පිටසක්වල ජීවය - බුදු දහම/ක්‍රිස්තියානි ආගම

hpalpola

Well-known member
  • පිටසක්වල ජීවය - බුදු දහම/ක්‍රිස්තියානි ආගම

    මිනිස් ජීවිතේ කියන්නේ නිමාවක් නොමැති ගමණක්. නොයෙක් දේ අධ්‍යයනය කරමින් යන. අදටත් මනුෂ්‍යයාගේ ආරම්භය ගැන නිශ්චිත අදහසක් නෑ. තියෙන්නෙ නොයෙකුත් මත. සමහරු කියන්නේ ජීවය පෘථිවියට පැමිණුනේ විශ්වයෙන් කියලා. තවත් මතයකදි කියන්නේ මනුස්සයා පරිණාමයට පත් වුන අයෙක් කියලා. පරිණාමවාදය අද වෙද්දි ලෝකය පුරාම පිළිගන්න මතයක්. ඒ වගේමයි විශ්වයෙන් ජිවය පැමිණුන බව පිළිගන්න විශාල පිරිසකුත් ඉන්නවා. අපි කථා කරන්න හිතුවෙ අන්න ඒ මතය ගැන.

    බුදු දහම තුළ අග්ගඤ්ඤ සූත්‍රයේදී මනුස්සයාගේ උපත ගැන කථා කරලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකයෙන් ඇවිත් පෘථිවියෙ වාසය ආරම්භ කළ පිරිසක් විදියට. මේ ඉගැන්වීම පරිණාමවාදයට වඩා වෙනස්. මීළඟට බුදු දහමෙදි සත්වයා උපදින ලෝක 31 ක් ගෙන කියනවා. අපේ ඇස්වලට පේන්නෙ මෙයින් දෙකක් විතරයි. ඒ මනුස්ස ලෝකයත්, තිරිසන් ලෝකයත්. තිරිසන් ලෝකයෙත් අපේ පියැවි ඇහැට නොපෙනෙන සත්තු ඕන තරම් ඉන්නවා. ඒ වගේම මේ ලෝක 31 අතරෙ අපාය වගේම දිව්‍ය ලෝක තියෙනවා. යහපත් දේ කරන කියන හිතන අයවලුන්ට දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝකවල උපත ලබා ගන්න පුළුවන් කම තියෙද්දි නරක, අයහපත් දේ කරන කියන අය අපායෙ උපදිනවා. බුදු දහමට අනුව මනුස්සයාගේ උපත, මනුස්සයා කරන කියන හිතන දේ අනුව රැඳී පවතිනවා. ඒ වගේම මනුස්සයා හොඳ, යහපත කරද්දි දෙවියො ඒ මනුස්සයාට කැමැතියි. මනුස්සයා නරක, යහපත කරද්දී කැමැති වෙන්නෙ නරක ලෝකවල ඉන්න අය. ඒ කියන්නේ යක්ෂයො වගේ. හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී කියලා අහලා ඇති. ඉතින් මෙතැනදි ආපහු දෙවියො කියන චරිතය අපිට හම්බවෙනවා. මේ දෙවියො කියන්නේ පිටසක්වල ජීවීන් ද කියන ප්‍රශ්නය සමහරු අහනවා. බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීම වෙන්නේ තවත් ලෝකවල ජීවය පවතින බවයි. මතක තියා ගන්න. ඒ දැනට අවුරුදු 2500 ක ට කලින් සිද්ධ වෙච්ච දේශනාව.

    කොහොම වුනත් ක්‍රිස්තියානි ආගමට යොමු වෙද්දී වෙනත් ලෝකයකින් පැමිණි පිරිසක් ගැන යම් ආකාරයක තහවුරුවක් කරන්න පුළුවන් කරුණු ඉදිරිපත් වෙනවා අපිට දැක ගත හැකි. අපිට මෙතනදි භාවිතා කරන්න වෙන්නේ පරණ තෙස්තමේන්තුව.

    පරණ තෙස්තමේන්තුවේ තියෙනවා උප්පත්තිකතාව කියලා පොතක්. මේ උප්පත්ති කතාවෙ තමයි ආදම් සහ ඒව ගැන නැත්නම් පළමු පිරිමියා සහ ගැහැණිය ගැන සඳහන් වෙන්නේ. ආදම්වත් ඒවවත් මවන්නේ දෙවියන්වහන්සේ විසින්. මේ මවන දෙවියන්වහන්සේ ඒවට අවවාද කරනවා. ඒ අවවාදය තමයි ඒඩ්න් උයනෙ තියෙන ගසක ගෙඩි කන්න එපා කියන අවවාදය. කොහොමවුනත් ඒවට පේන්න එන සර්පයා ඒවා ව පොළඹවනවා තහනම් ගහේ ගෙඩි කන්න. මේ පෙළඹවීම සඳහා සර්පයා පාවිච්චි කරන්නෙ වචන විතරයි. ඉතින් ඒ පෙළඹවීමට අනුව මුලින් ගෙඩි කන ඒවා ආදම්වත් කන්න පොළඹවනවා. මේ ගෙඩි කන දෙන්නටම ඊට පස්සෙ තමයි තමුන්ව පේන්න ගන්නෙ. ඒ කියන්නෙ තමුන්ට ඇඳුම් නැහැ කියලා. ඉතින් එදා මේ දෙන්නා ලැජ්ජාවට පත් වෙනවා. කොහොමහරි දෙවියන්වහන්සේ ආදම් සහ ඒවා උයනෙන් නෙරපනවා මේ සිදුවීම නිසා. කෙනෙක්ට හිතන්න පුළුවන් ගහකින් ගෙඩියක් කෑවට මේ තරම් දඬුවමක් දෙන එක අසාධාරණයි වගේ කියලා. නමුත් මන් හිතන්නේ මෙතන තියෙන්නෙ ඊට වඩා වැඩි දෙයක්. ඒ කියන්නේ දෙවියන්වහන්සේ දීපු නියෝගය කඩ කිරීමට දෙන දඬුවම.

