පව්! ඔය වගේ සීන් එකක් මටත් උනා ඒක තමයි මට මතක් උනේ මේ පොඩි උන්ගෙ ටෝන් එක ඇහෙද්දි හැබැයි ඔච්චර ඔහොම ගැහුවෙ නෑ..
හේතුවක් නැතුව පන්තියෙ උං ඉස්සරහ බැන බැන පිටට අඩි රූලෙනුයි අතෙනුයි තඩි බාගෙන තඩි බාගෙන ගියා, ඒ ගෑනිට අපේ අම්මත් එක්ක තිබ්බ ඇරියස් එකක්, එකට ඉඳපු බැච් එකක ඔය විදුහල්පති පරිපාලන මොකද්ද එකකට අම්ම විතරක් සිලෙක්ට් වෙලා තිබ්බ එකට..එහෙම උනාම පට්ට අවුල් යනව බං හේතුවක් නැතුව ගැහුවම...පස්සෙ වටේ පිටේ ඉඳපු අනිත් ටීචර්ස්ල දෙතුන් දෙනෙක්ට කතා කරල ගෙදරින් වැඩේ කන්ෆර්ම් කරගත්ත මේක මගේ කුප්ප වැඩක් හින්ද නෙවෙයි කෙලිම්ම තරහවක් පිට කරපු එකක් කියල.. සීන් එක දැනගත්ත ගමං තාත්ත කෙලිම්ම ඒකිගෙ ගෙවල් හොයං යන්න හැදුව, අම්ම කියල නවත්තගත්තෙ.. පස්සෙ ගෑනි ඉස්කෝලෙ ඇතුලෙම ඒ සෙක්ශන් එකේ ගුරුවරු දෙතුන් දෙනෙක් ඉස්සරහ අම්මගෙන් සමාව අරං තිබ්බ වැඩේ පත්තු වෙන්න යන බව තේරුන හින්ද..තව කියල තිබ්බ තාත්ත ගෙදරට කෝල් කරල බැන්න කියල, මේ ලඟකදි ඕක මතක් වෙලා අහද්දි තමා කිව්වෙ කෝල් කරල බැනල තියෙන්නෙ, මගේ කොල්ලගෙ වැරැද්දක් නැතුව උබට තියෙන වෙන ඇරියස් දරුවගෙ පිටින් මීට පස්සෙ යවල තිබ්බොත් ගෙදරට ඇවිත් තෝව හම ගහල යනව පරටිටි කියල කිව්ව කියල
ටිකක් දුරින් නෑ කෙනෙකුත් වෙනව ඔය ටීච, ඒ සීන් එකෙන් පස්සෙ අපේ තාත්ත ඉන්න පලාතක ආවෙ නෑ ෆේස් කරන්න.. අම්ම දැක්කම අක්කේ කියල මූනිච්චාවට හිනා වෙලා යනව, අසරණ ජීවිත..
පොඩි උන්ට මාර තරහක් එනව බං ඒ මනුස්සය එක්ක ඔහොම උනාම, මරන්න තරම් කේන්තියක් මට තිබ්බෙ, මට මතකයි මං අම්මට කිව්වා මං ඕකිට පිහියෙන් අනිනව කියල, ඒ කියද්දි අම්මයි තාත්තයි දෙන්න ෆුල් සයිලන්ට් වෙලා මූනට මූන බලාගත්ත මට තාම මතකයි, මං 4 වසරෙ, කිසිම පොඩි එකෙක්ට එහෙම ෆීලිං එකක් එන්න හොඳ නෑ, එහෙම උනාම පට්ට අවුල්..