පියඹා යනවා මා ආකාසයේ.....

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කලු අඳුර වට කරන්
    ඇනුම් පද කියන කොට
    මල් තුහින කොපුලතේ
    උණුහුමට මියෙන කොට
    නෙත් අගක ලුණු රසක්
    සුළඟ රස විඳින කොට
    සිත් ඉමේ නුඹ හිදී
    මතක මල් හුරු ගෙන....

    අවැසි මුත් දැක ගන්න
    සුදු සිනා වත පිපෙන
    ආස මුත් විඳ ගන්න
    ගත ගලන මුදු සුවඳ
    නිදන්නට සිතෙන මුත්
    මුව හොවා හසුන් මැද
    හිත කෙලෙස පණ දෙම් ද
    මතක ලොවැ රන් රුවට.......

    විසුල ගගනත අරා
    තරු ඇසක් ඇරෙන විට
    සිලි සුළන් කෝඩයක
    නුඹේ ගත වෙළෙන විට
    මට වගෙම පෙම් සුවඳ
    හිතට ඉඟි කරන විට
    එන්න මගෙ හද බිමට
    පුරුදු ආදරේ ගෙන
     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    රෑ නින්ද යා නොදි හිතේ උපන්
    නෑ පෙම්වතී කියා රුවක් ඉතින්

    ❤❤💕💕💙💛🧡💔💔💔💔💔💔💔💖