පාලි හෙල්ප්

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    පුබ්බෙ තථාපවත්තවුත්තන්තදස්සනෙ සච්චෙන, තබ්බිපරියායෙ අලිකෙන. රාගපච්චයාති රාගුප්පත්තියා කාරණභූතා.
    මේකෙ තේරුම මොකක්ද, තාලපුට සූත්‍රෙ ටීකාවෙ කොටසක් https://tipitaka.app/?a=md7-6-si

    up
    ------ Post added on Dec 21, 2022 at 11:46 PM
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    කලින් (පෙර) කියපු දර්ශනය සත්‍යයි. තියනවා කියලා අල්ලගත්ත පරියාය සත්‍ය නොවේ... thabbipariyaya may have a complete meaning but when break to letters I get this meaning

    රාගපච්චයාති රාගුප්පත්තියා කාරණභූතා - රාගයට හේතු වෙන්නේ රාගය උප්පද්දන කරුනු වල හට ගැනීමයි. (භූත කියද්දි කොහේවත් නැති තැනකින් කියලා ගන්න ඕනේ)
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    @shadow134

    👍
    ------ Post added on Dec 22, 2022 at 12:55 AM
     
    • Like
    Reactions: Freereload

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    කලින් (පෙර) කියපු දර්ශනය සත්‍යයි. තියනවා කියලා අල්ලගත්ත පරියාය සත්‍ය නොවේ... thabbipariyaya may have a complete meaning but when break to letters I get this meaning

    රාගපච්චයාති රාගුප්පත්තියා කාරණභූතා - රාගයට හේතු වෙන්නේ රාගය උප්පද්දන කරුනු වල හට ගැනීමයි. (භූත කියද්දි කොහේවත් නැති තැනකින් කියලා ගන්න ඕනේ)
    මචං මන් ඔය දාල තියෙන ලින්ක් එකේ තියෙන තාලපුට සූත්‍ර ටීකාවෙන් නළුවෙක් කියන එකට අර්ථදැක්වීමක් හොයාගන්ඩ පුලුහන්ද..
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මචං මන් ඔය දාල තියෙන ලින්ක් එකේ තියෙන තාලපුට සූත්‍ර ටීකාවෙන් නළුවෙක් කියන එකට අර්ථදැක්වීමක් හොයාගන්ඩ පුලුහන්ද..
    ඒ ලින්ක් එකෙන් යන්නෙ වෙන සූත්‍රයකට වගේ. මේ විදිහට ගියා නම් හරි. (ගාමිණී සංයුත්තය)

    Screenshot_20221222-011520_Chrome.jpg
     
    Last edited:
    • Like
    Reactions: Freereload

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මචං මන් ඔය දාල තියෙන ලින්ක් එකේ තියෙන තාලපුට සූත්‍ර ටීකාවෙන් නළුවෙක් කියන එකට අර්ථදැක්වීමක් හොයාගන්ඩ පුලුහන්ද..

    නටගාමිණී කියන එක පරිවර්තනය වෙන්නෙ නර්තනයට අධිපතිවූ කියන අර්ථයෙන් ගොඩක් ට්‍රාන්ස්ලේශන් වල. ගාමිණී කියන්නෙ අධිපති කියන එක. එතකොට බොහෝවිට නටගාමිණී කියන්නෙ නැටුම් කණ්ඩායමක අධිපතියා කියන අර්ථය වෙන්න ඕනෙ.

    සූත්‍ර කන්ටෙක්ස්ට් එකට අනුව යමෙක් තමනුත් රාගයෙන් ද්වේෂයෙන් සහ මෝහයෙන් මත්ව අන්‍යනුත් රාගයෙන් ද්වේෂයෙන් සහ මෝහයෙන් පිනවමියි (නටො රඞ‍්ගමජ‍්ඣෙ සමජ‍්ජමජ‍්ඣෙ සච‍්චාලිකෙන ජනං හාසෙති රමෙති) කියමින් සිතාගෙන ඒ සඳහා උත්සුක වෙනවද ඒ අය පහාස නිරයටත්, පහාස කියන්නෙ නිරයක් නොව දිව්‍යලෝකයක්ය කියන දෘෂ්ටිය දරාගෙන සිටියොත් කයබිඳී මරණින් මතු නිරය හෝ තරිසන් යෝනියේ උප්පත්තිය ලබනෙයි කියලා කියවෙන්නෙ.

    ඉහත කන්ටෙක්ස්ට් එකට අනුව අද කාලයට නටගාමිණී ආදේශ කලොත් පර්ෆෝර්මන්ස් ආට්ස් වලට වැටෙනවා කියන එක තමා මගේ අදහස. තාලපුට නැටුම් මාස්ටර්ටගෙ ඒ රැකියාව හා බැඳුනු විශේෂිත අභිප්‍රායාන් සහ කායික වාචසික ක්‍රියාවන් වර්ථමාන නළුනිලි රැකියාව හා සමපාත වෙනවා කියලා හිතනවා.

    හැබයි මේ නිර්වචනයට එන්න මම භාවිතා කලේ සූත්‍ර කන්ටෙක්ස්ට් එක සහ අටුවාව දෙන නිර්වචන. ටීකාව නම් නෙමෙයි.
     
    නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු දෝසයට කරුණු වෙති නම් ඔවුන් බෙහෙවින් දෝස සහිත වීම පිණිස එළවා දක්වයි. ගාමිණී, පෙර සත්ත්‍වයෝ නො පහ වූ මෝහ ඇතියහ. මෝහ බැඳුමෙන් බැඳුණහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු මෝහයට කරුණු වෙත් නම් ඔවුන් බෙහෙවින් මෝහ සහිත වීම පිණිස එළවා දක්වයි.
    හේ තෙමේ මත් වූයේ පමා වූයේ මෙරමා මත් කරවා පමා කරවා කාබුන් මරණින් මතු පහාස නම් නිරයෙක් වේ නම් එහි උප දී// https://tipitaka.lk/sn-4-8-1-2/2-0/sinh
    නිරයෙහි සත්ත්වයෝ නටන්නවුන් මෙන් ද, ගයන්නුන් මෙන් ද වශයෙන් නළුවෙස් ගෙන ම අවීචි (නිර)යේම එක් කොටසක පැසෙති. // https://tipitaka.lk/atta-sn-4-8-1-2/94-1/sinh
    අටුවාවෙ තැනක තියෙනවනෙ නටන්නනවුන් මෙන්ද ගයන්නවුන් මෙන්ද නළු වෙස් ගෙනම කියල , එතකොට මෙතන සඳහන් වෙන්නෙ නැටුම් ගැයුම් දෙකම තියෙන නාට්‍ය විශේෂයක් ගැන වෙන්ඩ ඕන නේද, නැටුම් ගැන විතරක් නන් සඳහන් වෙන්නෙ, ගැයුම් ගැන සඳහනක් වෙන්ඩ බෑ නේද..
    රාගාදිය අවුස්සන දේවල් කරොත් නිරයට යනව කීව නන්, කෙනෙකුට රසකැවිලි/ කෑම විකුණන්ඩවත් බෑ නේද, කොටින්ම කියනව නන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ට සැමියයි බිරිඳයි විදිහටවත් හැසිරෙන්ඩ බෑ නේද..
    සමහර ඩික්ෂනරි වල තියෙනව නට කියන්නෙ නළුවට කියලත්..
    dictionary.jpg

