ප්‍රංශයෙන් ලංකාවට යක්‌ පැටියෙක්‌!

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ප්‍රංශයෙන් ලංකාවට යක්‌ පැටියෙක්‌!


ප්‍රංශයෙන් ලංකාවට යක්‌ පැටියෙක්‌!

පැරිසියේදී අපූර්ව කතා දෙකක්‌ අසන්නට ලැබිණ.

පළමු කතාව ප්‍රංශයේ අධිකරණ සංඝනායක මුරුංගස්‌යායේ ඤාණිස්‌සර හිමියන් ගෙනි.

පසුගිය දිනක පැරිසියේ වෙසෙන සිංහල යුවලක්‌ තම දරුවා සමග ලංකාවට ගොස්‌ තිබේ. මේ දරුවාට එතරම් හොඳට සිංහල කතා කිරීමට නොහැක. මෙම යුවළ දරුවා තම දෙමාපියන් භාරයේ රඳවා ගමනක්‌ ගොස්‌ ඇති අතර හවස්‌ වෙද්දී කුසගිනි හැදුන දරුවා සීයාගෙන් සහ ආච්චිගෙන් බීමට යමක්‌ ඉල්ලා ඇත. ඔවුන් දුන් දෙය ප්‍රතික්‍ෂේප කළ දරුවා "මම බොන්නේ ලේ. මට ලේ ඕනෑ" යෑයි පෙරළි කර තිබේ. සීයාත්, ආච්චිත් තුෂ්නීම්භුතව සිටියදී එම නිවසේ සිටි පිටස්‌තර කාන්තාවක්‌ මෙම අපූරු පුවත අහල පහලට ප්‍රචාරය කර ඇත. ඒ මෙසේය.

"අන්න අහවල් ගෙදරට ප්‍රංශේ ඉඳලා යක්‌ පැටියෙක්‌ ඇවිල්ලා. බොන්න ඉල්ලන්නේ ලේ මයි". දරුවාගේ දෙමව්පියන් නිවසට එනවිට ගමේ මිනිසුන් නිවසට රැස්‌ව සිටි අතර දරුවා බීමට ලේ ඉල්ලමින් හඬමින් සිටියේය. "ඇයි? ඇයි? මේ මොකද මේ? ඔවුහු විචාලෝය.

"මේ දරුවා බොන්න ලේ ඉල්ල ඉල්ලා පෙරළි කරන්නේ· සීයාත්, ආච්චිත්" පැවසූහ.

"අයියෝ අම්මේ ප්‍රංශ භාෂාවෙන් ලේ කියන්නේ කිරිවලට. පුතා හවසට බොන්නේ කිරි තමයි. එයා ලේ කියලා ඉල්ලන්නේ කිරි."

මේ පැරිසියේ ඉන්න බුද්ධිමත් දෙමව්පියන් දරුවන්ට සිංහල භාෂාව උගන්වනවා. සමහර අමන දෙමව්පියන් සිංහල අමතක කරවා උගන්වන්නේ ප්‍රංශයි - ඉංගී්‍රසියි විතරයි. මේ දරුවා ජර්මනියේ ඉඳලා ගියා නම් වතුර තිබහට ඉල්ලන්නේ මට "වස" බොන්න ඕන කියලයි. ජර්මන් භාෂාවෙන් "වස" කියලා කියන්නේ වතුරට. මේවා තම දරුවන්ට මව්බස නූගන්වන දෙමව්පියන්ට හොඳ පාඩම්.



දෙවන කතාව දොස්‌තර ගුණදාස අමරසේකර ශූරීන්ගේය.

ප්‍රංශයේ ඉපැදිලා, ප්‍රංශ භාෂාවෙන් අධ්‍යාපනය ලබන මේ දරු දැරියන් මේ තරම් නිවැරැදිව, මේ තරම් ලස්‌සනට සිංහල භාෂාවෙන් කතා පවත්තපු හැටි, ජනගී ගායනා කරපු හැටි දැකලා මට උපන් සතුට වගේම මහා විශාල දුකකුත් ඇති වුණා.

