පාට පාට එළි දැකලා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාට පාට එළි දැකලා

    රෑට පේන හඳ දැකලා
    මාස ගනං දුක් විඳලා
    හඳට යන්න රොකට් හැදුව
    ලෝකෙට ලොක්කෝ...

    පාට පාට එළි දැකලා
    අන්ජනමක් දෝ කියලා...
    ගස් ගල් වල පැල් හැදුවලු..
    සිරිලකෙ ඇත්තෝ....

    හිටගෙන අඟර දඟර වැඩ දාගෙන බයිලා නටන්නේ
    පිඹගෙන ගව් ගානක් අපිට කලිං ලෝකෙ දුවන්නේ...
    ඔය අනං මනං විජ්ජාවල් පස්සෙ දුවන්නේ...

    අනේ කවදද අපි ලබු ගෙඩියෙං එළියට එන්නේ....


    අතන මෙතන පාර තොටේ
    දාගෙන වැල් බෙල්ල වටේ...
    නාගෙන මඩ හතර අතේ...
    වැටිලා නටන්නේ....


    බහිරවයා ඉන්නෙ හිතේ...
    ඌත් එක්ක නටලා පුතේ...
    හිඳිලා ගිහිං අතේ සතේ...
    විරවං ඉන්නේ.....


    හිටගෙන අඟර දඟර වැඩ දාගෙන බයිලා නටන්නේ
    පිඹගෙන ගව් ගානක් අපිට කලිං ලෝකෙ දුවන්නේ...
    ඔය අනං මනං විජ්ජාවල් පස්සෙ දුවන්නේ...

    අනේ කවදද අපි ලබු ගෙඩියෙං එළියට එන්නේ....

    ඇස් වහ කටවහ පස්සේ...

    යුධ පිටියක් ගෙයි මැද්දේ...
    දෙස් තියනා තරම් රටේ..
    දෙව්ලොව ඇහිලා....

    සක්කරයත් ඉන්නෙ වටේ..

    ඇලට් එකේ හතර අතේ...
    සෙනසුරාට මේව ඇහිලා..
    පිස්සු තද වෙලා....



    හිටගෙන අඟර දඟර වැඩ දාගෙන බයිලා නටන්නේ
    පිඹගෙන ගව් ගානක් අපිට කලිං ලෝකෙ දුවන්නේ...
    ඔය අනං මනං විජ්ජාවල් පස්සෙ දුවන්නේ...

    අනේ කවදද අපි ලබු ගෙඩියෙං එළියට එන්නේ....