ප්‍රේම පුරානේ...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Machan, siraawata liyala thiyanwa...
    Keep writing brother...

    Rep Added.. :)

    එළ... තෑන්ක්ස් මචං..
    11.gif



    :lol::lol:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අපගේ ප්‍රේම පුරාණය ගැන ඇසුවොත් ඔබ පුදුම නොවනු ඇත... මා මේ මාගේ වගේ රසකර කියන්නට යන්නේ මාගේ පරම .. අතිජාත ( අවජාත ) සුජාත මිත්තරයාගේ සහ මගේ ප්‍රේමපුරාණය ගැනයි...
    උට වඩා උගේ ප්‍රේමයන් ගැන මා දන්නේ කෙසේදැයි දැනටමත් ඔබ තුල කුකුසක් ඇතිවී තිබෙන්නට පුළුවන.... නමුත් කොන්ද පන ඇති කොල්ලෙක් සේ තැනක් නොතැනක් නොබලා... අරූ වෙනුවෙන් කෙල්ලෝ ටෝක් කිරීමටත්.. උන්ගේ ගෙවල් වල වලං පිගන් හොදන්නටත්.. උන්ගේ අම්මලා‍ගේ තඩි බැලීමටත්... තාත්තලාට රේස් පත්තරය කිවා දී හොද ඕලෝන් එකක් සැපයීමටත් මා අතිදක්ෂයෙක් බව වැටහී ගියවිට උක්ත සදහන් කකුස හිරු දුටු පිනි බිදක් සේ පහව යනු නොඅනුමානය... :):)

    උගෙයි මගෙයි වැඩි වෙනසක් නැත.. දෙදෙනාගේම ශරීර දෙයියනේ කියා ගෙදරින් පිනට ලැබෙන බත් කදු නිසා පෘශ්ටිමත්ය. පිං ගොන් පෙනුම මකා ගැනීමට අප විසින් කරන ලද පච්චා කෙටීම, කන විදීම, ඇහැ විදීම, (බුරිය විදීම ) ,කොන්ඩය වැවීම, ටින්ට් කිරීම, කැන්වස් ශූස් දැමීම, අළුත් ඩෙනිම් ඇදීම, කොටු කොටු පිජාමා ශර්ට් ඇදීම, එකම සෙන්ට් වර්ගය භාවිතා කිරීම ආදී දහසකුත් එකක් මොඩිෆිකේශන්ස් නිසා... ආසාව කෙසේ වෙතත් අමුතු සතුන් පාරේ යන විට බලනවාක් මෙන් නිතරම කෙල්ලන්ගේ බැල්මවල් අපිට දෙයියනේ කියා වැටේ....
    මා හිතන විදිහට ඔය මොකා මොන කථා කිව්වත් අරූට වඩා මම ටිකක් හරි ලස්සන ඇති... ( ඒක තමයි ඊයෙත් පාරෙ ගිය කෙල්ලෙක් පිටිපස්ස හැරි හැරි මගේ දිහා බැලුවේ.. ) නමුත් උ එය පිළිගැනීමට මැලි වීම මා තුල කෝප සිතුවිලි පහළ කරවන නමුත් බොක්ක නිසා ඉවසා සිටිමි.
    උ නමින් කුකුලාය...( මට කියන නම ඕනේ නෑ.. මම මමම තමයි )
    උ කොච්චර ම‍ට ෆිට්ද කීවොත් උයි මායි ගමනක් යනවිට මාගේ ඇදුම් කිලිටි වේ යන අනියත බිය නිසා බස් එකේ ඉඩ තියන සීට් එකකින් උ ඉදගනී.... හොදට ඉඩ තියෙන පරන බසයක් නං උ ඉස්සෙල්ලාම මා ඉදගන්න දී... මචං ඔතන හරි යන්නේ නෑ.. උඹට ඔතන සෙට් වෙන්නේ නෑ කියා මාව නැගිටුවා උ එතනින් ඉද ගනියි.. එවිට මට දෙපාරක් අර හද්ද කබලේ සීට් පොලිෂ් කිරීමට සිදු වෙතත් ඉවසා දරාගෙන යමි..

    පාසල් කාලයේ උ මාත් සමග ෆිට් වූයේ අපේ පන්තියේ හිටිය කෙල්ලෙක් යාළු කර ගැනීමට බව මම දනිමි. එයට කමක් නැත.. නමුත් උ ඒ කෙල්ලගේ යාළුවා සමග යාළු වීම මට රිස්සුවේ නැත. ඒ මගේ එකයි. නමුත් උ උට කෑමට ලැබෙන දෙයක් වූවත් තනියෙම නොකා මටත් කොටසක් දෙන නිසා මම ඉවසුවෙමි....
    කෙල්ලගේ අම්මා අප දෙදෙනාටම අකමැතිය. එය එසේ වන්නේ ඇයිදැයි මට මාර ප්රශ්නයකි. අම්මලා ඇයි අකමැති දුවට හොදක් වෙනවට..?? වෙන අම්මලා කොච්චර මහන්සි වෙනවාද දුවලාට මගුල් හොයන්ට... ඒත් රටක් වටින රත්තරන් කොල්ලො දෙන්නෙක් දුවලා දෙන්නටම හම්බුනාම.. හරි නං නැන්දම්මා බනින්න නෙවෙයි ඉබින්න ඕනේ....

    සෙනුරී සහ මිනුරී සහෝදරියෝ වෙති.. ඔව්න් දෙදෙනා නිව්න්නු බව මා මහත් ප්රීතියෙන් ප්රකාශ කරමි. අනේ උන් දෙන්නා හරි හුරතල්ය.. උන් දෙන්නා වැඩියෙන්ම හුරතල් වෙන්නේ අපේ අතේ සල්ලි ගැවසෙන බව දැනගත් විටය... ඔනෑ තරම් සල්ලියක් දවසක් වැනි කෙටි කාලයකින් ‍වියදම් කිරීමට දෙදෙනාටම මාර හැකියාවක් ඇති බව භීතියෙන් පවසමි. දෙන්නාටම හිටපු පළමු හා අවසාන පෙම්වතුන්ද අප නොවන බව සංවේගයෙන් දන්වමි.
    කොතරම් ආදරේ කලත් ආදරය යනු මහා හිලක් පමණක් බව අපේ දෙමාපියන්ගේ ශෝකාලාප වලින් මා ඉගෙනගෙන ඇතත්... ලිදක ගැබුර බලන්ට නම් බහින්ටම එපෑ වගේ මමත් ඒ ආදරයේම පැටළුනෙමි. කකුලා මට වඩා ටිකක් දුප්පත් වූවත් උටත් මට මෙන්ම මනා ක්රය ශක්තියක් තිබුනේ ම‍ට පින්සිදු වන්නට බව මහත් වූ අභිමානයෙන් ප්රකාශ කරමි. සෙනුරිට කැඩ්බරි චොක්ලට් අවශ්‍ය වූ විට මිනුරිටත් එයම අවශ්‍ය වන්නේ දෙදෙනා නිවුන්නු විය හැකි නිසා බව මම උපකල්පනය කරතත් , උම්මා එකක් වැනි දෙයක් ඉල්ලූ විට දෙදෙනාටම එකවර ඔක්කාරය ඇතිවීම, අසනීප වීම, වමනය යන්නට යාම , ගෙදර යන්නට ඕනෑ වීම , අම්මලා බලන් ඉදීම ආදී සියයක් රෝග මතු වීම නම් මා හට නිශ්චිතව හදුනා ගත නොහැකි බව කණගාටුවෙන් දන්වමි.

    දිනක් අප හතර දෙනා අත් අල්ලාගෙන පාක් එකේ ඇවිදිමින් සිටිනා කල්හි හදිසියේම මතුවූ රුවක් දුටු යුවතියන් දෙදෙනා ගැස්සී ගියහ...
    ක ක ක ක කව්.. කව්.... කව්ද අනේ ඒ ?? ඔව්න්ටත් වඩා හොදින් කුඩා කල පටන් අපව අදුනන අප ‍දෙදෙනා ( කුකුලා සහ මගේ ) මව් වරුන් දෙදෙනා අප දෙස නරඹමින් අධ්‍යයනය කරමින් ඈත සිටිනු අප දුටුවෙමු. දැං ඉතිං ‍ොනවා කරන්නද... ඔන්න ඔහෙ ඉස්සරහටම යං..
    ආ අම්මා.... දැංද ආවෙ.... අපි මේ අර අන්ධ විද්‍යාලයේ නංගිලා දෙන්නෙක්ට පාරෙ යන්න කියලා දෙනවා... සහෝදර ප්රේමයෙන් ඇවිලී ගිය භක්තියකින් මම පැවසුවෙමි.

    ආනේ.... පුතේ කවද ඉදංද මුන් දෙන්නා අන්ධ උනේ...:eek::eek: හදිසියේ පිටුපසින් නික්මුනු හඩකින් අපි භීතියට පත් වුනෙමු... හුටා.. ඒ කෙල්ලන්ගේ මවය... :shocked::shocked:
    මෙය අප දෙදෙනාවම හිතා මතාම අමාරුවේ දමන්නට මව්පියන් යෙදූ කූඨ උපායක් බව වටහාගත් නමුත් කෙල්ලන් මෙන් අනේ අම්මී කියා අම්මාගේ ඇගේ එල්ලී ඇඩීමට තරම් කුජීත සිතුවිල්ලක් මට ඇති නොවුනි.කුකුලාත් මමත් බටහිරින් හිරු බස්නා විට ගොපල්ලන් විසින් දක්කාගෙන යන බැටළුවන් දෙදෙනෙකු සේ මව් දෙදෙනාට පෙරටුව නිවසට ඇදුනෙමු....
    :oo::oo:
    නොදකිං මෙහෙම කෙල්ලෝ.... මට ලබන සතිය වෙනකං එකෙක් වත් එපා ඕකුං.. :growl::growl::growl::growl:
    awww malayage parana prema purane bump karala wage :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට සෑහෙන සැක‍යක් ති‍යනවා මේක උඹේ ඇත්තම ප්‍රේම පුරාණ‍ය කි‍යලා.......:baffled::baffled::baffled:
    හාපෝ.. උඹට මොනවා ගැනද බං සැක නොහිතුනේ... :yes::rofl:
    දැං මට ගානක් නෑ :yes::cool::rofl::rofl: