ගණිකා නිවාස නැති එක තමයි මේකට ලොකුම හේතුව ,අනික් එක ලිංගිකත්වය ඇවිස්සෙන සමාජය. ලිංගිකත්වය ඇවිස්සෙන සමාජයෙන් (movies, dramas, cloths වගේ) කරන්නේ මිනිස්සුන්ගේ ලිංගික ආශාව වැඩි කරන එකයි, මේක පිට දාගන්න බැරිවුනාම වෙන්නේ ඇතුලේ ලිංගික පීඩනය වැඩි වෙන එකයි එතකොට වැඩි වශයෙන් මිනිස්සු horny (මේකේ සිංහල වචනය මම දන්නේ නෑ) වෙන එකයි වෙන්නේ ඒක පිට දාගන්න එතකොට මිනිස්සු ඕන දෙයක් කරයි හරියට කුඩුගන්න ඕන දෙයක් කරනවා වගේ.මේක සමාජීය ප්‍රශ්ණයක්, ස්වයං පාලනය අඩු මිනිස්සු තමයි මේකට වැඩියෙන්ම ගොදුරු වෙන්නේ. මේකට හොදම විසදුම ගණිකා නිවාස ප්‍රචලිත කරන එකයි, එක නගරයකට එක නිවාසය ගානේ දැම්මම ඇති, ඒ වගේම ඒක ක්‍රමවත් ලෙස පරිපාලනය සහා අධීක්ෂණයත් කරන්න ඕනේ HIV වගේ රෝග පැතිරිම වළක්වා ගැනීමට සහා සමාජය සහා පිම්පියන් අතින් ගණිකාවන්ට වෙන හිංසන , සමාජය අතින් නිවාස වලට යන මිනිස්සුන්ට වෙන හිංසන වගේ ඒවා අවම කිරිමට.
ගනිකා නිවාස, ලින්ගික අධ්‍යාපනය වගේ දේවල් ඇතිකලාම ඉබේම ලින්ගිකත්වය සාමාන්‍යකරණය වෙනව. ලන්කාවෙ මිනිස්සු හරක් වගේ තරඟකරන්නෙ වටිනකමක් ඇති දේවල්වලට විතරයි. ඔය ලින්ගිකත්වය හා ඒ වටා බැඳුනු වටිනාකම් ටික අයින් කලාම කවුරුවත් ඒක පස්සෙ දුවන්නෙ නැහැ. ගනන් ගන්නෙත් නැහැ. හැබැයි රජය විදිමත් විදියට මේව කලේ නැත්නම් විනාශයක් වෙනව, ඒක ඇත්ත.
කලාව පැත්තෙන් ගත්තම ලෝක මට්ටමේදි සාර්ථක කලා නිර්මානයක් වෙන්නනම් ලින්ගිකත්වය සහ මත්බව අනිවාර්යෙන් තියෙන්න ඕන.කලාවෙදි ඒ දෙක සශ්‍රීකත්වයේ සන්කේත හැටියට භාවිතාවෙනව. ඔය දෙක නැති කලාව පුස්. ස්ව්යන් හික්මීම මිනිස්සුන්ට හුරු කලානම් ඕන දෙයක් බලල ඒකෙ තියෙන දේවල් දරාගන්න පුලුවන් වෙනව.
උබ කියන එකේත් ගන්න දෙයක් තියෙනවා,මිනිස්සුන්ගේ ආකල්ප හදන්න බැරුව කොච්චර දේවල් දැම්මත් වැඩක් නෑ ,ඒක හරියට කූඩැල්ලව මෙට්ටයේ තියෙනවා වගේ ,හොද පොයින්ට් එකක්. අපි බලමුකෝ අනිත් අයගේත් අදහස් අරගෙන.
නමුත් මේක ගැන මට කියන්න දෙයක් තියෙනවා, නීති වලින්ම සමාජයක් හදන්න බෑ ,ආකල්ප හදන්නේ නැතුව. උබම කියනවානේ මිනිස්සුන්ගේ ආකල්ප හදන්නේ නැතුව බඩු පොට් දාන එකෙන් වැඩක් වෙන්නේ නෑ කියලා? ඒ වගේම තමයි නීති දැම්මත් , නීති වලින් වෙන්නේ සමාජය විසින් අසාධාරණයට ලක්කරන ම්නිහාව කූඩුකරන එකයි ඒ මිනිසාගෙන් වෙන අයට හානියක් වෙන එක වළක්වන්න නමුත් එහෙම වෙන එකේ මූළය තියෙන තක්කල් තව ඒ වගේම මිනිස්සු හැදෙන එක නවත්වන්න බෑ, ඉතින් නීතිවලින් මිනිස්සු ,සමාජය හදන්න පුලුවන් කීම ඒ තරම් ගැලපෙන්නේ නෑ. උදාහරණයට කිව්වොත් බඩ ගින්නට හොරකම් කරාමත් හිරේ දානවා නමුත් බඩගින්න ඇතිකරේ කවුද? ඒක ඇතිකරේ සමාජය විසින් උදාහරණයට ජීවන වියදම වැඩිකම, රස්සවාක් නැති කම, අධ්‍යාපනය පෙරළා ළමයින්ව ගැනීම නිසා බෝහෝදෙනෙක්ට හොද රැකියාවලට යෑමට නොහැකිවීම.
එතකොට අපරාධවෙන්නෙත් සමාජයේ තියෙන වැරදි නිසයි නැතුව මිනිස්සුන්ගේ වැරදි නිසා නෙවෙයි, කිසිම කෙනෙක් ආපරාධකාරයෙක් වෙලා ඉපදෙන්නේ නෑ, සමාජය තමයි අපරාධකාරයෝ බිහිකරන්නේ එතකොට වරද තියෙන්නේ සමාජයේ. ගිරව් දෙන්නගේ කථාව මතකනේ, වටපිටාව නිසයි ගිරව් වෙනස් වුනේ ,මිනිස් සමාජයේ වටපිටාව කියන්නේ සමාජයටයි.

තමන්ගෙ ආසාවන් මැඩපවත්වන්න ගන්න තරම් ස්ව්යන් හික්මීමක් නැති මිනිස්සු කොහොමද වෙන අය දාපු නීති ක්‍රියාත්මක කරන්නෙ?

***අසාවන් මැඩපවත්වන්නනම් අවශ්‍යතා සම්පූර්න වෙලා තියෙන්නත් ඕන.
