පහනක් පත්තු කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක
මැරුණු මිනිහෙක් සැමරීමට පහනක් පත්තු කිරීමට හෝ සිහිපත් කිරීමට ඕනම කෙනෙකුට හැකියාවක් පවතින බව අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඩෙංගු මර්දනය කිරීම පිළිබඳ ගම්පහ,මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේ එම්.කේ ශිවාජිලිංගම් විසින් හෙට දිනයේ වෙල්ලමුල්ලවයික්කාල් ප්‍රදේශයේ යුද්ධයෙන් මිය ගිය ඥාතීන් සිහිකිරීමේ වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමිනි.
ශිවාජිලිංගම් යනු ප්රභාකරන්ගේ ලේ ඥාතියෙකු බව කියා තිබුණු නමුත් යුද මෙහෙයුම් සිදුවන කාලයේ එහෙව් හඳුනාගැනීමක් නොතිබුණු බවත්, ඕනම කෙනෙකුට යුද්ධයෙන් මිය ගිය තම ඥාතීන් සිහිපත් කිරීමට බාධාවක් නොවන බවත් ඔහු සඳහන් කළේය.
මේ අයුරින් පහනක් පත්තු කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන බවත්, ශිවාජිලිංගම් යනු ශක්තිමත් මනුස්සයෙකු නොවන බවත්, එහෙව් අය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට කාලය හා ශ්‍රමය කැප කිරීම කිසිම තේරුමක් නැති වැඩක් බවත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය.
අද දෙරණ
ෆොන්සේකා මහත්තය මෙහෙම කියලා තියනවා