගමනයට බාධා

    පවතින වර්ෂාවත් සමඟ නායයැම් හා පස්‌ කඳු කඩා වැටීම නිසා මහනුවර දිස්‌ත්‍රික්‌කයේ මාර්ග කීපයක ගමනා ගමනයට බාධා පැමිණ තිබේ.

    මාර්ග තුළට පස්‌ හා ගල් කඩා වැටීමෙන් මෙම අවහිරතා ඇති වී තිබූ අතර ඒ අනුව ගම්පොළ හෙම්මාතගම මාර්ගයේ අම්බුළුවාව අසලින්ද ගම්පොළ දොළුව හරහා මාර්ගයේ ගනේගොඩ ප්‍රදේශය හා ආඩියාකඩවත මෙසේ අවහිර වී තිබේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    රටේ උද්ගතව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් ලබන සඳුදා (23 වැනිදා) රජයේ නිවාඩු දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත් නොකිරීමට රජය තීරණය කර ඇත.

    වෙසක්‌ උත්සව දින දෙක (21 සහ 22) සෙනසුරාදා සහ ඉරිදා දිනවලට යෙදී ඇති බැවින් ඉරිදා නිවාඩුව සඳුදාට (23 වැනිදාට) ලබාදීමට මීට පෙර රජයේ අවධානය යොමුවී තිබුණි.

    නමුත් රටේ ඇතිව තිබෙන හදිසි ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන විපතට පත්වූවන්ට සහන සැලසීමට රාජ්‍ය නිලධාරීන්ගේ සේවය අත්‍යවශ්‍යවීම නිසා සඳුදා නිවාඩු දීමේ හැකියාව අවම බව ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

    ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත් යම් නිලධාරියකුද විපතට පත්ව සිටී නම් ඔහුට අයත් වසමේ යාබද වසම භාර නිලධාරියාට රාජකාරි ආවරණය කරන ලෙස උපදෙස්‌ දී ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    වෙසක්‌ උත්සවය වෙනුවෙන් දන්සල් පැවැත්වීම ඇතුළු පුණ්‍ය කටයුතු සඳහා වැයකිරීමට අපේක්‌ෂා කරන පරිත්‍යාග හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ලබාදෙන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බව ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.

    මෙම පරිත්‍යාග සමාජ සේවා අමාත්‍යංශයේ කාර්යාල, දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදිය හැකි යෑයි ඊයේ (19 වැනිදා) සිරිකොත එක්‌සත් ජාතික පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම පැවැසීය.

    අවතැන් ජනතාවට ලබාදීම සඳහා මහජනතාව සහ වෙනත් ආයතන, සිවිල් සංවිධාන, පුණ්‍ය ආයතන ඇතුළු විවිධ පාර්ශ්වවලින් ලබාදෙන පරිත්‍යාග භාරගන්නා ලෙස වගකිවයුතු රාජ්‍ය ආයතනවලට උපදෙස්‌ දී ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොළඹ අවට තදාසන්න ප්‍රදේශ රැසක්‌ අධික ලෙස ජලයෙන් යටවී ඇත්තේ විශාල වගුරු බිම් ගොඩකර මහල් නිවාස සංකීර්ණ හා වෙනත් ගොඩනැඟිලි ඉදිකිරීම නිසා යෑයි හෙළිවී ඇත.

    වගුරු බිම් පිහිටි ප්‍රදේශ වූ කෝට්‌ටේ, කලපලුවාව, කොටිකාවත්ත, රාජගිරිය, අඹතලේ ඇතුළු ප්‍රදේශ රැසක දැනට ඉතිරිව ඇත්තේ සියයට 3 ක වගුරු බිම් ප්‍රමාණයක්‌ යෑයි වාර්තා වී තිබේ.

    වගුරු බිම් ගොඩකර ක්‍රීඩාපිටි සහ පුද්ගලික විනෝද උයන් පවා ඉදිකර තිබෙනවා යෑයි රාජගිරිය, කලපලුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ කිහිප දෙනෙක්‌ 'දිවයින'ට කියා සිටියහ. මෙලෙස වගුරු බිම් ගොඩකිරීමෙන් බේරේ වැවට සම්බන්ධ ජල මාර්ග ද උතුරා ගොස්‌ ඇත.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    රටපුරා දිස්‌ත්‍රික්‌ක ගණනාවකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තැපැල් කටයුතු සියයට 50% කින් පමණ අඩාළ වී ලියුම් ලක්‍ෂ පහකට අධික සංඛ්‍යාවක්‌ බෙදා හැරීමට නොහැකිව තැපැල් කාර්යාල තුළ සිර වී ඇතැයි තැපැල් වෘත්තීය සමිති නායකයෝ රැසක්‌ දිවයිනට ඊයේ (19දා) පැවසූහ.

    කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ ගංවතුර තර්ජනය සෘජු ලෙසම බලපා ඇති දිස්‌ත්‍රික්‌කවල පිහිටි තැපැල් කාර්යාලවල මෙම ලිපි සිර වී තිබේ.

    මේවා අතර සාමාන්‍ය ලිපි ලියාපදිංචි ලිපි සහ පාර්සල් විශාල ප්‍රමාණයක්‌ තිබේ.

    තැපැල් දුම්රිය ගණනාවක්‌ ධාවනය නොවීම නිසා උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලටත් බදුල්ල, බණ්‌ඩාරවෙල ඇතුළු ප්‍රදේශ රැසකටත් තැපැල් මලු ප්‍රවාහනය අඩාළ වී ඇත.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    නාවික හමුදාව 13772කු බේරා ගෙනී

    diගින් දිගටම බලපා ඇති අයහපත් කාළගුණය හේතුකොටගෙන මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති අතර, පුද්ගලයන් විශාල පිරිසක් ද ගංවතුරෙන් පීඩාවට පත් වී තිබේ. ඔවුන් මුදවා ගැනීමේ ක්‍රියාන්විතයන්හි නාවික හමුදාව විසින් තවදුරටත් නිරත වෙමින් පවතී. ඒ අනුව අද (19) සවස වන විට නාවික හමුදාව විසින් පුද්ගලයන් 13,772 දෙනෙකුගේ ජීවිත බේරා ගෙන බෝට්ටු මගින් ආරක්ෂිත ස්ථානයන් කරා ප්‍රවාහනය කර ඇති බව නාවික හමුදාව පැවසී

    [FONT=&quot]එමෙන්ම[/FONT][FONT=&quot]තල්දූව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හංවැල්ල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රනාල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නවගමුව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මල්වාන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෑගල්ල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කඩුවෙල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මුල්ලේරියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දොම්පේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පූගොඩ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැල්ලම්පිටිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොළොන්නාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බියගම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]‍කොටිකාවත්ත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අංගොඩ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැළණිමුල්ල වවුනියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විලච්චිය සහ මන්දගල්ආරු යන ප්‍රදේශයන්හි මුදවා ගැනීමේ[/FONT][FONT=&quot]කණ්ඩායම් [/FONT][FONT=&quot]81 [/FONT][FONT=&quot]ක් ස්ථානගත කර ඇති අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හදිසි අවස්ථාවන්වලදී සහාය දැක්වීම[/FONT][FONT=&quot]සඳහා තවත් කණ්ඩායම් [/FONT][FONT=&quot]40[/FONT][FONT=&quot] ක් සියළුම ගංවතුර තර්ජන සහිත ප්‍රදේශ ආවරණය වන පරිදි[/FONT][FONT=&quot]කදවුරු වල සූදානමින් තබා ඇති බවත් නාවික හමුදා මාධ්‍ය අංශය පැවසීය [/FONT]


    5%28512%29.jpg
    http://www.ada.lk/article/160046/නාවික-හමුදාව-13772කු-බේරා-ගෙනී#sthash.SXTdvQ8E.dpuf
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    [FONT=&quot]කොළඹට ආසන්නව කැලණි ගඟ දෙපස සිටින සියලුම ජනතාව ආරක්ෂිත ස්ථානවලට යන ලෙසට බටහිර ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා ඉල්ල සිටියි.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඉහළ ප්‍ර[/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]දේශවලට අධික වර්ෂා තත්ත්වයක් ඇති වී තිබෙන නිසා කැළණිගඟේ පහළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කොටසේ ජලමට්ටම ඉහළ යමින් තිබෙන බවද ඔහු පවසා සිටියේය. මේ නිසා සාමාන්‍ය ජල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැල්මක් මත නිවෙස්වල රැඳී සිටින ජනතාව සකස් කර තිබෙන ආරක්ෂිත ස්ථානවලට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පැමිණෙන ලෙසද ඉල්ලා සිටියි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කඩුවෙල සිට පහළ කොටසේ පදිංචි ජනතාව මේ පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවද ඔහු සඳහන් කළේය.[/FONT][FONT=&quot][/FONT]
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    [FONT=&quot]පසුගිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දින කිහිපයේ ඇදහැළුණු අධික වර්ෂාව සමග කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑම නිසා ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවට ප්‍ර[/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]දේශයේ පෑලියගොඩ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සේදවත්ත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔරුගොඩවත්ත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොළොන්නාව සහ වැල්ලම්පිටිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යන ප්‍ර[/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]දේශවල ජන ජීවිත අඩාළ වී ඇති අයුරු
    [/FONT]



    AID_8934.jpg



    AID_8936.jpg



    AID_8947.jpg



    AID_8952.jpg

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]