පාසල් සිසුවියන්ට සුබ පණිවුඩයක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,912
    6,793
    113
    39
    Galle
    පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමේ තිළිණපත් ලබාදීමේ සමාරම්භක වැඩසටහන අද (06) නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයෙන් ආරම්භ වුණි.

    පාසල් තුළ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක ව පවත්වාගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන දරුවන්ගේ පෞරුෂ වර්ධනයට හා සෞඛ්‍යවත් යහ පැවැත්මට ඉහවහල් වන පහසුකම් ලබා දීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සනීපාරක්ෂක වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

    සිසුවියන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමත් ආර්ථව සමය තුළ ඔවුන් මුහුණදෙන ගැටලු‍ හා සෞඛ්‍යමය නොදැනුම්වත්භාවය හේතුවෙන් අධ්‍යාපනය සඳහා නිසි අවධානයක් යොමු නොවීම වැනි අහිතකර තත්ත්වයන් වළක්වා ගැනීමත් මෙමඟින් අපේක්ෂිත ය.

    ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනයෙන් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සමස්තය අතරින් වතු පාසල් කාණ්ඩයට අයත් ජාතික පාසල් 07 සහ සියලු‍ පළාත් පාසල්වලට අයත් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සඳහා 2024 වර්ෂයේ ජුනි මාසයෙන් ආරම්භ කර මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපතක් නොමිලේ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාශය පියවර ගෙන ඇත.

    ඒ අනුව එක් සිසුවියකට රු. 1,200ක් වටිනා තිළිණපතක් ලබා දෙනු ලබන අතර එම තිළිණපත පාසල් හරහා සිසුවියන් වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබේ.

    මෙම තිළිණපත භාවිත කර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මඟින් සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකි ය.

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලත් සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිසුවියන්ගේ වගකීමකි.

    සිසුවියන් වෙත ලබා දෙන අදාළ තිළිණපත කොටස් දෙකකින් යුක්ත ය.

    එය රු. 600.00ක වටිනාකමින් යුත් 'A' හා 'B' ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර පළමුව එහි 'A'කොටස භාවිත කළ යුතු අතර එහි වලංගු කාලය 2024.06.10 - 2024.07.10 දක්වා වේ.

    අනෙක් 'B'කොටස භාවිත කළ හැකි වන්නේ 2024.09.01 - 2024.09.30 අතර කාල සීමාවේ දී ය. එම කාල සීමාවන් තුළ සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිදුකළ යුතු වේ.


    source: https://sinhala.adaderana.lk/news/197456
    2024.7.11 - 2024.08.31 dakwa saha 2024.10.01 sita idiri kaalaya osap wenne nathiluda?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,722
    113
    හොඳ වැඩ! වෙන්න ඕනේ දේවල්! හැබැයි චන්දෙ නම් දෙන්නේ නැ!
     
    • Like
    Reactions: tharuka1989

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඇයි රජයෙන් දෙන්නේ

    ඕවා ගන්න පුළුවන් තත්වෙට හිටපු මිනිස්සු අනාත කරලා දැන් බෙදනවා

    මමනම් ඔහොම නිකන් එක දෙයක් හරි බෙදපු එකෙක්ට ජීවිතේට චන්දෙ දෙන්නේ නෑ
     
    • Like
    Reactions: kinkon

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    අපේ රජයක් යටතේ, මතු ඉපදෙන පරම්පරාව ගැන හිතල තරුණයනට සුවපහසු අමුඩ ලේන්සු ලබාදීමට කටයුතු කරනව.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    pad-man-800px.jpg


    issara bayyo gahapu mada
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    කොච්චර කරත් උබල කවදද රනිල්ට හොඳක් කිව්වේ