පිටරට යනවා .. මොනවද ගේන්න ඕනි

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    පිටරට යනවා .. මොනවද ගේන්න ඕනි



    a6e2aca0072bd7e9bd530cd79abb811c--trip-to-disney-world-disney-worlds.jpg


    යාලුවනේ ..ස්මිත් අයියා නිතර පිටරට යනවා ..සංචාරයට ..ලගදි සිංගප්පුරුවට ගියා ..ඊළගට යන්න ඉන්නේ ඩුබායි ..ඊට කලින් සමහරවිට නැවතත් සිංගප්පුරුවට යන්න ඉඩ තියනවා .. මෙහෙම යන්නේ බිස්නස් අරමුණකින් නෙමෙයි ..විනෝද සංචාරයට විතරයි ..එහෙම ගිහින් එද්දී ගොඩක් වෙලාවට මට Baggage හම්බවෙන කිලෝ තිහෙන් කිලෝ 9ක් විතර තමයි.යද්දී එද්දී පිරෙන්නේ .ඒක ගොඩක් වෙලාවට සිද්දවෙන දෙයක් ඉතින් මේක අපරාදයක් නිසා ගොඩක් වෙලාවට යාලුවොන්ට නොයෙක් දේවල් ගෙනත් දෙනවා.. ගොඩක් අය ඉන්නවා මගේ යාලුවෝ ..එහෙන් Branded බඩු ගන්න කැමැති කට්ටිය ..එක එක්කනා කැමති එක එක දේවල් ..

    උදාහරණයක් විදියට මම මේ පාර සිංගප්පුරුවට යනකොට.මගේ යාලුවෙක් කිවුවා පොර නිතර camping කරන නිසා . ලංකාවට එන සුද්දෝ පිටේ එල්ලගෙන එන ලොකු bag එකක් තියෙන්නේ .. එල්ලගත්තම ඔලුවටත් ටිකක් උඩට යනකම් තියන ලොකු bag එක ..අන්න එකක් Branded එකක් ගෙනත් දෙන්න කියල ..මම එහෙ shopping mall එකක බලද්දී හම්බවුනා shop එකක් ..american adventure item Branded විකුණන තැනක් .. සිංගප්පුරුවේ එවුන්ට යුරෝපයට ..ඇමරිකාවට විසා ෆ්‍රී නිසා එහෙ එවුන් නිතර ඔය හිම කදු නගිනවා වගේ adventure වලට යනවා ..එතකොට උන්ට branded බඩු ඕනි නිසා එහෙ තියනවා ..මෙහෙ විකුණන ඒවා වගේ චයිනිස් ඒවා නෙමෙයි .චයිනිස් උනත් යුරෝප් මාකට් එකට හදපුවා ..ඒවා ලංකාවේ හොයන්න අමාරුයි .ඉතින් ලංකාවේ සල්ලි වලින් රුපියල් 15000ක් විතර උනා ..මගේ යාළුවා මෙහෙ ගොඩක් හෙවුවත් හම්බවෙලා තිබ්බේ නැ ඒ නියම branded එක ..ඉතින් ගෙනත් දුන්න එකෙන් මිනිහට Branded item එක හම්බවුනා ..මටත් මහන්සියටයි ..ටිකට් එකේ ගාන කවර වෙන්නයි කීයක් හරි හම්බවුනා ...මම ඒ shop එකට ගිහින් bag එක ගන්න කලින් යාලුවට online photo එහෙම පෙන්නලා.තමයි පාට එහෙම තෝරාගත්තේ ..පොර ගන්නවාමයි කියල ෂුවර් නිසා මගේ අතින් වියදම් කරලයි ගෙනාවේ ..

    suvise-prtljaga.jpg


    ඔන්න ඔය වගේ ..තවත් අදුරන කීප දෙනෙකුට branded කුඩ ගෙනත් දුන්නා ..මෙහෙ වගේ සතියක් යනකොට වතුර කාන්දු වෙන ඒවා නෙමෙයි ..එහෙ ජපන් කඩ තියනවා ..ඒවගේ විකුනන්නේ ඔරිජිනල් ජපන් බඩු .එහෙ ඉන්න එවුන් දන්නවා .එලකිරියේත් ඉන්නවනේ .කුඩයක් රුපියල් දෙදාහයි ලංකාවේ සල්ලි වලින්..ලංකාවේ නැති පට්ට design ..ඔය වගේ පොඩි පොඩි දේවල් ..ඉතින් මම මේක පලකරේ එලකිරියේත් යාලුවෝ දෙන්නෙකුත් pm කරලා තිබ්බ Branded බඩු ඕනි අය ..ලාබෙට හොයන අයනම් නෙමෙයි ..කියක් හරි වැඩිපුර වියදම් කරලා කොලිටි බඩුවක් හොයන අය ..එයාලට ඕනි වුනේ එක්කෙනෙකුට wedding එකට නෝනට දෙන්න Branded Handbag එකක් ..orchard road එකෙන්ම ඕනි කිවුව ..ලංකාවේ සල්ලි වලින් 18000ක් වගේ වුණා මම එතෙන්ට ගිහින් video call එකක් අරන් ..Bag ටික පෙන්නලා එයා හොදයි කියපු එක අරන් ආවා.. එයාට ගිහින් ගෙනාවනම් ලොකු ගානක් යන නිසයි මට කිවුවේ ..අනික එයා මම යන්න කලින් ඉදලම නිතර කෝල් කරලා විස්තර ඇහුව ..එක නිසා එයා ගෙනාවම එක ගන්නවා කියල මට විස්වාසයි.මම කාගෙන්වත් මුලින් සල්ලි කියක්වත් ගත්තේ නැ ..එහෙම ගන්නෙත් නැ .ගෙනත් දුන්නමයි සල්ලි ගන්නේ .මොකද මේක ලොකු බිස්නස් එකක් නොවන නිසාත් විනෝද ගමනකට යන වියදමෙන් කියක් හරි අමතර ගානක් අපහු ලැබෙනවනේ කියල සහ හිස්ව එන කිලෝ ගාන පුරවගන්නයි ..එක නිසා විස්වාසය ..අවංකකම තියන යාලුවෝ විතරයි සම්බන්ද කරගත්තේ ..

    71WxEf0VoKL._SX688_.jpg


    IMG_6647.png


    තවත් එළකිරියේ යාලුවෙක් මට කිවුවා ඊළගට සින්ගපුරුවේ ගියාම ඔර්චාර්ඩ් වල තියන apple ලගේ store එකෙන්ම macbook pro එකක් ගේන්න කියල ..international apple care warranty එකත් එක්ක .. මම හිතන්නේ මෙහෙ ගානම වෙයි එක්කෝ ..නැත්තම් ටිකක් අඩු වෙයි .. බැලුවේ නැ තවම ගණන්.. කීය උනත් එයාට ඕනි පිටරටකින් පිටරට apple store එකකින් කිවුව .එක එක්කනා කැමති විදිය තමයි ඉතින්.මම අරන් එනවා ලබන පාර ගියාම ..

    cXq--fyfquxv3363454.jpg


    එළකිරියේ තව යාලුවෙක් කියපු දෙයක් මට ගෙනත් දෙන්න බැරිඋනා..එක තමයි එයාට ඕනි කිවුවේ විශේෂ තේ වර්ගයක්.කඩවල්වල විකුණන එකක් . මම හිතන්නේ දියවැඩියාවට වගේ ගන්න එකක් ..මම මුස්තාෆා එකේ එහෙම බැලුවා නමුත් තිබ්බේ නැ ..එහෙම හොයාගන්න අමාරු දේවල් හොයන්න ගියොත් ගොඩක් වියදම් යනවා ..මොකද taxi එකක ගියොත් පොඩි දුරක් වුනත් රුපියල් දාහක් වත් වෙනවා ..පොඩි තේ කොළ එකකට දෙතුන් දාහක් වියදම් කරන එක තේරුමක් නැනේ ..

