ප්ලාස්ටික් ඇසුරුම් භාවිතා කිරීම

unlimit

Active member
  • Jun 29, 2010
    241
    31
    28
    ප්ලාස්ටික් ඇසුරුම් භාවිතා කිරීම

    මේ දවස් වල කතා වෙන ප්ලාස්ටික් ඇසුරුම් භාවිතා කිරීම ගැන මොනවද හිතන්නේ?

    මගේ නම් අදහස ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය ඉතාම අත්‍යවශ්‍ය දෙයක්.

    මොකද ප්ලාස්ටික් ඇසුරුම් නිසා එළවලු පලතුරු නාස්තිය අවම කර ගන්න පුළුවන්
    ඒ වගේම එළවලු පලතුරු වල තත්වයත් ආරක්ෂා වෙනවා.

    මේ උද්ඝෝෂණ කරන මිනිසුන්ට තේරෙන්නේ නැද්ද? ගෝනියක දාල 100 Kg ගෙනාවට වැඩිය හොදයි, පෙට්ටියක දාල 60 - 75 Kg විතර ගේන එක කියල.
    එළවලු ගන්න ගියාම අපි කොච්චර තැලුණු ඒවා අයින් කරනවද ?

    අනිත් පැත්තෙන් හිතල බලන්න රජයට ප්ලාස්ටික් ඇසුරුම් විකුණුව කියල ලැබෙන දෙයක් නෑ. (ගසා කනවා නම් ඕන තරම් ක්‍රම තියනවනේ:P).

    මේක පාරිභෝගිකයා පැත්තෙන් හිතල කරන හොද වැඩක් කියල මට නම් හිතෙන්නේ.
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    ප්ලාස්ටික් පෙට්ටි යොදා ගැනීම එළවලු නාස්තිය වලකන හොඳ සැලැස්මක්. එත් ඒක තද නීති දාල ටික කලකින් ගේන්න බැහැ. ලංකාවේ ඉන්න දුප්පත් ගොවියන්ට මේ ක්‍රමයට ටිකෙන් ටික බහින්න ක්‍රමයක් තියෙන්න ඕනේ. එතකොට නාස්ති වෙන එළවලු අඩු වෙලා ආදායම වැඩි වෙන කොට ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම එකට පුරුදු වෙයි.
    අද ලංකාවේ හැම තැනම ගොවියෝයි වෙලෙන්දොයි උද්ඝෝෂණය කරනවා. මාකට් වල එළවලු නැහැ. රජය හොඳ දෙයක් උනත් අත්තනෝමතිකව කරන්න ගිහිල්ල නාගන්න යන පාටයි. හැබැයි කට්ට කන්න වෙන්නේ අපිටයි. අපිට එළවලු නැතුව ගියොත් ඉතින් සල්ලි තමයි කන්න වෙන්නේ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    වැඩේ හොදයි තමා..ප්‍රායෝගිකව කරන්න අමාරුයි..:no:
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ප්‍රවාහනයේදී ප්ලාස්ටික් ඇසුරුම් භාවිතාකිරීම හොද දෙයක් ,
    නමුත් ගැටලුව වෙලාතියෙන්නෙ.... * ඇසුරුම් මිලදී ගැනීම සදහා විශාල පිරිවැයක් දැරීමට සිදුවීම, *එකවර ප්‍රවාහනය කලහැකි තොග ප්‍රමාණය සීමා සහිත වීම ( ප්‍රවාහන වියදම ඉහල යාම)
    * +
     
    Nov 4, 2011
    23
    5
    3
    ගොවියන්ට ඕක ලාබදායී සාර්තක ක්‍රමයක්නම් උන් නිකම්ම ඕකට යොමු වෙයි..බලෙන් කරන්න ඕන නැහැනේ..

    ජොනියගෙ අම්මගෙ නීති දාලා මෙතන හු*වන්න හදන්නෙ:angry::growl:
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    වැඩේ හොදයි තමා..ප්‍රායෝගිකව කරන්න අමාරුයි..:no:

    නිවැරදි ක්‍රමවේදයක් සකස් කරොත් කරන්න පුලුවන්.
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    කවුදබෝයි;11614232 said:
    ගොවියන්ට ඕක ලාබදායී සාර්තක ක්‍රමයක්නම් උන් නිකම්ම ඕකට යොමු වෙයි..බලෙන් කරන්න ඕන නැහැනේ..

