වචන වල පැටලීමට අවැසි නොවේ. ඔබට කැමති වචනයක් දහම ලෙස දමා ගන්න. එය ඔබ අසනා ලෙස වචනයකින් දෙකකින් දිය හැකි පිළිතුරක් නොවේ. ඔබ කැමති නම් මාගේ මේ පිළිතුරට ඔබ කැමති වචනයක් දමා අලුතින් දහමක් නිර්මාණය කරන්න. මට කම් නැත.
මෙන්න විශ්ව දහමට අනුව පිළිතුර ඉතාම කෙටියෙන්. මෙම උදාහරණය ඔබ කැමති ඕනෙම අවස්ථාවකට යොදා ගන්න. මේ ඇති පින්, කුසල්, දහම් යන වචනවලට ඔබ අකමැති නම් කැමති වචන යොදා ගන්න.
නිවසක මව සහ තරුණ පුතෙක් සිටී. නිවසට පැමිණි සොරෙකු මව මැරීමට තැත්කරයි. පුතාට මව බේරාගැනීමට නම් අනිවාර්යෙන්ම පෙරකී මිනිසා මැරීමට සිදු වේ.
1. සොරා මරා මව බේරාගතහොත් මවගේ ජීවිතය බේරාගැනීමේන් ලැබෙන කුසලය ඔහුට ලැබේ. තවද මවගේ ආශිර්වාදයද ලැබෙනු ඇත. රටවැසියා ඔහුව වීර පුතෙකු ලෙස නම් කරනු ඇත. ඒ වගේම ත්රිහේතුක පටිසන්දියකින් උපත ලැබූ ප්රාණයක් මැරීමේ පාපය කවදා හෝ ගෙවන්නට සිදු වේ.
2. ඇත්ත වශයෙන්ම මව මැරෙන්නේ මවගේ පෙර කී කර්මයකටයි. එයට මැදිහත්වී මෙම මිනිසා මරා මමද මෙම සසරේ තවත් ඉදිරියට ඇදී යන කර්මයක් අලුතින් නිර්මාණය කරගන්නේ කිමදැයි සිතා මව මරන්නට සොරාට ඉඩ දී, ඔහු කල දෙයට ඔහුට හිතින් සමාව දී සිටිය හැකිය.
මෙහිදී මව මරන්නට ඉඩ දුන් නිහීන පුතෙකු ලෙස ඔහු සමාජගත වනු ඇත. මව නොමැතිව ඉදිරි ජීවිතය ගත කිරීමට සිදු වේ.
මෙහිදී විශ්ව ක්රියාකාරීත්වය දන්නා කෙනෙකු නම් තෝරා ගත යුත්තේ 2 ක්රියාමාර්ගනයි. නමුත් එය කෙතරම් ප්රායෝගිකද. ඔබම සිතා බලන්න.