"එකේන භෝගේ භුංජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථං ච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති”
තමා උපයන ධනයෙන් එක් කොටසක් තමන්ගේ පෞද්ගලික හා පොදු අවශ්‍යතා සඳහා ද , කොටස් දෙකක් තම ව්‍යාපාරයන් හෝ ආයෝජන අභිවෘද්ධිය උදෙසා ද, අනෙක් කොටස අනාගතයේ දී එළඹිය හැකි ආපදාවන්හි දී ප්‍රයෝජනයට ගැනීම සඳහා ද, සුරක්ෂිතව තැන්පත් කොට තැබිය යුතු බව බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවනෙ බං.
ඉතින් වැරැද්ද කාගෙද ? මිනිස්සුන්ගෙමනේ මචං. තමන්ගේ මූලික අවශ්‍යයතා ප්රමුඛත්වගත කරගැනීමේ දුර්වල කමනේ. පොල් කඩන එකා ගහක පොල් කඩන්න රුපියල් 200 ක් ගන්නවා පොල් ගෙඩිදෙකක් එක්ක. දවසට ගස් 10 ක් නැග්ගනම් රුපියල් 2000 යි ගෙඩි 20 රුපියල් 50 ගානේ විකිණුවත් රුපියල් 1000 යි. ඔක්කොම 3000 යි දවසට. මාසෙට දවස් 20 ක් වැඩ කලත් 60 000 ක්.
කුලී වැඩ කරන කෙනා දවසට 2000 ක් වත් ගන්නවා දවස් 20 ක් වැඩ කලා නම් 40000 ක්.
ඒ උනාට උන් කරන්නෙ ගෙදර හවසට පාන් රාත්තලක් අරන් යන ගමන් ඉතිරි ඔක්කොම සල්ලි වලින් එක්කෝ බොනවා, නැත්නම් ගංජා ගහනවා, නැත්නම් බඩු ගහනවා, එහෙමත් නැත්නම් රේස් බුකියේ අස්සයෝ දුවෝනවා
නැත්නම් තමුන්ගේ තරම නොදැන වටේ පිටේ ගෙවල් වල ඈයින්ට පේන්න ෆිනෑන්ස් දාලා ලොකු වාහනයක් ගන්නවා, පත ගෙවල් ගහනවා, හයි ෆයිබඩු ගන්නවා. ඔක්කොම ණය වෙලා.
ඉතින් වරද මිනිස්සුන්ගෙමයි.