ප්‍රංශය කැලඹූ විශාලතම බැංකු මංකොල්ලය

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ප්‍රංශය කැලඹූ විශාලතම බැංකු මංකොල්ලය

    විනෝදයට සහ පුරුද්දක් වශයෙන් සොරකම් කිරීමෙහි යෙදුණු ප්‍රංශයේ විශාලතම බැංකු මංකොල්ලයට වග කිවයුත්තා වන ඇල්බර්ට් ස්පැගියාරිගේ අමුතුම කතාවයි.කුඩා කාලය

    1932 වසරේ උපන් ඇල්බර්ට් ස්පැගියාරි යනු කොපමණ උත්සාහ කළත් යහමගට ගන්නට නොහැකි වුණු දරුවෙක්. කුඩා කළ පටන්ම විවිධ සොරකම් වලට ඇල්බර්ට් හසු වූයේ ඔහු සතු වූ සොරකම් කිරීමේ පුරුද්ද කිසි විටෙකත් ඔහුගෙන් නොගිලිහුණු නිසාවෙනුයි. ඇල්බර්ට් හට වයස අවුරුදු තුනක් සපිරෙද්දී ඔහුගේ පියා මිය යෑම හේතුවෙන් ඔහුත් ඔහුගේ මවත් මෙලොව තනි වෙනවා. කාන්තා යට ඇඳුම් සාප්පුවක් පවත්වාගෙන ගිය ඇල්බර්ට්ගේ මව සිය ස්වාමියා මිය යාමෙන් නොබෝ කලකට පසුව දෙවෙනි විවාහයකට එළඹුනත් කුඩා ඇල්බර්ට් තම සුළු පියා කෙරෙහි කිසිදු ඇල්මක් දැක්වූයේ නැහැ. මේ නිසාම ඇල්බර්ට් හට වයස අවුරුදු දාහතක් සපිරෙත්ම ඔහු සිය නිවසින් පිටව යන්නේ එකල ඉන්දු – චීනයේ හෝ චී මින්ට එරෙහිව දියත්ව තිබූ යුද්ධයේ පැරශූට රෙජිමේන්තුවට බැඳීමේ අදහස ඇතිවයි.
    image-110-680x654.jpg

    ඇල්බර්ට් ස්පැගියාරි (www.ilfattoquotidiano.it)

    තරුණ අවධිය

    යුද පිටියේදී දෙවරක් තුවාල ලැබූ ස්පැගියාරි නොබියව සටන් වැදීම හේතුවෙන් ගෞරව බුහුමන්ද ලැබූ දක්ෂ සොල්දාදුවකු ලෙසින් නම් දැරුවා. නමුත් ඔහුගේ පැරණි පුරුදු නම් ඔහුගෙන් ඉවත්ව ගොස් තිබුණේ නෑ. 1953 වසරේ දිනෙක රාත්‍රියේ වියට්නාමයේ හැනෝයි නුවර කිරි හලකට කඩා වැදී එහි තිබූ බඩු බාහිරාදිය සොරකම් කළ ස්පැගියාරි එම වරදට හසුවීමෙන් අනතුරුව සිරගත කෙරුණේ නැවත ප්‍රංශය වෙත එන ඒමෙන් පසුවයි.
    1960 වන විට සිර දඬුවම් ලබා ඉන් නිදහස්ව සිටි ස්පැගියාරි තම දිවියේ නවතම පිටුවක් පෙරලීමේ අදහසින් යුතුව සිටියා. හෙදියක සමග විවාහපත් වූ ඔහු ඇය සමගින් දකුණු ප්‍රංශය වෙත ගියේ ස්ථිර පදිංචිය සඳහායි. එහිදී ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළ ස්පැගියාරි ඔහුගේම ඡායාරූප හලක්ද විවෘත කළා. ඔහුගේ දක්ෂතාවය නිසා නොබෝ කලකින්ම ජනතාව අතර ජනප්‍රිය වූ ස්පැගියාරි ඉහළ ඉල්ලුමක් ඇති ඡායාරූප ශිල්පියකු ලෙසින් ජනතාවගේ සිත් දිනාගන්නට සමත් වුණා.
    “නයිස්” බැංකු මංකොල්ලය

