මචන්, අපි බොහොම අහිංසක විදිහට ඉද්දි යන එන අතරමග වෙන පාතාලෙ හරි රස්තියාදු සෙට් එකක් හරි, මදාවියො සෙට් එකක් හරි අපිට හෝ අපේ කෙනෙක්ට කරදරයක් කරන්න සෙට් වුනා කියහන්කො.. එක්කො වලියක්, එතකොට අපිට ගහන්න සෙට් වුනා කියහන්කො. උන් ඉතින් වලිය නිසා අපිට නෙලනවා.. අපිට හෝ අපේ කෙනෙක්ට.. ඒ වගේ අවස්ථාවක අපි හෝ අපේ සෙට් එකේ කෙනාව බේරගන්න ළග තියෙන අතට අහුවෙන එකකින් (පොල්ලක්, ආයුධයක් වගේ එකකින්) ඒ මැර සෙට් එකට නෙලුව කියහන්කො.. අපි දන්නෙ නැහැනෙ අපි දෙන සොට් එකේ තරම.. අපි බලන්නේ අදාල එකාව මර්දනය කරන්නනෙ. ඒ වගේ කරන්න අතගාලා බැහැනෙ. රිදෙන්න දෙන්න වෙනවනෙ.. එහෙම රිදෙන්න දුන්නම කරුමෙට එහෙම නෙලුවම ඒ මදාවිය හෝ අදාල එකාට සොට් එක ලැබුනොත් අපි මිනීමරුවෙක් වෙනවද? හිරේ යනවද?
හරියට ඔප්පු කරන්න පුළුවන් උනොත් උනේ මෙන්න මේකයි කියල act of self defence එකා විදිහට ඒක ගන්න පුළුවන්.. නමුත් හරියටම ඔප්පු කරන්න ඕනේ මෙන්න මේකයි උනේ කියල..
පාරෙ යන මිනිස්සු ඕක දැකලා කෙනෙක් දෙන්නෙක් සාක්කි වලට ඉදිරිපත් උනොත් ප්‍රශ්නයක් නෑ.. ගොඩක් වෙලාවට මිනිස්සු ඕව දැක්කත් සාක්කි දෙන්න එන්නේ නෑ.. දැක්කේ නෑ කියනවා.. රෑක වගේ පාලු පාරක් උනොත් කවුරුවත් වෙන සිද්ධිය දැක්කෙත් නැති උනොත් උන්ද උඹලට ගැහුවේ උඹලද උන්ට ගැහුවේ කියන එක ඔප්පු කරන්න බැරුව යනවා..
කොහොම උනත් අවුරුදු 1 හමාරක් වගේ රිමාන්ඩ් එකේ ඉදලා එලියට එන්න පුළුවන්.. ඊට ප්ස්සේ තව අවුරුදු 15ක් වත් නඩු කිය කිය ඉන්න වෙනවා අවම..
මොකද කා අතේද වරද? උඹල උන්ට ගහන්න ගිහිල්ල එකෙක් මලාද, නැත්තං උන් උඹලට ගහන්න ඇවිල්ලා එකෙක් මලාද? උඹලට බේරෙන්න වෙන ක්‍රමයක් තිබ්බේ නැද්ද උන්ට ප්‍රතිපහාර එල්ල කරනවා ඇරෙන්න? ඌට මැරෙන්න ගහන්න තරමේ ජීවිත තර්ජනයක් උඹලට ඒ වෙලාවේ තිබ්බද?
ඔය වගේ ප්‍රශ්න ගොඩක් විසදන්න තියෙනවා..
ඒ වගේම් අධිකරණ වෛද්‍යවරයාගේ වාර්ථාව බලන්නත් ඕනේ..
කොහොමත් එක හමාරක් අවම ඇතුලේ.. ඒක දෙක තුන වෙන වෙලාවලුත් තියෙනවා..