සාර්ථක ගේය පද රචනයක්.. කවියකටත් වඩා.. බලාපොරොත්තුවෙන් අවසන් වෙන විරහවට මම කැමතියි. ලස්සනයි චන්දි අක්කෙ..
බොහොමත්ම ස්තූතියි! සොයුර ඔබට.සුන්දර පදවැල් සමුච්චයකින් ඔබ කියන්නට හැදූ දේ ගොඩක් පාඨකයින්ගේ සිත් ඇද බැඳ තබා ගත්තාට කිසිම සැකයක් නෑ..
යලිත් හිතේ සුවඳ මල් පිපෙන්න හා ඒ මල් දෝතින් නෙලන්න ආශාවෙන් පෙරමග බලා හිඳිමු...
බලාපොරොත්තු අපව හෙට දවසට කැඳවා යයි...එහෙත් අවසන එය මල්ඵල ගන්නේ බලාපොරොත්තුවලටම ඉඩ දී නොසිට ඒවාට ඉලක්ක එක් කර ගතහොත් පමණි..
සහෝදරීගේ ලස්සන කවි පෙලක්..මං ගොඩක් වින්ඳා..
ඔබට ජය..
හරිම ලස්සන පද පෙලක්, බලාපොරත්තු දෝත දරා ගෙන කල කවියෙ අවසාන කොටස ඉතා වැදගත් සටහනක් රසික සිත් තුල ඇතිකරනවා නිසැකයි.
අලංකාරව ගෙතුන මුතුවැලක් තරම් මනරම්, ජය සොයුරිය.
කලියුග කාලෙට ඔය සෘතු මාරු වෙනවා....
ලස්සන නිර්මාණයක් සහෝ....
තව ලියන්න...
දෙවැනි පද පෙළේ, "ඔබ මුවනත නෑ ඒ මත මැවිලා" වෙනුවට "ඔබ මුව නෑ ඒ මත මැවිලා" කියලා ආවා නම් හොඳයි කියලා හිතුනා.
මම හිතන්නේ, මේ සහෝදරීගේ මොනවත් මම මීට කළින් කියවලා නෑ. දිගටම ලියන්න. සුභ පැතුම්. 