    තාලපුට සූත්‍ර ටීකාව
    //
    තාලපුටසුත්තවණ්ණනා
    354.වාලොති වුච්චති තාලො, තස්ස තාලපුටං නාම. යථා ආමලකීඵලසමානකං, සො පන තාලසදිසමුඛවණ්ණත්තා තාලපුටොති එවංනාමකො. තෙනාහ “තස්ස කිරා”තිආදි. අභිනීහාරසම්පන්නො අනෙකෙසු කප්පෙසු සම්භතසාවකබොධිසම්භාරො. තථා හෙස අසීතියා මහාසාවකෙසු අබ්භන්තරො ජාතො. සහස්සං දෙන්ති නච්චං පස්සිතුකාමා. සමජ්ජවෙසන්ති නෙපච්චවෙසං. කීළං කත්වාති නච්චකීළිතං කීළිත්වා, නච්චිත්වාති අත්ථො.
    පුබ්බෙ තථාපවත්තවුත්තන්තදස්සනෙ සච්චෙන, තබ්බිපරියායෙ අලිකෙන. රාගපච්චයාති රාගුප්පත්තියා කාරණභූතා. මුඛතො…පෙ… දස්සනාදයොති ආදි-සද්දෙන මුඛතො අග්ගිජාලනික්ඛමදස්සනාදිකෙ සඞ්ගණ්හාති. අඤ්ඤෙ ච…පෙ… අභිනයාති කාමස්සාදසංයුත්තානං සිඞ්ගාරහස්සඅබ්භුතරසානඤ්චෙව “අඤ්ඤෙ චා”ති වුත්තසන්තබීභච්ඡරසානඤ්ච දස්සනකා අභිනයා. දොසපච්චයාති දොසුප්පත්තියා කාරණභූතා. හත්ථපාදච්ඡෙදාදීති ආදි-සද්දෙන සඞ්ගහිතානං රුද්දවීරභයානකරසානං දස්සනකා අභිනයා. මොහපච්චයාති මොහුප්පත්තියා කාරණභූතා. එවමාදයොති ආදි-සද්දෙන සඞ්ගහිතානං කරුණාසන්තභයානකරසානං දස්සනකා අභිනයා. තෙ හි රසෙ සන්ධාය පාළියං “යෙ ධම්මා රජනීයා, යෙ ධම්මා දොසනීයා, යෙ ධම්මා මොහනීයා”ති ච වුත්තං.
    නටවෙසංගහෙත්වාව පච්චන්ති කම්මසරික්ඛවිපාකවසෙන. තං සන්ධායාති තං යථාවුත්තං නිරයෙ පච්චනං සන්ධාය. එතං “පහාසො නාම නිරයො, තත්ථ උපපජ්ජතී”ති වුත්තං. යථා ලොකෙ අත්ථවිසෙසවසෙන සකම්මකානිපි පදානි අකම්මකානි භවන්ති “විමුච්චති පුරිසො”ති, එවං ඉධ අත්ථවිසෙසවසෙන අකම්මකං සකම්මකං කත්වා වුත්තං – “නාහං, භන්තෙ, එතං රොදාමී”ති. කො ¶ පන සො අත්ථවිසෙසො? අසහනං අක්ඛමනං, තස්මා න රොදාමි න සහාමි, න අක්ඛමාමීති අත්ථො. රොදනකාරණඤ්හි අසහන්තො තෙන අභිභූතො රොදති. තමෙවස්ස සකම්මකභාවස්ස කාරණභූතං අත්ථවිසෙසං “න අස්සුවිමොචනමත්තෙනා”ති වුත්තං. මතං වා, අම්ම, රොදන්තීති එත්ථාපි මතං රොදන්ති, තස්ස මරණං න සහන්ති, නක්ඛමන්තීති පාකටොයමත්ථොති.
    තාලපුටසුත්තවණ්ණනා නිට්ඨිතා.// https://tipitaka.app/?a=md7-6-si
    ------ Post added on Dec 22, 2022 at 7:25 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අටුවාවෙ තැනක තියෙනවනෙ නටන්නනවුන් මෙන්ද ගයන්නවුන් මෙන්ද නළු වෙස් ගෙනම කියල , එතකොට මෙතන සඳහන් වෙන්නෙ නැටුම් ගැයුම් දෙකම තියෙන නාට්‍ය විශේෂයක් ගැන වෙන්ඩ ඕන නේද, නැටුම් ගැන විතරක් නන් සඳහන් වෙන්නෙ, ගැයුම් ගැන සඳහනක් වෙන්ඩ බෑ නේද..

    ඒ ආකාරයේ "විශේෂ" න්‍යට්‍ය වර්ගයක් ගැන මම දැනුවත් නැහැ.

    රාගාදිය අවුස්සන දේවල් කරොත් නිරයට යනව කීව නන්, කෙනෙකුට රසකැවිලි/ කෑම විකුණන්ඩවත් බෑ නේද, කොටින්ම කියනව නන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ට සැමියයි බිරිඳයි විදිහටවත් හැසිරෙන්ඩ බෑ නේද..
    සමහර ඩික්ෂනරි වල තියෙනව නට කියන්නෙ නළුවට කියලත්..

    රාගාදිය අවුස්සන පමණින් නිරයට යනවා කියලා කියන්නෙ නැහැනෙ. "මහ ජනකායක්" රාග දෝස මෝහයේ බැඳවීම, අනිත් අයටත් රාග දෝස මෝහයෙන් මත්වීම පුරුදු කරවීම තමා මේ කාරණයට හේතුවෙනවා කියන්නෙ. ඔන්න ගණිකා වෘත්තිය කරන පිරිමියෙක් හරි ගැහැණියක් හරි නම් මේ වගේ තත්වයකට පත්වෙන්න පුළුවන් කියලා හිතන්න පුලුවන්. මොකද ඔහු හෝ ඇය විශාල පිරිසක් රාග, ද්වේශ මෝහයේ අලවන නිසා.

