පාරාදීසයේ කුරුල්ලෝ-Birds of Paradise

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
පාරාදීසයේ කුරුල්ලෝ-Birds of Paradise

ඔන්න මං අද ගෙනාවේ අරුම පුදුම කුරුළු වර්ගයක් ගැන කතාවක්.සම්පූර්ණ කතාවම translate කලේ National Geographic magazine එකේ තිබුන විස්තරයකින් සහ Birds-of-Paradise website එකෙන්
cornell_birds_of_paradise.png

මේ කුරුළු පවුල දැනට ලෝකේ ඉන්න වර්ණවත්ම පවුල කිවුවොත් හරි. Birds of Paradise පවුලේ සාමජිකයෝ ගාන 39ක්. ඒකෙන් 34ක් ජීවත් වෙන්නේ New Guinea සහ ඒ අවට ප්‍රදේශ වල.දීප්තිමත් පිහාටු ලැබුන මෙයාලා කපුටු පවුලේ කුරුල්ලන්ගේ නෑයෝ විශේෂයක් විදියටයි වර්ග කරන්නේ.ඒක ටිකක් විශ්වාස කරන්න අමාරුයි වගේ වුනත් ඒක එහෙම තමයි ලු.අවුරුදු මිලියන ගාණකට කලින් තමයි මෙයාලා තමන් අයිති කුරුළු පවුලේ සාමාජිකයන්ගෙන් වෙනස් වෙන්න පටන් අරගෙන තියෙන්නේ.

දැන් අපි මේ කුරුල්ලන්ගේ අතීත කතාව බලමු
Megallan නැව් වලින්, 1522දී මේ අරුම පුදුම කුරුල්ලන්ව ඉස්සල්ලම ස්පාඤ්ඤයට අරන් එනවා.ඒ ගේන්නෙ කාලේ හිටිය රජතුමාට තෑග්ගක් විදියට. මේ කුරුල්ලන්ව දැකපු ඒ කාලෙ මිනිස්සු විශ්වාස කරන්න ගත්තා උන් දිව්‍යලෝකේ ඉදන් මෙලොවට ආපු සත්ව විශේෂයක් විදියට. ඒක ගැන New Guinea වල වැසියෝ අතර තියන විශ්වාසය ගැන Gillian Gillison කියන්නේ මෙහෙම කතාවක්. එක්තරා ගැහැණු ළමයෙක් තමන්ගෙ මියගිය සහෝදරයගෙ සිරුර ඔය ප්‍රදේශයේ තිබුන ගස් බෙනයක තැන්පත් කරලා ඒ ගහට වැරෙන් පහර දුන්නා ලු. එතකොට ඒ ගහේ හිටපු ඔක්කොම කුරුල්ලෝ අදුරු දුමාරයක් විදියට අහසට පියාඹල ආපහු ආවේ ගිනි ජාලාවක් විදියට ලු.ඔය කියන මිත්‍යා කතාවේ දුමාරයෙන් represent කරන්නෙ සාමාන්‍ය dull colors කුරුල්ලෝ ලු (හරියටම කිවුවොත් ඒ මේ කුරුළු පවුලේ නෑයෝ වෙන crows වගේ අය ). අහසට ඉගිල්ලිලා නැවත පොලවට එද්දි ඒ කුරුල්ලෝ Birds of Paradise බවට පත්වෙලා ලු ආවේ.New Guinea දූපත් වැසියෝ මේ කුරුල්ලන්ව සලකන්නේ පාවෙන දිව්‍යමය ආත්ම විදියටලු.ලෝකයේ උත්පත්තියත් මේ කුරුල්ලන්ගෙන් සංකේතවත් වෙනවා කියලා මේ දූපත් වැසියෝ විශ්වාස කරනව ලු.එහෙම කරන්න හේතුව තමයි දැනට අපිට අදුරු පාටවලින් පේන දේවල් ඔක්කොම ලෝක ආරම්භයේදී බොහොම දීප්තිමත්ව තිබුනා කියන විශ්වාසය.

1824 දි මේ දූපත් වලට ගිය Rene Lesson කියලා තියනවා මේ කුරුල්ලන් ගැන කලින් කොච්චර අහලා තිබුනත් ඔවුන්ව ඇස් දෙකට දැකපු ගමන් විශ්මයට පත් වෙලා ගල් ගැහුනා කියලා.මේ විදියට යන සංචාරකයෝ, පරිසරවේදියෝ මේ කුරුල්ලන්ව ඉස්සල්ලම දකිද්දි ඇති වුන හැගීම් වල විදියට තමයි මෙයාලට නම් වැටිලා තියෙන්නේ. examples: superb bird, magnificent bird, splendid bird, emperor bird, etc.

ඔය විදියට ඉස්සර කාලේ මිනිස්සුන්ගේ අවධානයට ලක්වුන මේ කුරුල්ලන්ට ඔහොම නරක කාලයක් ලැබුවා.යුරෝපයේ ඉස්සර කාලේ බහුලව තිබුන කාන්තා විලාසිතාවක් වුන පිහාටු සහිත තොප්පි නිසා මේ කුරුල්ලො ලක්ෂ ගාණකට ජීවිතේ අහිමි වුනා.මේ තත්වේ හොදටම වැඩි වෙලා තිබුනෙ 1900 වේ මුල භාගයේදි.ඒ කාලේ වසරකට ආසන්න වශයෙන් කුරුල්ලෝ 80,000ක ප්‍රමාණයක් මරලා බ්‍රිතාන‍ය කාන්තා හිස්වැසුම් හදන්න යොදාගත්තා ලු. 1908 දී මේ කුරුල්ලන්ට වෙන විනාශය ගැන හඩ නගපු පරිසරවේදින්ට පින්සිද්ද වෙන්න, බ්‍රිතාන්‍ය රජයෙන් මේ කුරුල්ලන්ව මුදල් සදහා දඩයම් කරන එක තහනම් කලා.1931දී මේ නීතිය Dutch රජය විසිනුත් පැනෙව්වා.මේ නීති නිසා අද වෙනකම්ම මේ කුරුල්ලන්ව New Guinea දූපත් වලින් පිට කරන්න දෙන්නේ scientific uses වලට විතරයි.හැබැයි අවාසනාවට වගේ තාමත් black market එකේ මේ කුරුල්ලන්ව නීතිවිරෝධී විදියට අලෙවි වෙනවා.

32354.jpg


පිටින් එන මිනිස්සු කොහොමවුනත්, New Guinea වල පාරම්පරික මිනිස්සු මේ කුරුල්ලන්ට දේවත්වයෙන් සලකනවා.මේ කුරුල්ලන්ගෙන් වැටෙන ලස්සනම සහ කිසිම damage එකක් වෙලා නැති පිහාටු මේ අය විවාහවෙද්දි මනමාළියට තැගී කරනවා ලු.New Guinea දූපත් වැසියෝ මේ කුරුල්ලන්ට බොහොම ගෞරව කරනවා.

දැන් අපි බලමු මේ කුරුල්ලන්ට සාමාන්‍යයෙන් අපිට දකින්න නොලැබෙන පාට සහ රටා ලැබුනේ කොහොමද කියලා.
පරිණාමවාදය අනුව ගත්තොත් තමන් ජීවත් වෙන වටපිටාවට අනුරූපීව හැඩගැහෙන්න බැරි ජීවින් බොහොම පහසුවෙන් සතුරන්ට ගොදුරු වෙලා විනාශ වෙලා යනවා.එහෙම තියෙද්දි කොහොමද මේ කුරුල්ලෝ තාම නොනැසී ජීවත් වෙන්නේ?
ලෝකයේ ලොකුම නිවර්තන කලාපය වෙන New Guinea වල අවුරුද්ද පුරාම පළතුරු සහ කෘමීන් බහුලව ඉන්නවා.අවුරුදු 8000කට විතර උඩදි කිලෝමීටර් 2400ක විතර තීරයකින් Australia වට බද්ධ වෙලා තිබුනු New Guinea වල වනාන්තර Australia වල තියන වනාන්තර වලට සමාන වුනා.පහු කාලේදි New Guinea ව දූපත් විදියට වෙන් වුනා.මේ කාලේදි සේපාටිකයන් (marsupials) සහ කුරුල්ලන් බහුලව හිටියත් ක්ෂීරපායී සත්වයන් කවුරුත් හිටියේ නෑ.ඒ නිසා උදාහරණ විදියට කිවුවොත්, මේ කුරුල්ලන්ගේ ආහාර උදුරාගන්න වදුරෝ වත්, ලේන්නු වත්, කුරුල්ලන්ව ආහාරයට ගන්න බලාගෙන ඉන්න බළල් පවුලේ විලෝපිකයන්වත් හිටියේ නෑ.කොටින්ම කිවුවොත් මේ කුරුල්ලෝ සම්පූර්ණ නිදහස් විදියට හිටියේ.මේකේ අවසාන ප්‍රතිඵලය වුනේ දැනට දකින්න ලැබෙන මේ අරුම පුදුම වර්ණ තියන කුරුල්ලෝ නොනැසී පැවතුන එක.

මේක කියෙව්වම කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි විලෝපිකයන්ට මේ කියන ප්‍රදේශයට එන්න බැරි කියලා. හේතුව තමයි New Guinea වල භූගෝලීය පිහිටීම.උස් බිම්වල පිහිටි වැසි වනාන්තර සහ තෙත් කලාපීය සවන්න භූමි මේ දූපත් වල පිහිටලා තියනවා. අග මුල හොයාගන්න බැරි තරම් භයානක වගුරු බිම්, මීටර් 5000ට වඩා උස දුෂ්කර කදු පන්ති, ගිනි කදු එකතු වෙලා හැදුන වංකගිරියක් වගේ භූමි ප්‍රදේශ වලින් බහුල තැනකට පිටින් එන කරදර බොහොම අඩුයි. (මේ කියන භූ ලක්ෂණ නිසාම Papua New Guinea ප්‍රදේශයේ විතරක් මිනිස්සු භාෂා 750කට අධික ප්‍රමාණයක් භාවිතා කරනවා ලු.)
birdofparadise-jw.jpg


විලෝපිකයන්ගෙන් කිසිම තර්ජනයක් නොතිබුන මේ කුරුල්ලො වෙනත් කාරණයකට හැඩගැහෙනවා (පරිණාමය වෙනවා).ඒ තමයි විරුද්ධ ලිංගිකයන්ව ආකර්ෂණය කරගැනීමේ සටන.ඒකත් විලෝපිකයන් ගෙන් බේරෙන්න කරන සටන වගේම අසීරු සටනක්. එහෙම කියන්න හේතුව තමයි වඩාත් ආකර්ෂණීයම ශරීර ලක්ෂණ තියන කුරුල්ලාගේ පරපුර තමයි තව තවත් ලක්ෂණ එකතු වෙවී නොනැසී ඉදිරියටම යන්නේ. බහුතරයක් සත්තුන්ගේ තියනවා වගේම මේ කුරුල්ලන්ගෙත් ගැහැණු සතා ස්වභාවයෙන්ම dull colors තියන, patterns අඩු, සාපේක්ෂව කැත කෙනෙක්.ගැහැණු සතා විසින් තෝරාගන්න පිරිමි සතාට තමයි මේ විදියට තමන්ගේ පරම්පරාව ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙන්නේ. මේ නිසා Ed Scholes කියන විදියට මේ කුරුල්ලන්ව සැලකුවාම, සාමාන්‍යයෙන් ඕනෑම ජීවියෙකුට අදාල වෙන “rules of survival” ට වඩා “rules of successful mating” කියන දේ ගොඩක් බලවත්.

