පැන්ටා කුප්පිය

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
පැන්ටා කුප්පිය

පිටිසර ඉස්කෝලෙක උගන්නන්න ගියා මේ බස්නාහිර පැත්තේ බුවෙක්. ඉතින් දන්නවනේ ඔය පැත්තේ ඉන්නේ වැඩිය තැලිලා පොඩිවෙලා නැති අහිංසක මිනිස්සු බව…

දවසක් දා ඉස්කෝලෙට තමන්ගේ මල්ලිව දාල යන්න ආව පොඩි ( පොඩි කිව්වට පොඩිම නැහැ ) හැඩකාර ගැටිස්සියක් දැකල මේ බුවාගේ උන්ඩුකපුච්චය නිකන් කිචි කැවිලා ගියාලු. ඊට පස්සේ හැමදාම බුවා ඉතා සැලකිල්ලෙන් ඇඳුම් ඇඳලා කොන්ඩෙ පීරලා සෙන්ට් ගාල, එක විකාරයයිලු. කොහොම කොහොම හරි බුවා ටික කලක් යද්දී වැඩේ ගොඩ දා ගත්තා කියමුකෝ..

ඉතින් දවසක් අපේ බුවා මේ කෙල්ලව ටවුන් එකේ ෆිල්ම් හෝල් එකට අරගෙන යන්න තරම් දක්ෂයෙක් උනා ….ඔන්න ඉතින් ෆිල්ම් එක පටන් ගන්න ලයිට්ස් ඕෆ් කලා විතරයි බුවාට ඉහිලුම් නැතිව ගියා…එලෝ මෙලෝ සිහියක් නැතිව නැඹුල් මල තුරුල් කරගෙන හාදු දීගෙන දීගෙන දීගෙන ගියාලු…..

කෙල්ල ආසාවෙන් ආවට චිත්රකපටියේ මොනවා උනාද කියලවත් බලාගන්න ඉස්පාසුවක් දුන්නෙම නැතිලු….ඉතින් ඔහොම ගිහින් ඉන්ටවල් එකත් ආව කියමුකෝ …එත් ඉතින් බුවාට කෙල්ලව තුරුල්ලෙන් අත්හරින්නම හිතක් නැතිලු..

ගොදුර වෙලාගත්ත පිඹුරා වගේ ඔහේ වෙලී වෙලී ඉන්නවලු .ටිකක් වෙලා ඉවසගෙන හිටිය කෙල්ල ටිකක් සද්දෙන් අහල පහල පේලි දෙක තුනටම ඇහෙන්න එක්ක මෙන්න මෙහෙම කිව්වලු …

“ආ වෙලාවේ ඉදල කටම කන්ට හදන්නේ අය්යා ……….පැන්ටා කුප්පියක්වත් අරන් දෙන්නේ නැතෙයි….?
 

dilrukranjana

Member
Jun 30, 2007
2,499
60
0
ල්ල ටිකක් සද්දෙන් අහල පහල පේලි දෙක තුනටම ඇහෙන්න එක්ක මෙන්න මෙහෙම කිව්වලු …

“ආ වෙලාවේ ඉදල කටම කන්ට හදන්නේ අය්යා ……….පැන්ටා කුප්පියක්වත් අරන් දෙන්නේ නැතෙයි….?

kari scn eka ...