ලංකාවේ අද හැම ළමයෙක්‌ම යොමු කරන්නේ ඉංගී්‍රසිය පස්‌සේ දුවන්න. ඉංගී්‍රසි ඉගෙන ගන්න ඕන. ඒත් එහෙම කරන්න ඕන මව්බස මරාගෙන නොවෙයි. නිදහස්‌ අධ්‍යාපනය වල දමමින් ජාත්‍යන්තර පාසල්, විශ්වවිද්‍යාල බිහි කරන පාලකයෝ, වර්තමාන පරපුර විකාර සංස්‌කෘතීන්ට හුරු කරවන ජනමාධ්‍ය, තම දරුවන්ට සිංහල කතා කිරීමට බැරිවීම ගැන ආඩම්බර වෙන මෝඩ දෙමව්පියන් ආදී හැම කෙනෙක්‌ම මෙම පාපකර්මයට හවුල්. ඉංගී්‍රසි නැත්නම් මුකුත්කරන්න බැහැ කියන මතවාදය ඇත්තක්‌ නම් මේ වනවිට ඇමරිකාවේ, එංගලන්තයේ කිසිම රක්‍ෂා ප්‍රශ්නයක්‌ නැති වෙන්න ඕන. මොකද ඔවුන් ඉංගී්‍රසි දන්න නිසා.

ඊශ්‍රායලයේ හීබෲ භාෂාව මළ භාෂාවක්‌ බවට පත් වුණා. පිටරටවල පදිංචියට ගිය යුදෙව්වන්ගේ දරුවො තමයි හීබෲ භාෂාව ඉගෙන ගෙන එම භාෂාවට පුනර්ජීවයක්‌ දීලා රැක ගත්තේ. මේ යන විදියට ගියොත් අනාගත ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව මළ භාෂාවක්‌ බවට පත්වේවි.



රෝහිත මුණසිංහ - ප්‍රංශය​

කියවලා අනිත් අය වෙනුවෙන් බම්පියක් දාන්න අමතක කරන්න එපා​
 
Last edited:

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පලවෙනි කතාවේ බන් පොඩි එකා "මට ඕනේ ලේ, මම බොන්නේ ලේ" කියන ටික සිංහලෙන් කියපු එකම ඇතිනේ බන්. එක වචනයයිනේ french වලින් කියල තියෙන්නේ. අපේ දැන් ඉන්න ගොඩ සුද්දෝ වචන 10ක් කතා කරොත් 8ක් english නේ බන්. එහෙම එකේ දෙමව්පියෝ වැරදි නෑ. :)

    ps- දෙවනි කතාව තවම සොයමි :lol:
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පලවෙනි කතාවේ බන් පොඩි එකා "මට ඕනේ ලේ, මම බොන්නේ ලේ" කියන ටික සිංහලෙන් කියපු එකම ඇතිනේ බන්. එක වචනයයිනේ french වලින් කියල තියෙන්නේ. අපේ දැන් ඉන්න ගොඩ සුද්දෝ වචන 10ක් කතා කරොත් 8ක් english නේ බන්. එහෙම එකේ දෙමව්පියෝ වැරදි නෑ. :)

    වැදගත් වෙන්නෙ මචන් මේකෙන් දෙන පණිවුඩය. අපේ දරුවන්ට අපේ භාශාව හොඳට පරිහරනය කරන්න උගන්වන්නඕන කියන පනිවුඩය. මේක හෙට අනිද්දට දෙමාපියො වෙන්න ඉන්න අයටත් දැන් පොඩි දරුවො ඉන්න දෙමාපියන්ටත් පණිවිඩයක්.

    භාශාවක් පවතින්න නම් ඒක පරිහරනය වෙන්න ඕන නේද මචන්?

    උඹම කියපන් මොන උඹට වැඩියෙන්ම බොක්කටම වදින්නේ ඉoග්‍රීසි සින්දුද, සිoහල සිoදුද? උඹ ට්‍රිපක් යනකොට කියන්නෙ ඉන්ගිරිස් සින්දුද? උඹ ආසම පොත සිoහල එකක් නේද? අපිට රැකගන්න භාශාවක්, සාහිත්‍යයක් තියෙනව මචන්. අපි රසවිඳපු දේවල් ඊලඟ පරම්පරාවටත් ඉතුරු කරන්න ඕන නේද මචන්?
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    වැදගත් වෙන්නෙ මචන් මේකෙන් දෙන පණිවුඩය. අපේ දරුවන්ට අපේ භාශාව හොඳට පරිහරනය කරන්න උගන්වන්නඕන කියන පනිවුඩය. මේක හෙට අනිද්දට දෙමාපියො වෙන්න ඉන්න අයටත් දැන් පොඩි දරුවො ඉන්න දෙමාපියන්ටත් පණිවිඩයක්.