    ආහාර උනත් සත්‍ය සහ අසත්‍ය කියන දෙකම භාවිත කරලා අධික ලෙස රාග ද්වේශ මෝහ ඇතිවෙන ආකාරයට අගය කරනවමින් පතුරවනවානම් (ඇඩ්වර්ටයිසිං), විශාල පිරිසකට මතවාදය පැතිරවීමම එකම අභිප්‍රායනම් මේ දේ සිදුවිය හැකියි කියලා හිතන්න පුලුවන්. එතනදි ඒක අදාල වෙන්නෙ ඇඩ්වර්ටයිසිං පැත්තටනෙ.

    ඒ වගෙම මේක එක්තරා විදිහකට එන්න එන්න ධර්මාවබෝධය කල හැකි පිරිස අඩු වෙන්න හේතුවක් විදිහට දකින්නත් පුලුවන්. අපි දියුණුව කියලා ගන්න දේ ධර්මානුකූලව ගත්තම පිරිහීමක්. උදාහරණයකට ගන්නකො අද අපිට හොරකම් කරන්න කොච්චර ලේසිද. ටොරන්ට් සයිට් එකට ගියා හොරකම් කලා. එදා දේවල් හොරකම් කල අද දත්ත හොරකම් කරනවා. එදා අපහසුවෙන් කලා අද පහසුවෙන් ගෙදර ඉඳන් හොරකම් කරනවා. ඒ වගේ, එදා තාලපුටලා ගමින් ගමට ගැල් බැඳන් ගිහින් කලා, අද ස්ටූඩියෝ එකක/ස්මාර්ට්ෆෝන් කැමරාවක් ඉස්සරහා ඉඳන් මුලු ලෝකයකට යනවා. අපි දියුණු වීමක් විදිහට දකින ලෝකය ධර්මානුකූලව සිදුවෙන්නෙ පිරිහීමක්. අද සමාජයේ තාලපුට කෙනෙක් වෙන්න හරි ලෙහෙසියි...

    Edit -

    මේ වගේ පොලිටිකලි කරක්ට් නොවන සූත්‍ර ඕනෑ තරම් ත්‍රිපිටකයේ තියනවා. තාලපුට සූත්‍රයට පස්සෙ තියන යෝධාජීව සූතයත් එහෙම එකක්.
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    රාගාදිය අවුස්සන දේවල් කරොත් නිරයට යනව කීව නන්, කෙනෙකුට රසකැවිලි/ කෑම විකුණන්ඩවත් බෑ නේද, කොටින්ම කියනව නන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ට සැමියයි බිරිඳයි විදිහටවත් හැසිරෙන්ඩ බෑ නේද...
    මම හිතන්නේ ඒක අපිට තීරණය කරන්න පුලුවන් දෙයක් නෙවේ. කර්මය ක්‍රියාත්මක වෙන විදිහ දන්නෙ බුදුරජාණන් වහන්සේනෙ. කර්මය ක්‍රියාත්මක වන විදිහ අනුව යම් කෙනෙකුට/පිරිසකට අසාධාරණයක් වෙනවා වෙන්න පුලුවන්. සාධාරණව හෝ අසාධාරණව කර්මය ක්‍රියාත්මක වන ආකාරයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා.

    ගිහියන් සැමියා-බිරිඳ ලෙස කටයුතු කරන එකේ වැරැද්දක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑ.
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම හිතන්නේ ඒක අපිට තීරණය කරන්න පුලුවන් දෙයක් නෙවේ. කර්මය ක්‍රියාත්මක වෙන විදිහ දන්නෙ බුදුරජාණන් වහන්සේනෙ. කර්මය ක්‍රියාත්මක වන විදිහ අනුව යම් කෙනෙකුට/පිරිසකට අසාධාරණයක් වෙනවා වෙන්න පුලුවන්. සාධාරණව හෝ අසාධාරණව කර්මය ක්‍රියාත්මක වන ආකාරයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා.

    ගිහියන් සැමියා-බිරිඳ ලෙස කටයුතු කරන එකේ වැරැද්දක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑ.

    ඔව් මේකත් සැලකිය යුතු පිලිතුරක්. කර්ම විශය බුදුරදුන් සතු ඥානයක්. ශ්‍රාවකයන්ට ගෝචර නැහැ.
     