    දැන් මේ ආදම් සහ ඒව තමයි පරණ තෙස්තමේන්තුවට අනුව පළමු මිනිස් පවුල. මේ කතාවෙදි අපිට හම්බ වෙනවා සර්පයා. මේ සර්පයා ඒවාට කථා කරනවා. එයා ඒවාව පොළඹවන්නේ වචන වලින්. ඒකෙ කිසිම අධිමානසික දේවල් එහෙම නෑ. ඉතින් දැන් අපි කථාවෙ තව ටිකක් ඉස්සරහට යමු. ආදම් සහ ඒවගේ එක්වීමෙන් දරුවො දෙන්නෙක් ඒවට ඉපදෙනවා. ඒ ආබෙල් සහ කායින්. ආදම් යොමුවෙන්නේ සත්ව පාලනයට. කායින් යොමුවෙන්නෙ කෘෂිකර්මයට. මේ දෙන්නා තමුන්ගේ ඵලදාව දෙවියන්වහන්සේට පූජා කරන්න තීරණය කරනවා. දෙවියන්වහන්සේ ආබල්ගේ පූජාවට තමයි මුල් තැන දෙන්නෙ. මොකද ඒක බිලි පූජාවක්. තමුන්ගේ පූජාවට ඒ තරම් සැලකීමක් නොමැති වීම නිසා කායින් හිත් වේදනාවට පත් වෙනවා. ඒකෙ අවසානය වෙන්නේ ආබල්ව කායින් විසින් මරා දැමීම. මේ මරා දැමීම නිසා දෙවියන්වහන්සේ කායින්ව නෙරපනවා. ඒ වෙලාවෙදි කායින් දෙවියන්වහන්සේට මෙහෙම කියනවා.
    බැලුව මැනව, ඔබවහන්සේ අද දවසෙහි භූමිතලයෙන් මා එළෙවුසේක; මමද ඔබවහන්සේ ඉදිරියෙන් සැඟවෙන්නෙමි; පොළොවෙහි පලායන්නෙක්ද තැනින් තැන යන්නෙක්ද වන්නෙමි; තවද මා සම්බවෙන කවරෙක් නුමුත් මා මරන්නේය

    මේ වෙලාවෙදි දෙවියන්වහන්සේ මෙහෙම කිව්වා කියලා බයිබලයේ සඳහන් වෙනවා.
    ඉදින් යමෙක් කායින් මරන්නේද ඔහුගෙන් සත්වරක් පළිගනු ලබන්නේයයි ඔහුට කීසේක. කායින් සම්බවෙන කිසිවෙක් ඔහුට පහර නොදෙන පිණිස ස්වාමීන්වහන්සේ ඔහුට ලකුණක් නියම කළසේක.

    පස්සේ කායින් ඒඩ්න් උයනෙන් එහා තියෙන නොද් දේශයේ තමයි වාසය කරන්නෙ. දැන් බයිබලයේ තියෙනවා මෙහෙම.
    කායින් තමාගේ භාර්යාව හැඳින්නේය; ඈ ගර්භිණීව ඒනොක් බිහිකළාය. ඔහු නුවරක් ගොඩනගා, තමාගේ පුත්‍රයාගේ නම ලෙස ඊට ඒනොක් යන නම තැබීය.

    දැනට මේ ඇති.

    මේ උප්පත්ති කතාව එක්ක මතුවන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි කායින්ව නෙරපන්න දෙවියන්වහන්සේ තීරණය කරද්දී මිනිස්සු ඉන්නෙ තුන්දෙනයි. ඒ ආදම්, ඒවා සහ කායින්. එතකොට කායින් දෙවියන්වහන්සේට කියන්නෙ මාව හම්බවෙන කවුරු වුනත් මාව මරයි කියලා. දෙවියන් වහන්සේ කරන්නේ කායින්ට ලකුණක් දෙනවා, ඒ ලකුණ දකින ඕනැම කෙනෙක් දන්නවා කායින්ට පහර දුන්නොත් තමුන්ට මොකද වෙන්නෙ කියලා. හරි එහෙනම් මෙතන පේනවා කායින් කාට නමුත් බයයි කියලා. ඒකනෙ එයා එහෙම කියන්නේ. ඒ වගේම ඒ කවුරු වුනත් ඉන්න අය දෙවියන්වහන්සේගේ ලකුණ අඳුනනවා. ඉතින් කව්ද මේ? මේ අය දෙවියන්වහන්සේ විසින් මවපු අයම ද? මේ ගැන බයිබලයෙන් උත්තර හම්බවෙන්නෙ නෑ.

    ඊළඟට අපි දැන් කිව්වා වගේ කායින්ව නෙරපද්දි මිනිස්සු ඉන්නේ තුන්දෙනයි. එතකොට කව්ද කායින්ට හම්බවුන භාර්යාව? කොහෙන්ද එයා ආවේ? ඒ ගැනත් හරි උත්තරයක් නෑ. නමුත් ඒ කියන්නේ මේ තිදෙනාට අමතරව තවත් කෙනෙක් ඉන්නවා කියන එකයි. හැබැයි අපිට බයිබලයෙන් හොයා ගන්න බෑ ඒ කව්ද කියලා. ඒ වගේම තමයි ඒනොක් ගැන සඳහන් වෙද්දි ඒනොක්ගේ ඉඳලා පවුල් ගහ ගලාගෙන ගිය ආකාරය උප්පත්තිකතාවේ සඳහන් වෙනවා. ඒනොක් කසාද බැන්දෙ කව්ද? ඒක ප්‍රශ්නයක්.

    දැන් ආපහු අපි උප්පත්තිකතාව දිගේ ඉස්සරහට යමු. ආදම්ට සහ ඒවට තුන්වන පුතෙක් හම්බවෙනවා. එයාගේ නම සෙත්. සෙත්ගෙ පවුල් ගහ පිළිබඳවත් උප්පත්තිකතාවේ සඳහන් වෙනවා. උප්පත්ති කතාවේ 6 වන පරිච්ඡේදයට තමයි අපි යන්නෙ. ඒ පරිච්ඡේදය පටන් ගන්නෙ මෙහෙමයි.
    තවද භූමිය මතුපිට මනුෂ්‍යයන් වැඩිවෙන්ට පටන්ගෙන ඔවුන්ට දූවරුන් උපන් කල දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්තෝය.

    මේ කියන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ කියන්නේ අපිට පැහැදිලියි ආදම් සහ ඒවගෙන් උපන් දරුවො වත් ඒ දරුවන්ගෙන් උපන් දරුවො වත් නොවෙන බව. මොකද මේ පාඨයේම තියෙනවා මනුෂ්‍යයන්ගේ දූවරුන් කියලා සඳහනක්. ඒ කියන්නේ ඒ වෙද්දි දෙවියන්වහන්සේගේ පුත්‍රයො (එයාලත් ඉතින් දෙවියොමනෙ) සමත් වෙනවා මනුස්ස කාන්තාවෝ කසාද බඳින්න. එතැනින් උපදින්න පටන් ගන්නෙ එහෙනම් දෙමුහුන් පිරිසක්. ඒ පිරිස දෙවියන්ගේ ජාන සහිත පිරිස් වෙන්න එපැයි. මේ දරුවො ගැන මේ පරිච්ඡේදයේ ම සඳහන් වෙනවා. ඒ මෙහෙම.
    ඒ දවස්හි නෙඵීලිම් පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහිකළාවූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය.

    මේ අනුව දෙවියන්වහන්සේගේ පුත්‍රයො එක්ක සම්බන්ධයෙන් මනුස්ස දූවරුන්ට බිහි වුන දරුවො අතීතයේ උන්න කීර්තිමත් සහ බලසම්පන්න මනුස්සයො වුනා. ඒ වගේම මේ අය ඉද්දිත් මේ අයට සම්බන්ධයක් නැති නෙඵීලිම් නැත්නම් යෝධයෝත් පොළොවේ ඉන්නවා.

    මෙතැන දැක්වෙන විදියට මනුස්සයින්ට සම්බන්ධ නැති නමුත් මනුස්සයන්ට සම්බන්ධ කොටස් 2 ක් මෙහි ඉන්නවා. ඒ නෙඵීලිම් සහ දෙවියන්ගේ පුත්‍රයො. කව්ද මේ අය? පැහැදිලිවම මේ මනුස්සයො නෙමෙයි.

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    වෙනත් මනුෂ්‍ය ලෝක, වෙනත් පිටසකවලවල්,වෙනත් තලයන්, ගැන බුදු රජාණන්වහන්සේ දේශනා කල පුදුම සහගත දේශනය....

