පාතාලේ වෙනස් එකෙක්...
නාවල නිහාල්ටවත් ඔළුව නැමුවෙ නැති කවුද මේ පාමංකඩ පොඩි අශෝක.
ඇත්තෙන්ම පාමංකඩ පොඩි අශෝක පාතාල චරිතයක්ද?
එසේ නොවේනම් අශෝකගේ විශේෂත්වය කුමක්ද?
එය විමර්ශනය කිරීම මෙම ලිපියේ අරමුණකි. ඒ අරබයා එදා පාමංකඩ පොඩි අශෝක සමඟ කෑව, බීව, ගමන් බිමන් ගිය සමකාලීනයෙක් මට හමුවිය.හුදු පෞද්ගලිකත්වය ආරක්ෂා කරනු වස් ඔහු කවුදැයි අනාවරණය නොකරමි. මේ ඔහු සමඟ පාමංකඩ පොඩි අශෝක යන චරිතය කෙබඳුදැයි කළ සංවාදයකි.
පාමංකඩ පොඩි අශෝක කොයි වගේ කෙනෙක්ද?
අශෝක කියන්නේ කියන්නේ පාතාල ලොකේ එදා මෙදා තුර බිහි නොවෙච්ච චරිතයක්. අපිත් හොඳ වැඩකාරයෝ දැක්කා. ඒත් අශෝක වගේ මිනිහෙක්ව දැක්කේ නැහැ. පාතාලේ කප්පම් ගන්න, කුලියට මිනී මරන අයට විරුද්ධව ආයුධ අතට ගත්ත කෙනෙක්. කොටින්ම කියනවානම් උම්බලකඩ කෑල්ලක්වත් කාපු නැති කෙනෙක්. ඒ කාලේ පාතාලේ කෙරුම්කාරයො කවුරුත් අශෝකට බයවෙලා හිටියේ. ඒ කාලේ පාමංකඩ පොඩි අශෝකගේ නම මුළු ලංකාවම දැනගෙන හිටියා. ඒත් පුද්ගලයා කවුද කියලා දන්නෙ නැහැ.
එක එක කට්ටිය, එක එක ප්‍රශ්න විසදාගන්න අශෝක ළඟට ආවා. චණ්ඩියෙක් බලෙන් නංගිව දූෂණය කළාම සමහර අයියා හරි මල්ලි හරි අශෝකට ඇවිල්ලා කියනවා. අශෝකට ඒවා වාවන්නේ නැහැ. අශෝක හරි සංවේදී මනුස්සයෙක්. අන්තිමේදී අශෝක උන්ට විරුද්ධව ගේමට බැස්සා. චණ්ඩිකමෙන්, ගේම් ගහපු කැත වැඩ කරපු ඔක්කොටම අශෝක පනිෂ්මන්ට් දුන්නා.
ඒ කාලෙ පාතාල නායකයෝ ගොඩාක් අශෝකට බයවෙලා හිටියේ. ෆේස්ටු ෆේස් නාවල නිහාල් එක්ක හැප්පුණු එකම පුද්ගලයා අශෝක. අශෝක නාවල නිහාල්ට මූණට කීවා මරනවා කියලා. ඒකට නාවල නිහාල් තක්බීර් වෙලා හිටියෙ. නාවල නිහාල් ජීවිතය බේරගන්න අන්තිමේදී නතර වුණේ ඉතාලියේ නාපොලි නුවර.
ඇයි නාවල නිහාල් මරන්න අශෝක උත්සාහ කළේ?
කොල්ලන්ගෙ අතට ආයුධ දීලා මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, සංස්කෘතියක් එක්ක පාතාල මාෆියාව නිර්මාණය කළේ නාවල නිහාල්. හැදෙන පරපුර ඒ තත්ත්වයට ඇදලා දැම්ම නිසා අශෝක නාවල නිහාල් එක්ක හිටියේ බද්ධ වෛරයෙන්. දවසක් මාදින්නාගොඩ සුගතුයි,අශෝකයි නාවල නිහාල් මරන්න නුගේගොඩ හන්දියේ රැකලා හිටියා. ඒත් එදා නාවල නිහාල් එක්ක කාරකේ ගියේ අශෝක අඳුනන කෙනෙක්. එයා පොලිසියේ මහත්තයෙක්. මුලින්ම කාරකෙන් බැස්සේ එයා. අශෝකට එයාව දැකලා පුදුම හිතුණා. සුගත්ට හිමින් කිව්වා අපි මෙතැනින් යමු කියලා. නැත්නම් එදා නාවල නිහාල්ව අනිවාර්යයෙන් මරනවා.
ඒ කාලේ අශෝක ආශ්‍රය කළේ කොයි වගේ අයද?
අශෝක මිනිස්සු හොයාගෙන ගියේ නැහැ. මිනිස්සු අශෝකව හොයාගෙන ආවා. චණ්ඩි පවා අශෝකට සලකන්න පටන් ගත්තා. අශෝකව මුළු ලංකාවම දන්න නමක් බවට පත්වුණා. ඇමැතිවරු පවා අශෝකව ළඟට ගන්න හැදුවා. සමහර ඇමතිවරු අශෝක හඳුනගන්න පුදුම ආසාවෙන් හිටියේ. ඒත් එක ඇමැතිකෙනෙක් ළඟටවත් අශෝක බාල්දු වෙන්න ගියේ නැහැ.හැබැයි පාමංකඩ පොඩි අශෝක බර්නාඩ් සොයිසා මහත්තයාට පොඩි සැලකීමක් තිබ්බා. ඒත් එක්කම ලංකාවේ හොඳ ප්‍රසිද්ධ චරිත අශෝක ආශ්‍රය කළා. මාදින්නාගොඩ අනිල්, සොත්ති උපාලි, කඩුවෙල වසන්ත වගේ කට්ටියත් අශෝක එක්ක සෙට් වෙන්න ආවා ඒත් අශෝක කියන්නේ ඒ හැමෝටම වඩා වෙනස් මිනිහෙක්. සමහර පාතාල නායකයෝ වගේ සෙනඟ පිරිවරාගෙන 'කලර්ස්' දැම්මේ නැහැ. හැබැයි එක විසිල් පාරෙන් කොල්ලෝ දෙතුන් සීයක් ගේන්න පුළුවන් පුදුම බලයක් අශෝකට තිබ්බා.
අනිත් එක අශෝක දැක්කොත් කවුරුත් හිතන්නේ නැහැ. මෙයාද පාමංකඩ අශෝක කියන්නේ කියලා. හරියට පන්සලක හාමුදුරු කෙනෙක් වගේ. වචන දහයක් කතාකරන්නේ නැහැ. හැබැයි කොයි වෙලාවෙත් වෙපන් දෙකක් නම් ඉණේ තිබ්බා. අශෝක ළඟ හිටපු හොඳම වැඩකාරයා තමයි මාදින්නාගොඩ සුගත්. දෙන්නාම නියම ෂූටර්ලා.
පසුකාලීනව, පාමංකඩ පොඩි අශෝක මංකොල්ලකෑම්වල නිරත වෙනවා නේද?
ඔව්, අශෝක මංකොල්ලකෑවා. හැබැයි තියෙන තැන්වලින්. යහළුවන්ගේ දැවෙන ප්‍රශ්න විසඳන්න. දවසක් අශෝක කිරුළපනේ ඇවිදගෙන යනකොට ගෙදරක කන්න, නැතිව බඩගින්නේ ළමයිනුයි පවුලේ කට්ටිය අඬනවා. අශෝක මේක දැකලා යහළුවෙක්ගෙන් සල්ලි කීයක් හරි ඉල්ලුවා. ඒත් එදා අශෝකට ඒ යහළුවගෙන් සල්ලි හම්බවුණේ නැහැ. ඊට පස්සේ සුගත් එක්ක ට්‍රේල් බයිසිකලේ ගිහිල්ලා වැල්ලවත්තෙ සිගරැට් ඒජන්සිය මංකොල්ලකෑවා. ඒ සල්ලි අරන් ඇවිත් ඒකෙන් රුපියල් දාහක් උඩ සාක්කුවේ දාගෙන ඉතුරු සල්ලි මිටියම අර ගෙදරට දුන්නා. හැබැයි ඒ කට්ටිය බයවුණා සල්ලි ගන්න. අශෝක සල්ලි මිටිය ගේ ඇතුළට විසිකරලා ආවා. අශෝක කියන්නේ ඒ වගේ පුදුම චරිතයක්.
නාරාහේන්පිට අරක්කු කොම්පැනියක් මංකොල්ලකෑවේ අශෝකයි, සුගතුයි. ඒක මංකොල්ල කෑවේ කපිල කියලා ළඟම හිටපු යහළුවෙක්ගේ ප්‍රශ්නයක් විසඳන්න. ඒ කාලේ කපිලගේ අම්මා හිටියේ රට, කපිල කිව්වා අශෝක අයියේ අම්මා එන්න ඉස්සෙල්ලා ගේ හදාගන්න ඕනේ කියලා. එදා නාරාහේන්පිට අරක්කු කොම්පැනියෙ ලක්ෂ 5 1/2ක් මංකොල්ල කාලා කපිලගේ අතට ලක්ෂ පහක් දුන්නා ගේ හදාගනින් කියලා.ඉතුරු පනස්දාහෙන් මට දාහයි, ලෙස්ලි කියලා තව එකෙක් හිටියා උෟට රුපියල් දාහක් දුන්නා. ඉතුරු ටික තමයි අශෝකයි සුගතුයි ගත්තේ. අශෝක ගොඩාක් ප්‍රශ්නවලට පැටලුණේ යහළුවෝ නිසා.
පාමංකඩ පොඩි අශෝකගේ නම ගොඩාක් ප්‍රසිද්ධ වෙන්නේ, දෙල්කඳ හන්දියේ හයදෙනෙක් මරපු සිද්ධියට. මොකක්ද ඒ සිද්ධිය?
ඒක ලොකු කතාවක්. එදා ඉරේෂ්, බෙල්ලන්තොට ඩිලන්ත ඇතුළු හයදෙනෙක් අශෝක අතින් මැරුම් කෑවා. ඩිලන්තල අශෝකලා ඉස්සර හිටියේ එකට. ඒ අතර හිටියා නෞෂාඩ් කියලා කොල්ලෙක්. නෞෂාඩ් පටන්ගත්තා මල් (ගංජා) විකුණන බිස්නස් එක. ඩිලන්ත ළඟට ආපු ගැන්සි ඔක්කොම නෞෂාඩ්ගේ පොට් එකට බහින්න පටන් ගත්තා. එතකොට ඩිලන්ත බයවුණා. නෞෂාඩ් ඉස්සරහට ඒවි කියලා. ඩිලන්තලා එකතු වෙලා නෞෂාඩ්ව මැරුවා. ඒකට අශෝකට මල පැන්නා. එකට ඉඳගෙන කකා බිබී, හිටපු නෞෂාඩ් මරපු කැත වැඩේට අශෝක කිව්වා ඩිලන්තව මරනවා කියලා. හැබැයි අශෝක කිව්වොත් කිව්වා තමයි. ඩිලන්ත ඒක හොඳටම දැනගෙන හිටියා. ඩිලන්ත ඒකට මර බයෙන් හිටියේ. ඩිලන්ත ඉක්මන් වුණා
අශෝකට දෙල්කඳ බෝගහ හන්දියෙදි නිලන්තලා වෙඩි තිබ්බා. අශෝක බඩවැල් බොකු අතේ තියාගෙන වාහනයකට නැඟලා කළුබෝවිල ඉස්පිරිතාලෙට ආවා. හැබැයි ඩිලන්තලා හිතුවේ අශෝක මැරුණා කියලා. ඊට පස්සේ අශෝක කළුබෝවිල ඉස්පිරිතාලේ ඉන්නවා කියලා ඩිලන්තලාට ආරංචි වුණා. ඩිලන්තලා ප්ලෑන් කළා අශෝකව හොස්පිට්ල් එකේදි මරන්න. ඒත් ඊට ඉස්සෙල්ලා අශෝකගේ යහළුවෝ දෙතුන් සීයක් විතර ඉස්පිරිතාලේ වටලලා බලෙන් අශෝකව අරගෙන ඩොක්ටර්ස්ලා උස්සන් ගිහිල්ලා මාදින්නාගොඩ තියාගෙන බෙහෙත් කරලා ජීවිතය බේරාගත්තා. මේ වෙනකොට තමයි අශෝකගේ ළඟ හිටපු මාදින්නාගොඩ සුගත්ව, ඩිලන්තලා මරන්නේ. වෙපන් ඩීල් එකකට නුගේගොඩට එන්න කියලා සුගත්ට ඩිලන්තලා වෙඩි තිබ්බා. සුගත් වෙඩි කාගෙන මරගාතේ නැග්ගේ පාරේ යන ආමි බස් එකකට. සුගත් ආයිත් බස් එකෙන් බිමට බැස්සා. එතකොට ඩිලන්තලා ආයිත් සුගත්ට වෙඩි තියලා මරලා දැම්මා.
ඒ මරණය අශෝකගේ ජීවිතය නැතිවුණා වගේ වැඩක් වුණා. ඊට පස්සේ අශෝක හොඳ වෙලා කිරුළපන ඇවිත් ටි-56 ආයුධයට වැල අතට ගත්තා. මේ හැම දෙයක්ම අත්හැරලා ඉන්න හිටපු මාව ආයිත් මුන් මිනීමරුවෙක් කළා. ආයිත් මම මේ ආයුධය අත්හරින්නේ නැහැ කියලා අශෝක යහළුවන්ගේ ඉස්සරහපිට කිව්වා. මේ වෙනකොට අශෝකව මරන්න ඩිලන්තලා, සමහර ඇමැතිලා ෆුල් ට්‍රයි එකේ හිටියේ. ඔය අතරතුර තමයි ඩිලන්තලා, ඉරේෂ්ලා ආයුධ දාගෙන අශෝකව මරන්න දෙල්කඳ හන්දියේ ඉඳලා රත්තනපිටිය පාරේ කාර් එකකින් යන ගමන් හිටියේ. ඒක අශෝකට ආරංචි වුණා. අශෝකලා ජයසිරිගේ ඩොල්ෆින් වෑන් එකේ ඩිලන්තලාව ෆලෝ කළා. හරියටම දෙල්කඳ හන්දියේ රත්තනපිටියේ පාරේ මීටර් දෙසීයක් විතර යනකොට අශෝකලා ඩිලන්තලාගේ කාර් එක දැක්කා.
අශෝක වාහනේ උඩට නැඟලා කකුල් දෙක අල්ල ගන්න විතරයි කිව්වේ. ටි-56 බර බර ගාලා හයදෙනාටම ඇල්ලුවා. උන්ට හෙල්ලෙන්න වෙලාවක් වත් ලැබුණේ නැහැ. උන් හය දෙනාම එතන මැරෙනකොට හයදෙනා අතේම වෙපන්ස් තිබ්බා. අශෝකත් එක්ක ආපු කට්ටිය ඒ වෙපන්ස් ගන්න හදනකොට අශෝක කිව්වා එක වෙපන් එකක්වත් ගන්න එපා කියලා. මැරුණු වුන් සත්ගුණවත් අය නොවේ කියලා ලෝකයා දැනගන්න ඕනේ කියලා අශෝක ඒ වෙලාවේ කීවා.
ඊට පස්සේ පාමංකඩ පොඩි අශෝක පොලිස් අත්අඩංගුවට පත්වෙනවා නේද?
නැහැ. පොලිසියට අශෝකව අල්ලගන්න බැරිවුණා. ඒත් අශෝක ගම දාලා ගියේ නැහැ. එයාගේ නම මුළු ලංකාවෙම ප්‍රසිද්ධ වුණාට පුද්ගලයා වශයෙන් දන්නේ නැහැ. හයදෙනා මරපු කේස් එකෙන් පස්සෙ අශෝකට දුටු තැන අල්ලන්න. වරෙන්තු නිකුත් කරලයි තිබ්බේ. එහෙම තියෙද්දිත් අශෝක ගමේ එහේ මෙහේ ගියා. දවසක් පොලිසි පහක් විතර මුළු ගමම වටලලා අශෝකව හොයලා රේට් කළා. අශෝක පාරේ අයිනේ හිටගෙන ඉන්නවා. ගමේ කවුරුත් අශෝකව පාවලා දුන්නේ නැහැ. ඒ අශෝකට බයට නෙවේ. අශෝකට තියෙන ආදරේට.අන්තිමේදී අශෝක තීරණය කළා මේ හැම දෙයක්ම අතහැරලා දාලා තපස් රකින්න කැලෑවට යනවා කියලා. ඒ කර්තව්‍ය කරොත්, අශෝකට පවුල ජීවත් කරන ආදායම් මාර්ගයක් තිබ්බේ නැහැ. ඒ කාලේ සාජන්ට් නල්ලතම්බි නාට්ටිය පෙන්නලා ඒ සල්ලිවලින් අශෝකට උදවු කරන්න ප්‍රසිද්ධ නළුවෙක් ඉදිරිපත් වුණා. ඒත් එන්න එන්නම අශෝකට ෆෙෂර් එක වැඩි වුණා. ඊට පස්සේ අශෝක තීරණය කළා පොලිසියට භාර වෙන්න.
අශෝක හිරගේ ඇතුළෙදී භාවනා කරලා රැවුල වැවුවා. තපස් ජීවිතයක් තමයි ගත කළේ. මස්, මාළු, උම්බලකඩ කෑල්ලක්වත් කෑවේ නැහැ. එළවළුයි බත් විතරයි. විසිට් එකට කෑම ගේන කට්ටියට කෑම ගේන්න එපා කීවා. හඳුන්කූරු, පොල්තෙල්, පහන්තිර තමයි විසිට් එකට ඉල්ලුවේ. අශෝක හිටියේ සෙල් වහලා. ඒ කාමරේ හරියට බුද්ධ කුටියක් වගේ. ගාඩ්, ජේලර් මහත්වරු පවා අශෝක හිටපු කාමරේට ගියේ සපත්තු ගලවලා. හිර ගෙදර මහත්වරුන් පවා අශෝකට පුදුම භක්තියකින් සැලකුවා.
මාධ්‍යවේදී රෝහණ කුමාර ඝාතනයට අශෝක සම්බන්ධ බවට රාවයක් තිබුණා. එහි සත්‍යතාවක් තියෙනවද?
අපෝ නැහැ. ඒක අමූලික බොරුවක්. කවදාවත් අශෝක කුලියට දේශපාලකයන්ගෙ වුවමනාකම්වලට මිනී මැරුවේ නැහැ. ගමට වධ කරපු, දහජරා වැඩ කරපු, විසබීජ චරිත තමයි අශෝක අතින් මැරුම් කෑවේ. නැත්නම් අශෝකට කවුරුත් අඩෝවත් කියලා නැහැ. ඔය සොත්ති උපාලිලා, මොරටු සමන්ලා, බැද්දගාන සංජීවලා පාතාලෙ කොච්චර කෙරුමෝ උනත් අශෝකට පුදුම බයකින් හිටියේ. මොකද වුන් වැරැදි වැඩ කරපු උන්.බයනැතුව තනියම ගිහිං පාතාලෙ ගෝඩ් ෆාදර්ගෙන් ෆේස්ටු ෆේස් ගේම ඉල්ලපු එකාට තමන් ලොකු නෑ කියලා උන් දැනගෙන හිටියා අශෝකට මර බයෙන් උන් කොච්චර ඇවිල්ලා ඇප දැම්මද?
එතකොට රෝහණ කුමාර ඝාතනය කළේ කවුද?
ඒක ප්‍රසිද්ධ නළුවකුගේ ඕනෑකමකට සිද්ධවුණු මර්ඩර් එකක්. ඒ නළුවා හිටපු දේශපාලන චරිතයක දකුණු අතක් විදියටයි හිටියේ. ඒ දේශපාලන චරිතය මොකක්දෝ ලොකු ඩීල් එකක් දාලා තිබ්බා. කොහොම හරි රෝහණ කුමාර ඒක රෙකෝඩ් කරලා තිබ්බා. ඒක මාධ්‍යයෙන් එළියට දාන්න තමයි හිටියේ. ඊට ඉස්සෙල්ලා අර නළුවා බැද්දගාන සංජීවට කොන්ත්‍රාත්තුවක් දීලා තමයි රෝහණ කුමාරව මැරෙව්වේ. හැබැයි අශෝක මේ හැම දෙයක්ම දැනගෙන හිටියා. ඒ විතරක් නෙවේ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය ගැනත් අශෝක තොරතුරු දැනගෙන හිටියා. එයා මේ හැම කතාවක්ම ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක්ට කීවා. එයා ඒක ගෙඩිය පිටින් පත්තරේ දැම්මා. අශෝකගේ මරණයට මේ හැම දෙයක්ම හේතුවෙන්න ඇති.
පාමංකඩ පොඩි අශෝක දෙල්කඳ උසාවි සංකීර්ණයේදී ඝාතනය වෙනවා. මොකක්ද ඒ සිද්ධිය?
ඒකට ප්‍රබල දේශපාලනඥයෙක් ඍජුව සම්බන්ධ වුණා. නාවල නිහාල් ඒ ගේමට ෆුල් සපෝට් එක දුන්නා. අශෝක වෙඩි පිට වෙඩි කාලත් මීට කලින් නොමැරී බේරිලා තියන හින්දා මේ පාර ක්ලේමෝ බෝම්බයක්ම තියලා ගේම ඉවර කරන්න නාවල නිහාල් ප්ලෑන් කරා. උසාවිය ඇතුළේ එකෙකුට ජරාව දීලා හිර කූඩුවේ සිවිලිමේ ඇතුළේ ක්ලේමෝ බෝම්බය සෙට් කළා. ආමි එකෙන් පැනලා ආපු කොල්ලෙක් තමයි රිමෝට් එකෙන් ගේම දුන්නේ. ඒත් අශෝක එතැනත් මැරුණේ නැහැ. කළුබෝවිල ඉස්පිරිතාලෙට අරන් යනකොටත් අශෝකව බේරගන්න පුළුවන් තත්ත්වයක තමයි හිටියේ. ඒත් කොහොම හරි ඉස්පිරිතාලෙදි අශෝක මැරුණා.
විජය කුමාරණතුංගගෙන් පස්සේ මම දැක්ක වැඩිම සෙනඟ හිටියේ පාමංකඩ පොඩි අශෝකට. මුළු කිරුළපන, නාරාහේන්පිට පුරාම ඩබල් ඩබල් තොරණ ගැහුවේ. මැරුවාද, මැරුණාද කියලා. ඇන්ටන් ජෝන්ලා ඒ සිරාට, මේ සිරාට සින්දු ගැහැව්වා. ගහන්න ඕන මිනිහට ගැහැව්වේ නැහැ.
මරණෙට ආපු කට්ටිය අශෝකගෙ ගේ දැකලා පුදුම හිතුණා. එයා හිටියේ පාමංකඩ අලුවලවත්තේ ලෑලි ගහපු ගෙයක. හැබැයි ඒ කාලේ බිල්ඩින් 60-70 ගහන්න පුළුවන් බලයක් අශෝකට තිබ්බා. ඒත් අශෝක ඒ බලෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ නැහැ. කිරුළපනේ දහ දෙනෙක්ගෙන් ඇහුවොත් අශෝක ගැන දහදෙනාම හොඳ කියයි. අශෝක කියන්නේ ඒ වගේ පුදුම රත්රන් හදවතක් තිබ්බ චරිතයක්.
බුකියේ පලවූ පෝස්ටුවකින් උපුටාගන්නා ලදී (©කෝසල ප්‍රියංකර කදුරුවාන )

Last edited:

ඌට එහෙම පෙනුනට සාමාන්‍ය මනුස්සයෙක්ගෙ කෝණෙන් බැලුවොත් අශෝක ඔය කියන තරං සුදු චරිතයක් නොවෙන්න පුලුවන් 