දීප්තිමත් පාට පිහාටු ඔහොම කොහොමහරි ලැබුනා කියමුකෝ.එතකොට මේ නැටුම් ඉගෙනගන්නේ කොහොමද?
කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනිත් කුරුල්ලොත් ඔය වගේ නැටුම් දානවනේ කිරිල්ලියෝ ඉස්සරහා කියලා.ඔව් ඒක ඇත්ත.මෙයාලගේ තියන වෙනස තමයි තමන්ගේ ශරීරයේ හැඩය වෙනස් කරගන්න (shape shifting) තියන විශේෂ හැකියාව.
කලින් කිවුවා වගේ sexual competition එකට ගැලපෙන විදියට පිරිමි සත්තු කරන්නේ කුඩා කාලයේ ඉදන්ම එක එක නර්ථනයන් පුරුදු වෙනවා. practice makes perfect කියලා ගැහැණු සත්තු ඉස්සරහට ගිහින් නටන්න කලින් දහස් වාරයක් පුරුදු වෙනවා.පොඩි පිරිමි කුරුල්ලෝ කරන්නේ වැඩි වියට පත්වුන කුරුල්ලෝ කිරිල්ලියෝ ඉස්සරහ නටන නැටුම් බලාගෙන ඉගෙන ගන්න එක. ඊට පස්සේ පොඩි කුරුල්ලෝ පිරිමි සත්තුම දෙන්නෙක් එකතු වෙලා practice කරනවා.තාම හරියට අර ලස්සන පිහාටු වත් ඇවිත් නැති මේ පොඩි පිරිමි සත්තු කරන්නේ තමන්ගේ role එක මාරු කර කර practice කරන එක. ඒ කියන්නේ එක පිරිමි කුරුල්ලෙක් කිරිල්ලියක් විදියට අගවද්දි අනිත් කුරුල්ලා ඌ ඉස්සරහට වෙලා නටනවා.අර කුරුල්ලා කිරිල්ලියක් විදියට මේ කුරුල්ලා හොදට නටනකම් එක එක angle වලින් බල බල කිරිල්ලියක් විදියට රගපානව.ඒත් එක්කම අඩුපාඩු කියලත් දෙනවා.ඔය විදියට මාරුවෙන් මාරුවට දහස් වාරයක් පුරුදු වෙනවා.හැබැයි ඉතින් ඔය යාළුකම තියෙන්නේ පොඩි කාලේ විතරයි.දීප්තිමත් පිහාටු ඇවිල්ල කිරිල්ලියක් හොයාගන්න ඕනා වයසට ආවම තරුණ කුරුල්ලෝ ගහ ගන්න පටන් ගන්නවා. ඒ කාලේ වෙද්දි තනියම තමා practice කරන්නේ.

උඩින්ම තිබුන video එක බැලුවා නම් (අනිවා බලන්න) දකින්න ඇති බැලරිනා නැටුමක් කරන කුරුල්ලෙක්.ඒක දිහා බැලුවම හිතෙන්න පුළුවන් ඒ විදියට ඇග, පියාපත් හදාගන්න එකත් ජානවලින්ම ආපු දෙයක් කියලා.ඒත් කියන විදියට ඒ හැකියාවත් ලබාගන්නේ සෑහෙන්න (අවුරුදු ගාණක්) practice කරලයි.
තව දෙයක්, මේ කුරුල්ලෝ නැටුම නටද්දි හැමතිස්සෙම ලස්සන පැත්ත විතරක් කිරිල්ලියට පේන විදියට නටන්නේ.ඒ නිසා තමයි ඔය කිරිල්ලී හැරෙන හැරෙන පැත්තට පනින්නේ නටන ගමන්.

Mating dance
RemarkableDiscreteFrogmouth.gif


The parotia ලා නැටුම පටන් ගන්න කලින් පැය ගාණක් තිස්සේ තමන්ගේ වේදිකාවෙ තියන නටුබටු අයින් කරලා බොහොම පිරිසිදුවට වේදිකාව හදාගන්නවා.මෙයාල එහෙම වේදිකාව විදියට තෝරගන්නේ නැටුමට කරදරයක් නොවෙන විදිහේ තැනිතලා බිමක් වගේම කිරිල්ලියන්ට ඇවිත් වට වෙලා හොදට නැටුම රසවිදින්න පුළුවන් තැනක්.
මෙයාලගේ mating dance ගැන තියන මේකත් පට්ටම video එකක්.. අනිවාර්යයෙන් බලන්න


සමහර වෙලාවට මෙයාලාගේ මේ නැටුම් බලන්න ළග පාතක කිරිල්ලියක් නැති වෙන්න පුළුවන්.ඒත් එයාල තමන්ගේ සංදර්ශනේ cancel කරන්නේ නෑ.ඒ වගේ වෙලාවට වයසින් අඩු පොඩි කුරුල්ලෝ තමා බලන් ඉන්නේ.එහෙමවත් නැතුව වුනත් සමහර කුරුල්ලෝ නටනවා ලු. එහෙම නටන එක්කෙනෙක් තමා ඔය පහළින් ඉන්න The buff-tailed sicklebill කුරුල්ලා. මෙයා හැමදවසකම හැන්දෑවට එකම වෙලාවට එකම අත්තකට ඇවිත් තමන්ගේ නැටුම් සංදර්ශනේ කරනවා.
jes1r0S.jpg


shape shifting ගැන තියන video එකක් මේක.. ඒකත් නියමයි:cool::cool::cool:


ඔය කියන නර්ථන හැකියාවට අමතරව තව හොද වැඩ කෑල්ලක් තියනවා.Ed Scholes එයාගේ ගමන් තොරතුරු ඉදිරිපත් කරද්දි අපූරු කතාවක් කියනවා.ඔන්න දෙවෙනි ලෝක යුද්ධ කාලේ ජපාන සෙබළු සටන් කර කර යද්දි මේ කුරුල්ලෝ ඉන්න ප්‍රදේශයටත් ආවලු.ඒ එද්දි ඉවරයක් නැතුව මැෂින් ගන් එකක සද්දයක් ඇහෙනවලු.කවුද ඩෝ අපිට වෙඩි තියන්න එන්නේ කිය කිය සෙබළු ටික අර සද්දේ ඇහෙන පැත්ත හොයාගෙන යනවලු.ඔහොම ඇහෙන ඇහෙන වෙලාවේ පස්සෙන් ගිහින් කොච්චර සෝදිසි කරලා බැලුවත් සද්දේ විතරයි වෙඩි නැහැල්ලු.ඊටපස්සේ එක්කෙනෙක් ව ගහකට නග්ගලා බැලුවම අය්යෝ මූ කුරුල්ලෙක් නේ බඩු ටික අකුලගෙන කියලා ආපහු ආවා ලු.මේ කියන්නේ brown sicklebill කියන කුරුල්ලා ගැන.

ඒ ප්‍රදේශයේම ඉන්න guide කෙනෙක් එක්කන් ගියත් මේ අයගේ ශබ්ද ටික හරියටම අදුරගන්න බෑ කියලා කියන්නේ.හච්චින් අරින සද්දයක් එක්ක mew mew වගේ සද්දයක් කර කර මහා කරච්චලයක් කරන්නේ Carola's parotia. The superb bird of paradise, metallic tone එකක් දාද්දි King of Saxony කුරුල්ලා දාන්නේ radio එක tune කරගෙන යද්දි ඇහෙන සද්දෙට (අර එක පාරට ඩෝන් පටෝන් ගාන්නේ එක එක චැනල් කැලි පහුවෙවී යද්දී) සමාන සද්දයක්.කුරුල්ලන්ව බලන්න යන අය හොල්මන් වෙන ඔය වගේ එකිනෙකාට ආවේනික ශබ්ද මේ කුරුල්ලන්ට තියනවා ලු.

Ed Scholes සහ Tim Laman දෙන්න එකතු වෙලා අවුරුදු 8කට ආසන්න කාලයක් කටු කාල මේ කුරුල්ලන්ගෙන් විශේෂ 39ම photo, videos අරන document කරලා තියනවා (එච්චර ගාණක් document කරපු පළවෙනි දෙන්නා ලු).මේ ත්‍රෙඩ් එකේ දාල තිබුන video ඔක්කොම එයාලගේ මහන්සියේ ප්‍රතිඵල තමා.තව BBC එකේ Planet Earth documentary seriesඑකේ Jungles video එකෙත් මෙයාලා ගැන තියනවා.

පහළ තියෙන්නෙ mating dances ටිකක්
mating.gif

bird-of-paradise-dancing-o.gif

tumblr_m20youfY0e1r2wrwho1_r1_400.gif


මේ ගැන interest නම් ඔය නිකම් ඉන්න ගමන් Ed Scholes, Tim Laman දෙන්නගේ විස්තර තියන website එකේ බලන්න.
තවත් බලන්න ඕනේ නම් Ed Scholes ගේ පොතක් තියනවා සල්ලි තියන අය අරගෙන බලන්න (වැඩි ගණන් නෑ $50 යි).අරගෙන අපිටත් දෙන්න කොපිය ගානේ.;);););)
ප.ලි. අර ඩබල වගේ අවුරුදු 8ක් ඉන්න බැරි වුනත් කවදාහරි දවසක මේකෙන් එක කුරුල්ලෙක්ව හරි මැරෙන්න කලින් ඇස් දෙකට බලාගන්න එක මගේ හීනයක්.ඒක කොහොමහරි හැබෑකරගන්න ඕනේ.:yes::yes::yes:
 
Last edited:

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කළාට සොරි වෙන්න ඕනේ...:(:( කියවන්න කැමති කෙනෙක් හිටියොත් කියලා හිතලයි බම්ප් කළේ
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ වගෙ ලස්සන ත්‍රේඩ් එකකටත් තියෙන්නේ කමෙන්ට්ස් විසි එකද?