පව් බං ඇතා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,919
    40,070
    113
    Homagama
    ඇතා ගොඩක් මිනිස්සු එක්ක දුටුව ගැවසුණ නිසා බොහෝවිට මනුස්ස බවයකට ප්‍රතිසන්ධි ලැබෙන්න ඇති.
    එහෙම හිතලා හිත හදාගත්තා.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,117
    1,372
    113
    https://www.facebook.com/share/p/1FZ2Evsb2d/

    " සද්දන්තයන් තුන්දෙනෙක්ගේ මිනී මරුවා..

    තේක්ක රාජා

    භාතිය

    දැන් කාවන්තිස්ස

    #followerseveryone

    කාවන්තිස්ස මැරුණා නෙමෙයි.. කාවන්තිස්සව ඝාතනය කලා . ඒ ඝාතනය කරන්න වෙඩි තියපු සක්කිලියගෙ ඉදන් වනජිවි එකෙ පශු වෛද්‍යලා වෙනකම්ම දායක උනා!! මේ ඉන්නෙ ජාතියෙ සත්ව ඝාතක ඉසුරු හේවා කෝට්ටගෙ.

    ඇතාගෙ කකුලේ තුවාලයක් කියලා මුලින්ම වනජිවී එක දැනුවත් කලේ සැප්තැම්බර් 22 අසංක සඳරුවන් මල්ලි.. මුන් කිව්වා වෙඩි පාරක් නෙමේය දළයක් ඇනිලා එච්චරයි කියලා..

    අන්තිමේ ඒක එහෙම නෙමෙ කියලා වනජිවී ජායාරූප ශිල්පින් ගොඩ දෙනෙක් එක හෙලා කියන්න ගද්දි ඔන්න මුන් පටන් ගත්තා ප්‍රතිකාර කරන්න. ප්‍රතිකාර කියලා ඕවර්ඩෝස් වෙන්න නිර්වින්දන බෙහෙත් විදලා ඇතාව seductive කරලා ඇතා එක්ක ඉසුරු ෆොටෝ ශූට් කරා..

    නිර්වින්දනය කරපු පලවෙනි වතාවෙ ඇතාගෙ බ්ලඩ් සාම්පල් එකක් මුන් ගත්තෙ නෑ.. ඒ වෙනුවට මුන් හිතු හිතු ප්‍රමාණ වලින් ඇතාට පන්න පන්න ඇන්ටිබයෝටික් දුන්නා. ඇන්ටිබයොටික් ඕවර්ඩෝස් උන ඇතාට පාචනය හැදුනා.කෑම බීම ගැනීම නැවැත්තුවා. දවසට කිලෝ 150 ක්වත් කන ඇතා සතියක් හරියට කෑවෙ නෑ. විජලනය උනා..

    පරිසර ඇමතියා Dammika Patabendi යා ඊයේ කුඩ එහෙම ඉහලන් පෙරහැරේ ගිහින් ෆොටෝ ශූට් කලා. තුන් තිස් පැයේම ඩ්‍රෝන් දානවා දැන් හොදයි හොදවේගන එන්නෙ කිව්වා..

    වනජීවි එකෙ DG වසංගතේ ගංගා තමයි ඉසුරුලාව හැමදාම හුරතල් කරේ කොච්චර චෝදනා තිබ්බත්

    අන්තිම මොහොතේ කාවන්තිස්සගෙ ප්‍රතිකාර කටයුතු පණ්ඩුලගම වනජීවි එකට භාර දුන්නත් ප්‍රමාද වැඩි උනා..

    අලින්ගේ මාරයා ඉසුරු ඒ වෙනකොට කිසි කෙනෙක්ට දෙයක් කරන්න ඉතුරු කරලා තිබ්බෙ නෑ.ེ

    අන්තිම පැය දෙක තුනේ ඉතාම අසාධ්‍ය සතාව තනි බෙල්ට් එකෙන් උස්සලා පුළුවන් දෙතිස් වධයම දීපු එක කාගෙ තීරණයක්ද?

    කාවන්තිස්ස කියන්නෙ ඉසුරු මරාගත්ත පලවෙනි ඇතා නෙමෙයි

    තේක්ක රාජා

    භාතිය

    දැන්...

    කාවන්තිස්ස

    ඉසුරු හේවාකෝට්ටගේ තමයි මේ සත්තු බිලි ගත්ත මාරයා.

