පව් කාරයාට ගල් ගැසීම

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පව් කාරයාට ගල් ගැසීම

    පව් කාරයාට ගල් ගැසීම....The Stoning of Soraya M. :(

    hAWvuSe.jpg


    ඉතිහාසයේ පුරාවට නීතිය සහ සාමය වෙනුවෙන් වැරදිකරුවන් හට දඬුවම් ලබා දීම සිදුව තිබෙන අතර,වර්තමානයේද එය ඒ අකාරයෙන්ම නොවුනත් වර්තමාන සමාජ ක්‍රමයට, නීතියට ගැලපෙන ලෙස එක් එක් රටවල් තම තමුන්ට ආවේණික ලෙස නීති පද්ධති හා රාමුවක් යටතේ නීතිමය වැරදි කරන්නවුන්ට දඬුවම් ලබා දීම සිදුවේ.

    The Stoning of Soraya M.

    a2cyeJ1.jpg


    Cyrus Nowrasteh විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටය Soraya Manutchehri (c.1951—August 15, 1986) නම් ඉරාන ජාතික කාන්තාවකගේ අනුවේදනීය සත්‍ය සිද්ධියක් අලලා ලියන ලද '' La Femme Lapidée '' නම් නවකතා පොත ඇසුරෙන් නිපදවූ චිත්‍රපටියකි.
    ඉරානයේ දුෂ්කර ගම්මානයක ජීවත් වන සොරායා පුතුන් දෙදෙනෙක් හා දියණියන් දෙදෙනෙකුගේ මවක් වන අතර, බන්ධනාගාර නිලධාරියෙකු වූ ඔහුගේ සැමියා හට අවු.14 වයස දැරියක් විවාහ කර ගැනීමේ අවශ්‍යතාවය මත තම බිරිඳ බොරු චෝදනා වලට ලක්කොට ගමේ ප්‍රධාන පුජකයා හා එක්ව කුමන්ත්‍රණයක් මගින් ප්‍රසිද්ධියේ ගල් ගසා මරනු ලබන ඛේදනීය වෘතාන්තයකි.:(

    GiSLG0R.jpg

    (soraya manutchehri ගේ දක්නට ලැබෙන එකම සත්‍ය ඡායාරුපය. ඇය අවුරුදු 09 දැරියක්ව සිටියදී ගනු ලැබුවකි.)


    සැබවින්ම අදටත් නීතියේ හස්තයට යටත්ව මැදපෙරදිග සහ අප්‍රිකාවේ සමහර රාජ්‍ය වල මෙසේ නිර්දෝෂී බොහෝ පුද්ගලයන්, විශේෂයෙන් කාන්තාවන් මෙසේ අමු අමුවේ ඝාතනයට ලක් වෙයි.:angry:

    පව්කාරයාට ගල් ගැසීම.

    ගල් ගැසීමේ දඬුවම් ක්‍රමයේ ඉතිහාසය විමසීමේදී බොහෝ ඈතට දිව යයි. ක්‍රි.පූර්ව යුගයේදී ජුදා සම්ප්‍රදාය තුල මෙන්ම ඊට පසු ඇස්ටෙක් ශිෂ්ටාචාරය (1300 - 1521 ) තුලදීද මෙය දක්නට ලැබිණි.නමුත් මෙය තම සංස්කෘතිය තුලට කාවද්දා ගනු ලැබුවේ ඉස්ලාම් සම්ප්‍රදයෙනි.
    සරලවම ඉස්ලාම් දහම ඇරඹෙන්නේ ජුදා ජන සමාජ ක්‍රමය තුලයි. එනිසා ජුදා සම්ප්‍රදාය හා වත් පිළිවෙත් රාශියක් ඉස්ලාමයේ දක්නට ලැබේ.

    ගල් ගැසීම මෙතරම් ජනප්‍රිය දඬුවම් ක්‍රමයක් මෙන්ම වර්තමානය තෙක්ම පැවතෙන්නේ කුමන හේතුවකටද ?

    මේ සඳහා නිශ්චිතවම මේ හේතුව යැයි පෙන්විය නොහැකි වුවත්, සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මේ දඬුවම් ක්‍රමය තුල වරදිකරුවාට දඬුවමට ලක් කිරීම මෙන්ම සෙසු සමාජයේ නිර්දෝෂී බාවයද මේ තුලින් පෙන්වන බව විශ්වාසයක් පැවතීමයි.එනම් ගල් ගසන සෑම පුද්ගලයෙක්ම නිර්දෝෂී පුද්ගලයෙකු යැයි සම්මතයක් ලෙස පිළිගත් බැවිනි.
    මෙන්ම මෙහිදී චුදිතයා මරණයට ලක් වනතුරු ගල් ගැසීම සිදුකරයි.
    තවත් කාරණයක් නම් මැදපෙරදිග කාන්තාර වල ඝනකමින් වැඩි ගල් බහුල ලෙස ඇති නිසා මෙය ඉක්මන්, මුළු මහත් සමාජයක් ඉදිරියේ සිදු කරන බැවින් අනෙක් සියල්ලන්ටද ආදර්ශයක් ලෙස කල හැකි බැවිනි.

    පව්කාර ස්ත්‍රියට ගල් ගැසීම සහ බයිබලය

    ජුදා සම්ප්‍රදාය පිලිබඳ අධ්‍යනයක යෙදෙන්නෙකු පළමුවෙන්ම කල යුත්තේ බයිබලය හොඳින් කියවා අධ්‍යනය කිරීමයි.
    පරණ තෙස්තමේන්තුවේ එන මෝසෙස්ගේ ව්‍යවස්ථාව ( පුරාන ජුදා ''ටෝරාව '' ලෙස මෙය හැඳින්වේ.) තුල පව්කාරයන් හට ගල් ගසා මරණයට ලක් කිරීම අනුමත කරන ලදී.

    බයිබලයේ එන '' පව්කාර ස්ත්‍රීයට ගල් ගැසීමේ '' සිද්ධිය ඔබ බොහෝ දෙනෙක් කියවා ඇතැයි සිතමි.ඒ මෙසේය.

    ශුද්ධවර ජොහාන් 08 : 3 - 11

    ~ එවිට විනයධරයෝ හා පරිසිවරු කාමමිථ්‍යාචාරයේ හැසිරෙද්දී ම අසු වූ ස්ත්‍රියක ගෙනැවිත් ඔවුන් මැද සිටුවා, ”ගුරුදේවයෙනි, මේ ස්ත්‍රිය කාමමිථ්‍යාචාරයෙහි යෙදී සිටිය දී ම අල්ලාගන්නා ලද්දී ය. මෙබඳු අය ගල් ගසා මරන්නට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණ කර ඇත; එහෙත් මැය ගැන ඔබ කියන්නේ කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. ඔවුන් මෙසේ ඇසුවේ, උන් වහන්සේ පරීක්ෂා කර උන් වහන්සේට වරද තබන්නට කරුණක් සොයාගන්නා අටියෙනි. එහෙත්, උන් වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. ඔවුන් උන් වහන්සේගෙන් දිගින් දිගට ප්‍රශ්න කරද්දී, උන් වහන්සේ කෙළින් සිට, ඔවුන් අමතා, ”ඔබ අතරෙන් පවක් නැති තැනැත්තා පළමුකොට ඈට ගලක් ගසන්නැ”යි වදාරා නැවතත් නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. ඔවුන් ඒ වචන ඇසූ විට, වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකෙකා බැගින් යන්නට ගියේ ය. ඉතිරි වූයේ ජේසුස් වහන්සේ ද, ඒ ස්ත්‍රිය ද පමණකි. ජේසුස් වහන්සේ කෙළින් සිට, ඈට කතා කොට, ”ස්ත්‍රිය, ඔව්හු කොහේ ද? කිසිවකු ඔබට වරද තැබුවේ නැද්දැ”යි ඇසූ සේක. ”ස්වාමීනි නැතැ”යි ඈ කීවා ය. ”මමත් ඔබට වරද නොතබමි; යන්න, මින්පසු තවත් පව් නොකරන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක. ~

    gYfdoDr.jpg


    බයිබලයේ එන මේ පව්කාර ස්ත්‍රීය පිලිබඳ ප්‍රසිද්ධම මතය නම් ඇය පසුකලෙක ජේසුස් ගේ ශ්‍රාවකයෙකු ලෙස උන්වහන්සේ සහ අනෙකුත් ශ්‍රාවකයන් සමගින් ඊශ්‍රායලය පුරා ඇවිදිමින් ,පසු කලෙක උන්වහන්සේ කුරුසිපත් කිරීමෙන් පසු සෙසු ශ්‍රාවකයන් හා එක්ව ජේසුස්ගේ ධර්මය ප්‍රචලිත කරමින් ජීවත් වූ බවයි.
    ඒ වගේම බයිබලයේ සඳහන් වන '' මද්ගලාහි මරියා '' ( Mary magdalene ) යනු මේ ස්ත්‍රීය බවත් ඇතැමෙක් පිළිගනු ලබනවා.:rolleyes:

    කොයි හැටි වෙතත් මේ පව්කාර ස්ත්‍රිය පිලිබඳ විමසීමේදී අතුරු කතා වස්තුවක් පවතී.මෙය සත්‍යක්ද නැත්නම් මනකල්පිතයක්ද යන්න නොදනී.
    කෙටියෙන් ඒ පවසනවා නම් මෙසේයි,

    මේ ස්ත්‍රිය එදා සමාජයේ ගණිකාවක් විය. එමෙන්ම ඇයගේ පහස ලැබුවේ පරිසිවරු, විනයධරයෝ ( ජුදා සමාජයේ නායකයින් ), පූජකයන්, වෙළඳ ව්‍යාපාරිකයන්, රෝම අධිරාජ්‍යයේ සෙන්පති වරු, සොල්දාදුවෝ වැනි සමාජ පිරමිඩයේ ඉහලින් සිටි ස්තර වල කුලකයන්ය.
    ඇගේ ක්‍රමයේ අමුතු පුරුද්දක් විය. එනම් තමා නිදිවදින සෑම පිරිමියෙකුගේම ඔහුට අයිති කුමන හෝ අරුමෝසම් බඩුවක් සොරා ගැනීමය.
    මෙය ලේන්සුවක්, ඉන පටියක්, හිස් පසුම්බියක්, මුද්දක් හෝ ආභරණයක් වැනි ඕනෑම දෙයක් විය.දිනක් මේ සොරකමක් අතරතුර එය අසුවීමෙන් ඇය විනයධරයන් හා පුජකයන් ඉදිරියට කැඳවනු ලැබ දඬුවම් කිරීමට සුදානම් වීමේදී ඇය විසින් තමා සන්තකයේ ඇති සියලු අරුමෝසම් බඩු ලොවට හෙළි කරන බවට තර්ජනය කිරිය.එමගින් ඔවුන්ගේ සල්ලාල කම් සහ වැරදි ලොවට හෙළි කරන බවයි.
    මේ බලපෑමට මහත් ලෙස බියවූ මේ සල්ලාල පුජකයන්ට හා නායකයන්ට ඇය සමාජය ඉදිරියේ ගල් ගසා මරනවා හැරෙන්නට යමක් ඉතුරු වූයේ නැත.
    ඒ අනුව ඔවුන් දේව මාලිගාවට යන විට ජේසුස් ද ඔවුන් අතර සිටිය.ඉන්පසු ඇයට ගල් ගසා මරණයෙන් බේරා ගත්තේ ජෙසුස්ය.
    එහිදී ඇයට තමා කෙරෙහි කලකිරීමක් සහ තම පව් පිලිබඳ මහත් මනස්තාපයක් ඇතිවී ප්‍රබල සිත් හැරීමකට ලක්වුවාය.

    සොරායා සහ පව්කාර ස්ත්‍රීය

    පව්කාර ස්ත්‍රිය සැබෑවටම එදා ජන සමාජය ඉදිරියේ පිළිගත් ලෙස පව් කාරියක් විය.නමුත් සොරායා සැබෑවටම අහිංසක නිර්දෝෂී ස්ත්‍රියකි.
    නමුත් සිද්ධි දෙකේදීම සමාජය විසින් ඔවුන්ව මරණය කරා තල්ලු කරලිය.සැබවින්ම එහිදී මිනිසුන්ගේ අත් වල වැරැද්ද තිබිණි.
    නමුත් ඒ බව පිලි ගැනීමට ඔවුන්ට ශක්තියක් හා පෞර්ෂයක් නොවීය.

    පව්කාර ස්ත්‍රිය උදෙසා මැදිහත් වීමට ජෙසුස්ට හැකි වූ අතර ඒ වචන මිනිසුන්ගේ වරදකාරී බව ඉස්මතු කොට, ඇයගේ සිත යහපත් මාර්ගයට හැරවීමට තරම් ප්‍රබල විය. මන්ද ඔහු ශාස්තෘවරයෙක් නිසාය.

    නමුත් සොරායා වෙනුවෙන් මැදිහත් වූ '' සාරා '' හට අත් වුයේ මිනිසුන්ගේ අතින් පහර කා බිමට වැටෙන්නටය. මන්ද ඇය තවත් කාන්තාවක් වූ පමනින්ය.
    සොරායාට පළමු ගල ගසන්නෙත්, තමාට මෙලොව ජීවය දුන් ඇයගේම පියා විසිනි.එමෙන්ම තමන්ගේ චපල සැමියා සහ තමන්ගේම ලෙයින් බිහිවූ තම පුතුන් දෙදෙනාද විසිනි.

    නමුත් අවසානයේ '' සාරා '' විසින් සොරායාගේ කතාව ලොවට හෙළිකරලිය.:yes:

    JVBnLLX.jpg


    සැබවින්ම එදා මෙන්ම අදත් සිදුවන්නේ මෙයම නොවේද ?
    ස්ත්‍රී වේවා පුරුෂ වේවා කොයියම් හෝ වේවා බලය , තණ්හාව හා දුෂ්ටකම් වෙනුවෙන් දුබලයා පාගා ගල් ගැසීමක් නොවේද ? :confused:

     

    ස්තූතී ඩො ඩෝ
    හොදට විස්තර කරලා ලිපිය ලියලා තියනවා ........
    මාරම ආසාවක් තිබ්බෙ මේක ගැන දැන ගන්න ..........
    ගොඩක් මහන්සිවෙලා තියනවා ......

    ආයිත් ස්තූතී :love::love::love:


    ආ රෙප් ඉවරයි හෙට දෙන්නම් :P:P:P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පොඩි වටයක් දාලා එන්නම්..;)

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    තාම අලගල්ල ත්‍රෙඩ් එක කියෙව්වෙත් නෑ..:baffled:
     
    • Like
    Reactions: sadamol buwa

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නමුත් අවසානයේ '' සාරා '' විසින් සොරායාගේ කතාව ලොවට හෙළිකරලිය.
     
    • Like
    Reactions: sadamol buwa

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ස්තූතී ඩො ඩෝ
    හොදට විස්තර කරලා ලිපිය ලියලා තියනවා ........
    මාරම ආසාවක් තිබ්බෙ මේක ගැන දැන ගන්න ..........
    ගොඩක් මහන්සිවෙලා තියනවා ......

    ආයිත් ස්තූතී :love::love::love:


    ආ රෙප් ඉවරයි හෙට දෙන්නම් :P:P:P


    ස්තුතියි සචිර......ඒ වෙලාවේ ත්‍රෙඩ් එක ලියමින් උන්නේ..:yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    elakiri saho patta article ekak machan supiri :D:D

    එළකිරියේ ත්‍රෙඩ් එකක් පිළිවෙලට ගලපලා ලස්සන කරන්නේ කොහොමද කියල කව්රු හරි ඇහුවොත්, මම කියන්නේ '' මල්බබා '' තමා මටත් කියල දුන්නේ කියල. :yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොඩි වටයක් දාලා එන්නම්..;)

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    තාම අලගල්ල ත්‍රෙඩ් එක කියෙව්වෙත් නෑ..:baffled:

    මගුලක්ද කරන්නේ එහෙනං.....ඉක්මනට කියවපිය. :angry::angry:

    :love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මරණ දණ්ඩනෙ කොහොම දුන්නත් හරි අපරාදයක් අහිංසක කෙනෙක් මැරුනොත් ඒ වරද ආය හදන්න බෑ නෙ :no:

    සමහරක් වෙලාවට රටේ ලෝකේ සිද්ධ වෙන සමහර සිද්ධි දැක්කම ඇත්තටම මරණ දඬුවම දුන්න නම් හොඳයි කියල හිතෙනවා. ඒත් හිතේ ආවේගය පාලනය වුනහම කල්පනා කරද්දී ඇත්තටම ඒකෙන් හොඳකට වඩා නොහොඳක් තමා සිද්ධ වෙන්නේ කියල හිතෙනවා.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Even people used to call it as stoning, the correct word for such punishment is lapidation.

    Stoning, or lapidation, is a method of capital punishment whereby a group throws stones at a person until the subject dies

    මමත් ඕක විකිපීඩියා එකේ දැක්කා.ඒත් හැමතැනම භාවිතා වෙන්නේ Stoning නේ. මම හිතුවේ lapidation කියන්නේ සමාන පදයක් කියල. :confused:
     

    dickensian

    Well-known member
  • Stoning, or lapidation, is a method of capital punishment whereby a group throws stones at a person until the subject dies

    මමත් ඕක විකිපීඩියා එකේ දැක්කා.ඒත් හැමතැනම භාවිතා වෙන්නේ Stoning නේ. මම හිතුවේ lapidation කියන්නේ සමාන පදයක් කියල. :confused:

    That is so elementary term to use, that why people go with it.
    No harm with the use but the word lapidation is the most precise one.
     
    Last edited:
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    That is so elementary term to use, that why people go with it.
    No harm with the use but i the word lapidation is the most precise one.

    එහෙමද......මමත් ඔයා කිව්වට පස්සේ දන්නේ. ඔය සමහර ඉංග්‍රීසි වචන අපි ඇත්තටම දන්නේ නෑ. බොහොම ස්තුතියි.:)
     
    • Like
    Reactions: dickensian