ප්‍රංශයෙන් ලංකාවට යක් පැටියෙක්!
ප්‍රංශයෙන් ලංකාවට යක් පැටියෙක්!
පැරිසියේදී අපූර්ව කතා දෙකක් අසන්නට ලැබිණ.
පළමු කතාව ප්‍රංශයේ අධිකරණ සංඝනායක මුරුංගස්‌යායේ ඤාණිස්‌සර හිමියන් ගෙනි.
පසුගිය දිනක පැරිසියේ වෙසෙන සිංහල යුවලක් තම දරුවා සමග ලංකාවට ගොස් තිබේ. මේ දරුවාට එතරම් හොඳට සිංහල කතා කිරීමට නොහැක. මෙම යුවළ දරුවා තම දෙමාපියන් භාරයේ රඳවා ගමනක් ගොස් ඇති අතර හවස් වෙද්දී කුසගිනි හැදුන දරුවා සීයාගෙන් සහ ආච්චිගෙන් බීමට යමක් ඉල්ලා ඇත. ඔවුන් දුන් දෙය ප්‍රතික්‍ෂේප කළ දරුවා "මම බොන්නේ ලේ. මට ලේ ඕනෑ" යෑයි පෙරළි කර තිබේ. සීයාත්, ආච්චිත් තුෂ්නීම්භුතව සිටියදී එම නිවසේ සිටි පිටස්‌තර කාන්තාවක් මෙම අපූරු පුවත අහල පහලට ප්‍රචාරය කර ඇත. ඒ මෙසේය.
"අන්න අහවල් ගෙදරට ප්‍රංශේ ඉඳලා යක් පැටියෙක් ඇවිල්ලා. බොන්න ඉල්ලන්නේ ලේ මයි". දරුවාගේ දෙමව්පියන් නිවසට එනවිට ගමේ මිනිසුන් නිවසට රැස්‌ව සිටි අතර දරුවා බීමට ලේ ඉල්ලමින් හඬමින් සිටියේය. "ඇයි? ඇයි? මේ මොකද මේ? ඔවුහු විචාලෝය.
"මේ දරුවා බොන්න ලේ ඉල්ල ඉල්ලා පෙරළි කරන්නේ· සීයාත්, ආච්චිත්" පැවසූහ.
"අයියෝ අම්මේ ප්‍රංශ භාෂාවෙන් ලේ කියන්නේ කිරිවලට. පුතා හවසට බොන්නේ කිරි තමයි. එයා ලේ කියලා ඉල්ලන්නේ කිරි."
මේ පැරිසියේ ඉන්න බුද්ධිමත් දෙමව්පියන් දරුවන්ට සිංහල භාෂාව උගන්වනවා. සමහර අමන දෙමව්පියන් සිංහල අමතක කරවා උගන්වන්නේ ප්‍රංශයි - ඉංගී්‍රසියි විතරයි. මේ දරුවා ජර්මනියේ ඉඳලා ගියා නම් වතුර තිබහට ඉල්ලන්නේ මට "වස" බොන්න ඕන කියලයි. ජර්මන් භාෂාවෙන් "වස" කියලා කියන්නේ වතුරට. මේවා තම දරුවන්ට මව්බස නූගන්වන දෙමව්පියන්ට හොඳ පාඩම්.
දෙවන කතාව දොස්‌තර ගුණදාස අමරසේකර ශූරීන්ගේය.
ප්‍රංශයේ ඉපැදිලා, ප්‍රංශ භාෂාවෙන් අධ්‍යාපනය ලබන මේ දරු දැරියන් මේ තරම් නිවැරැදිව, මේ තරම් ලස්‌සනට සිංහල භාෂාවෙන් කතා පවත්තපු හැටි, ජනගී ගායනා කරපු හැටි දැකලා මට උපන් සතුට වගේම මහා විශාල දුකකුත් ඇති වුණා.
ලංකාවේ අද හැම ළමයෙක්‌ම යොමු කරන්නේ ඉංගී්‍රසිය පස්‌සේ දුවන්න. ඉංගී්‍රසි ඉගෙන ගන්න ඕන. ඒත් එහෙම කරන්න ඕන මව්බස මරාගෙන නොවෙයි. නිදහස් අධ්‍යාපනය වල දමමින් ජාත්‍යන්තර පාසල්, විශ්වවිද්‍යාල බිහි කරන පාලකයෝ, වර්තමාන පරපුර විකාර සංස්‌කෘතීන්ට හුරු කරවන ජනමාධ්‍ය, තම දරුවන්ට සිංහල කතා කිරීමට බැරිවීම ගැන ආඩම්බර වෙන මෝඩ දෙමව්පියන් ආදී හැම කෙනෙක්‌ම මෙම පාපකර්මයට හවුල්. ඉංගී්‍රසි නැත්නම් මුකුත්කරන්න බැහැ කියන මතවාදය ඇත්තක් නම් මේ වනවිට ඇමරිකාවේ, එංගලන්තයේ කිසිම රක්‍ෂා ප්‍රශ්නයක් නැති වෙන්න ඕන. මොකද ඔවුන් ඉංගී්‍රසි දන්න නිසා.
ඊශ්‍රායලයේ හීබෲ භාෂාව මළ භාෂාවක් බවට පත් වුණා. පිටරටවල පදිංචියට ගිය යුදෙව්වන්ගේ දරුවො තමයි හීබෲ භාෂාව ඉගෙන ගෙන එම භාෂාවට පුනර්ජීවයක් දීලා රැක ගත්තේ. මේ යන විදියට ගියොත් අනාගත ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව මළ භාෂාවක් බවට පත්වේවි.

රෝහිත මුණසිංහ - ප්‍රංශය
කියවලා අනිත් අය වෙනුවෙන් බම්පියක් දාන්න අමතක කරන්න එපා
Last edited: