නටගාමිණී කියන එක පරිවර්තනය වෙන්නෙ නර්තනයට අධිපතිවූ කියන අර්ථයෙන් ගොඩක් ට්‍රාන්ස්ලේශන් වල. ගාමිණී කියන්නෙ අධිපති කියන එක. එතකොට බොහෝවිට නටගාමිණී කියන්නෙ නැටුම් කණ්ඩායමක අධිපතියා කියන අර්ථය වෙන්න ඕනෙ.
සූත්‍ර කන්ටෙක්ස්ට් එකට අනුව යමෙක් තමනුත් රාගයෙන් ද්වේෂයෙන් සහ මෝහයෙන් මත්ව අන්‍යනුත් රාගයෙන් ද්වේෂයෙන් සහ මෝහයෙන් පිනවමියි (නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ සච්චාලිකෙන ජනං හාසෙති රමෙති) කියමින් සිතාගෙන ඒ සඳහා උත්සුක වෙනවද ඒ අය පහාස නිරයටත්, පහාස කියන්නෙ නිරයක් නොව දිව්‍යලෝකයක්ය කියන දෘෂ්ටිය දරාගෙන සිටියොත් කයබිඳී මරණින් මතු නිරය හෝ තරිසන් යෝනියේ උප්පත්තිය ලබනෙයි කියලා කියවෙන්නෙ.
ඉහත කන්ටෙක්ස්ට් එකට අනුව අද කාලයට නටගාමිණී ආදේශ කලොත් පර්ෆෝර්මන්ස් ආට්ස් වලට වැටෙනවා කියන එක තමා මගේ අදහස. තාලපුට නැටුම් මාස්ටර්ටගෙ ඒ රැකියාව හා බැඳුනු විශේෂිත අභිප්රායාන් සහ කායික වාචසික ක්‍රියාවන් වර්ථමාන නළුනිලි රැකියාව හා සමපාත වෙනවා කියලා හිතනවා.
හැබයි මේ නිර්වචනයට එන්න මම භාවිතා කලේ සූත්‍ර කන්ටෙක්ස්ට් එක සහ අටුවාව දෙන නිර්වචන. ටීකාව නම් නෙමෙයි.
නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු දෝසයට කරුණු වෙති නම් ඔවුන් බෙහෙවින් දෝස සහිත වීම පිණිස එළවා දක්වයි. ගාමිණී, පෙර සත්ත්වයෝ නො පහ වූ මෝහ ඇතියහ. මෝහ බැඳුමෙන් බැඳුණහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු මෝහයට කරුණු වෙත් නම් ඔවුන් බෙහෙවින් මෝහ සහිත වීම පිණිස එළවා දක්වයි.
හේ තෙමේ මත් වූයේ පමා වූයේ මෙරමා මත් කරවා පමා කරවා කාබුන් මරණින් මතු පහාස නම් නිරයෙක් වේ නම් එහි උප දී//
https://tipitaka.lk/sn-4-8-1-2/2-0/sinh
නිරයෙහි සත්ත්වයෝ
නටන්නවුන් මෙන් ද, ගයන්නුන් මෙන් ද වශයෙන් නළුවෙස් ගෙන ම අවීචි (නිර)යේම එක් කොටසක පැසෙති. //
https://tipitaka.lk/atta-sn-4-8-1-2/94-1/sinh
අටුවාවෙ තැනක තියෙනවනෙ නටන්නනවුන් මෙන්ද ගයන්නවුන් මෙන්ද නළු වෙස් ගෙනම කියල , එතකොට මෙතන සඳහන් වෙන්නෙ නැටුම් ගැයුම් දෙකම තියෙන නාට්‍ය විශේෂයක් ගැන වෙන්ඩ ඕන නේද, නැටුම් ගැන විතරක් නන් සඳහන් වෙන්නෙ, ගැයුම් ගැන සඳහනක් වෙන්ඩ බෑ නේද..
රාගාදිය අවුස්සන දේවල් කරොත් නිරයට යනව කීව නන්, කෙනෙකුට රසකැවිලි/ කෑම විකුණන්ඩවත් බෑ නේද, කොටින්ම කියනව නන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ට සැමියයි බිරිඳයි විදිහටවත් හැසිරෙන්ඩ බෑ නේද..
සමහර ඩික්ෂනරි වල තියෙනව නට කියන්නෙ නළුවට කියලත්..
තාලපුට සූත්‍ර ටීකාව
//
තාලපුටසුත්තවණ්ණනා
354.වාලොති වුච්චති තාලො, තස්ස තාලපුටං නාම. යථා ආමලකීඵලසමානකං, සො පන තාලසදිසමුඛවණ්ණත්තා
තාලපුටොති එවංනාමකො. තෙනාහ
“තස්ස කිරා”තිආදි.
අභිනීහාරසම්පන්නො අනෙකෙසු කප්පෙසු සම්භතසාවකබොධිසම්භාරො. තථා හෙස අසීතියා මහාසාවකෙසු අබ්භන්තරො ජාතො.
සහස්සං දෙන්ති නච්චං පස්සිතුකාමා.
සමජ්ජවෙසන්ති නෙපච්චවෙසං.
කීළං කත්වාති නච්චකීළිතං කීළිත්වා, නච්චිත්වාති අත්ථො.
පුබ්බෙ තථාපවත්තවුත්තන්තදස්සනෙ
සච්චෙන, තබ්බිපරියායෙ
අලිකෙන. රාගපච්චයාති රාගුප්පත්තියා කාරණභූතා.
මුඛතො…පෙ… දස්සනාදයොති
ආදි-සද්දෙන මුඛතො අග්ගිජාලනික්ඛමදස්සනාදිකෙ සඞ්ගණ්හාති.
අඤ්ඤෙ ච…පෙ… අභිනයාති කාමස්සාදසංයුත්තානං සිඞ්ගාරහස්සඅබ්භුතරසානඤ්චෙව “අඤ්ඤෙ චා”ති වුත්තසන්තබීභච්ඡරසානඤ්ච දස්සනකා අභිනයා.
දොසපච්චයාති දොසුප්පත්තියා කාරණභූතා.
හත්ථපාදච්ඡෙදාදීති
ආදි-සද්දෙන සඞ්ගහිතානං රුද්දවීරභයානකරසානං දස්සනකා අභිනයා.
මොහපච්චයාති මොහුප්පත්තියා කාරණභූතා.
එවමාදයොති
ආදි-සද්දෙන සඞ්ගහිතානං කරුණාසන්තභයානකරසානං දස්සනකා අභිනයා. තෙ හි රසෙ සන්ධාය පාළියං “යෙ ධම්මා රජනීයා, යෙ ධම්මා දොසනීයා, යෙ ධම්මා මොහනීයා”ති ච වුත්තං.
නටවෙසං ¶
ගහෙත්වාව පච්චන්ති කම්මසරික්ඛවිපාකවසෙන.
තං සන්ධායාති තං යථාවුත්තං නිරයෙ පච්චනං සන්ධාය.
එතං “පහාසො නාම නිරයො, තත්ථ උපපජ්ජතී”ති
වුත්තං. යථා ලොකෙ අත්ථවිසෙසවසෙන සකම්මකානිපි පදානි අකම්මකානි භවන්ති “විමුච්චති පුරිසො”ති, එවං ඉධ අත්ථවිසෙසවසෙන අකම්මකං සකම්මකං කත්වා වුත්තං –
“නාහං, භන්තෙ, එතං රොදාමී”ති. කො ¶ පන සො අත්ථවිසෙසො? අසහනං අක්ඛමනං, තස්මා
න රොදාමි න සහාමි, න අක්ඛමාමීති අත්ථො. රොදනකාරණඤ්හි අසහන්තො තෙන අභිභූතො රොදති. තමෙවස්ස සකම්මකභාවස්ස කාරණභූතං අත්ථවිසෙසං
“න අස්සුවිමොචනමත්තෙනා”ති වුත්තං.
මතං වා, අම්ම, රොදන්තීති එත්ථාපි මතං රොදන්ති, තස්ස මරණං න සහන්ති, නක්ඛමන්තීති පාකටොයමත්ථොති.
තාලපුටසුත්තවණ්ණනා නිට්ඨිතා.//
https://tipitaka.app/?a=md7-6-si
------
Post added on Dec 22, 2022 at 7:25 PM