පහෙන් එකක් නුවර.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පහෙන් එකක් නුවර.....

    මහනුවර ඇසල මහා පෙරහර ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට


    ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර නම් කිරීමට "ද ට්‍රැවලර් වෙබ් අඩවිය" http://www.traveller.com.au/ කටයුතු කර ඇත.

    එම වෙබ් අඩවිය සදහන් කර ඇත්තේ දළදා‍ පෙරහරේ තිබෙන සුවිශේෂී සංස්කෘතික නර්තනයන් සහ විශේෂාංග ලොව අන් කවර තැනකදීවත් දැක බලා ගැනීමට නොහැකි බවය. අගෝස්තු මාසයේදී සංචාරය කිරීමට බලාපොරොත්තුවන සංචාරකයෙක් නම් ඔවුන් ශ්‍රී ලංකාවේ මහනුවර නගරයට පැමිණ ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර නැරඹීම වඩාත් යෝග්‍ය බව එහි පෙන්වා දී තිබේ.

    සුදු පැහැ වස්ත්‍රයෙන් සැරසුණු බැතිමතුන්ගෙන් පිරුණු මහනුවර නගරය ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර වෙනුවෙන් පිරි යන බවත් පෙරහැර විචිත්‍රවත් කිරීමට අලි ඇතුන් සහ උඩරට නර්තනයන් ගෙන් සපිරුණු අයුරු දැකීම මනස්කාන්ත දර්ශනයක් බවත් වෙබ් අඩවියේ සදහන් වේ. දින 10ක් පුරා වර්ණවත් පෙරහර මංගල්‍යයක් මේ සමයේ දී නැරඹීමේ හැකියාව පවතී.

    ගිනි බෝල කරකවන දර්ශනය සහ කසකරුවන්ගේ දර්ශනය පෙරහැරට ගෙන දෙන අමතර අලංකාරයක් බවත් එම දර්ශනය ඇතුලත් ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරින් එකක් බව අවිවාදයෙන් යුතුව පිළිගැනීමට සිදුවන බවත් ද ට්‍රැවලර් වෙබ් අඩවියේ වැඩිදුරටත් සටහන් කර ඇත.:love:
     
    Last edited:
    • Like
    Reactions: Amila M and somalal