    ඉතින් මේක මම පලකරේ ..එළකිරියේ තවත් ඇති මේ වගේ කියක් හරි වැඩිපුර දීල කොලිටි බඩු හොයන අය ..සින්ගප්පුරුවෙන් වගේ හොදම දෙයක් ගෙන්නගන්න කැමති අය.ගොඩක් හොයාගන්න අමාරු දේවල් නෙමෙයි ..මෙහෙ හොයාගන්න අමාරු කොලිටි දේවල් ..ලාබෙටනම් එහෙ මුකුත් හොයන්න අමාරුයි .. ලාබෙ හොයන අයට හොදම දේ මෙහෙන් ගන්න එක ..සමහර අය එළකිරියේ ඉන්නවා එක එක කටයුතුවල යෙදෙන අය.photograpy .camping ..වගේ ගොඩක් දේවල් ..එහෙම දේවල්වලදී අවශ්‍ය වෙන මෙහෙන් හොයාගන්න නැති කොලිටි වැඩි දේවල් මොනවහරි තියනවනම් කියන්න ..ගොඩක් බර ගෙන්න අපහසු දේවල් නෙමෙයි පොඩි ..ප්‍රමානෙ ..බර අඩු දේවල් ..මට ගමනට කරදරයක් නොවන ..පහසුවෙන් හොයාගන්න පුළුවන් දෙයක් සහ පහසුවෙන් ගෙන්න පුළුවන් දෙයක්නම් මම අනිවා ගේන්නම් ..Pm එකක් එවන්න ..

    විශේෂ කරුණු ..

    මේ ත්‍රෙඩ් එක පලකරේ ලාබෙට බඩු ගන්න හොයන අයටනම් නෙමෙයි ...ලංකාවේ බොහෝ තැන්වල දැන් විකුනන්නේ බාල බඩු නිසා වැඩිපුර මුදලක් වියදම් කරලා හොද දෙයක් හොයන අයටයි මේ thread එක.ලංකාවේ තියන බඩුවලයි වෙන රටවල විකුණන බඩුවලයි කොලිටි එකේ වෙනස තේරෙන්නේ නැති අයටයි /ලංකාවේ තියන මිලට වඩා අඩුවෙන් හොයන අයටයි /ඔය ගානටම ලංකාවේ ගන්නත් තියනවනේ කියල හිතන අයටයි මේක හරියන්නේ නැ

    අනික ගොඩක් යාලුවෝ ඉන්නවා පිටරටකින් තමන් ආසා දෙයක් ගෙන්නගන්න බලාගෙන ..වැඩිපුර මුදලක් ගෙවල හරි කොලිටි බඩුවක් ගන්න බලාගෙන ..හොදම උදාහරණෙ කුඩ ඉල්ලපු යාලුවෝ .එහෙම පොඩි දෙයක් හරි කමක් නැ කියන්න ..

    අනික කාගෙන්වත් සල්ලි ගන්නේ නැ ..තමන්ට අවන්කවම ගන්න අවශ්‍යවෙලා තියන දෙයක් තියනවනම් විතරක් කියන්න .. ස්මිත් අයියා සිංගප්පුරුවේ නැත්තම් ඩුබායි ගිය දවසට එහෙ ඉදල online ඇවිල්ලා .අවශ්‍ය දේ live පෙන්නලා ඒ කෙනාට අවශ්‍ය දේ ගෙනත් දෙනවා ..ගෙනාවට පස්සේ එක බලල සල්ලි ගෙවල ගන්න පුළුවන් ..

    mobile phone වගේ වොරන්ටි කේස් අනම් මනම් තියන බඩු නම් ගේන්නේ නැ ..ලැප්ටොප් උනත් apple international warranty තියන ඒවා විතරයි ගේන්නේ ..නමුත් ඩුබායි වගේනම් එකපාරක් මගේ යාලුවෙක් ගෙනල්ල තිබ්බ ඩුබායි වල හොදම මොබයිල් ෂොප් එකක් වෙන dubai mall එකේ තියන sharafDG කියන ෂොප් එකෙන් samsung galaxy s8 plus එකක් ..midde east and europe කොලිටි එක ..international warranty නම් තිබ්බද කියල මතක නැ ..තිබ්බත් මම හිතන්නේ නැ මෙහෙ claim කරයි කියල .නමුත් warranty නැතත් පට්ට භාණ්ඩේ ..එහෙම කැමති අයට එහෙම ගෙනත් දෙන්න පුළුවන් ..නමුත් ලැප්ටොප් ..phone වගේනම් එක ගමනකට එක ලැප්ටොප් එකයි ..එක phone එකයි වගේ තමයි ගෙන්න පුළුවන් ..ගොඩක් ගේන්න දෙන්නේ නැති නිසා ..

    sharfdg-offers.jpg


    ලංකාවේ දැන් විකුණන බඩුවල තත්වේ පේනවා මේ එළකිරියේ දැන් වැටෙන thread වලින්ම ..එක නිසා තමයි හොදට සල්ලි වියදම් කරන මනුස්සයෙකුට හරි හොදම දෙයක් ගන්න පුළුවන් වෙන්න ඕනිනේ කියල මෙහෙම ගෙනත් දෙන්න තීරණය කරේ .

    විශේෂම දේ නැවතත් ..

    ලංකාවේ තියන බඩුවලයි වෙන රටවල විකුණන බඩුවලයි කොලිටි එකේ වෙනස තේරෙන්නේ නැති අයයි ..ලංකාවේ තියන ඒවාට වඩා මිල අඩුවට පිටරටින් ගෙන්න ගන්න බලාගෙන ඉන්න අයටයි ..මෙහෙන් ලාබෙට හොයල ගන්න එක තමා හොදම විසදුම .මොකද ලංකාවේ දැන් refurbished එහෙම කොච්චර ලාබෙට brandnew වගේ විකුණනවද කියන්නේ ලෝකේ කොහෙවත් නැ ලංකාවේ තරම් ලාබෙට බඩු . කොලිටිය හොදට බලාපොරොත්තු වෙන ..මුදල් වියදම් යන එක ගැන ලොකු ප්‍රශ්නයක් නැති අයට මේ thread එක ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා ..


    එහෙමනම් පිටරටකින් මුදලක් වියදම් කරලා හොද කොලිටි දෙයක් ගෙන්නගන්න බලාපොරොත්තු කෙනෙක් ඉන්නවනම් pm එකක් එවන්න ..වෙන ප්‍රශ්න තියනවනම් ඕනි එකක් pm කරන්න ..thread එකෙත් අහන්න ..ජයවේවා ..!!!


    ස්මිත් අයියගේ සිංගප්පූරු සංචාරය...
    http://www.elakiri.com/forum/showthread.php?t=1827392
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    lankawe eliyata enakota duty free eken bottle 2 ehema genna bahane ? :P:Psure gannawa mama :yes::yes::yes:.....anyway all the best :):)
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මචං හොද වැඩක් . ගුඩ් ලක්
    :love::love::love:
    මේ ඉන්දියා (දිල්ලි) එහෙම යන්නෙ නැද්ද ඉටිකිරිස් කෑල්ලක් ගෙන්න ගන්න. සීල් පැක් ඕනෙ හැබැයි.:cool::cool::cool::cool:
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචං හොද වැඩක් . ගුඩ් ලක්
    :love::love::love:
    මේ ඉන්දියා (දිල්ලි) එහෙම යන්නෙ නැද්ද ඉටිකිරිස් කෑල්ලක් ගෙන්න ගන්න. සීල් පැක් ඕනෙ හැබැයි.:cool::cool::cool::cool:


    මොනවද බන් උබ ඉන්දියන් ඒවම හොයන්නේ.වෙනසකට ආස නැද්ද උබ..තායිලන්තෙන් උබට එකක් ගෙනත් දෙන්නද..no seal pack..no warranty..:D:D:D