    :yes::yes: ඔව් ඔව් අනිව අනිව. මාත් කිවුවේ බන් දැන් ලංකාවේ උන්ම මෙහෙ භාශාව අමතක කරන එකේ මුන් හොදයි කියල. නිකමට ටීවී එක බලපන්කෝ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :yes::yes: ඔව් ඔව් අනිව අනිව. මාත් කිවුවේ බන් දැන් ලංකාවේ උන්ම මෙහෙ භාශාව අමතක කරන එකේ මුන් හොදයි කියල. නිකමට ටීවී එක බලපන්කෝ

    ඇත්ත ඇත්ත. උඹලා කරපු සිoහල සින්දු ත්‍රෙඩ් එකක් බැලුවා. ඇස් වලට කඳුලු ආව බන් අපේ රටේ මෙච්චර සාහිත්‍ය මීටර් ඉන්නවා කියන සතුටට. පට්ට වැඩ ඒවා. ඉන්ගිරිස් ඉගෙන ගන්න ඕන ඒ වගේම අපේ භාශාවත් හොඳට ඉගෙන ගන්න ඕන.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඉංගී්‍රසි ඉගෙන ගන්න ඕන. ඒත් එහෙම කරන්න ඕන මව්බස මරාගෙන නොවෙයි.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    උබලට ඕක තේරෙන්නේ නැද්ද පොෂ් වෙන්නෙ කොහොමද ඉංග්‍රීසි වචන කියන්නේ නැතුව :D:D

    වයසක ආච්චිලත් දැන් ඉංග්‍රීසි වචන කෑල්ලක් අල්ල ගත්තම උජාරුවෙන් ඒකම කියවනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    බලෙන් රිදවා ගැනීමේ සොන්න කලාව මෙය වේ.. පොඩි ලමයි කොහොමත් තමන් ඉන්න පරිසරයෙන් තමා ඉගෙන ගන්නෙ වචන, මාර වැඩක්නෙ යකෝ මට එහෙම මේක කිව්ව නම් දත් ටික බඩට යන්න දෙන්නෙ. අපි පොඩි කාලෙ මුස්ලිම් ගෙදරක හිටියෙ, අපේ අය්ය පොඩි කාලෙ දෙමලෙන් කතා කරේ, එතකොට යකෝ අපේ අම්මලා වැරදිද ? අර ප්‍රන්ශෙ ඉන්න එකාට අමු සින්හල උගන්නලා 1 වසරට ගියාම උඩ බිම නැතුව යයි, මේ කිරි බොන එවුන්ගෙ බාසාවල් හොයනව වගේ සොන්න වැඩ තමා ලන්කාවෙ එවුන්ට කරන්න තියෙන්නෙ..:growl::growl::growl::growl:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උබලට ඕක තේරෙන්නේ නැද්ද පොෂ් වෙන්නෙ කොහොමද ඉංග්‍රීසි වචන කියන්නේ නැතුව :D:D

    වයසක ආච්චිලත් දැන් ඉංග්‍රීසි වචන කෑල්ලක් අල්ල ගත්තම උජාරුවෙන් ඒකම කියවනවා.

    ඕකට කරන්න තියෙන්නෙ ඒ වගේ අය ඉන්න තැනකදි කලින්ම යාලුවො ටික සෙට් වෙලා හොඳ සිoහල සාහිත්‍යමය දේවල් ගැන උන්ට වැඩිය තේරෙන්නෙ නැති සoකීර්ණ විදිහට ඉහළින් කතා කිරීම. තැන් තැන් වල ඔහොම කලා නම් ටික කලකින් හොඳට සිoහල කතා කරන එක පොශ් වැඩක් වෙයි. :lol:
     
    Last edited: