This is where he is taking about current incident. Im not rely on him but something good in him.
අම්පාර - තෙල්දෙණිය ගැටුම් අර්බුදයක් වූයේ ආරම්භයේදීම විසදුම් ලබා නොදීම නිසයි.
පසුගියදා අම්පාරේදී ද, අද දින තෙල් දෙනියේ දීද සිදු වූ සිදුවීම්වලින් පෙනී යන්නේ රටතුළ තවත් ආගම්වාදී ගැටුම් සහගත තත්වයක් ඇතිවෙමින් පවතින බවයි. මෙයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ ප‍්‍රශ්න ආරම්භයේදීම ඒවාට ක්‍ෂණිකව මැදිහත්වීමට පොලීසිය හා නීතිය සාමය පිළිබඳ ආයතන ක්‍රියාත්මක නොවීමයි. අම්පාරේ හෝටලයක සිදු වූ සිදුවීම වාර්තා වූ වහාම පොලීසිය ක්‍ෂණිකව ක්‍රියා කොට ගැටුමට සම්බන්ධ පාර්ශවයන් සියල්ලම අත්අඩංගුවට ගෙන සාධාරණව නීතිය ක්‍රියාත්මක කළා නම්, එම ගැටුම දුරදිග යන්නේ නැත. එමෙන්ම තෙල්දෙනියේ සිදු වූ මරණය සම්බන්ධයෙන් දින 3 ක සිට සමාජ මාධ්‍ය ජාලවල තව තවත් උණුසුම් වෙමින් අසහනකාරී, ගැටුම්කාරී තත්වයක් ක‍්‍රම ක‍්‍රමයෙන් උදාවෙමින් තිබිණි. ඒ අවස්ථාවේදීවත් අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට හා එකී මරණය සාමකාමී ලෙස අවසන් කිරීමට ක්‍රියා නොකිරීමේ ප‍්‍රතිපල දැන් ලැබී තිබේ. මෙවැනි සිදුවීම් වලින් සිංහල ජාතිය ආරක්‍ෂා වේ යැයි කිසිවෙකු හෝ හිතන්නේ නම් එය මුලාවකි. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපගේ රණවිරුවන් හා සිංහල සමාජයට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් කොමිසම ඉදිරියේ ඔවුන් ජාතිවාදී ම්ලේච්ඡුයින් පිරිසක් බවට චෝදනා එල්ල කරමින් පවතින අතර අපේ රට කොටු කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍ෂෙත‍්‍රයේ ඇතැම් සංවිධානාත්මක පිරිස් ක්‍රියා කරමින් ද සිටී. මේ ගැටුම් සියල්ලෙන් සිදුවනුයේ එකී ක්‍රියාදාමය ශක්තිමත් වීමය. සිංහල ජාතිය රැක ගත යුත්තේ ගෞරවාන්විත හා සංවරව තම ජාතිය රැක ගැනීමට සිංහලයින් හැටියටත්, සමාජය හැටියටත් එක්ව ක්‍රියාකිරීම මගින් මිස ආවේග සම්පන්නව, අශීලාචාර ලෙස ක්‍රියාකිරීමෙන් නොවේ.
අනෙක් අතින් මුස්ලිම් විරෝධි හැගීම් ලෝකය පුරාම ඇති වී තිබේ. අපට සාමාන්‍යයෙන් පෙනෙන්නේ ඉන්දියාවේ, ඇෆ්ගනිස්ථානයේ, සිරියාවේ, ඉරාකයේ සිදුවීම් පමණක් වුවද, බටහිර ලෝකයේ සෑම රටකම පාහේ දිනපතා මුස්ලිම් විරෝධි ගැටුම් ඇතිවන අතර පසුගියදා අවසන් වූ ජර්මානු, ඕස්ට්‍රියානු හා ඉතාලියානු මැතිවරණ වලදී ද ස්වීඩනය හා ප‍්‍රංශය, බ්‍රිතාන්‍යය, නෝර්වේ වැනි රටවල මැතිවරණවලදී ද පෙනී ගියේ ඉස්ලාම් විරෝධි පක්ෂවලට එම රටවල පාලනයේ තීරක බලය හිමිවෙමින් පවතින බවයි. ශ‍්‍රී ලංකාවේද සිංහල ජනයා අතර මුස්ලිම් ජනයාගේ ව්‍යාප්තිය පිළිබඳව අනාරක්‍ෂිත බියක් ඇති වී ඇති බව රහසක් නොවේ. එමෙන්ම ඉතා සුළු අන්තවාදී ඉස්ලාම් මූලධර්මවාදීන් පිරිසක් සිංහල බෞද්ධයින් පමණක් නොව, හින්දු, ක්‍රිස්තියානි සියළු දෙනා අතරම අනාරක්‍ෂිත හැගීම් ඇතිවන ආකාරයට විවෘතවත්, රහසිගතවත් ක්‍රියා කරන බව පැහැදිලි කරුණකි.
පසුගිය මැතිවරණයේදී, ඇතැම් පළාත්වල මැතිවරණයට ඉදිරිපත් වූ කාන්තාවන් මුස්ලිම්වරු නොවේ යැයි කළ අන්තවාදී ප‍්‍රකාශ හා ඒවාට ලබාදුන් ප‍්‍රචාරයන් මෙන්ම එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේ අඩුපාඩුව ද හොඳින් පෙනී ගියේ ය. එමෙන්ම මධ්‍යස්ථ මුස්ලිම් සමාජය මෙකී අදහස් රහසිගතව හා පුද්ගලිකව හෙලා දකිනා නමුත් විවෘතව සමාජයක් ලෙස හෙලා දැකීමට ඉදිරිපත් නොවීම මේ අන්තවාදයට රුකුලක් වී තිබේ. එහෙයින් අශීලාචාර අන්තවාදයන් කවර සමාජයකින් හෝ මතු වූ විට නීතිය එක හා සමානව වේගයෙන් ක්‍රියාත්මක කිරීමත්, සමාජයන් ලෙස විවෘතවම එවැනි බලවේග පරාජය කිරීමට කැපවීමත් සිංහල මුස්ලිම් හා අන් සියළු සමාජවල වගකීමකි.
පාඨලී චම්පික රණවක
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය.