චීනයට කිරිපිටි ජපානෙට බටර්..ලංකාවට අමුල්..
මෙරට කිරි ඉතිරි වේ – අපනයනයට මගක් ඉල්ලයි
මේ වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බවත් ඒවා කිරිපිටි ලෙස චීනයට සහ බටර් ලෙස ජපානයට අපනයනය කිරීම සඳහා ඇති අවස්ථා සොයා බලන ලෙස අපනයනය සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇති බවත් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්රමනායක මහතා පවසනවා.
“අපට දැන් කිරි අතිරික්තයක් තියෙනවා. මේ වෙන කොට මම EDB එකට කියලා තියෙනවා, මට අවස්ථාව හොයලා දෙන්න ජපානයට බටර් යවන්නත්, චීනයට කිරිපිටි යවන්නත්. ළඟදිම වෙලාවක අපි කිරි පිටි බටර් යවනවා, අපි ලඟ අතිරික්තයත් තිබෙනවා. මං ගාව හැමදාම ටොන් 20ක් 25ක් එලියට විකුණන ගමන් කිරිපිටි, ටොන් 75ක් 100ක් ස්ටෝරුවේ තියෙනවා.“
“සුපර්මාර්කට් එකකට ගිහිං බැලුවොත් රාක්කවල දේශීය දියර කිරි වර්ග 20ක්වත් තියෙනවා. ඒ කියන්නේ රටේ මිනිසුන්ට ඕනෑවට වඩා කිරි තියෙනවා. අපිට පිටරටින් කිරි අවුන්සයක්වත් ගේන්න ඕනේ නැහැ“, යනුවෙන් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්රමනායක මහතා වැඩිදුරටත් කියා සිටියා.
Source