මැරෙන්න කලින් ප්‍රේමදාසගේ අන්තිම තප්පර කිහිපය | “ප්‍රේමදාස මලේ “මොහිදීන්ගේ” වරදින්
ජනාධිපතිතුමාගේ සමීපතම සේවකයා වෙලා හිටියේ මොහිදින්. මිනිහ තමයි එතුමගේ හැම දෙයක්ම හොයා බැලුවෙ අනික එතුම හැම වෙලාවෙම සුචරිතයෙ නැහැ. මම ලිපිය අරගෙන සුචරිතයට යන්නෙ එහෙම වෙලාවක. එතුමගෙ මරණය ගැන දැන් කාටවත් ඇඟිල්ල දික්කරල වැඩක් නැහැ.
බාබු කියන මිනීමරුව ගුණසිංහ පුරයට එන්නෙ මොහිදින් එක්ක ඇති කරගත් හිතවත්කමක් උඩ. මිනිහ එහෙම එන්නේ ජනාධිපතිතුමාව ඝාතනය කරන ෙච්තනාවෙන්. ඒක සිද්ධ උනේ කොහොමද කියල දැන් රටම දන්න හින්ද ඒ ගැන විස්තර කියල දැන් ඵලක් නැහැනෙ. හැබැයි රටක් වටිනා ප්‍රේ
මදාස මහත්තය අකලට මියපරලොව යන්නෙ මොහිදින් විසින් අන්‍යවශ්‍ය පුද්ගලයෝ අනවශ්‍ය විදිහට ඇසුරු කරපු හින්දාය කියල එතුමගෙ ළඟින්ම හිටිය අපි විතරක් නෙවෙයි මේ වෙද්දි රටම දන්න කාරණයක්….
එසේ පවසමින් මේ වනවිට ලංකා කම්කරු පක්ෂයේ නායකත්වය හොබවන ලංකා කම්කරු සමිතියේ සභාපති දේශබන්දු විජිත කදිරගොන්න විසින් තම මතකයේ තැන්පත්ව ඇති අමිහිරිම මතක ආවර්ජනය නිමා කළ අතර ඔහුට පමණක් නොව ශ්‍රී ලාංකික ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ හදවත් මහත් කම්පනයකට පත් කළ දිනක් ලෙසද මැයි පළමුවැනිදා ඉතිහාසයට එකතු වී හමාරය.
ලෝකවාසී කම්කරු ජනතාවට මැයි පළමුවැනිදා වැදගත් වන්නේ යම් සේද ඒ අර්ථයෙන් මෙරට කම්කරු ජනතාවට මැයි දිනය වැදගත් වනවා සේම සෑම වසරකම මැයි මස උදාවත් සමඟ යුගයක් නිර්මාණය කළ ජනතා නායකයෙක් වන හිටපු ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස නාමය ද මෙරට ජනතා මතකයේ සදානුස්මරණීය මතකයක් වනු ඇත.
(දිවයින)
[/COLOR][/SIZE]