    භාතිය ඇතා මැරෙන්න පණ අදින වෙලේ ඉසුරු කැබ් එකෙන් බැහලා තියෙන්නෙ

    " තාම මැරුන් නැද්ද අහගෙන"

    පුලුවන් නම් බොරුයි කියපන්..

    ඊට පස්සෙ භාතිය මලාට පස්සෙ ඉසුරු හැමෝම ඉස්සරහා ලැජ්ජ නැතුව කිව්වා

    " මලාට බය වෙන්නෙපා කුණු වෙන්නෑ ලක්ශ ගානක ඇන්ටිබයොටික් ගහලා තියෙන්නෙ කියලා"

    පුලුවන් නම් මට නඩු දාපන් ඉසුරු.සාක්කි එක්ක උසාවියට ඉදිරිපත් කරන්නම්..

    කාවන්ටත් ලක්ශගානක ඇන්ටිබයොටික් ගහන්න ඇති මේ වගේම..සතාව තනිකර ඉත්තෑවෙක් කරලා තිබ්බ හැටි අපි දැක්කා.

    එක්කො මේ යකා සත්තු මරාගෙන වෙනම මානසික වින්දනයක් ගන්නවා. නැත්තම් මේ යකාට මේ ඇන්ටිබයොටික් ලක්ශ ගනන් වල ඕවර් ඩෝස් විඳිනවට කම්පැනි වලින් කුට්ටිය ලැබෙනවා..

    ඒ මොක උනත් උබ මේ පාර මරාගත්තෙ ඉසුරු මේ රටේ ඇත් රජ්ජුරුවො!!

    කාවන්තිස්සව අපිට උබ නැතිකලා..

    දැන් හිතන්නෙපා මේ ජාතික අපරාදෙ කරපු ඔහේටත් අපි යහතින් ඉන්න දේවි කියලා ( මේ වෙද්දි එකවුන්ට් එක ඩියැක්ටිවෙට් කරන් තමුන්ගෙ හර්ද සාක්ශියෙන් පවා සමාවක් නැති නිසා)

    Anura Kumara Dissanayake ජනාධිපතිතුමා තමුන්ලාත් වග කියන්න ඕන මේ අහස පොලව උහුලන අපරාදෙට..ඊට වඩා වගකියන්න ඕනෙ ඉසුරු වගෙ සත්ව ඝාතකයො තව දුරටත් වනජිවී එකේ සේවයෙ තියන් ඉන්නවට

    මේ සත්ව ඝාතකයාට එරෙහිව නීතීය ක්‍රියාත්මක කල යුතුයි.

    මේ රටේ වනජීවී බේසිකේ පශු වෛද්‍යලා කාවන්තිස්සගෙ මරණ පරික්ශණය කරනවට අපි කැමති නෑ!

    පිටරටින් වෛද්‍ය කණ්ඩායමක් ගෙනත් කාවන්ව මරාගන්න තරම් මුන් මොනවා කොහොම දුන්නද කියලා මරණ පරික්ශණයක් කෙරෙන්න ඕනෙ..

    එතකල් මුන්ගෙ වැඩ තහනම් වෙන්න ඕනෙ!!

    අපි ඉල්ලන්නෙ කාවන්තිස්සගෙ මරණයට යුක්තිය!

    මේ පෝස්‍ට් එක හැකිතාක් ශෙයා කරන්න! වෝල් වල කොපි පේස්ට් කරන්න!!

    කාවන්ව මරා ගත්ත ඝාතකයන්ට අපේ කිසි සමාවක් නෑ!

    උපුටා ගැනීම

    #chanyaherath මුහුණු පොතෙන්..

    Disclaimer:
    The views, allegations, and opinions expressed in the accompanying article/post belong solely to the original author (Chanya Herath) and sources on social media. This content is shared for informational and public awareness purposes only. It does not reflect the independent verification, endorsement, or official stance of this platform or its administrators. All individuals mentioned are presumed innocent until proven otherwise in a court of law.
    #කාවන්තිස්ස #Kavantissa #SriLankaWildlife #JusticeForKavantissa #ElephantConservation #SriLankaElephants #srilankannews #sinhalanews #AdaDerana
    ------ Post added on Oct 17, 2026 at 1:13 AM