හොඳ නිමිත්තක් මල්ලි කතාබහට ලක් කරලා තියෙන්නේ...
තරුණ අසහනය ...කාමුක පොත්පත්..වීඩියෝ... පාරේ තොටේ නිතර ඇස ගැටෙන කාමය උපද්දන ඇඳුම් මෝස්තර.. ඔය තියෙන්නේ ඕනෙ තරම් කාමය අවුස්ස ගන්න නොයෙක් විධි ක්රම මේ පිංවන්ත බිමේ...
මට පුදුම මේවා හොඳින්ම වැටහිලත් මේ වගේ දේවල් කොහෙත්ම නැති හරි සදාචාර සම්පන්න මිනිස්සුම ඉන්නවා කියල කියන්න තවම අපේ රටේ දිව හදාගත්තු පිරිසකුත් ඉන්න එක ගැනයි..
මං හිතන්නේ මේ මිනිස්සු කැමති නෑ ඔය නැතිවෙලා ගිහින් තියෙන සදාචාරය මිනිස්කම නැවත ගොඩ නැගෙනවට...ලොකු බියකින් ඉන්නේ උන්ට හෙට දවසට කවුරු හරි විකුණලා, මුලාවේ දාලා අනිත් එවුන්ගේ මුලු අනාගතයම සුනු විසුනු කරල දාලා මුදල් කුට්ටි හම්බ කර ගන්න තියෙන මාර්ග උන්ට ඇහිරෙයි කියල......
එතැනදී ඔය කියන නිහීන වැඩවලට සුදු හුණු ගාන්න අපේ රටත් ලෝකයේ අනිත් රටවල් හා ඉදිරියට යා යුතුයි කියන ස්ලෝකය ඉදිරියට දාගෙන පහර පිට පහර දෙන්න පුහු තර්ක ගෙන එන්න කට්ටිය පාත් වෙන්නේ බුරුතු පිටින්...උන් දන්නේ නෑ උන් අද විකුණමින් සිටින්නේ හා සුනු විසුනු කරමින් ඉන්නේ උන්ගෙම දරු දැරියන්ගේ ජීවිත බව...
සාර්ථක නිර්භයව ඉදිරිපත් කල නිමිත්තක්..නිර්මානකරුවෙක් කියන්නේ ඔය ටිකෙනුත් පරිපුර්ණ හා තේරුම් ගත්තු මිනිහෙකුට...
මල්ලියට ජය....