මම ගූ බයයි ඕවට. උඹ මිනී තුනක් දැකලත් ඔය පාරෙන් රෑ වෙලා යන්නෙ කොහොමද කියල තේරෙන්නෑ.
පැරනෝමල් නෙවේ, මට මතක් වෙනව මගෙ පියාණන්ගෙ අත්දැකීමක් (warning, graphic scenery). මම ඉපදුන කාලෙ අම්මා හිටියෙ නුවර එයාගෙ ගෙදර...අප්පච්චි කොළඹ වැඩ...හැම සිකුරාදා හවසම කොළඹින් එනවලු අපිව බලන්න. ඉතින් දවසක් බයිසිකලේ කැප්පැටිපොල තේවත්ත පාස් කරගෙන එද්දි පාරෙ අයිනෙ සායවල් ඇඳගත්තු ගෑනු ටිකක් පාවෙනව දැක්කලු. ටිකක් මාන්දමික සීන් එකක් නිසා ලඟට බයිසිකලේ ඇරගෙන ගිහිනුත් බලල...බලද්දි මිනිස්සු ගෑනු 4 දෙනෙක් එකම ගහේ බෙල්ල වැල දාගෙන. ඒ ලඟ හිටපු පවුලක සමූහ සුයිසයිඩ් එකක් පස්සෙ දැනගත්තු විදිහට. පස්සෙ අප්පච්චිම බයිසිකලේ හරවං පොලිසියට ඉන්ෆෝම් කරල ආපහු කරුවලේම අර ගහ පාස් කරගෙන ගෙදර ඇවිත්. ඒ විතරක් නෙමේ එතනින් පස්සෙ හැමසතියෙම රෑට ඔය පාරෙන්ම ඇවිත් ගෙදරින් එන්න එපා කිව්වත්. මෑඩ් ලැඩ් ල බන් සමහර මිනිස්සු, මට එහෙම හිත හයිය නෑ.
හිත හයිය කමට වඩා ඒකේ තියෙන්නේ හුරු පුරුදු කම බන්...අද ඊයේ මැරුණු එකා වගේද...අපි දනගාන කාලේ ඉඳලා සෙල්ලම් කරපු, ආපු ගියපු පාර නේ
මමත් එදා ඉඳන් හැබැයි ඒ පාරේ ඒ වගේ වෙලාවල් වල ආවේ ගියේ නෑ..





ඔතනින් ගියොත් ඉක්මනින් යාගන්න පුළුවන්...හැබැයි ඔය පාරේ ලයිට් නෑ..
. ගඟත් ලේසි පහසු ගඟක් නෙමෙයි.
..ඔය ගඟේ මගේ ඇස් දෙකට මිනි 3ක් පාවෙනවා දැකල තියෙනවා ,,,ඔයිට අමතරව එකී මෙකී නොකී තරම් මිනි පාවෙලා තියනවා ඕකේ....මම දන්න උනුත් ඔකේ ගිලිලා මැරිලා තියනවා මඩේ එරිල..ඒ වගේ ආතල් තැනක් ඔතන...
මම පයින්ම ඇවිත් ඔය පාරට හැරිලා එන්න ගත්ත....මොන මිනි පාවුනත් ඔකේ යනකොට හිතට එහෙම බයක් එන්නෙත් නැහැ..
එදත් කොහොම හරි ටිකක් ඇවිදන් යනකොට මගේ කන ගාවින් ම වගේ, මගේ පිටි පස්සෙන් කෙල්ලෙක් "හහ් හහ් හහ්..." කියල මහා හයියෙන් හිනා වෙනවා ඇහුනා....
ඒ කියන්නේ සිරාවටම ඇත්තම හිනා වෙන හඬක් ඇහුනේ...මාව ගැස්සිලා ගිහින් මගේ මයිල් ස්මයිල් වුනා...
ෆෝන් එකේ ටෝර්ච් එක ගහගෙන ගියේ,,,ගඟ දෙපැත්තේ තියනවා ලොකු රූස්ස ගස්...ඕවයේ කපල් එහෙම ඉන්නවා..