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    issara maath mewa gena hoyanawa kiyonawa saahenna, thread ehemath daanawa
    man hithan htiye mata sathywa awaboodawela kiyala
    eth passe thmai mata therum giye mata Depression kiyala :baffled:
    ඉස්සෙල්ලම මෛත්‍රී භාවනාව කරන්න
    එතැන තමයී Patan ගැන්ම
     
    • Like
    Reactions: S_M_S and NRTG

    hpalpola

    Well-known member
  • issara maath mewa gena hoyanawa kiyonawa saahenna, thread ehemath daanawa
    man hithan htiye mata sathywa awaboodawela kiyala
    eth passe thmai mata therum giye mata Depression kiyala :baffled:

    ඉතින් යාළුවා ඔයා ඒකට ප්‍රතිකාර ගත්ත ද? කොහොමත් විවෘත මනසකින් දෙයක් දිහා බලන්න බැරි වුනොත් ආතතිය කියන දේ අනිවාර්යයි. හැම දේ දිහාම දකින්න ඕනා ඒ එක්ක නොගැටී, අල්ලා නොගෙන. ඔබට තෙරුවන්සරණින් සුවපත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    පිටසක්වල ජීවය - බුදු දහම/ක්‍රිස්තියානි ආගම

    මිනිස් ජීවිතේ කියන්නේ නිමාවක් නොමැති ගමණක්. නොයෙක් දේ අධ්‍යයනය කරමින් යන. අදටත් මනුෂ්‍යයාගේ ආරම්භය ගැන නිශ්චිත අදහසක් නෑ. තියෙන්නෙ නොයෙකුත් මත. සමහරු කියන්නේ ජීවය පෘථිවියට පැමිණුනේ විශ්වයෙන් කියලා. තවත් මතයකදි කියන්නේ මනුස්සයා පරිණාමයට පත් වුන අයෙක් කියලා. පරිණාමවාදය අද වෙද්දි ලෝකය පුරාම පිළිගන්න මතයක්. ඒ වගේමයි විශ්වයෙන් ජිවය පැමිණුන බව පිළිගන්න විශාල පිරිසකුත් ඉන්නවා. අපි කථා කරන්න හිතුවෙ අන්න ඒ මතය ගැන.

    බුදු දහම තුළ අග්ගඤ්ඤ සූත්‍රයේදී මනුස්සයාගේ උපත ගැන කථා කරලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකයෙන් ඇවිත් පෘථිවියෙ වාසය ආරම්භ කළ පිරිසක් විදියට. මේ ඉගැන්වීම පරිණාමවාදයට වඩා වෙනස්. මීළඟට බුදු දහමෙදි සත්වයා උපදින ලෝක 31 ක් ගෙන කියනවා. අපේ ඇස්වලට පේන්නෙ මෙයින් දෙකක් විතරයි. ඒ මනුස්ස ලෝකයත්, තිරිසන් ලෝකයත්. තිරිසන් ලෝකයෙත් අපේ පියැවි ඇහැට නොපෙනෙන සත්තු ඕන තරම් ඉන්නවා. ඒ වගේම මේ ලෝක 31 අතරෙ අපාය වගේම දිව්‍ය ලෝක තියෙනවා. යහපත් දේ කරන කියන හිතන අයවලුන්ට දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝකවල උපත ලබා ගන්න පුළුවන් කම තියෙද්දි නරක, අයහපත් දේ කරන කියන අය අපායෙ උපදිනවා. බුදු දහමට අනුව මනුස්සයාගේ උපත, මනුස්සයා කරන කියන හිතන දේ අනුව රැඳී පවතිනවා. ඒ වගේම මනුස්සයා හොඳ, යහපත කරද්දි දෙවියො ඒ මනුස්සයාට කැමැතියි. මනුස්සයා නරක, යහපත කරද්දී කැමැති වෙන්නෙ නරක ලෝකවල ඉන්න අය. ඒ කියන්නේ යක්ෂයො වගේ. හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී කියලා අහලා ඇති. ඉතින් මෙතැනදි ආපහු දෙවියො කියන චරිතය අපිට හම්බවෙනවා. මේ දෙවියො කියන්නේ පිටසක්වල ජීවීන් ද කියන ප්‍රශ්නය සමහරු අහනවා. බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීම වෙන්නේ තවත් ලෝකවල ජීවය පවතින බවයි. මතක තියා ගන්න. ඒ දැනට අවුරුදු 2500 ක ට කලින් සිද්ධ වෙච්ච දේශනාව.

    කොහොම වුනත් ක්‍රිස්තියානි ආගමට යොමු වෙද්දී වෙනත් ලෝකයකින් පැමිණි පිරිසක් ගැන යම් ආකාරයක තහවුරුවක් කරන්න පුළුවන් කරුණු ඉදිරිපත් වෙනවා අපිට දැක ගත හැකි. අපිට මෙතනදි භාවිතා කරන්න වෙන්නේ පරණ තෙස්තමේන්තුව.

    පරණ තෙස්තමේන්තුවේ තියෙනවා උප්පත්තිකතාව කියලා පොතක්. මේ උප්පත්ති කතාවෙ තමයි ආදම් සහ ඒව ගැන නැත්නම් පළමු පිරිමියා සහ ගැහැණිය ගැන සඳහන් වෙන්නේ. ආදම්වත් ඒවවත් මවන්නේ දෙවියන්වහන්සේ විසින්. මේ මවන දෙවියන්වහන්සේ ඒවට අවවාද කරනවා. ඒ අවවාදය තමයි ඒඩ්න් උයනෙ තියෙන ගසක ගෙඩි කන්න එපා කියන අවවාදය. කොහොමවුනත් ඒවට පේන්න එන සර්පයා ඒවා ව පොළඹවනවා තහනම් ගහේ ගෙඩි කන්න. මේ පෙළඹවීම සඳහා සර්පයා පාවිච්චි කරන්නෙ වචන විතරයි. ඉතින් ඒ පෙළඹවීමට අනුව මුලින් ගෙඩි කන ඒවා ආදම්වත් කන්න පොළඹවනවා. මේ ගෙඩි කන දෙන්නටම ඊට පස්සෙ තමයි තමුන්ව පේන්න ගන්නෙ. ඒ කියන්නෙ තමුන්ට ඇඳුම් නැහැ කියලා. ඉතින් එදා මේ දෙන්නා ලැජ්ජාවට පත් වෙනවා. කොහොමහරි දෙවියන්වහන්සේ ආදම් සහ ඒවා උයනෙන් නෙරපනවා මේ සිදුවීම නිසා. කෙනෙක්ට හිතන්න පුළුවන් ගහකින් ගෙඩියක් කෑවට මේ තරම් දඬුවමක් දෙන එක අසාධාරණයි වගේ කියලා. නමුත් මන් හිතන්නේ මෙතන තියෙන්නෙ ඊට වඩා වැඩි දෙයක්. ඒ කියන්නේ දෙවියන්වහන්සේ දීපු නියෝගය කඩ කිරීමට දෙන දඬුවම.

    දැන් මේ ආදම් සහ ඒව තමයි පරණ තෙස්තමේන්තුවට අනුව පළමු මිනිස් පවුල. මේ කතාවෙදි අපිට හම්බ වෙනවා සර්පයා. මේ සර්පයා ඒවාට කථා කරනවා. එයා ඒවාව පොළඹවන්නේ වචන වලින්. ඒකෙ කිසිම අධිමානසික දේවල් එහෙම නෑ. ඉතින් දැන් අපි කථාවෙ තව ටිකක් ඉස්සරහට යමු. ආදම් සහ ඒවගේ එක්වීමෙන් දරුවො දෙන්නෙක් ඒවට ඉපදෙනවා. ඒ ආබෙල් සහ කායින්. ආදම් යොමුවෙන්නේ සත්ව පාලනයට. කායින් යොමුවෙන්නෙ කෘෂිකර්මයට. මේ දෙන්නා තමුන්ගේ ඵලදාව දෙවියන්වහන්සේට පූජා කරන්න තීරණය කරනවා. දෙවියන්වහන්සේ ආබල්ගේ පූජාවට තමයි මුල් තැන දෙන්නෙ. මොකද ඒක බිලි පූජාවක්. තමුන්ගේ පූජාවට ඒ තරම් සැලකීමක් නොමැති වීම නිසා කායින් හිත් වේදනාවට පත් වෙනවා. ඒකෙ අවසානය වෙන්නේ ආබල්ව කායින් විසින් මරා දැමීම. මේ මරා දැමීම නිසා දෙවියන්වහන්සේ කායින්ව නෙරපනවා. ඒ වෙලාවෙදි කායින් දෙවියන්වහන්සේට මෙහෙම කියනවා.

    මේ වෙලාවෙදි දෙවියන්වහන්සේ මෙහෙම කිව්වා කියලා බයිබලයේ සඳහන් වෙනවා.

    පස්සේ කායින් ඒඩ්න් උයනෙන් එහා තියෙන නොද් දේශයේ තමයි වාසය කරන්නෙ. දැන් බයිබලයේ තියෙනවා මෙහෙම.

    දැනට මේ ඇති.

    මේ උප්පත්ති කතාව එක්ක මතුවන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි කායින්ව නෙරපන්න දෙවියන්වහන්සේ තීරණය කරද්දී මිනිස්සු ඉන්නෙ තුන්දෙනයි. ඒ ආදම්, ඒවා සහ කායින්. එතකොට කායින් දෙවියන්වහන්සේට කියන්නෙ මාව හම්බවෙන කවුරු වුනත් මාව මරයි කියලා. දෙවියන් වහන්සේ කරන්නේ කායින්ට ලකුණක් දෙනවා, ඒ ලකුණ දකින ඕනැම කෙනෙක් දන්නවා කායින්ට පහර දුන්නොත් තමුන්ට මොකද වෙන්නෙ කියලා. හරි එහෙනම් මෙතන පේනවා කායින් කාට නමුත් බයයි කියලා. ඒකනෙ එයා එහෙම කියන්නේ. ඒ වගේම ඒ කවුරු වුනත් ඉන්න අය දෙවියන්වහන්සේගේ ලකුණ අඳුනනවා. ඉතින් කව්ද මේ? මේ අය දෙවියන්වහන්සේ විසින් මවපු අයම ද? මේ ගැන බයිබලයෙන් උත්තර හම්බවෙන්නෙ නෑ.

    ඊළඟට අපි දැන් කිව්වා වගේ කායින්ව නෙරපද්දි මිනිස්සු ඉන්නේ තුන්දෙනයි. එතකොට කව්ද කායින්ට හම්බවුන භාර්යාව? කොහෙන්ද එයා ආවේ? ඒ ගැනත් හරි උත්තරයක් නෑ. නමුත් ඒ කියන්නේ මේ තිදෙනාට අමතරව තවත් කෙනෙක් ඉන්නවා කියන එකයි. හැබැයි අපිට බයිබලයෙන් හොයා ගන්න බෑ ඒ කව්ද කියලා. ඒ වගේම තමයි ඒනොක් ගැන සඳහන් වෙද්දි ඒනොක්ගේ ඉඳලා පවුල් ගහ ගලාගෙන ගිය ආකාරය උප්පත්තිකතාවේ සඳහන් වෙනවා. ඒනොක් කසාද බැන්දෙ කව්ද? ඒක ප්‍රශ්නයක්.

    දැන් ආපහු අපි උප්පත්තිකතාව දිගේ ඉස්සරහට යමු. ආදම්ට සහ ඒවට තුන්වන පුතෙක් හම්බවෙනවා. එයාගේ නම සෙත්. සෙත්ගෙ පවුල් ගහ පිළිබඳවත් උප්පත්තිකතාවේ සඳහන් වෙනවා. උප්පත්ති කතාවේ 6 වන පරිච්ඡේදයට තමයි අපි යන්නෙ. ඒ පරිච්ඡේදය පටන් ගන්නෙ මෙහෙමයි.

    මේ කියන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ කියන්නේ අපිට පැහැදිලියි ආදම් සහ ඒවගෙන් උපන් දරුවො වත් ඒ දරුවන්ගෙන් උපන් දරුවො වත් නොවෙන බව. මොකද මේ පාඨයේම තියෙනවා මනුෂ්‍යයන්ගේ දූවරුන් කියලා සඳහනක්. ඒ කියන්නේ ඒ වෙද්දි දෙවියන්වහන්සේගේ පුත්‍රයො (එයාලත් ඉතින් දෙවියොමනෙ) සමත් වෙනවා මනුස්ස කාන්තාවෝ කසාද බඳින්න. එතැනින් උපදින්න පටන් ගන්නෙ එහෙනම් දෙමුහුන් පිරිසක්. ඒ පිරිස දෙවියන්ගේ ජාන සහිත පිරිස් වෙන්න එපැයි. මේ දරුවො ගැන මේ පරිච්ඡේදයේ ම සඳහන් වෙනවා. ඒ මෙහෙම.

    මේ අනුව දෙවියන්වහන්සේගේ පුත්‍රයො එක්ක සම්බන්ධයෙන් මනුස්ස දූවරුන්ට බිහි වුන දරුවො අතීතයේ උන්න කීර්තිමත් සහ බලසම්පන්න මනුස්සයො වුනා. ඒ වගේම මේ අය ඉද්දිත් මේ අයට සම්බන්ධයක් නැති නෙඵීලිම් නැත්නම් යෝධයෝත් පොළොවේ ඉන්නවා.

    මෙතැන දැක්වෙන විදියට මනුස්සයින්ට සම්බන්ධ නැති නමුත් මනුස්සයන්ට සම්බන්ධ කොටස් 2 ක් මෙහි ඉන්නවා. ඒ නෙඵීලිම් සහ දෙවියන්ගේ පුත්‍රයො. කව්ද මේ අය? පැහැදිලිවම මේ මනුස්සයො නෙමෙයි.

    දිගටම ලියපන් මචෝ... ජයවේවා!!! :love: :love: :love:
     
    hpalpola

    Well-known member
  • අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයේ චූළනිකා සූත්‍රයේ මෙහෙම සඳහන් වෙනවා.

    ආනන්දය, එසේ වී නම් අසව … ආනන්දය, සඳහිරුහු බබලමින් යම්තාක් තැන් ඇවිදුනාහු ද, දිශා බබුලුවත් ද, ඒ තාක් තැන් සහස්‍රීලෝකධාතුයි. ඒ සහස්‍රධාලෝකයෙහි සඳ දහසෙක් ඇත. හිරු දහසෙක් ඇත. සුනෙරු පවුරද දහසෙක් ඇත. දඹදිව් දහසෙක් ඇත. අපරගොයාන දහසෙක් ඇත. උතුරුකුරුදිව් දහසෙක් ඇත. පූර්වවිදෙහ දහසෙක් ඇත. මහාසමුද්‍ර සහස්‍රයෝ සතර දෙනෙක් ඇත. මහාරාජසහස්‍රයෝ සතර දෙනෙක් ඇත. චාතුර්මහාරාජික සහස්‍රයෙක් ඇත. ත්‍රයත්‍රිංශත් දේවලෝක සහස්‍රයෙක් ඇත. යාම දේවලෝක සහස්‍රයෙක් ඇත. තුෂිත දේවලෝක සහස්‍රයෙක් ඇත. නිර්මාණරතී දේවලෝක සහස්‍රයෙක් ඇත. පරනිම්මිත වශවර්ති දේවලෝක සහස්‍රයෙක් ඇත. බ්‍රහ්මලෝක සහස්‍රයෙක් ඇත. ආනන්දය, මේ සහස්‍රීචූලනීය ලෝකධාතුය යි කියනු ලැබේ.

    මේ විදියට බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ තවත් චක්‍රාවාට ගැන. හබල් දුරේක්ෂයෙන් තවත් චක්‍රාවාට ගැන ඡායාරූප එවන්න අවුරුදු දහස් ගාණකට කලින්. Intelligent life in the universe කියන පොතේ දී කාල් සගන් කියනවා විශ්වයේ අපි ඉන්නා පැත්ත අවුරුදු බිලියන ගාණකට කලින් තවත් අයවලුන් විසින් සොයා බලන්නට ඇති බවත්, ඒ තරම් දුර නොවන අතීතයේත් මේ විදිය ගමන් තියෙන්න ඇති බවත්. සගන්ගේ අදහස විශ්වයේ ඉන්න තවත් දියුණු සත්වයින් විසින් නොයෙක් අවස්ථාවලදී පෘථවියට එන්න ඇති කියන එකයි.

    91tqCpaPLPL.jpg

    ඔබට මතක ඇති ඉස්සෙල්ලා අපි කතා කළා උප්පත්ති කතාව ගැන. මේ උප්පත්ති කතාවෙදි ඒඩ්න් උයනෙදි ඒවාට හමුවන සර්පයා ගැන අපි කිව්වා. දෙවියන්වහන්සේ මිනිස්සු විදියට මවන්නෙ දෙන්නයි. ඒ ආදම් සහ ඒවා. එතකොට මේ දෙන්නගේ කතාව ඉස්සරහට අරන් යන්න උදව් වෙන්නේ මෙන්න මේ සර්පයා. එක පැත්තකින් ගත්තම සර්පයා නිකන් ඒලියන් කෙනෙක් නැත්නම් පිටසක්වළයෙක් වගේ තමයි. අදාළම නැති කෙනෙක්නෙ කොහේදෝ ඉඳන් ඒවා ලඟට එන්නෙ. අනික සර්පයා ආදම්ව මුණ ගැහෙන්නෙත් නෑ. ඒවා ඒ ගැන ආදම්ට කියන්නෙත් නෑ. මිනිස්සු එක්ක කථා කරන සර්පයො ගැන අපි බණ කතාවල අහනවා. නාගයො ගැන කියනවානේ. කොහොමවුනත් අද වෙද්දි මේ නාගයො කියන්නේ නාග ඇදහීම කළ මනුස්ස කොට්ඨාශයක්ය කියන මතයත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඛන්ධ සූත්‍රයේ නාග වර්ග හතරක් ගැන කියනවා. හැබැයි මේ බයිබලයේ කථා කරන සර්පයා නාගයෙක්ය කියලා සඳහනක් නෑ. එහෙම බලද්දි කෙනෙක්ට කියන්න පුළුවන් මේ සර්පයා කියන්නෙත් තවත් මනුස්සයෙක් ම යි කියලා. මොකද ක්‍රිස්තියානි දහමට අනුව අනාචාරය බරපතල්. ඒ නිසා ඒ මනුස්සයා සර්පයා විදියට හැඳින්වූවා වෙන්න පුළුවන්. මතක් වෙයි නේද ‘ආනන්ද සර්පයා දුටුවා ද?‘ කියන කථාව.

    ආදම්වත් ඒවාවත් උද්‍යානයෙන් නෙරපන්න හේතුවෙන්නෙ තහනම් ගහේ ගෙඩි කෑම. අද අපි තහනම් ගහ කියන්නෙ මොකක් ද කියලා ටිකක් හිතලා බැලුවොත්. මේ දෙන්නා හරි සන්තෝශෙන් උද්‍යානයේ ඉන්නවා. ඒ වගේම ඒ දෙන්නට දෙන්නව හරියට පේන්නෙ නෑ. ඒ කියන්නේ ආශාවල් නෑ. එහෙම බලද්දි කෙනෙක්ට කියන්න පුළුවන් මේ සර්පයාගේ මැදිහත් වීමෙන් කියන්නේ ඒවා සහ සර්පයා අතර යම් බැඳීමක් සිදු වුනා කියන එකයි කියලා. මේ සර්පයා ගැන උප්පත්ති කතාවේ තියෙන පහත සඳහන ඒකට පොඩි මගපෙන්වීමක් කරනවා. බලන්න.

    මේ සර්පයා අනෙක් හැම සතෙක්ට ම වඩා වෙනස්. එයත් එක්ක ඒවා කථා කරනවා. එතකොට තව දෙයක් මෙතනින් පේනවා. මේ උයන මැද්දෙ තියෙන ගහ නිකන්ම නිකන් ගහක් නෙමෙයි. විශේෂ ගහක්. ඒ ගැනත් මෙතැන සඳහන් වෙනවා. බලන්න.

    සර්පයාද: ඔබ සැම ඇත්තටම නසින්නේ නැත; මක්නිසාද ඔබ සැම එයින් කන දවසෙහි ඔබ සැමගේ ඇස් ඇරෙන බවත් ඔබ සැම යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන වන බවත් දෙවියන්වහන්සේ දන්නාසේකැයි ස්ත්‍රීට කීය.

    ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශාවිය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය; ඈ තමා සමඟ සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය, ඔහුද කෑවේය. එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී තමන් නග්නව සිටින බව ඔව්හු දැනගත්තෝය; ඔව්හු අත්තික්කා කොළ මහා තමන්ට ඉණවැසුම් සාදාගත්තෝය.

    දැන් බැලුවොත් පෙනෙයි මේ ගහෙන් ගෙඩි කන කන් තමන් නිරුවතින් ඉන්නා බව ආදම් හෝ ඒව දන්නෙ නෑ. හැබැයි ගහේ ගෙඩි ඇහැට ප්‍රියයි කියලා ඒවා දකිනවා. ඇහැට ප්‍රියයි කියන්නෙම ඉතින් ආශාවනේ. ඒ වගේම ඒක පේනවා කියන එකනෙ. පස්සෙ ඒවා කියනවා මාව සර්පයා රැවට්ටුවා කියලා. ඒකට දඬුවම විදියට තමයි ගැබ් වේදනාව ඇයට දඬුවමක් විදියට.දෙවියන්වහන්සේ දෙන්නෙ. මේ සේරම එක්ක කෙනෙක්ට මතයක් ගේන්න පුළුවන් උද්‍යානයේදි ඒවා සර්පයත් එක්ක එකතු වුනා කියලා. ඒක වෙන්නෙත් ආදම් එක්ක ඇය එකතු වෙන්න කලින්. ඉතින් පස්සෙ ඒවා, ආදම් එක්ක එකතු වෙනවා. එහෙම බැලුවම අපිට හිතාගතෑකි ගහේ ගෙඩියක් කාපු නිසා ඇයි දෙවියන්වහන්සේ විසින් මේ දෙන්නව උද්‍යානයෙන් නෙරපූවේ කියලා.

    නමුත් වැදගත්ම දේ තමයි මේ සර්පයා දෙවියන්වහන්සේ විසින් මැව්ව මනුස්සයෙක් නෙමෙයි. එහෙනම් කව්ද මෙයා. මේ කරුණත් අර කලින් කිව්ව දෙවියන්වහන්සේගේ
    පුත්‍රයින්ගේ කථාවත් එක්ක බැලුවම කෙනෙක්ට කියන්න පුළුවන් මිනිස් ආරම්භය සඳහා පිටසක්වළයින්ගේ සම්බන්ධතාවක් තියෙන්න පුළුවන් කියලා. ඇත්තටම සමහරු එහෙම කියනවා. ඒකෙ ඇත්ත නැත්ත කාලයත් එක්ක ඉදිරියේ දී විසඳේවි.
     
    • Like
    Reactions: Rankira

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඊළඟට අපි දැන් කිව්වා වගේ කායින්ව නෙරපද්දි මිනිස්සු ඉන්නේ තුන්දෙනයි. එතකොට කව්ද කායින්ට හම්බවුන භාර්යාව? කොහෙන්ද එයා ආවේ? ඒ ගැනත් හරි උත්තරයක් නෑ. නමුත් ඒ කියන්නේ මේ තිදෙනාට අමතරව තවත් කෙනෙක් ඉන්නවා කියන එකයි. හැබැයි අපිට බයිබලයෙන් හොයා ගන්න බෑ ඒ කව්ද කියලා.
    In answer to this, conservative readers point to a later verse, Gen 5:4, which states that Adam had “other sons and daughters,” arguing that Cain’s wife was his sister and that in the early days of humanity, marriage between brothers and sisters was necessary
    First ever documented incest case 👍😉
     
    Last edited:

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මචන් Encyclopedia of UFO. මේ පොත කියවන්න. නම English උනාට පොත සිoහල. බුදුදහමත් එක්කම ඕකෙ හොදට ඕව පැහැදිලි කරල තියෙනව. මමත් ඉස්සර ඕව ගැන සැරටම හෙවුවා. ආසාව ආවෙ X Files බලල.
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    මචන් Encyclopedia of UFO. මේ පොත කියවන්න. නම English උනාට පොත සිoහල. බුදුදහමත් එක්කම ඕකෙ හොදට ඕව පැහැදිලි කරල තියෙනව. මමත් ඉස්සර ඕව ගැන සැරටම හෙවුවා. ආසාව ආවෙ X Files බලල.
    ඔය පොත කියවල නෑ. ඔය chapter එකේ screenshot එකක් දාපන් පුළුවන් නම්
     
    • Like
    Reactions: NRTG