    ජොනියගෙ අම්මගෙ නීති දාලා මෙතන හු*වන්න හදන්නෙ:angry::growl:


    :lol:
    ගොවියගෙ ඉදල සිල්ලර වෙලෙන්ද දක්ව ඉන්න සියලුම දෙනාගෙ අදහස් අරගෙන යමක් කරන එක තම හොද, නීති හදන අය පොඩක් පාරට බැහැල බලන්න ඕන මොනවගේ තත්වයක්ද තියෙන්නෙ කියල.


    *මේකෙන් පාරිභෝගිකයටනම් කොහොමත් හොදක් වෙන්නෙ ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ.
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    බඩු ගන්න මිනිස්සුන්ට නම් ඉතින් හොඳයි.. ප්‍රවාහන වියදම වැඩි වෙන එක තමා ලොකුම ප්‍රශ්නේ...
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැඩේ හොඳ උනාට ඕක ප්‍රායෝගික නැහැ මචන්. අනික ගොවියෝ අපා දුක් විඳලා එළවලු වවන්නේ. එයාලට ලැබෙන්න තියන ලාබෙ එහෙමම මේ කූඩ නිසා අඩු වෙනවා. ආණ්ඩුවෙන් නොමිලේ දෙන්න කියපන්කො. වැඩේ ඉවරයි.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ආණ්ඩුව කළා කියල හැම දේටම විරුද්ධ වෙන්න ඕන නැහැනේ. මම ආණ්ඩුවට පශ්චාත් භාගය දෙන කෙනෙක් නෙමෙයි. ඒත් මේ කරපු වැඩේ නම් ඇත්තටම මීට හුඟක් කලින් කරන්න තිබ්බ දෙයක්. රටේ ප්‍රධාන පොලවල් වලට ගියපු අය දැකල ඇති කොච්චර එළවලු ගෝනි ගණන් විසි කරනවද කියල, ගෙදරට එළවලු ගේන මිනිහෙක් දන්නවා තලුන පොඩිවුන ඒවා කොච්චර අපතේ යනවද කියල. හැමෝටම සුපිරි වෙළඳසල් වලට ගිහින් හෝදලා සුද්ද කරපු එවලවලු වැඩි මිලක් දීල ගන්න වත්කමක් නැහැනේ ;)

    අනිත් එක ඒ ඔක්කොමත් හරි කොච්චර අස්වැන්නක් අපතේ යනවද? හැබැයි මේක ක්‍රියාත්මක කරපු විදිය වැරදි. අඩු තරමේ මේ ක්‍රම ටික අනුගමනය කරානම් ඔහොම ජංජාලයක් වෙන්නෙ නෑ.

    -අඩු තරමේ ගොවීන්ට මාස 6ක වත් සහන කාලයක් දෙන්න ඕන මේ ප්ලාස්ටික් කූඩ භාවිතයට එකතු වෙන්න.
    -රජයේ නාස්ති වෙන මුදල් වලින් මේ මිනිස්සුන්ට පහසු මිලට ප්‍රවාහන පහසුකම් සපයන්න ක්‍රමයක්.
    -සහන කාලය තුල ඉක්මනින් ප්ලාස්ටික් කූඩ භාවිතයට පිවිසෙන අයට කුමන හෝ දිරිගැන්වීමක්.
    - කුලියට දෙන කූඩ මිල වැඩි. ඒ කෙනුත් ආදායමක් ගන්න බලන්නෙ නැතුව සේවාවක් විදියට කූඩ වල කුලිය අඩුවෙනවනම්.
    -කූඩ ණයට දෙන තීරණය හොඳයි.

    * තීරණය හොඳයි ක්‍රියාත්මක කරපු විදිය හද්ද ගූ. අද අපේ පැත්තෙ කඩවල් වල එළවලු නෑ. අර මෝඩ ගොයියෝ ෆෝම් වෙලා එහෙං උන්ම අමාරුවෙන් වවාගත්ත ඒවා උඩ දදා පාග පාග මෝඩ ආතල් ගන්නවා. උන් දන්නෙ නෑ ඒකෙන් අමාරුවේ වැටෙන්නෙ උන්මයි කියල.:nerd:

    මෙතන ගොවියෝ අවුස්සන්න විරුද්ධ වැඩපිළිවෙලක් යනවා කියල බොරුවට ඇඟ බේරගන්න හදන එක නෙමෙයි ක්‍රියාත්මක කරපු විදිය අසාර්ථකයි කියන එක ජොන්ස්ටන් පිළිගන්න ඕන. පිලි අරගෙන ඒ වැරැද්ද නිවැරදි කරන්න ඕන :yes: