ප්‍රභාකරන්ට_අමුඩෙ ගස්සපු රහස වසර 09කට පසු 

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ප්‍රභාකරන්ට_අමුඩෙ ගස්සපු රහස වසර 09කට පසු 

    ප්‍රභාකරන්ගෙ මළ කඳට අමුඩෙ ගස්සපු රහස වසර 09කට පසු එළියට…

    18097-ttr__1535193147_58.153.198.3.jpg

    තිස් හතර වසරක් තම මව්බිම රැක ගන්නට සටන් පෙරමුණේ කොටි ත්‍රස්තයන් හා උරෙනුර ගැටුණු අභීත සෙන්පතියකු මෙම අගෝස්තු 31දා සේවයෙන් සමුගැනීමට නියමිතය.

    ඔහු නමින් චාගී ප්‍රබෝධ ගාල්ලගේය. යුද ඉතිහාසයේ සදා නොමැකෙන නමක් තැබූ මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ වයස අවුරුදු 55 සපුරා යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ ලබන සිකුරාදා (31)ය.

    ඊළාම් යුද්ධය විජයග්‍රහණය කරා රැගෙන ගිය සෙන්පතියන් අතරේ ඔහුට ලැබුණේ විශිෂ්ට තැනකි. ඒ ඔහු සැබෑ සෙන්පතියකු වූ නිසාය.

    කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉගෙනුම ලබා 1984 දී යුද හමුදාවට එක් වී රණබිමේ තම නාමය ඉහළටම ගෙන යන්නේ ඔහුගේ වීරත්වය නිසාමය. බාලදක්ෂයකු ලෙස පාස‍ලේදී ත්‍රාසජනක ක්‍රියාකාරකම්වල පෙරමුණේ සිටි ඔහු සටන් පෙරමුණේත් පෙරට ආවේ සෑමවිටම ප්‍රහාරක බළඇණි පමණක් තෝරා ගනිමිනි.

    ඔහුට සටන් පෙරමුණ මිස පසුපස කඳවුරුවල රාජකාරි හුරු වූයේද නැත. තමාට ලද වරප්‍රසාදයක් සේ සලකා ඔහු සිටියේ ප්‍රහාරක සේනාංකවල පමණය. යුද පිටියෙන් පරිබාහිරව ඔහු සේවය කළා නම් ඒත් මාස කිහිපයක් පමණය.
    ඊළාම් යුද ඉතිහාසයේ ජෙනරාල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විජය විමලරත්න යන සෙන්පතියන්ගේ ආභාෂය ලබමින් සටන් පෙරමුණේ සිටි ඔහු කනිෂ්ඨ නිලධාරියකුව සිටියදී රණවික්‍රම පදක්කම දෙවතාවකදීත්, රණශූර පදක්කම දෙවතාවකදීත් හිමි කර ගත්තේද රණශූරත්වය නිසාමය.

    වරෙක ආර්.පී.ජී. රොකට් අවියක් ගෙන සතුරා අබිමුවට ගොස් හමුදාවට බිඳ දැමිය නොහැකිව තිබූ බංකරයක් අත්පත් කර දීම වෙනුවෙන් එවකට කර්නල්වරයකු වූ සුමේධ පෙරේරා ඔහුට වීර පදක්කමක් පිරිනැමුවේය. එවැනි ජීවිතය පරදුවට තැබූ මෙහෙයුම්වලදී වඩමාරච්චි, බලවේගය මෙහෙයුම්වලදී ඔහුට වීර පදක්කම් හිමි වූයේය.

    ජයසිකුරු මෙහෙයුමේදී මාන්කුලම් අල්ලන සටනට දායක වී සුවිශේෂ මෙහෙවරක් කිරීමෙන් පසු හමුදා මූලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරි ලෙස පැමිණ මාස කිහිපයක් යන්නට මත්තෙන් ඔහු යාපනයට ගුවනින් රැගෙන යන්නේය.

    ඒ කොටි ත්‍රස්තයන් 2000 වසරේදී අලිමංකඩ කඳවුර අත්පත් කරගෙන නොනවතින රැල්ල කොටි මෙහෙයුම අරඹද්දීය. බ්‍රිගේඩියර් ජානක පෙරේරා හා කර්නල් සරත් ෆොන්සේකා යාපනය මුදාගන්නට ගුවනින් පිටත්ව යන මොහොතේදී එම සටන සඳහා මොහුවත් හෙලිකොප්ටරයේ දමාගෙන යන්නේ ඔහු සටන් බිමට අවශ්‍ය අයකු වූ නිසාය.
    මොහු සටන් බිමට අවශ්‍ය නිර්භීත නිලධාරියකු ලෙස කර්නල් සරත් ෆොන්සේකා හඳුනා ගන්නේ කනිෂ්ඨ නිලධාරියකු ලෙස සිටියදීය.

    බලවේගය මෙහෙයුම අවසන් කර අකුණු පහර මෙහෙයුම පදවියෙන් ආරම්භ වෙද්දී පාස්කරන් බේස් කොටි බළකොටුව අල්ලන මෙහෙයුම භාර වෙන්නේ හතරවැනි ගජබා රෙජිමේන්තුවටය. අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් රොෂාන් සිල්වා නිවාඩු ලබා සිටි අතර දෙවන අණදෙන නිලධාරියා වූ මේජර් ප්‍රසන්න වික්‍රමසූරිය ඉන්දියාවේ පුහුණු පාඨමාලාවකට එක් වූයෙන් දෙවන අණදෙන නිලධාරි ධුරයේ වැඩබැලුවේ කපිතාන් චාගී ගාල්ලගේය.

    කනිෂ්ඨ නිලධාරියකුව සිටියත් ඔහු මේ වන විට අණදෙන නිලධාරියාගේ වගකීම භාරව සිටියේ යුද බිමේ දක්ෂතාවන් දැක්වූ නිලධාරීන් නිසාය. මෙම සටනේදී කණ්ඩායම් භාර නිලධාරීන්ව සිටි ජයශාන්ත ගමගේ, නිශ්ශංක රණවන, අසේල දහනායක සමග චාගී ගාල්ලගේ මෙම සටනේ නිරතව සිටියහ.

    ජයශාන්ත ගමගේ මෝටාර් ප්‍රහාරයකින් තුවාල ලබා සුළු මොහොතකින් අසේල දහනායකගේ හිසටද මෝටාර් කැබැල්ලක් වැදී තුවාල ලැබුවේය. එම මෝටාර් ප්‍රහාරයේදී කපිතාන් චාගී ගාල්ලගේගේ හිසටද මෝටාර් කැබැල්ලකින් සුළු තුවාල සිදුවුවද ඔහු එය නොතකා සටන මෙහෙයවූයේ සුළු ප්‍රමාදය වුව සතුරාට වාසි වන බව දන්නා නිසාය.

    ඒ වෙද්දී දරුණු සටන් ඇවිලයමින් තිබූ අතර කර්නල් සරත් ෆොන්සේකා පණිවුඩ හුවමාරු යන්ත්‍රවලින් සටන මෙහෙයවිය. හතරවන ගජබා භට පිරිස්වලටද දරුණු ප්‍රහාර එල්ලවෙමින් තිබියදී පණිවුඩ හුවමාරු යන්ත්‍රය හරහා අමතමින් ඔච්චර වෙලා ගත්තේ මොකද? තමුසෙට ඕක කරන්න බැරිදැයි කර්නල් ෆොන්සේකා කපිතාන් ගාල්ලගේට බැණ වැදුණේය.

    මෝටාර් කෑල්ලක් වැදී තුවාල වුවද එය නොතකා විශේෂ බළකායද සහායට ගනිමින් සටන මෙහෙයවූ කපිතාන් ගාල්ලගේ කර්නල් ෆොන්සේකාගේ බැණවැදීම් හමුවේ ඉවසාගත නොහැකිව තමුසෙට ඕන විදිහට මේක කරන්න බැහැ. මට ඕන විදිහට මේක කරන්නේ යැයි කියද්දී පණිවුඩ හුවමාරු යන්ත්‍රවල අසා සිටි අනෙක් අණදෙන නිලධාරීන් පසුව කීවේ එතැනින් ඔහුගේ හමුදාවේ ඉදිරි ගමන අවසන් බවය.

    මෙකී කපිතාන්වරයා තුවාල මැද සටන මෙහෙයවා දැක්වූ දක්ෂතාව පසුව හඳුනාගත් නිසා සටන්බිමේ සිටි දක්ෂ සෙන්පතියකු වූ කර්නල් සරත් ෆොන්සේකා සෑම සටනටකම චාගි ගාල්ලගේ රැගෙන යන්නට අමතක කළේ නැත. එදා යාපනය බේරාගන්නට 2000දී ඔහුව රැගෙන යන්නේද ඒ නිසාය.

    එදා සිට මඩකලපුව මුදාගන්න මෙහෙයුමකදී බළසේනාධිපති ලෙසින් කර්නල් සරත් ෆොන්සේකා තම මෙහෙයුමක වෙනත් බළඇණියකට අණදෙන්නට චාගි ගාල්ලගේ ගෙන්වා ගත්තේය.

    සිව්වැනි ඊළාම් යුද්ධයේදී නැගෙනහිර මුදාගන්නා සටනේ සුවිශාල කාර්යභාරයක් චාගිට භාර දෙන විට එදා කර්නල් සරත් ෆොන්සේකා යුද හමුදාපතිව සිටියේය.

    නැගෙනහිර කොටි බළකොටුව වූ තොප්පිගල ඇතුළු නැගෙනහිර අවසන් කොටි බළකොටු අල්ලන සටනට යුද හමුදාපතිවරයා කමාන්ඩෝ බළසේනාවට අණ දෙන්නට තෝරා ගත්තේ බ්‍රිගේඩියර් චාගි ගාල්ලගේවය.

    තොප්පිගල මුදාගනිමින් භට පිරිස් ඉදිරියට ඇදුණේ නරකමුල්ල. තාරවිකුලම්, මිනගම්, තෝරා බෝරා ප්‍රදේශ අත්පත් කර ගනිමිනි. ඉන් ඉදිරියට භට පිරිස් මෙහෙයවමින් කමාන්ඩෝ බළ සේනාධිපති බ්‍රිගේඩියර් චාගී ගාල්ලගේ යටතේ නැගෙනහිරින් කොටි පලවා හැරීමේ මෙහෙයුම ආරම්භ වූයේය.

    කුඹුරුප්පිඩි, මනිරාසකුලම් හරහා වැලිඔය ඉදිරි ආරක්ෂක වළල්ලෙන් පැන ගිය කොටි ත්‍රස්තයන් සොයා ඉදිරියට යන භට පිරිස්වලට නායකත්වය දෙමින් විල්පත්තුව පීරමින් වන්නිය බලා යන ගමන අරඹන්නේ, චාගී ගාල්ලගේ වන්නි සටනට නායකත්වය දුන් පළමු වන කාර්ය සාධක බළකායේ (Task Force-01) ප්‍රධානියා කරමිනි. සිව්වැනි ඊළාම් යුද්ධයේදී පසුව 58 වන සේනාංකය බවට පත්වූ මෙම ප්‍රහාරක සේනාංකයට මන්නාරම වෙඩිතලතිව් දක්වා අණදෙන්නේ බ්‍රිගේඩියර් චාගී ගාල්ලගේය.

    සටන් පෙරමුණේ සිටි බ්‍රිගේඩියර් චාගී ගාල්ලගේ හෘදයාබාධයකට ලක්ව 2007 ඔක්තෝබර් 22දාට ගුවන් මගින් කොළඹට ගෙන එන්නට ගිය හෙලිකොප්ටරය කොටි ප්‍රහාරයකින් කඩා වැටෙන්නේ නොසිතූ මොහොතකය. ඒ වන විට කොටි ත්‍රස්තයන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටි නිසා එම ප්‍රහාරය මැඬ පැවැත්වීමට බ්‍රිගේඩියර් චාගී ගාල්ලගේ රැගෙන ඒමට ගිය හෙලිකොප්ටරය අතරමගින් හරවාගෙන එන මොහොතේ මෙලෙස කොටි ප්‍රහාරයකින් කඩා වැටුණේය.

    ඒ සමගින් සටන් බිමේ හා දකුණේ පැතිර ගියේ චාගී ගාල්ලගේ සමග හෙලිකොප්ටරය කඩා වැටුණු බවය.
    තමාගේ පණ හයිය බව හඟවමින් යුද බිමේදී හෘදයාබාධ තත්ත්වයෙන් දිවි බේරාගත් බ්‍රිගේඩියර් ගාල්ලගේ පසුදින වෙනත් හෙලිකොප්ටරයකින් කොළඹ රැගෙන එන්නේය.

    බ්‍රිගේඩියර් චාගී ගාල්ලගේ කොළඹට කැඳවා පාබල පුහුණු අධ්‍යක්ෂ තනතුරට පත්කළ පසුව ඔහු සැමවිටම සිටියේ සටන් පෙරමුණේය.

    සැම අවස්ථාවකම සේනාධිපතිවරයකු නිවාඩු යන මොහොතක හෝ විදේශගත වන මොහොතක සේනාංකවලට නායකත්වය දුන්නේ බ්‍රිගේඩියර් චාගී ගාල්ලගේය.

    පුදුකුඩිඉරිප්පු, ඉරණපා‍ලේහිදී කොටි නායක තීපන් ඇතුළු කොටින්ගේ හයසියකකට අධික සංඛ්‍යාවක් එක තැනකට කොටුවී මියයන්නේ බ්‍රිගේඩියර් චාගීි ගාල්ලගේ 53 වන සේනාංකයේ වැඩබලන සේනාංකාධිපති ලෙසින් කළ සැලසුමකට ප්‍රතිඵලයකිනි.

    කොටි ත්‍රස්තයන් පුදුකුඩිඉරිප්පුවලින් හමුදාව මෙහෙයුම් ආපස්සට හරවන්නට යෙදූ සැලසුමක් අනාවරණය කරගෙන යූ.ඒ.වී. හා බිච් ක්‍රාෆ්ට් වර්ගයේ යානාවලින් ලබාගත් ගුවන් ඡායාරූප මගින් අධ්‍යයනය කර කොටි ත්‍රස්තයන් ඇතුළට කොටුකර මරා දමන්නේ සාර්ථක හමුදා මෙහෙයුමකිනි. බ්‍රිගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා යටතේ වූ 58 වන සේනාංකයත්, කර්නල් ජී.වී. රවිප්‍රිය යටතේ වූ කාර්ය සාධක බළකාය 08ක් සමග 53 වන සේනාංක භටපිරිස් යොදවා කළ සාර්ථක මෙහෙයුමකින් මෙම ප්‍රතිඵල අත්කර දෙන්නට බ්‍රිගේඩියර් චාගීි ගාල්ලගේ යෙදූ යුද සැලසුම් හේතුවිය. කාලතුවක්කු ගිනි අවි සමග කොටි 613කගේ සිරුරු 2000 අප්‍රේල් 03 දා ඇරඹි මෙහෙයුමේදී සොයා ගැනුණේය.

    බ්‍රිගේඩියර් රල්ෆ් නුගේරා බ්‍රිගේඩියර් ප්‍රියන්ත ෆානගොඩ, බ්‍රිගේඩියර් අතුල කොඩිප්පිලි ඇතුළු නිලධාරින් සමග යෙදූ යුද සැලසුම් සමගින් සටන මෙහෙයවා තිබුණේය. පැය ගණනක් අඛණ්ඩව සටන මෙහෙයවා සෝදිසි මෙහෙයුම් අතරේ මහන්සිය නිසා රල්ෆ් නුගේරා සමග එය සමරා දොර ලෑල්ලක් බිම දමාගෙන නින්දට ගිය චාගී ගාල්ලගේ සොයාගත නොහැකිව යුද හමුදාවම සීරුවෙන් තැබූ අයුරු සිද්ධියක්ද ඇත්තේය.

    බ්‍රිගේඩියර් චාගීි සීි.ඩී.එම්.ඒ. දුරකථනය අසලින් තබා ලෑල්ලක් මත නිදාගෙන සිටියදී මදුරුවන් කද්දී කකුල ගසද්දී දුරකථනයෙන් හමුදා පතිවරයාගේ අංකයට දුරකථන ඇමතුමක් ගොස් තිබුණේය. දුරකථනය නාද වෙද්දී යුද හමුදාපතිවරයාට වෙඩි හඬ පමණක් අවටින් ඇසෙන්නට වුවද චගී ගාල්ලගේ කතා නොකිරීම ප්‍රශ්නයක් විය. රිසිවරය කකුල වැදී බිම වැටි තිබිම නිසා ඉන්පසු එම දුරකථනය වැඩ නොකිරීම ජෙනරාල් ෆොන්සේකාටද ප්‍රශ්නයක් විය. මේ වනවිට වේලාව අලුයම 2.00ත් පසුවී තිබුණේය. මෙහෙයුම් මැදිරියේ රැඳී සිට නින්දට ගිය මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් උදය පෙරේරා ඇතුළු නිලධාරින් යළි මෙහෙයුම් මැදිරියට කැඳවන්නට යුද හමුදාපතිවරයා වහා පියවර ගත්තේය. යුද හමුදාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර බ්‍රිගේඩියර් ගාල්ලගේ සොයන්නට නියෝග කරන්නේය.

    අවසානයේ අලුයම් කාලයේ බ්‍රිගේඩියර් ගාල්ලගේ නින්දෙන් අවදිවී යුද හමුදාපතිවරයා අමතනතුරු කවුරුත් සිතුවේ ඔහු ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ බවය

    වන්නි මානුෂීය මෙහෙයුමේදී 57, 58, 55, 53, 59 යන ප්‍රධාන ප්‍රහාරක සේනාංකවලට අණදුන් එකම නිලධරියා වූයේ ද බ්‍රිගේඩියර් චගී ගාල්ලගේය.

    59 වන සේනාංකයට දර ‍පොයින්ට් ප්‍රදේශයේදී දැවැන්ත කොටි ප්‍රහාරයක් එල්ල වූ මොහොතේදී එයට අණදෙන්නට සේනාංකාධිපතිවරයා සිටියදීම බ්‍රිගේඩියර් චගීි ගාල්ලගේ එහි පිටත්කර යවන්නේ හමුදාපතිවරයාය. බ්‍රිගේඩියර් අතුල කොඩිප්පිලි සමග සැලසුම් කර දර ‍පොයින්ට්වලින් හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල ආපස්සට තල්ලුකරන කොටි මෙහෙයුම කනපිට හරවන්නේ බ්‍රිගේඩියර් චාගී ගාල්ලගේය.

    අදටත් යුද හමුදාවෙත් නාවික හමුදාවෙත් සිටින සීමිත නිලධාරීන් පිරිසක් පමණක් දන්නා ජීවිත තර්ජන නොතකා මහ මුහුදේ කළ මෙහෙයුමකට ද බ්‍රිගේඩියර් චාගී ගාල්ලගේ එක්වූයේය. 55වන සේනාංකාධිපති ලෙස අවසන් සටන ක්‍රියාත්මක වන මොහොතේ කටයුතු කළ ඔහු වෙල්ලමුල්ලවයික්කාල්හි සිට කොටි නායක ප්‍රභාකරන් ඇතුළු නායකයින් මුහුදෙන් පැනයාමට තිබූ මග නවත්වන්නට නාවික හමුදාව සමග රාත්‍රී දෙකක් මුහුදේ රැඳී සිටියේය. ඒ කොටි නායක ප්‍රභාකරන් මියයන්නට දින දෙකකට පෙර සිටය. තමා සමග සැම මෙහෙයුමකටම එක්වන හිතවතා වූ නිලධාරියකු සමග රණබිමේ සිට කිලෝමීටර් දෙක තුනක් ඈත මුහුදේ බෝට්ටුවල නැගි නාවික හමුදාවට ශක්තියක් වන්නට මුහුදට වී සිටියේ ජීවිත තර්ජන නොතකාය. නිරන්තරයෙන් මුහුදු කොටින්ගේ මරාගෙන මැරෙන යාත්‍රා සමග මහ මුහුදේ පලායන්නට තැත්කරන කොටි නායකයන්ගේ ගමන නවත්වන්නට කටයුතු කළ නාවික හමුදාවට ආත්ම ශක්තියක් ඇතිකර දෙන්නට මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් දෙදෙනා දිනපතා රාත්‍රියේ මුහුදට ගියේ රට ගැන සිතාය.

    කොටින්ගේ බෝට්ටු මුහුදට දමද්දීම චාගී ගාල්ලගේ මුහුදේ සිටි නිසා රාත්‍රී දුරදක්න මගින් නිරීක්ෂණය කර යුද හමුදා කාලතුවක්කු ප්‍රහාර එම ප්‍රදේශවලටම ගෙන්වා දෙන්නට සමත් වූයේය. අදටත් රහසක් වූ මෙම අභියෝගාත්මක කාර්යය ඔහු කරන්නේ ප්‍රභාකරන්ට මුහුදෙන් පනින්නට ඉඩ නොතබන අටියෙනි. යුද හමුදාපති හෝ නාවික හමුදාපතිවරයා එවකට මෙය දැන සිටියා නම් ඔවුන් දෙදෙනාගේ පුද්ගලික ආරවුල් නිසා යුද, නාවික නිලධාරින් සියලු දෙනාට දඬුවම් පැමිණවීමට පවා ඉඩ තිබුණේය. නමුදු මෙම සෙන්පතියන් ඒ සියල්ල කළේ රටේ ආරක්ෂාව වෙනුවෙනි.

    2009 මැයි 18දා කොටි ත්‍රස්තවාදයෙන් රටම මුදාගත්තද කොටි නායක ප්‍රභාකරන්ගේ සිරුර නිශ්චිතව හමුනොවූ නිසා නන්දිකඩල් කලපුවේ කඩොලාන කොටස් වටකර පහරදීමට මැයි 18 දා රාත්‍රියේ තීරණය කළ බ්‍රිගේඩියර් චාගී ගාල්ලගේ භට පිරිස් මෙයෙවමින් අනෙකුත් සේනාංකාධිපතිවරුන් සමග යුද ටැංකි හා කාලතුවක්කු මගින් ප්‍රහාර එල්ල කරවන්නේ තවත් කොටි ත්‍රස්තයන් සිටී නම් අවසන් කරන්නටය.

    එම මෙහෙයුම සාර්ථක වන්නේ එම ප්‍රහාර මාලාවෙන් පසුව පසුදින (මැයි 19දා) අලුයම කළ සෝදිසි මෙහෙයුමේදී කොටි නායක ප්‍රභාකරන්ගේ මළ සිරුර හමුවීමත් සමගය. ප්‍රභාකරන් මොළය පසාරුකරගෙන යන වෙඩි උණ්ඩයක් හිසට වැදී අත් බෝම්බ කැබලි ද පපුවට වැදී මරුමුවට පත්ව සිටියේ ආරක්ෂකයන් සමගය. කොටි කැලෑ ඇඳුමෙන් සැරසී සිටි ප්‍රභාකරන්ගේ සිරුර මැයි 19දා උදෑසන 10.05ට හමුවන්නේ හතරවන විජයබා රෙජිමේන්තුවේ සැරයන්වරුන් වන මුතු බණ්ඩාගේ හා විජේසිංහගේ කණ්ඩායමටය.

    මේ වනවිට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ජාතිය අමතා කොටින්ගේ ඊලාම් රාජ්‍යයේ සියලු බලකොටු සියල්ල මුදාගත් බවට ජාතිය අමතා පවසා තිබුණේය. යුද හමුදාපතිවරයා පාර්ලිමේන්තුවට ගොස් ජනාධිපතිවරයා ජාතිය ඇමතූ පසුව පිටතට එද්දීම 53 වන සේනාංකාධිපති මේජර් ජනරාල් කමල් ගුණරත්න හමුදාපතිවරයා අමතා ප්‍රභාකරන්ගේ සිරුර හමුවූ වග දැන්වීය. මෙම සතුටුදායක ආරංචිය ජනාධිපතිවරයාටත්, ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් දන්වා රටටම දන්වන්නට යුද හමුදාපතිවරයා කටයුතු කරද්දී රූපවාහිනි නාළිකාවක කොටි නායක ප්‍රභාකරන් කොටි නිල ඇඳුමෙන්ම මැරී වැටී සිටින අයුරු හා එතැනට එක්වූ තුන්දහසක පමණ සෙබළු තම අවි අහසට දිගු කර වෙඩි තබා ජයග්‍රහණය සමරනු ප්‍රචාරය වන්නට විය.

    එසැනින් සේනාංකාධිපතිවරුන් අමතා කොටි නිල ඇඳුමින් ප්‍රභාකරන් පෙන්වීම ගැන බැණවැදුණු යුද හමුදාපතිවරයා ඕකට අමුඩයක් ගහනවා යැයි දැන්වීය. ඒවනවිට සියලු සේනාංකාධිපතිවරුන් එහි සිටි අතර ඔවුන් කිසිවකුත් කරකියාගත දෙයක් නොහැකිව සිටියේය.

    මේ ප්‍රභාකරන් දැයි හඳුනාගැනීමට නැගෙනහිර කොටි නායකව සිටි කරුණා අම්මාන් හා දයා මාස්ටර් එවන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව ගැන සොයාබලන ලෙසත් යුද හමුදාපතිවරයා මේජර් ජනරාල් ජගත් ඩයස් හා මේජර් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වාට නියෝග කළේය.

    එතකන් ප්‍රභාකරන්ගේ සිරුරට මුකුත් කරන්න දෙන්න එපායැයි ද හමුදාපතිවරයා නියෝග කළේය. හමුදාපතිවරයාගේ බැණවැදීමෙන් සේනාංකාධිපතිවරුන් වික්ෂිප්තව සිටියදී ”මම මේකව අරන් යනවා. නැතිනම් මෙැතන තිබුණොත් කරුණා එන්න කලින් කොල්ලෝ මේකාව හම ගහනවා කියූ බ්‍රිගේඩියර් ගාල්ලගේ තමාගේ සහායක සෙබළුන්ට සිරුර කැබ් රථයට පටවාගන්නැයි නියෝග කළේය.

    ප්‍රභාකරන්ගේ සිරුර කැබ්රථයට දමාගෙන සාක්ෂියට මාධ්‍යවේදීන් දෙදෙනකුත් දමාගත් බ්‍රිගේඩියර් ගාල්ලගේ තම ආරක්ෂකයන් සමග හීයක වේගයෙන් කැබ්රථයෙන් නික්මුණේය. ඒ වනවිටත් උද්දාමයට පත්වූ සෙබළුන් හා අණදෙන නිලධාරින් වාහනවලින් පවා කැබ්රථය පසුපස එන්නට වූයේ ප්‍රභාකරන් දැකගන්නටය.

    කැලෑ පාරවල් ඕස්සේ කිලෝමීටර් විස්සක් පමණ ඔවුන් සියලු දෙනා මගහැර කැබ් රථය පදවාගෙන ගිය බ්‍රිගේඩියර් ගාල්ලගේ අතැරදැමූ බලඇණි කඳවුරක් තුළට ගොස් ප්‍රභාකරන්ට අමුඩයක් ගසන්නට අසල වූ නිවෙස්වල වැලකින් සරමක් ගෙන්වා ගත්තේය. හෙලිකොප්ටරයෙන් කරුණා අම්මාන් වෙල්ලමුල්ලවයික්කාල් කඩොලාන ප්‍රදේශයට පැමිණෙන තුරු අමුඩය ගැසූ ප්‍රභාකරන්ගේ සිරුර කැබ් රථය තුළම තබා කෑමට කලින් පිසූ ආහාර පැකට්ටුවක් සකසා ගත්තේය.

    කරුණා අම්මාන් එන වේලාව සනාථකරගත් පසුව පුදුකුඩිඉරිප්පු පාරේ යළි කැබ් රථය පදවාගෙන විත් ප්‍රභාකරන්ගේ සිරුර තිබූ තැනටම රැගෙන එන්නේය.

    අද වනතුරුත් වසර නවයක් රහසක්ව තිබූ ප්‍රභාකරන්ට අමුඩය ගැසූ කතාව රටට හෙළිකරන්නට අප සිතුවේද බ්‍රිගේඩියර් චාගී ගාල්ලගේ නිර්භීතකම ගැන කියන්නටය. ත්‍රස්තවාදි නායකයකුව නිලඇඳුම් සහිතව ලෝකයාට පෙන්වා වීරත්වයට පත්කරනු වෙනුවට ත්‍රස්ත නායකයා අමුඩයෙන් තබන්නට කටයුතු කළේ රටේ අභිමානය වෙනුවෙනි.

    රට වෙනුවෙන් සටන් බිමේ ‍ලේ දහදිය වැගිරූ සෙන්පතියකු වූ බිගේඩියර් චාගි ගාල්ලගේ ගැන ඉතිහාස ‍පොතේ ලියන්නට ඕනෑ තරම් අත්දැකීම් තිබෙන්නේය. රට වෙනුවෙන් සේවය කළ ඔහුට අද වනවිට ජාත්‍යන්තර බලවේග මගින් යුද අපරාධකරුවකු කර අවසන්ය.

    තම සොහොයුරා බැලීමට ඕස්ට්‍රේලියවට යාමට සූදානම් වූ මොහොතේ ඔහුට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ 2017 මාර්තු 22 දාය. ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය ඔහුට වීසා දීම ප්‍රතික්ෂේප කරන්නේ යුද අපරාධ චෝදනා නගමිනි. 59 වන සේනාංකයට මාස දෙකක් අණදුන් ඔහුට යුද අපරාධ චෝදනා නගා ඇත්තේය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 නොවැම්බරයේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශනයකට ගිය මොහොතේ ජනාධිපති ආරක්ෂක සේනාව භාරව ගිය මේජර් ජනරාල් ධුරය හෙබවූ චාගී ගාල්ලගේ යුද අපරාධකරුවකු ලෙස හංවඩු ගසා අත්අඩංගුවට ගන්නට කොටි ඩයස්‍පෝරාව උත්සාහ ගත්තේය.

    එහිදී ජනාධිපතිවරයාගේ සංචාරයද අතරමැද නවතා දමා ලන්ඩනයෙන් විශේෂ ගුවන් යානයකින් හැරී එන්නට සිදුවන්නේ රට වෙනුවෙන් කළ මෙහෙවර යුද අපරාධයක් ලෙස හුවා දක්වන නිසාය. එදා ලන්ඩනයේ සිට කොටි ඩයස්‍පෝරාවෙන් ගැලවී එද්දී දමා ආ ඇඳුම් බෑගයද තවමත් ඇත්තේ ලන්ඩනයේය.

    මෙවන් කැපකිරීම් මැද හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා සෙන්පති චාගී ගාල්ලගේ යුද හමුදා ඉතිහාසයේ නොමැකෙන විරුවකු බවට පත්ව ඇත්තේය.



    Code:
    [URL="http://eethalayanews.com/NewsMain.php?san=19379&em=&pwd="]source[/URL]
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ammo ban pissu wage.. menna balahan niyama wrayo.. ehema amaruwen beragaththa rata me deshapaluwo winasa kranwa neda... :(
    TFS
    Rep++++
     
    • Like
    Reactions: War Fighter

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    අපේ කාලයේ වීරයෙක්.................:):)

    "අමුඩ" කතාවනම් විස්වාස කරන්න අමාරුයි. ඒක ලියපු එකා අතින් දාල කියලයි හිතෙන්නෙ. වීරත්වයෙන් පුදන බව පෙන්නල මඩ ගහන එකෙක්ද මේක ලියල තියෙන්නෙ?
    උඹලගෙ අදහස් මොනවද? මොකද හිතන්නෙ ඒ ගැන?....................


    අහ්..........
    Gossip


    views බලාගෙන "උඩ බලන් කෙළගහන්න එපා" බන්............
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද අද ජනාධිපතිකමේ හිටියනම් ඔයවගේ විරුවො විශ්‍රාම යන්නෙ හමුදාපති විදිහට....ඒත් ජාතියේ අවාසනාවට නිවටයෙක් ජනාධිපතිවී පොන්නයෙක් අගමැති විය..පොන්නයාට සහ නිවටයාට යුධ විරුවන් පේන්නටම බැරිය, ඔහුන් හා ඇත්තේ කුහකකමකි ඉරිසියාවකි...යුද්දයේ සැබෑ අයිතිකරුවන්ට හමුදාපති තනතුරන් බුහුමන් දැක්වීමට පොන්නයා සහ නිවටයා කිසිම දිනක ඉඩ නොදෙයි,,,ප්‍රසන්න ද සිල්ව කමල් ගුනරත්න වැනි විරුවන්ට අත් වුයේද මේ හා සමානම ඉරණමකි...
    :dull::dull:
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    true
    මහින්ද අද ජනාධිපතිකමේ හිටියනම් ඔයවගේ විරුවො විශ්‍රාම යන්නෙ හමුදාපති විදිහට....ඒත් ජාතියේ අවාසනාවට නිවටයෙක් ජනාධිපතිවී පොන්නයෙක් අගමැති විය..පොන්නයාට සහ නිවටයාට යුධ විරුවන් පේන්නටම බැරිය, ඔහුන් හා ඇත්තේ කුහකකමකි ඉරිසියාවකි...යුද්දයේ සැබෑ අයිතිකරුවන්ට හමුදාපති තනතුරන් බුහුමන් දැක්වීමට පොන්නයා සහ නිවටයා කිසිම දිනක ඉඩ නොදෙයි,,,ප්‍රසන්න ද සිල්ව කමල් ගුනරත්න වැනි විරුවන්ට අත් වුයේද මේ හා සමානම ඉරණමකි...
    :dull::dull:
     
    • Like
    Reactions: erozan

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    අපේ කාලයේ වීරයෙක්.................:):)

    "අමුඩ" කතාවනම් විස්වාස කරන්න අමාරුයි. ඒක ලියපු එකා අතින් දාල කියලයි හිතෙන්නෙ. වීරත්වයෙන් පුදන බව පෙන්නල මඩ ගහන එකෙක්ද මේක ලියල තියෙන්නෙ?
    උඹලගෙ අදහස් මොනවද? මොකද හිතන්නෙ ඒ ගැන?....................
    :yes::yes::yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    චාගි ලෝකෙටම එකයි. මෙයාගේ නමින් පාරකුත් දාලා තියෙන්නේ මිරිහානේ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,156
    1
    28,768
    113
    TFS. අවසන් සටනට අණ දුන් නියම වීරයෙක්.

    අවසන් සටනේ ඉදිරියෙන්ම සිට සක්‍රීය දායකත්වය ලබා දුන් නොනිමි මෙහෙවරක් නිහඬවම ඉටුකල තව විරුවන් දෙදෙනෙක් වන්නේ නිර්මාල් ධර්මරත්න (විශේෂ බලකා අණ දෙන නිලධාරි) සහ රැල්ෆ් නුගේරා (කමාන්ඩෝ බලකා අණ දෙන නිලධාරි)
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,156
    1
    28,768
    113

    ammo ban pissu wage.. menna balahan niyama wrayo.. ehema amaruwen beragaththa rata me deshapaluwo winasa kranwa neda... :(
    TFS
    Rep++++

    මහින්ද අද ජනාධිපතිකමේ හිටියනම් ඔයවගේ විරුවො විශ්‍රාම යන්නෙ හමුදාපති විදිහට....ඒත් ජාතියේ අවාසනාවට නිවටයෙක් ජනාධිපතිවී පොන්නයෙක් අගමැති විය..පොන්නයාට සහ නිවටයාට යුධ විරුවන් පේන්නටම බැරිය, ඔහුන් හා ඇත්තේ කුහකකමකි ඉරිසියාවකි...යුද්දයේ සැබෑ අයිතිකරුවන්ට හමුදාපති තනතුරන් බුහුමන් දැක්වීමට පොන්නයා සහ නිවටයා කිසිම දිනක ඉඩ නොදෙයි,,,ප්‍රසන්න ද සිල්ව කමල් ගුනරත්න වැනි විරුවන්ට අත් වුයේද මේ හා සමානම ඉරණමකි...
    :dull::dull:

    ඇත්ත මචං . මේක තමයි අද රටේ අවාසනාවන්ත තත්වය . තවමත් යහපාලනයට රෙදි නැතුව කඩේ යන, JVP/පෙරටුගාමී අවජාතකයන් අදහන, රැඩිකල්වාදී සිංහල අපතයෝ ඉන්නේ මේ රටේ අවාසනාවකට. අපේ රටට කෙලවන්නේ මුස්ලිම් උන්වත්, දෙමල උන්වත් නෙවෙයි, ඔය කියන අපත සිංහල හැතිකරේ තමයි. :(:(:(
     
    Last edited:
    • Like
    Reactions: erozan