පිටකොටුවේ "පාවෙන වෙළෙන්දෝ අනාථයි"

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පිටකොටුවේ "පාවෙන වෙළෙන්දෝ අනාථයි"

    පිටකොටුවේ "පාවෙන වෙළෙන්දෝ අනාථයි"



    flot444.jpg



    පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ සිටින තමන්ට හරිහැටි ආදායමක්‌ උපයා ගත නොහැකි වීමෙන් තමන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින බව එම වෙළෙන්දෝ පැවසූහ.

    මේ නිසා එම වෙළෙඳ සංකීර්ණයේ බොහෝ වෙළෙඳසල් වසාදමා ගොස්‌ ඇතැයිද ඔවුහු කීහ.


    flot2.jpg

    පසුගියදා මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය තුළ සැරිසැරීමේදී ඔවුහු මෙම දුක්‌ගැනවිල්ල ඉදිරිපත් කළහ. මෙහිදී අපට වෙළෙඳ මහත්වරු කීපදෙනෙක්‌ම අදහස්‌ දක්‌වන්නට වූහ. අපට මුලින්ම හමුවුණේ එම්. ජී. නන්දනී මහත්මියයි.

    මගේ මේ පාවෙන කඩේ විකුණන්නේ අච්චාරු. අද අපි බිස්‌නස්‌ නැතුව වේලි වේලි ඉන්නවා. බස්‌ නැවතුම්පළ හත් ගව්වක්‌ තියලා මේ වගේ තැනකට අපිව ඇදලා දාපු එකෙන් අද අපි ඔක්‌කොම අනාථයි. මම මාසෙකට රුපියල් 2400 ක්‌ කොළඹ නගර සභාවට දෙන්න ඕනෑ. නමුත් බිස්‌නස්‌ නැතිකමින් ඒ මුදලවත් හොයාගන්න අමාරු වෙලා තියෙන්නේ. මීට පෙර තිබූ ආණ්‌ඩුවට අපි කීප වරක්‌ම කිව්වා. මිනිසුන්ට මෙතනට ළඟා වෙන්න ලේසි විදිහට පාලමක්‌ දාන්න කියලා. නමුත් ඒ අය ඇහුවේ නැහැ. දැන් ඒ ආණ්‌ඩුව ඉවරයි. අලුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාවත් අපේ දුකට ඇහුම්කම් දීලා විසඳුමක්‌ ලබාදේවි කියලා හිතනවා."

    ඊළඟට කතා කළේ කේ. ඒ. කල්යාණි මහත්මියයි.

    මම පිටකොටුව බිස්‌නස්‌ කරන්නේ අවුරුදු 29 ක ඉඳලයි. මම පළතුරු අලෙවි කරන්නේ. කලින් ආණ්‌ඩුව නගර සංවර්ධනය කියලා අපේ කඩ කඩාදාලා පාවෙන මාර්කට්‌ එකට දැම්මා. දැන් සතියේ දවස්‌වලට විතරක්‌ නොවෙයි. නිවාඩු දවස්‌වලටත් බඩුවක්‌ ගන්න කෙනෙක්‌ එන්නේ නැහැ. නිකන් ඔහේ බඩු දිහා බල බලා යන අය විතරයි එන්නේ.

    මී ළඟට කතා කළේ එච්. එච්. සුරවීර මහතායි.

    අද දවල් කෑම වේලක්‌ කන්නවත් අපි බිස්‌නස්‌ කරලා නැහැ. බස්‌ නැවතුම්පළේ ඉඳලා මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණයට එන්න තියෙන දුර නිසා ජනතාව එන්න කම්මැලියි. හරිනම් කඩ තියෙන්න ඕන බස්‌ නැවතුම්පළ ආසන්නයේ.

    ඊළඟට කතා කළ එම්. කන්නා මහතා මෙසේ කීය.

    මම චිත්‍රපට, සංගීත සී. ඩී. තැටි විකුණන්නේ. දැන් බලන්න තාම අද දවසට මේ සී. ඩී. එකක්‌ ගන්න කවුරුවත් ආවේ නැහැ. බිස්‌නස්‌ නැතිකමින් අපි විශාල අමාරුවක වැටිලයි ඉන්නේ.

    කෑම වෙළෙඳසලක නලින් හේවාමද්දුම මහතා මෙසේ පැවසීය.

    මෙතනට බොහෝ දෙනකු එන්නේ කෑම කඩේකින් කෑම ටිකක්‌ අරන් බංකුවක වාඩිවෙලා කාලා යන්න. හුඟක්‌ අම්මලා තාත්තලා දරුවොත් එක්‌ක එනවා. නමුත් දැන් මම දැක්‌කා තරුණ ජෝඩු උදේ ඉඳලා හවස්‌ වෙනකම් මේ බංකුවල වාඩිවෙලා ඉන්නවා. මේ නිසා හුඟක්‌ අම්මලා, තාත්තලා මේ පැත්තට දරුවෝ අරන් එන්නේ නැහැ.

    බිස්‌නස්‌ නැතිවෙන්න බලපානවා. පොලිසියේ මහත්වරුන්ට අපි කියන්නේ මෙන්න මේ වගේ අශෝභන දසුන් නතර කර දෙන්න කියලයි.

    අනිත් එක මේ බේරේ වැව වටා ප්‍රමිතියෙන් තොර දම්වැල් දාලා තියෙනවා. ඒවා හයිය මදි. අනාරක්‍ෂිතයි. දරුවන් බේරේ වැව ළඟට බලන්න ගිහින් වැටී අනතුරක්‌ සිදුවීමේ අවදානමක්‌ තිබෙනවා.

    අනිත් එක මේ ස්‌ථානයේ ආරක්‍ෂාවත් මදි. මංකොල්ලකාරයෝ, පොකට්‌කාරයොත් සැරිසරනවා.

    අපි මේ ගැටලු සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති මොහොමඩ් මුසම්මිල් මහතාගෙන් විමසීමක්‌ කළෙමු.

    ඔය කියන පාවෙන වෙළෙඳ සංකීර්ණයේ බිස්‌නස්‌ නැති එක ගැන මං දන්නවා. කොහොම නමුත් මම නාගරික සංවර්ධන අධිකාරියේ අලුත් ලේකම්තුමා සමග මේ ගැන කතා කරලා මේ වෙළෙඳුන්ට විසඳුමක්‌ ලබා දෙන්න කටයුතු කරනවා.



    http://www.divaina.com/2015/01/28/provin02.html
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පව් බන් උන් ඔතන බිස්නස් තියෙන්නේ ටෙස්ටා එකටයි අනිත් පැත්තේ තියෙන කෑම කඩයට විතරයි අනිත් එවුන් නිකම් බලා ගෙන ඉන්නවා එතනින් මිනිස්සු යනවා විතරයි බිස්නස් නෑ .
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පව් බන් උන් ඔතන බිස්නස් තියෙන්නේ ටෙස්ටා එකටයි අනිත් පැත්තේ තියෙන කෑම කඩයට විතරයි අනිත් එවුන් නිකම් බලා ගෙන ඉන්නවා එතනින් මිනිස්සු යනවා විතරයි බිස්නස් නෑ .

    බැංකොක් කොපි කරාට ඇති වැඩක් නැහැ වගේ..බිස්නස් නැතුව මොන ෆ්ලොටින් මාර්කට් ද..මහින්ද කරොත් කරන්නේ සෝබන වැඩක්මයි..මේ ආන්ඩුවෙන්වත් මොනා හරි මේකට කරොත් හොදයි..අනික ගිණි ගහන අව්වේ මොන ෆ්ලොටින් මාර්කට්ද බන්.:rofl:.බලපන්කො බැංකොක් එක..


     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවගේ ප්‍රතිලාබ එන්නේ අනාගතයලු බන්. එකියන්නේ තව අවුරුදු 100 කින් ව්තර පස්සේ
     
    ඕකුන්ව අල්ලලා ගිහින් දාන්න ඕන ඈතටම. ඉස්සර ඕකුන් පේව්මන්ට් එකේ ඉන්න කාලේ මනුස්සයෙකුට පාරේ යන්න නෑ. ආයෙම පේව්මන්ට් එකට ගේම දෙන්නද කොහෙද හදන්නේ. කෙල්ලෙක්වත් ගිහින් ඉවරයි.
     

    Dumble_Don

    Member
    Jan 28, 2015
    17
    1
    0
    අංගුලිමාල;17807159 said:
    ඕකුන්ව අල්ලලා ගිහින් දාන්න ඕන ඈතටම. ඉස්සර ඕකුන් පේව්මන්ට් එකේ ඉන්න කාලේ මනුස්සයෙකුට පාරේ යන්න නෑ. ආයෙම පේව්මන්ට් එකට ගේම දෙන්නද කොහෙද හදන්නේ. කෙල්ලෙක්වත් ගිහින් ඉවරයි.

    යකෝ ඒ මිනිස්සුත් ජිවත් වෙන්න එපයි. වෙළෙන්දෝ ඉන්නා ඕනි මිනිස්සු ඉන්නා තැන් වල මිසක් කැලෑ වලයෑ.
     
    Last edited:

    Dumble_Don

    Member
    Jan 28, 2015
    17
    1
    0
    පව් බන් උන් ඔතන බිස්නස් තියෙන්නේ ටෙස්ටා එකටයි අනිත් පැත්තේ තියෙන කෑම කඩයට විතරයි අනිත් එවුන් නිකම් බලා ගෙන ඉන්නවා එතනින් මිනිස්සු යනවා විතරයි බිස්නස් නෑ .

    ඔය කෑම කඩේ අනුර සේනානායක කියන සට්ටැඹි පොලිස්කාරයාගේ නේද? මිනිහා තමයි ලංකාවේ පොලිසියේ මෙතෙක් කාලයකට ඉන්නා දුෂිතම පොලිස් නිලධාරියා. මිනිහත් වෙලේ සුදාගෙන් සල්ලු ගත්තු එකෙකේ. ඉන්නා ඕනා හිරේ මේ වෙනකොට හරිනං.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕවගේ ප්‍රතිලාබ එන්නේ අනාගතයලු බන්. එකියන්නේ තව අවුරුදු 100 කින් ව්තර පස්සේ

    :D:yes:

    අංගුලිමාල;17807159 said:
    ඕකුන්ව අල්ලලා ගිහින් දාන්න ඕන ඈතටම. ඉස්සර ඕකුන් පේව්මන්ට් එකේ ඉන්න කාලේ මනුස්සයෙකුට පාරේ යන්න නෑ. ආයෙම පේව්මන්ට් එකට ගේම දෙන්නද කොහෙද හදන්නේ. කෙල්ලෙක්වත් ගිහින් ඉවරයි.

    එකෙක් දෙන්නෙක් කරන වැරදි වලට ඔක්කොම උන් පළිද බන්?:rolleyes:

    යකෝ ඒ මිනිස්සුත් ජිවත් වෙන්න එපයි. වෙළෙන්දෝ ඉන්නා ඕනි මිනිස්සු ඉන්නා තැන් වැල මිසක් කැලෑ වලයෑ.

    :yes:ඒක ඉතින් දැනගන්න බිස්නස් කරලම බලන්න ඕන.