    • Like
    Reactions: S_M_S

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    සො නටො රඞ‍්ගමජ‍්ඣෙ සමජ‍්ජමජ‍්ඣෙ සච‍්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස‍්ස භෙදා පරම‍්මරණා පහාසානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජතීති.
    https://tipitaka.lk/sn-4-8-1-2/1-3/pali
    මෙතන රඞ‍්ගමජ‍්ඣෙ කියන්නෙ රංග ශාලාව මැද කියන එක, නැටුමක් ගැන විතරක් නන් කියන්නෙ, නැටුම්හල මැද කියලනෙ කියන්ඩ ඕන..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සො නටො රඞ‍්ගමජ‍්ඣෙ සමජ‍්ජමජ‍්ඣෙ සච‍්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස‍්ස භෙදා පරම‍්මරණා පහාසානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජතීති.
    https://tipitaka.lk/sn-4-8-1-2/1-3/pali
    මෙතන රඞ‍්ගමජ‍්ඣෙ කියන්නෙ රංග ශාලාව මැද කියන එක, නැටුමක් ගැන විතරක් නන් කියන්නෙ, නැටුම්හල මැද කියලනෙ කියන්ඩ ඕන..

    නටගාමිණී කියන එක නෘත්‍යද (dance) නාට්‍යද (drama) කියන එකට අපිට හරිම එකඟතාවයකට එන්න අපහසු වෙයි. මම හිතන්නෙ නැහැ ටීකාවෙත් මේ කාරණය පැහැදිලි වෙනවා කියලා. මේ සූත්‍රය පහදාගන්න යතුර තියෙන්නෙ අර මම මුලින් සඳහන් කරපු කොටසේ කියන එකයි මගේ දැනීම. තාලපුට ථේරගථා වලවත් උන්වහන්සේගේ රැකියාවෙ ස්වරූපය ගැන ඔයා බලාපොරොත්තු වෙන විදිහෙ පැහැදැලි කිරීමක් කියවන්න ලැබුනෙ නැහැ.

    වර්ථමාන නැටුම් හෝ නාට්‍ය (විනෝදාස්වාද වෘත්තීන්) බේරාගැනීමේ අවශ්‍යතාවයක් වගේ දෙයක් හිත යට තියාගෙන ද ප්‍රශ්නය නගන්නෙ ? මම හිතන්නෙ නැහැ සියලු නළුනිලියන් සහ නැටුම් වෘත්තිකයන් මේ ගණයට වැටෙනවා කියලා. හුදෙක් ඒ ඒ වෘත්තීන් තුල දුගතියට පත්වීමේ වැඩි සම්භාවිතාවයක් පැවතීම තමා මට නම් සූත්‍රයෙන් මතුවෙන පණිවිඩය. එතනින් එහාට මේ ගැන කතාකරන්න මගේ දැනුම මදි...

    Edited
    further clarification and typo
     
    Last edited:

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    පාලි නම් ඒහැටි දන්නේ නෑ බ්‍රෝ අනික ඔය ටීකාවල අටුවාවල තියෙන්නේ සමාස තද්ධිත පද නේද ගොඩක්ම. ඔයවගේ පදවල අර්ථ පාලි ඩික්ෂනරියකින්වත් හොයන්න අමාරුයි. මම කාලයක් පාලි ස්ටඩි කළා. පස්සේ ඉතින් මග ඇරුනා. මට තේරුන විදිහට කියන්නම් සමහර විට වැරදි ඇති. :D

    පුබ්බෙ තථාපවත්තවුත්තන්තදස්සනෙ සච්චෙන (පෙර පැවති කතාපුවත් ඒ අයුරෙන්ම දැක්වීම සච්චෙන (සත්‍ය) යන්නෙන් කියවේ.)
    තබ්බිපරියායෙ අලිකෙන (පෙර පැවති කතාපුවත් වෙනස් කොට දැක්වීම අලිකෙන (අසත්‍ය) යන්නෙන් කියැවේ.).
    රාගපච්චයා
    ති රාගුප්පත්තියා කාරණභූතා. (රාගපච්චයා යනු රාගය උප්පත්ති කාරණා වේ.)

    ටීකාවල තියෙන්නේ පාලි වචනවල අර්ථ විග්‍රහයක් නේ. ඔතනදි සච්චෙන, අලිකෙන, රාගපච්චයා කියන වචනවල අර්ථය තමයි විග්‍රහ කරලා තියෙන්නේ.
    තව දන්න කෙනෙක් කියයි.