පැනෝරා නැවතත්-මිනිසුන් අමාරැවේ-මහ බැංකුව

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
  1. ඕකුන් පට්ට හොරු... වැඩේ කෙල උනාම මුන් සල්ලි දාපු අය කියල කට්ටිය දම්මවල එතන අමුතු ලයින් එකක් දුන්න.. වැඩේ කියන්න උන් දන්නේ නේ පුරපතිව :rofl: පුරපති එතන වලිය නිසා ඇවිත් බැලුව එතන අර ලොරි ටෝක් දුන්න එකා පුරපතිට අය්යේ කියල කතා කලේ :baffled: ඌට චටස් ගාල වැදුන කනේ පාරක් :yes: ඊට පස්සේ දුවනකන් ගැහුවා :dull:

1. වද්ද ෆාක්? :D
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පැටියා;16079362 said:
    1. වද්ද ෆාක්? :D

    1. :yes: ඕක හොර ගුහාවක් .. මම කීපදෙනෙක්ට කිව්වා දාන්න එපා කියල.. කෙල උනාට පස්සේ දැන් ඉන්නවා උන් කන් කඩාහැලිලා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;16079332 said:
    එල.

    මිනිස්සුන්ට ඇත්ත වසං කරලා (රවට්ටලා) එහෙම බිස්නස් එකක් කරනවනං කොහොමද මචං?

    මම නම් දන්නවා මම නොදන්න සබ්ජෙක්ට් එකකදි මම කාගෙ හරි රැවටීමකට අහු වෙන්න පුලුවන් කියලා. :yes:

    උඹ ජීවිතේ එක පාරක් වත් කාගෙ හරි රැවටීමකට අහු වෙලා පාඩු විඳලා නැද්ද? :baffled:
    එහෙනම් ඇත්ත කියලා බිස්නස් කරන එක තැනක් කියපන්කො

    රැවටෙන්නෙ දන්නෙ නැති නිසා වෙන්න පුලුවන්. ඒත් දන්නෙ නැති දේවල් ගැන කතාකරන එක ඊට වඩා අවුලක්.

    මොකද නැත්තෙ ඕන තරම් තියෙනව. පාඩුවලට බයනම් ෆිනෑන්ස් දේවල් වලට අතගහන්නෙ නැහැ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙනම් ඇත්ත කියලා බිස්නස් කරන එක තැනක් කියපන්කො

    රැවටෙන්නෙ දන්නෙ නැති නිසා වෙන්න පුලුවන්. ඒත් දන්නෙ නැති දේවල් ගැන කතාකරන එක ඊට වඩා අවුලක්.

    මොකද නැත්තෙ ඕන තරම් තියෙනව. පාඩුවලට බයනම් ෆිනෑන්ස් දේවල් වලට අතගහන්නෙ නැහැ

    :baffled:

    උඹ එක්ක තර්ක කරලා වැඩක් නෑ. :P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;16079504 said:
    :baffled:

    උඹ එක්ක තර්ක කරලා වැඩක් නෑ. :P
    මොකද ඇත්ත කියලා බිස්නස් කරන තැනක් හොයාගන්න බැරිවුනාද:rofl:
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    අන්තර්ජාතික වෙළඳදැන්වීම් ප්‍රචාරන ආයතනයක් ලෙස පෙනී සිටිමින් ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වන නීතියේ රැහැනට හසුකරගත නොහැකි මහාපරිමාන පිරමීඩාකාර ව්‍යාජ මූල්‍යමය ආයතන දෙකක් තිස්සමහාරාම හා අම්බලන්තොට කේන්ද්‍රස්ථානකොටගෙන ක්‍රියාත්මකවෙයි. එම ආයතන නම් තිස්සමහාරාම පල්ලියවත්ත ප්‍රදේශයේ ඇති ලුමිනස් ඇඩ්වර්ටයිසින් ආයතනය හා අම්බලන්තොට පැනෝරා ඇඩ්වර්ටයිසින් යන ආයතනයි.

    දැනට ආයතනයට සම්බන්ධ වූ සාමජිකයන්ගේ කෝටිගනනක මුදල් රැගෙන පැනෝරා පැන හොරා වී පැනගොස් ඇති අතර ව්‍යාපාරයේ හිමිකරු පල්ලෙමලල ප්‍රදේශයේ
    මේසන්බාස්වරයෙකුවන සෝමලාල් හා ඔහුගේ සගයා වන පලා වෙලෙන්දෙකු වන නැදිගම්විල මිලානුත් තැන්පත්කරුවන්ගේ මුදල් වලින් මිලදී ගන්නා ලද නවීන පන්නයේ හයිබ්‍රිඩ් මෝටර් රථ සමගම ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇත.

    රුපියල් 68000,78000,156000,178000 ලෙස සදහන්කොට ඇති පැකේජ මිලදී ගත්විට සාමජිකත්වය හිමිවේ.අලුත් සාමජිකයෙක් හදුන්වා දුන්විට 3500ක මුදලක් ලැබෙයි.ආයතනයට සම්බන්ධ වී කල යුත්තේ ලබාදෙන වෙළඳදැන්වීම් නැරඹීමයි. සතියකට දැන්වීම්4-8 දක්වා නැරඹීම වෙනුවෙන් තැන්පත්කල මුදලට පැනෝරා 550%ක පොලියකුත් ලුමිනස්225% සුවිශාල පොලියකුත් වසරක් දක්වා ගෙවනබව පවසා සිත්වශී කරන දේශන ලබාදී අසරන ජනතාව සිහිනලෝක වල තනිකරයි.

    මෙම සමාගම් ජාලයේ නිර්මාතෘ පිරමීඩ ජාවරම් කප්පිත්තෙකු වන සමන් නැමත්තායි.සමන් යනු කොමඩු වෙළෙන්දෙකි.සමන්ගේ ගෝලයා සාලියපුර හේන් ගොවියෙකු වු නුවන් නම් පුද්ගලයායි. මුල් කාලයේ සියලු දෙනාම එක් වී ජාවාරම සිදුකලත් සමන් හා සෝමලාල් විරසකවී මීට මාස6කට පමන පෙර සෝමලාල් හා මිලාන් අම්බලන්තොටට ගොස් පැනෝරා ආරම්භකරයි. කන කර උකස්කොට ඉඩකඩම් ව්කුනා මෙම බහිරවයන්ට මුදල් දැමූ ජනතාවට අද ඇත්තේ දෙවියන්ගේ පිහිට පමනි. ඇඩ් නැරඹුවිට මුදල් ලැබෙනවා යයි පැවසීම අමූලික බොරුවක් වන අතර මෙම ආයතන සිදුකරන්නේ අලුතින් බැදෙනසාමාජිකයන්ගේ මුදල් වලින් පරන සාමාජිකයන්ට ගෙවීමයි.

    අලුතින් සාමජිකයන් බැදෙන තාක්කල් සමාගම පවත්වාගෙන යා හැකි අතර අලුතින් එක්වන පිරිස අඩුවූ කල සමාගම කඩාවැටී මුලින්ම සම්බන්ධ වු පිරිසට මුදල් ලැබී අවසාන සාමාජිකයන්ගේ මුදල් අහිමිවෙයි.මෙය පිරමීඩාකාර මුදල් ජාවාරම්වල සාමාන්‍ය සොභාවයයි.

    මෙම අයතන දෙකේ ක්‍රියාකාරීත්වය පිළිබදව මුල සිටම උකුසු ඇස් යොමා සිටි නෙත් එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම මෙම පිරමීඩ ජාවාරමේ සියලු තොරතුරු හා එම ආයතන ක්‍රියාත්මක වන ආකාරය රහසිගතව වීඩියෝ කොට බැලුම්ගල වැඩසටහන් කීපයක් විකාශනය කලේය. රිවිර පුවත්පතේ ගවේශණ කණ්ඩායමද “දකුණ හොල්ලන මහාපරිමාණ පිරමීඩ ජාවාරම”යන සිරස්තලය යටතේ විශේෂ ලිපි කීපයක්ම පලකොට දකුණේ ජනතාව මෙම උගුලෙන් බේරා ගැනීම වෙනුවෙන් තම ජීවිත අවධානමද නොතකා කටයුතු කල අතර මෙම පුද්ගලයන්ට ස්තූතිවන්ත වියයුතුය.

    මහ බැන්කුවද මෙම පිරමීඩ ආයතනවල අවධානම පිළිබදව නිරන්තරයෙන් පුවත්පත් දැන්වීම් මගින් මහජනයා දැනුවත්කල අතර මෙමෙ ජාවාරම තහනම් කිරීමට නීති නොමැතිවීම සුවිශේෂි කරුණකි. මෙම සමාගම් දෙකම තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙසත් ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය දෙපාර්තමේන්තුවේ වෙළද දැන්වීම් ප්‍රචාරන ආයතනයක් ලෙසත් ලියාපදින්චි වී ඇති අතර ජනතාවගේ මුදල් තැන්පත් භාරගනිමින් මූල්‍ය කටයුතු ප්‍රසිද්ධියේ සිදුකලද මෙම කටයුතු සිදුකිරීමට පැනෝරා හා ලුමිනස් ආයතන වලට කිසිදු අවසරයක් නොමැතිවීම විශේෂ කරුණකි.

    සිදුකරන්නේ මූල්‍ය ගනුදෙනු පමනක් උවත් ආයතන කියන්නේ තමන් වෙළදදැන්වීම් ප්‍රචාරන ආයතනයක් බවයිඅදවනවිට සියල්ල හෙලිදරවු වී ඇත. අන්තර්ජාතික සමාගම් වලින් හෝ වෙනත් කිසිදු සමාගමකින් මුදල් ගෙවා මෙම ආයතනවලට වෙළදදැන්වීම් ලබානොදෙන අතර මොවුන් සිදුකරනු ලබන්නේ කූට අන්දමින් අන්තර්ජාලය තුල නොමිලේ නැරඹීමට ඇති දැන්වීම් ලබාගැනීමයි.

    මුදල් තැන්පත්කරුවන්ගෙන් කිසිවෙකුගේ බලකිරීමකින් හෝ පෙලබවීමකින් තොරව ස්වකැමැත්තෙන්ම මුදල් තැන්පත්කරන බවට ලියවිල්ලක් අත්සන්කොට ලබාගනී. මෙම හේතුව නිසා සමාගමට එරෙහිව නීතියෙන් කිසිවක් කල නොහැකිය.කෝටිගනනක් මුදල් අහින්සක සමාජයේ විවිධ තරාතිරම්වල දකුණේ ජනතාව රවටා මාස6ක් 550%ක පොලියක් හා බඩු මලු ලබා දෙමින්, ජනතාවගේ මුදල්වලින් සුපිරි වෙළදසැල්, ඉන්ධන පිරවුම්හල්, වී මෝල්,ගල් මෝල් ආරම්භ කොට ක්‍රියාත්මක වූ පැනෝරා හි කාර්යමණ්ඩලය අද පැනගොසිනි.ලුමිනස් පැනයාමට ඉතා ලගය. එවිට කණ කර උකස්කොට, ඉඩකඩම්, යාන වාහන විකුණා, බැන්කු ණය ගෙන ලුමිනස් ආයතනයට මුදල් දැමූ 20000කට අධික අසරන දකුණේ ජනතාවට කාගේ පිහිටක්ද?දැන්වත් ජනතාව මොළේ පාදාගත යුතුය.

    මීට පෙර දඩුවම්ලාතුන් දෙනෙකුගෙන් දඩුවම් විදි බව අමතක නොකල යුතුය.මහ බැන්කුවේ අනුමැතියක් නොමැතිව පවත්වගෙන යනු ලබන මෙවැනි කූඨ ව්‍යාපාර වල කිසිසේත්ම මුදල් ආයෝජනය නොකල යුතුය. නැවත නැවත් මතක් කරනුයේ පැනෝරා පැනගොසිනි තව නොබෝ දිනකින් ලුමිනස් ද පැනයනු ඇත එවිට එහි සාමජිකයන්ට දෙවියන්ගේ පිහිටය.

    පරිඝනක තාක්ෂණය යොදාගෙන සිදු කරන ලද විශාලම පිරමීඩ ජාවරම ලෙස ආයතනදෙකේ නම් දෙක ලාන්කික ඉතිහාසයේ රන් අකුරින් තව නොබෝ දිනකින් ලියවෙන අතර විශේෂ කාරණාව නම් 20000කට අධික ජනතාවක් රවටන ලද්දේ මූලික අධ්‍යාපනය වත් නොලැබූ කොමඩු වෙළෙන්දෙකු, පලා වෙළෙන්දෙකු , හේන් ගොවියෙකු හා මේසන් බාස්වරයෙකු වීමයි.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලාන්කික ඉතිහාසයේ රන් අකුරින් තව නොබෝ දිනකින් ලියවෙන අතර විශේෂ කාරණාව නම් 20000කට අධික ජනතාවක් රවටන ලද්දේ මූලික අධ්‍යාපනය වත් නොලැබූ කොමඩු වෙළෙන්දෙකු, පලා වෙළෙන්දෙකු , හේන් ගොවියෙකු හා මේසන් බාස්වරයෙකු වීමයි.

    ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩි වගෙ ... අනිත් පැත්තෙන් අන්දන්නෙ පුස්තකාල සහායකයෙක්
     

    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    machan best life kiyala me wage company ekaka thiyenawa un karanne salli wenuwata ahinsaka minissunge salli walata badu wikunana eka ,,,, un karanneth me wage loku prodawak higanno
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    මහ බැංකුවත් රජයවත් පලි නෑ බං ඕවට.තන්හාවෙන් ඉක්මනට සල්ලි හොයන්න හදන මොඩයො තමයි ඔවට අහුවෙන්නෙ.දඩුවම් ගේ වැඩෙන් එක පාරක් දකුණම මට්‍ටු උනානෙ.එත් ගොඩක් මිනිස්සුන්ගෙ අමාරුව හොද වෙලා නෑ.