    කොපමණ කළත් කූඩැල්ලකු මෙට්ටයක් මත තබන්න බැරි බව කියන්නා සේම ස්පැගියාරිටත් කොපමණ උත්සාහ කළත් පරණ පුරුදු වලින් මිදීමට නොහැකි වුණා. තමන්ගේ පරණ පුරුදු වල නියැලීමට ඔහු පසු වූයේ නොඉවසිල්ලකින්. තමා ජීවත් වුණු ප්‍රංශයේ නයිස් නගරයේ පිහිටා තිබූ සෝශියට් ජෙනෙරාල් (Société Générale) බැංකුවට යටින් නයිස් නගරයේ කාණු පද්ධතිය පිහිටා තිබෙන බව දැනගත් කෙණෙහිම නවතම සැලසුමක් ඔහුගේ සිත තුළ මැවෙන්නට වූයේ පැරණි ස්පැගියාරිගේ චරිතයට ඔහුගේ දිවිය තුළ ඉඩක් ලබ දෙමිනුයි.
    මින් ඉදිරියට මේ ලිපිය තුළ ඇති කරුණු ඇතැම් විට හොලිවුඩ් චිත්‍රපටයක තිර පිටපතක් මෙන් ඔබට දැනෙන්නටද පුළුවන්.
    මුලින්ම ස්පැගියාරිට අවශ්‍ය වූයේ තමාගේ සැලසුම ව්‍යර්ථ විය හැකි අවස්ථා සොයා බැලීමටයි. ඒ සඳහා ඔහු කළේ බැංකුවේ සේප්පුව තුළ ඇතිවිය හැකි ශබ්ද පිටතට ඇසෙනවාද යන්න සොයා බැලීමයි. බැංකුවේ එක් සේප්පුවක් බද්දට ගත් ඔහු ඒ තුළ මධ්‍යම රාත්‍රියේ නාද වීම පිණිස වයින් කරන ලද එලාම් ඔරලෝසුවක් තැන්පත් කළා. එදින මධ්‍යම රාත්‍රිය වන තුරු බලා සිටි ඔහුට වැටහුණේ සේප්පුවේ ශබ්ද පිටතට නොඇසෙන බවයි. එමෙන්ම ඔහුගේ සැලසුම හෙළි වීමේ වෙනත් ආරක්ෂණ පද්ධතියක්ද බැංකුව තුළ නොමැති බව ඔහු වටහා ගත්තා. සැබවින්ම ස්පැගියාරිට බිය වීමට කරුණක් තිබූයේ නැත. ටයිටැනික් නැව කිසිදා නොගිලෙණු ඇතැයි එහි නිර්මාතෘන් සිතා සිටියා සේම, මෙම සේප්පුවේ නිර්මාතෘන්ද සිතා සිටියේ එම සේප්පුව කිසිදා නොකැඩිය හැකි එකක් බවටයි.
    ඉන් අනතුරුව ස්පැගියාරි විසින් මාසෙයිලිස් නගරයේ විසූ පාතාල සාමාජිකයින් පිරිසක් මෙම කර්තව්‍යය සඳහා යොදානු ලැබුවා. 1976 වසරේ වසන්ත සෘතුවේ මාස දෙකක්ම මොවුන් වැය කළේ බැංකුව යටින් දිවෙන කාණු පද්ධතියේ පිරී ඇති මිනිස් බහිශ්‍රාවී ද්‍රව්‍ය ඉවත් කරමින් උමගක් හෑරීමයි. ස්පැගියාරිගේ අණ පරිදි හෑරුණු මෙම උමග දිගින් මීටර් අටක් පමණ වුණා.
    එම වසරේ ජූලි මස දහහතර වන දිනට යෙදී තිබූ බැස්ටිල් දිනය හෙවත් ප්‍රංශයේ නිදහස් දිනයත් සමග යෙදුණු තෙදින නිවාඩුවේ සිකුරාදා දින රාත්‍රියේ ස්පැගියාරි ඇතුළු පිරිස විසින් බැංකුවේ මහ සේප්පුව වෙතට කඩා වැදී එහි දොර ඇතුළතින් සීල් කරගනු ලැබූයේ එම දොර පෑස්සීමෙනුයි. සේප්පුව තුළ වූ කුඩා ලොකර් වැනි ආරක්ෂිත සේප්පු 371ක් විවෘත කළ මෙම කණ්ඩායම සේප්පුවෙන් නික්ම ගියේ සඳුදා උදෑසන උදා වෙත්මයි. බැංකුව විසින් ප්‍රතිපත්තියක් වශයෙන් එම සේප්පු තුළ ඇත්තේ මොනවාදැයි නොවිමසන නිසා මෙම ආරක්ෂිත සේප්පු තුළින් පැහැරගත් මුදල් සහ ආභරණ ආදියෙහි මුළු වටිනාකම ප්‍රකාශ කරන්නට ඔවුන්ට හැකියාවක් තිබුණේ ද නැහැ. නමුත් ප්‍රංශ ෆ්‍රෑන්ක් මිලියන 30ත් 100ත් අතර වටිනාකමකින් යුත් ආභරණ සහ මුදල් මෙම කණ්ඩායම විසින් පැහැර ගන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
    සඳුදා උදෑසන බැංකු නිලධාරීන්ට සේප්පුවේ දොර විවෘත කරගත නොහැකි වූ නිසා කම්මල්කරුවන් ගෙනැවිත් සේප්පුව විවෘත කළ විට එම නිලධාරීන්ට දැකගත හැකි වූයේ සේප්පුව තුළ සීසීකඩ විසිරී ගොස් තිබූ ආරක්ෂිත සේප්පු සහ දින දෙකක් තිස්සේ ස්පැගියාරි ඇතුළු කණ්ඩායමේ සාමාජිකයින් විසින් ගත් ආහාර වල ඉතිරි කොටස් පමණයි. සේප්පුවේ ඇතුළත ඔවුන් විසින් “ආයුධ, ප්‍රචණ්ඩත්වය සහ වෛරයෙන් තොරව” (Sans Armes, ni Violence, ni Haine – without weapons, violence or hate) යනුවෙන් ලියා ගොස් තිබුණා.
    image-210.jpg

    මංකොල්ලයෙන් අනතුරුව සේප්පුව දිස්වූ අයුරු (www.societegenerale.com)

    ඊට සති කිහිපයකට පසුව ලැබුණු ඔත්තුවක් හරහා කණ්ඩායමේ එක් සාමාජිකයකු අල්වා ගත් පොලිස් නිලධාරීන් ඔහුගෙන ලබාගත් කටඋත්තරයක් මත කණ්ඩායමේ සියළු දෙනාව හඳුනා ගත්තා. ඒ වන විට ස්පැගියාරි සිටියේ නයිස් නගරයේ නගරාධිපතිවරයා සමග ඔහුගේ නිල ඡායාරූප ශිල්පියා ලෙසින් විදෙස් සංචාරයක නිරත වෙමිනුයි. ඔහු නැවත ප්‍රංශයට පැමිණි වහාම ඔහුව අත්අඩංගුවට ගැනුණා.
    තම නඩු දිනයේදී ස්පැගියාරි ඉල්ලා සිටියේ නඩුකාරවරයාව මුණ ගැසීමටයි. නඩුකාරවරයාගේ කාමරයට පැමිණි වහාම එහි ජනේලයක් වෙත දිව ගොස් එය විවෘත කළ ස්පැගියාරි “සුබ ගමන්” (Au revoir) යනුවෙන් හඬ නගමින් ජනේලයෙන් ඉවතට පැන, ඔහු එනතුරු බලා සිටි සහයකයකුගේ මෝටර් රථයක නැගී පැන ගියා. ඉන්පසු කිසි දිනෙක එම පොලිස් නිලධාරීන් ඇල්බර්ට් ස්පැගියාරිව දුටුවේ නැහැ.
    විත්තිකරුවා නොසිටියත්, නඩුකාරවරයා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කළා. ස්පැගියාරි තම දිවියේ ඉතිරි කාලය දකුණු ඇමරිකාව සහ යුරෝපය අතර ගමන් කරමින් ගෙවා දැමූ අතර, විටින් විට තම බිරිඳව බැහැ දැකීම සඳහා ප්‍රංශයට පැමිනුණා. දිගු කලක් අන්වර්ථ නාමයක් යටතේ ඉතාලියේ දිවි ගෙවූ ස්පැගියාරි 1989 වසරේ ජූනි 8 වනදා මිය ගියේ පෙනහළු පිළිකාවක් හේතුවෙනුයි.
    image-39-680x418.jpg

    බැංකු මංකොල්ලය අලලා නිමැවුණු ප්‍රංශ චිත්‍රපටයේ දසුනක් (www.pinterest.com)

    2008 වසරේදී මේ කතාව අලලා (Sans Armes, ni Violence, ni Haine – without weapons, violence or hate) නමින් චිත්‍රපටයක්ද නිපැයුණා. 1977 වසරේදී ස්පැගියාරි විසින්ම කෘතියක් ලියන ලද අතර, එය ඉංග්‍රීසි බසට පරිවර්තනය කෙරුණේ “Sewers of Gold” නමින්. කරුණු කෙසේ වෙතත්, ඇල්බර්ට් ස්පැගියාරි ඇතුළු කණ්ඩායම විසින් සොරාගත් මිලියන 100ක පමණ වස්තුව සඟවා ඇත්තේ කොහේදැයි අදටත් කිසිවකු දන්නේ නෑ. ඔහු 1989 වසරේදි ජීවිතයෙන් සමුගත්තේ ඒ අබිරහස ඉතිරි කරමිනුයි.
    ඇල්බර්ට් ගැන කැසැන්ඩ්‍රි ලියූ කථාව

    ස්පැගියාරිගේ මේ වික්‍රමයේ පිටුපස සිටි තවත් එක් “මොළකරුවකු” ලෙසින් හැඳින්වෙන ජැක් කැසැන්ඩ්‍රි “නයිස් මංකොල්ලයේ සත්‍ය තතු” (In the truth about the Nice heist) නමින් කෘතියක් 2010 වසරේදී නිකුත් කරනු ලැබුවා. තමාගේ සත්‍ය නාමය නොයොදා “අමීගෝ” නමැති අන්වර්ථ නාමයකින් යුතුව ඔහු මෙම කථාව ලියා ඇති මුත්, මාර්සෙයිලිස් නගරයේ සිටි තමාව මෙම මංකොල්ලය සඳහා යොදවා ගැනීම හරහා තමාටද ස්පැගියාරි මෙන්ම සමාජයෙන් වසන් වී ජීවිතය ගත කිරීමට සිදු වූ බව ඔහු එහි සඳහන් කොට තිබෙනවා.
    image-410-680x383.jpg

    www.dw.com – (ජැක් කැසැන්ඩ්‍රි අධිකරණයේදී)

    මේ හේතුවෙන් ජැක් කැසැන්ඩ්‍රි පිළිබඳව දශක තුනකට ආසන්න කාලයක් සැඟවී තිබූ සැබෑ අනන්‍යතාවය හෙළි වී ඇති අතරම, මංකොල්ල කෑමට වරදකරුවකු ලෙසින් ඔහුට එරෙහිව නැවත නඩුවක්ද පවරා තිබෙනවා. මෙම නඩුවෙන් ඔහුගේ නිර්දෝශී භාවය ඔප්පු නොවුනහොත් ජැක් කැසැන්ඩ්‍රි වසර දහයකට පමණ සිරගත කිරීමට ප්‍රංශ නීතියට හැකියාව තිබෙනවා. අපට කළ හැක්කේ කැසැන්ඩ්‍රිගේ නඩුවේ අවසාන තීන්දුව ලැබෙන තුරු බලා සිටීම පමණයි.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,040
    35,979
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕව මොනවද බන් මේ බලහන්කො මේක



    කටාරයේ සිටින ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ දෝහා හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ ගිණුමේ ඇති කටාර් රියාල් මිලියන 6 ක මුදලක් සොරකම් කරන්නට ය.

    ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙන් එහි සභාපති කුමුදු ෆොන්සේකා මහතා පන්නා හැරීමට සමත් වීමෙන් පසු මේ තානාපතිවරයා, තමන්ගේම රටේ මිනිසුන්ව බියවැද්දවීම සඳහා දිගින් දිගටම සිය රාජ්‍ය තාන්ත්‍රික භාවය පාවිච්චි කරමින් සිටියි.

    ඊයේ උදෑසන කටාර් හි ඇල්බා ඉලුලියා හි මූල්‍ය කළමනාකාරවරයෙකු වශයෙන් කටයුතු කරන දොන් රොෂාන් බාලසූරිය සහ තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු වන ධාවුඩ් අමනුල්ලා සහ රුවන් දනන්සූරිය දොන් යන අය විසින් කටාර් හි කොමර්ෂල් බැංකුව වෙත සැකකටයුතු ලේඛන කට්ටලයක් ඉදිරිපත් කර ඇත. ඒ, ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල් බැංකු ගිණුමේ අත්සන්කරුවන් වශයෙන් ඔවුන්ගේ නම් ඇතුළත් කරමින් තිබෙන නම් වෙනස් කරන ලෙසට ඉල්ලීමක් ද සමග ය.

    දෝහා හි කොමර්ෂල් බැංකුවේ තිබෙන ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල් ගිණුමේ දළ වශයෙන් කටාර් රියාල් මිලියන 6 ක් පමණ තිබේ.

    තානාපති කාර්යාලයේ හයියෙන් බැංකුවට බලපෑම් කිරීමට පැමිණි මේ තුන් කට්ටුව හේතුවෙන් කොමර්ෂල් බැංකු කාර්ය මණ්ඩලය වික්ෂිප්ත භාවයට පත්ව තිබේ. ඔවුන් තිදෙනා මෙසේ කටයුතු කර තිබෙන්නේ තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතාගෙන් පූර්ණ අධිකාරිය පවරමින් ලබාගත් ලිපි ද සමග ය.

    සිය නම හෙළි නොකිරීමේ පදනම මත ලංකා නිව්ස් වෙබ් වෙත අදහස් දැක්වූ බැංකු නිලධාරියෙක් සඳහන් කළේ, ‘‘වර්තමාන ගිණුම් හිමියා වන ස්ටැෆර්ඩ් දෝහා පාසල සමග කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතාම කැත විදිහට ගැටුම් ඇතිකරගෙන ඇති බව හැම කෙනෙක්ම දන්නා නිසා මේ ලිපි ලේඛන ඉතාම සුපරික්ෂාවෙන් සලකා බැලිය යුතුයි. කොමර්ෂල් බැංකුව හැම විටම අන්තර්ජාතික බැංකුකරණ නීති නිසි අයුරින් පිළිපදිනවා. මේ අය මොන තානාපති කාර්යාලයේ අය වුණත්, බලය ලත් අත්සන් වෙනස් කරන්නට කලින් ඕනෑම ලේඛනයක් නියමිත පරිදි විධිමත් විය යුතුයි.“

    මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා විසින් කටාර් හි කොමර්ෂල් බැංකුව වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ ලේඛන කට්ටලයම මේ වන විට ලංකා නිව්ස් වෙබ් සතුව තිබේ.

    ලේඛනය 1- Establishment Card

    2rdcmk0.jpg




    පනාගොඩ දොන් ලියනගේ යනුවෙන් හැඳින්වෙන් කටාර් තානාපතිගේ නම මෙම කාඩ්පතහෙි දැකගත හැක. එහි නම් කර තිබෙන සෙසු අය වන්නේ බැංකුවට පැමිණි අනෙක් තිදෙනා වන දොන් රොෂාන් බාලසූරිය සහ තානාපති කාර්යාල නිලධාරීන් වන දාවුද් අමනුල්ලා සහ රුවන් දනන්සූරිය දොන් යන අය ය.

    ‍කෙසේ නමුත් මෙහිදී පැන නගින ප්‍රශ්නය වන්නේ මෙම කාඩ්පතෙහි පෙර සඳහන් ව තිබූ නම වන, ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ දේශීය අනුග්‍රාහකයා වූ යුසුෆ් ෆ්‍රිදෝනි ගේ නම වෙනුවට කටාර් තානාපතිවරයාගේ නම එම කාඩ්පතට එක් වූයේ කෙසේද යන්නයි.

    ලේඛනය 2 - කොමර්ෂල් ලයිෂන්ස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය

    6t0j1k.jpg



    මෙම ලේඛනය තිබෙන්නේ අරාබි බසිනි. මෙහි ද දෝහා හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ දේශීය අනුග්‍රාහකයා වන යුසුෆ් ෆ්‍රීදෝනිගේ නම වෙනුවට කටාර් තානාපතිවරයාගේ නම ඇතුළත් වී තිබෙන්නේ කෙසේද?

    ලේඛනය 3 - පාසලේ ලිපි ශීර්ෂය මගින් කොමර්ෂල් බැංකුව වෙත ඉදිරිපත් කළ ලිපිය

    nl2amb.jpg



    මෙම ලිපි ශිර්ෂයේ ‘‘Sri Lankan Community School‘‘ යනුවෙන් දැක්වේ. පසුව එය ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකන් දෝහා පාසලට හිමි ' Sri Lankan School' ගිණුම වශයෙන් ද විස්තර වේ. මේ අනුව මෙම ලිපියේ එකිනකෙට වෙනස් පාසල් 3 ක් ගැන සඳහන් වේ!

    තවද එම ලිපියේ දැක්වෙන්නේ 'Sri Lankan Doha School' යන්න තානාපති කාර්යාලයේ අධීක්ෂණය යටතට පැමිණෙන බවකි.

    පාසලේ නම ද නිවැරදි නොවන අතර, තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ද මෙම පාසල තානාපති කාර්යාලයට හිමි නැති බව සහ, තානාපති කාර්යාලය විසින් කරන්නේ හුදෙක් එය අධීක්ෂණය කිරීම පමණක් වන බවයි.

    මීට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස තානාපති ලියනගේ සහ පාසලේ සභාපති කුමුදු ෆොන්සේකා මහතා සහ භාරකාර මණ්ඩලය ශ්‍රී ලංකාවට කැඳවූ අතර එහිදී ජනාධිපතිවරයා පැවසුවේ තමන් මෙම ගැටළුව විසඳීමට මැදිහත් වන බව ය. මෙම දෙපාර්ශවයටම විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම වළක්වමින් ලිපි ද යවනු ලැබීය. මෙසේ පාසල් පාලනාධිකාරිය ජනපති සිරිසේනගේ උපදෙස්වලට එකඟ වී සිටියදී තානාපති ලියනගේ පළිගැනීම ආරම්භ කළේය.

    පුදුමය වන්නේ ජනාධිපති සිරිසේන මේ සියල්ල මෙසේ සිදුවෙමින් තිබියදී නිහඬව සිටිමින් තානාපති ලියනගේ හට තමන්ට සතුටු විදියට රාජ්‍ය තාන්ත්‍රික බලතල ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී තිබීම ය.

    ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා දෝහා පාසලේ ඉගෙන ගන්නා දරුවෙකුගේ දෙමාපියෙකු සිය නම හෙළි නොකිරීමේ පදනම මත ලංකා නිව්ස් වෙබ් සමග පැවසුවේ, ‘‘තානාපති ලියනගේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙක්. ඔහුට ඉඩම් සේල් වංචා ගැන නඩු ගණනාවක් තිබෙනවා. මේ වගේ ලිය කියවිලි සෑදීම, බොරු ඉඩම් ඔප්පු හැදුව, එකම දේපළ කිහිප දෙනෙකුට විකුණුව කෙනෙකුට මහ දෙයක් නෙවෙයි.“ යනුවෙනි.

    මේ අතර ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා දෝහා පාසලේ සේවය කරන අයෙක් සිය නම හෙළි නොකිරීමේ පදනම මත ලංකා නිව්ස් වෙබ් වෙත මෙසේ පැවසීය. ‘‘2001 අවුරුද්දේදී ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා දෝහා පාසලේ සභාපතිතුමා ඒ වන විට තානාපතිවරයා ව හිටිය විජයසිරි පාදුක්කේ මහතාට පාසලේ අනුග්‍රාහකයෙකු වන ලෙසට ආරාධනා කළා. ඒ වගේම මේ පාසලට තානාපති කාර්යාලයේ ආරක්ෂාව ලැබේවි කියා විශ්වාස කළා. ඔවුන් පාදුක්කගේ තානාපතිවරයා ට මේ සම්බන්ධයෙන් ලිපියක් ද ඉදිරිපත් කළා. තානාපතිවරයා එයට පිළිතුරු වශයෙන් ලිපියක් එවමින් පැවසුවේ, තානාපති කාර්යාලයට පාසල සම්බන්ධයෙන් කිසිම කාර්යභාරයක් නැති බවයි. ඒ වගේම පාසලේ සියලුම විධායක බලතල සභාපතිවරයා සහ භාරකාර මණ්ඩලය යටතේ පවතින බවත් ඔහු එම ලිපියෙන් සඳහන් කර තිබුණා. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක් ඊට පසු සිදුවුණේ නැත්තේ, කටාර් හි අදාළ අමාත්‍යාංශය විසින් එයට අදාළ ඇටර්නි බලය සඳහා අවසර ලබා නොදුන් නිසයි. දැන්, තානාපති ඒ.එස්.පී. ලියනගේ මේ පරණ ලියුම් ගැන පාරට්ටු කරමින් කටාර් ආණ්ඩුවේ බලධාරීන්ට කියන්නේ මේ පාසල කටාර් තානාපති කාර්යාලය යටතේ තිබෙන එකක් බවයි. මේක තනිකරම බොරුවක්. කණගාටුවට කාරණය තමයි, තමන්ගෙ රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද දිගින් දිගටම වැරදි විදිහට පාවිච්චි කරමින් තානාපති ලියනගේ විසින් සිදුකරන ඉල්ලීම් හැම එකක්ම නිලධාරීන් සලකා බලනවා. 2017 අග භාගයේ පාසලේ නිල අනුග්‍රාහකයා වන යුසුෆ් ෆ්‍රිදෝනි නිල වශයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලිපියක් ලියමින්, සමාගම් ලියාපදිංචියේ නම වෙනස් කරන්නට තානාපති කාර්යාලය කැමැත්තෙන් සිටිනවා නම් තමන්ව මුණ ගැසෙන්නට දින 30 ක් ලබාදුන්නා. මේ කියන දින 30 ක කාලය අවසන් වීමෙන් පසුව දේශීය අනුග්‍රාහකයා කිසිම අවස්ථාවක පාසලේ නම වෙනස් කිරීමට තානාපති කාර්යාලය වෙත අවස්ථාවක් ලබාදුන්නේ නැහැ. මේ වන විට පාසල අයිති යුසුෆ් ෆ්‍රිදෝනි වෙතයි. එහි ව්‍යවස්ථාව අනුව පාසල තවමත් පාලනය වන්නේ සභාපති කුමුදු ෆොන්සේකා සහ භාරකාර මණ්ඩලය යටතේයි. තානාපති ලියනගේ ඔහු මේ වෙද්දි ඔහුගේ ජනප්‍රිය ඉඩම් වංචාවන්ට සමාන අන්දමින් වැඩ කරමින් යනවා.

    ලේඛනය 4 - සභාපති කුමුදු ෆොන්සේකා විසින් තානාපති විජයසිරි පාදුක්කගේ වෙත ලබාදුන් ලිපිය

    28tkrdh.jpg


    ලේඛනය 5 - තානාපති පාදුක්කගේ විසින් සභාපතිවරයා සහ භාරකාර මණ්ඩලය වෙත ලබාදුන් ලිපිය


    21l05mx.jpg

    2wgt0t0.jpg



    ආරම්භයේ පටන් මේ දක්වා වූ වසර 18 ක කාලය තුළ ව්‍යවස්ථාවක් මගින් පාලනය වන දෝහා හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල වෙත තානාපති ඒ.එස්.පී. ලියනගේ විසින් සභාපතිවරයෙක් පත් කර තිබේ. රොෂාන් බාලසූරිය එම තනතුර සඳහා පත් කර තිබෙන්නේ ‘ශ්‍රී ලංකා ප්‍රජා පාසලේ සභාපතිවරයා‘ (Chairman of Sri Lankan Community School) ලෙස ය. ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ යතුරු තානාපති විසින් බලයෙන් ලබාගැනීමෙන් පසු මේ වන විට ඔහු එම පාසල් පරිශ්‍රය ද බලයෙන් සහ නීති විරෝධී ලෙස අල්ලාගෙන සිටියි.

    මේ අතර මෙයට දින කිහිපයකට පෙර තානාපති ලියනගේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට සිය රාජ්‍ය තාන්ත්‍රික බලතල පාවිච්චි කරමින් දැනුම් දී තිබෙන්නේ, 2001 වසරේදී කුමුදු ෆොන්සේකා විසින් බිහි කළ පාසල සම්බන්ධයෙන් අනාගතයේදී ඔහු විසින් කිසිම මැදිහත්වීමක් නොකරන බව සඳහන් කරමින් ලිපියක් ලබා නොදුනහොත් තමන් කුමුදු ෆෝන්සේකා ව රටෙන් පිටුවහල් කරන බව ය.

    තානාපති ලියනගේ විසින් දැක්වූ කොන්දේසිවලට එකඟ වෙමින් එම ලිපිය ලබාදීම හැර සභාපති කුමුදු ෆොන්සේකාට වෙනත් විකල්පයක් තිබී නැත.

    ‘‘මේ පීඩකයා, ඒ.එස්.පී. ලියනගේ කටාර්වල කරන දේවල් නිසා අපට සිද්ධ වී තිබෙන දේ ගැන අපට විස්තර කරන්න වචන නැහැ. ඔහු තමන්ට කැමති කැමති දේ කරනවා. ඔහු කරන දේවල් ගැන කාටවත් කිසිම දෙයක් කරන්න බැහැ. මේක මැරවර කම ඇර වෙන දෙයක් නෙවෙයි. මේක රාජ්‍ය ත්‍රස්තවාදයට අඩු දෙයක් නෙවෙයි.“

    කටාර් හි සිදුවන මෙම අවලස්සන නාටකය, මේ වන විට සමස්ත ශ්‍රී ලංකාවටම අපකීර්තියක් ගෙන දෙමින් තිබේ.
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    මේ කතාවට ෆිලිමක් තියෙනවා...

    The Whisky Robber


    https://www.imdb.com/title/tt5871080/
    සිංහල සබ් තියෙනවා...
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ප්‍රංශෙ එහෙම දේවල් උනාට...
    ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    You must spread some Reputation around before giving it to Idias again.


    ඕව මොනවද බන් මේ බලහන්කො මේක

    .[/SIZE]

    ඔයාගේ අ අමුණ මොක්ද්ද කියලා දන්නේ නෑ.එත් වැද්ගත් ත්‍රේඩ් එකක් හයිජැක් කරන්න එපා