ප්රාතිහාර්යය පානවා කියලා කියන්නේ, මගේ දැනීමේ හැටියට, මෙහෙම දෙයක්. බෞද්ධ ධර්මයේ හැටියට මේ ලෝකේ පවතින්නේ නෑ, මම, වස්තූන් මේ සෑම දෙයක්ම මනසට ගෝචර වෙන දේවල් මිසක් සැබෑ ලෙස පවතින දේවල් නෙවෙයි. ඒක තමයි බෞද්ධ ධර්මයේ කියන්නේ මමත්වය නැතිකරගන්න කියලා ,මොකද ඒක තමයි සත්‍යය, මම කියලා දෙයක් නෑ ,ඒක මනසේ මැවෙන දෙයක් විතරයි
එතකොට මනස තමන්ට ඕන විදියට පාලනය කරගන්න පුලුවන් තැනැත්තාට ඕන දෙයක් කරන්න පුලුවන් නමුත් ඒ කරන දේ ඇත්ත නෙවෙයි ඒක මනස මවන හැගීමක් විතරයි, එතකොට රහත් වෙලා ඉන්න කෙනා තමන්ගේ මනස තමන්ට ඕන විදියට මෙහෙය වන එකයි කරන්නේ, ඒක ඊට පස්සේ එයාට දැනෙනව ඇත්ත වගේ, මනස එහෙම මෙහෙය වන්න බැරි අයට ඒක මිත්‍යාවක් කියලා පේන්නේ නෑ, එතකොට ඒ පුද්ගලයන් හිතන්නේ ,ඒ වෙන දේ ඇත්ත දෙයක් කියලයි.
ඇත්තටම ඒක interesting දෙයක්. මම හිතන්නේ බෞද්ධ ධර්මයේ තියෙන දේවල් යම් දවසක විද්‍යාවෙන් ඔප්පු කරන්න පුලුවන් වේවි මීට වඩා. මම හිතන්නේ Virtual World කියන සංකල්පය බෞද්ධ දර්මයේ එගැන්වීම් වලට හොදට ගැලපෙනවා. මොකද Virtual World එහෙක ඉන්න කෙනා හිතන්නේ ඒක ඇත්තක් කියලයි නමුත් එහෙම දෙයක් පවතින්නේ නෑ. මම හිතන්නේ රහත් කෙනෙක්ට එහෙම ප්‍රතිහාර්‍යය පාන්න පුලුවන් බලයක් ලැබෙන්නේ ,වෙන අයට ඒක ලැබුනොත් ඒක ගොඩක් භායානක වෙන්න පුලුවන් නිසයි. (හරියට xmen එකේ mutant powers වගේ)
මෙන්න මම ඇන්දා, ප්‍රාතිහාර්‍යය කියන දේ, චිත්‍රයකින්.
ඕක අවබෝධ කරන්න නම්. මෙන්න මේ ටික ගැන අවදානය යොමු කරන්න.
1. බෞද්ධ ධර්මය ගැන පොඩ්ඩක් අධ්‍යපනය කරන්න විශේෂයෙන්ම අභිධර්මය
2. Matrix/ Inception movies 2 කම බලන්න (ඒ දෙකම "යම් ප්‍රමාණයකින්" බෞද්ධ ධර්මයේ තියෙන එගැන්වීම් මතයි නිර්මාණය කරලා තියෙන්නේ (100% නෙවෙයි යම් ප්‍රමාණයකින්))
මම කිව්වේ මගේ දැනීමේ හැටියට. මේක සමහර විට වෙනස් වෙන්නත් පුලුවන්.