පිස්සු හැදෙනවා බන්. මීට අව්රුදු 20කට විතර කලින් අපේ සෙට් එකේ Music Band එකක් තිබුනා. ඒකෙන් කරපු Shows දෙකකට විතර මට ප්‍රින්ස්ව හම්බෙලා තියෙනවා. කිසිම ආඩම්බරකමක් නැති පුදුම නිහතමානී චරිතයක්. ඒ දවස් වල නාමල් උඩුගමයි ප්‍රින්ස් උදය ප්‍රියන්තයි තමයි මාර ජනප්‍රිය. නාමල් ඒ දවස් වල හෙන පන්ඩිතයා. ප්‍රින්ස් එහෙම නෑ. නාමල්ලා ඇවිල්ලා සින්දු 3ක් කියලා යන්න හදනකොට බල කිරීමට තව එකක් කියලා යනවා. හැබැයි ප්‍රින්ස් එහෙම නෑ අය්යා තව එකක් කියමු කිව්වාම හරි මල්ලි කියමු කියන්න තරම් නිහතමානී මනුස්සයෙක්. තවමත් මගේ ලග Photos තියෙනවා. පව් බන්. කොහොමට හිටිය මනුස්සයෙක්ද? ප්‍රින්ස්ට මේ වගේ සහොදරියක් ලැබෙන්නත් වාසනා කරලා තියෙනවා
Last edited: