පාටලී වැරදිද නිවැරදිද ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අදනේ උන් අප්ලෝඩ් කරලා තියෙන්නේ ....මට වැරදුනවද්ද ?;);)

    2014 කතාවක් උබම බාල උබම අප්ලෝඩ් කරල වැරදුනාද කියලත් අහනව...ලැජ්ජාවක් නැද්ද බන් මෙහෙම හත්පොලේ ගාගන්ඩ...
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    This is where he is taking about current incident. Im not rely on him but something good in him.


    අම්පාර - තෙල්දෙණිය ගැටුම් අර්බුදයක් වූයේ ආරම්භයේදීම විසදුම් ලබා නොදීම නිසයි.
    පසුගියදා අම්පාරේදී ද, අද දින තෙල් දෙනියේ දීද සිදු වූ සිදුවීම්වලින් පෙනී යන්නේ රටතුළ තවත් ආගම්වාදී ගැටුම් සහගත තත්වයක් ඇතිවෙමින් පවතින බවයි. මෙයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ ප‍්‍රශ්න ආරම්භයේදීම ඒවාට ක්‍ෂණිකව මැදිහත්වීමට පොලීසිය හා නීතිය සාමය පිළිබඳ ආයතන ක්‍රියාත්මක නොවීමයි. අම්පාරේ හෝටලයක සිදු වූ සිදුවීම වාර්තා වූ වහාම පොලීසිය ක්‍ෂණිකව ක්‍රියා කොට ගැටුමට සම්බන්ධ පාර්ශවයන් සියල්ලම අත්අඩංගුවට ගෙන සාධාරණව නීතිය ක්‍රියාත්මක කළා නම්, එම ගැටුම දුරදිග යන්නේ නැත. එමෙන්ම තෙල්දෙනියේ සිදු වූ මරණය සම්බන්ධයෙන් දින 3 ක සිට සමාජ මාධ්‍ය ජාලවල තව තවත් උණුසුම් වෙමින් අසහනකාරී, ගැටුම්කාරී තත්වයක් ක‍්‍රම ක‍්‍රමයෙන් උදාවෙමින් තිබිණි. ඒ අවස්ථාවේදීවත් අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට හා එකී මරණය සාමකාමී ලෙස අවසන් කිරීමට ක්‍රියා නොකිරීමේ ප‍්‍රතිපල දැන් ලැබී තිබේ. මෙවැනි සිදුවීම් වලින් සිංහල ජාතිය ආරක්‍ෂා වේ යැයි කිසිවෙකු හෝ හිතන්නේ නම් එය මුලාවකි. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපගේ රණවිරුවන් හා සිංහල සමාජයට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් කොමිසම ඉදිරියේ ඔවුන් ජාතිවාදී ම්ලේච්ඡුයින් පිරිසක් බවට චෝදනා එල්ල කරමින් පවතින අතර අපේ රට කොටු කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍ෂෙත‍්‍රයේ ඇතැම් සංවිධානාත්මක පිරිස් ක්‍රියා කරමින් ද සිටී. මේ ගැටුම් සියල්ලෙන් සිදුවනුයේ එකී ක්‍රියාදාමය ශක්තිමත් වීමය. සිංහල ජාතිය රැක ගත යුත්තේ ගෞරවාන්විත හා සංවරව තම ජාතිය රැක ගැනීමට සිංහලයින් හැටියටත්, සමාජය හැටියටත් එක්ව ක්‍රියාකිරීම මගින් මිස ආවේග සම්පන්නව, අශීලාචාර ලෙස ක්‍රියාකිරීමෙන් නොවේ.
    අනෙක් අතින් මුස්ලිම් විරෝධි හැගීම් ලෝකය පුරාම ඇති වී තිබේ. අපට සාමාන්‍යයෙන් පෙනෙන්නේ ඉන්දියාවේ, ඇෆ්ගනිස්ථානයේ, සිරියාවේ, ඉරාකයේ සිදුවීම් පමණක් වුවද, බටහිර ලෝකයේ සෑම රටකම පාහේ දිනපතා මුස්ලිම් විරෝධි ගැටුම් ඇතිවන අතර පසුගියදා අවසන් වූ ජර්මානු, ඕස්ට්‍රියානු හා ඉතාලියානු මැතිවරණ වලදී ද ස්වීඩනය හා ප‍්‍රංශය, බ්‍රිතාන්‍යය, නෝර්වේ වැනි රටවල මැතිවරණවලදී ද පෙනී ගියේ ඉස්ලාම් විරෝධි පක්ෂවලට එම රටවල පාලනයේ තීරක බලය හිමිවෙමින් පවතින බවයි. ශ‍්‍රී ලංකාවේද සිංහල ජනයා අතර මුස්ලිම් ජනයාගේ ව්‍යාප්තිය පිළිබඳව අනාරක්‍ෂිත බියක් ඇති වී ඇති බව රහසක් නොවේ. එමෙන්ම ඉතා සුළු අන්තවාදී ඉස්ලාම් මූලධර්මවාදීන් පිරිසක් සිංහල බෞද්ධයින් පමණක් නොව, හින්දු, ක්‍රිස්තියානි සියළු දෙනා අතරම අනාරක්‍ෂිත හැගීම් ඇතිවන ආකාරයට විවෘතවත්, රහසිගතවත් ක්‍රියා කරන බව පැහැදිලි කරුණකි.
    පසුගිය මැතිවරණයේදී, ඇතැම් පළාත්වල මැතිවරණයට ඉදිරිපත් වූ කාන්තාවන් මුස්ලිම්වරු නොවේ යැයි කළ අන්තවාදී ප‍්‍රකාශ හා ඒවාට ලබාදුන් ප‍්‍රචාරයන් මෙන්ම එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේ අඩුපාඩුව ද හොඳින් පෙනී ගියේ ය. එමෙන්ම මධ්‍යස්ථ මුස්ලිම් සමාජය මෙකී අදහස් රහසිගතව හා පුද්ගලිකව හෙලා දකිනා නමුත් විවෘතව සමාජයක් ලෙස හෙලා දැකීමට ඉදිරිපත් නොවීම මේ අන්තවාදයට රුකුලක් වී තිබේ. එහෙයින් අශීලාචාර අන්තවාදයන් කවර සමාජයකින් හෝ මතු වූ විට නීතිය එක හා සමානව වේගයෙන් ක්‍රියාත්මක කිරීමත්, සමාජයන් ලෙස විවෘතවම එවැනි බලවේග පරාජය කිරීමට කැපවීමත් සිංහල මුස්ලිම් හා අන් සියළු සමාජවල වගකීමකි.
    පාඨලී චම්පික රණවක
    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2014 කතාවක් උබම බාල උබම අප්ලෝඩ් කරල වැරදුනාද කියලත් අහනව...ලැජ්ජාවක් නැද්ද බන් මෙහෙම හත්පොලේ ගාගන්ඩ...

    යකෝ හක්ගෙඩි චැනල් එකෙන් ගත්තේ :shocked::shocked:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    28685050_1794356583962832_785529390344523561_n.jpg



    https://www.facebook.com/lankaenews...430344788805/1794356583962832/?type=3&theater
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ හක්ගෙඩි චැනල් එකෙන් ගත්තේ :shocked::shocked:

    එක බොරුවක් වහගන්ඩ තවත් බොරු දාහක් නොකිය ඉදපන් බන්..ඔක 2014 විඩියෝ එකක්..උබ හිතුවද අපි බබාල කියල..උබේ ටොන් පච වලට රැවටෙන්ඩ... දිනෙන් අහුවෙන නිසා අලුතින් අප්ලෝඩ් කර ලොල් පුදුම සත්තු තමයි උබලත්..
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඒ දවස් වල මුස්ලිම් එවුන්ගෙන් යුද්දේ ඉල්ලපු සෙට් එකට සහජීවනයේ රහ වැටිලා යකෝ එළකිරියේ මාරම පෙරලියක් වෙලානේ

    හැබැයි අස්සයා පැනලා ඉවරයි

    :lol::lol::yes::yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,846
    8,187
    113
    Kotahena
    ඕක පරණ වීඩියෝ එකක්. ඒ කාලේ දාපු. ඉස්සර මූ හෙන වීරයෙක්. දැන් පොර වාසියට හොය්යා :lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඊනියා සිංහල ජාතිකවාදී මහින්ද කල්ලිය සිංහලුන්ට පුක පෙන්නුවා නේද අද පාර්ලිමේන්තුවේදී :lol::lol::lol::lol:

    ඒ දවස් වල මුස්ලිම් එවුන්ගෙන් යුද්දේ ඉල්ලපු සෙට් එකට සහජීවනයේ රහ වැටිලා යකෝ එළකිරියේ මාරම පෙරලියක් වෙලානේ

    හැබැයි අස්සයා පැනලා ඉවරයි

    උඹ ඉස්සෙල්ල බයි ලොජික්ස් ඉගෙනගෙන වරෙන් ගාසා, පකේ තර්ක ඉදිරිපත් කරන්න කලින්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    paatali niwaradiy...
    ohuge wena agenda athi or nathiwa athi..
    ohu ki kathaawa thama thiththa eththa...
    Ha_Jyp_XM.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    කතාව සම්පූර්ණ ඇත්ත. හැබැයි වචන ගලපන විදිහ නම් පිලිකුල් කරන්න ඕන විලාශයක්. ඕක මීට වඩා ලස්සනට පැහැදිලි කරන්න පුළුවන්. මූ මේ ආවේගයෙන් කතා කරාම කියන දේ හරය වත් මිනිස්සු තේරුම් ගන්නේ නෑ. මීට වඩා මධ්‍යස්ථ තැනක ඉඳන් කතා කරන්න ඕනේ. අන්තගාමී නොවී මධ්‍යස්ථ වෙන්න ඕන. හැබැයි අර කොන්ද කඩාගෙන සහජීවනයට ආවඩන නපුන්සකයො ගානට පත්වෙලත් බෑ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කතාව සම්පූර්ණ ඇත්ත. හැබැයි වචන ගලපන විදිහ නම් පිලිකුල් කරන්න ඕන විලාශයක්. ඕක මීට වඩා ලස්සනට පැහැදිලි කරන්න පුළුවන්. මූ මේ ආවේගයෙන් කතා කරාම කියන දේ හරය වත් මිනිස්සු තේරුම් ගන්නේ නෑ. මීට වඩා මධ්‍යස්ථ තැනක ඉඳන් කතා කරන්න ඕනේ. අන්තගාමී නොවී මධ්‍යස්ථ වෙන්න ඕන. හැබැයි අර කොන්ද කඩාගෙන සහජීවනයට ආවඩන නපුන්සකයො ගානට පත්වෙලත් බෑ.

    this is the best method to talk Sinhalese :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    this is the best method to talk Sinhalese :yes:

    අන්තවාදි නොවි මධ්‍යස්ථව කතා කරන්න දන්න එකෙක්වත් නෑනේ බන්. චම්පිකලා කට වාචල කමට ගිරිය පුප්පගෙන හම්බයට බනිනවා. හනුමා පාලමට බෝම්බ ගහන්න කතා කරපු ගම්මන්පිලලා ගෑනු වගේ ඇඳන් යට හැංගිලා. විමලුත් වාචාල කමට ගිරිය පුප්පගෙන සිංහලයගෙ ඔළුවට පහරනවා. සිංහලයට කිසි සරණක් නෑ.