මුල ඉඳලම කිව්වා අපි ,කොහෙන්දෝ මගුලකින් උස්සන් ආපු මේ ධම්මික පැණියේ ලණුව කන්න එපා කියලා.මොකද ආණ්ඩුව ඒ වෙනකොටත් කොරෝනා වෙනුවෙන් කරපු එක මාර්කටින් වැඩක්වත් ගොඩගියේ නෑ.චොපර් වලින් පිරිත් පැන් ඉස්සා,මුට්ටි කලගෙඩි ගඟවල් වලට විසිකළා,දේවාල ගාණේ ගියා,ඒ කළ කිසිම දෙයක් හරි ගියේ නෑ.විද්‍යාත්මක විසඳන්න ඕන අවුලක්,ප්‍රශ්නයක් ආණ්ඩුව අවිද්‍යාව අල්ලන් මිනිස්සු අවිද්‍යාවෙන් මුලා කරලා කරන්න යන දේ ගැන බරපතලකම තේරුණ නිසයි මුල ඉඳලම කිව්වේ.ඒත් ආණ්ඩුව පෙනි පෙනී ධම්මික පැණියක් අල්ලගත්තා.
දේශීය වෛද්‍යවරයෙක් තියා පාරම්පරික වෛද්‍යවරයෙක්වත් නොව්ච්ච ධම්මික කියන මනුස්සයගේ පැණියකට රැවටුනා විතරක් නෙමෙයි,ඒ රැවටිල්ලේ ගොදුරු බවට රටේ ජනතාවත් පත්කර ගත්තා.ඉතාම කැත විදිහට.රටේ සෞඛ්‍ය කේෂ්ත්‍රයේම හයිය වෙච්ච සෞඛ්‍ය ඇමතිතුමිය මේ ධම්මික පැණිය රටේ මිනිස්සුන්ට පේන්න බිව්වා,දේශීය වෛද්‍ය අංශය බාර රාජ්‍ය අමාත්‍යවරයා දේශීය වෛද්‍යවරු පැත්තකින් තියලා මේ මිනිහා එක්ක මීඩියා ගානේ ගියා.අමාත්‍යංශ වලින් බෙහෙත් අඹරන්න මැෂින් දුන්නා.ඒක කමක් නෑ කියමුකෝ රටේ දේවල් කාබාසිනියා වෙන හැටියට.
හැබැයි අපි මුල ඉඳලා කිව්වේ රටේ මිනිස්සු මුලාකරන්න එපා කියලා.සායනික පරික්ෂාවක් තියා,බෙහෙත් වට්ටෝරුවවත් නොදැන මේ සියල්ල කොම්බු නාලිකාවෙන් නිකරුනේ ප්‍රසිද්ධ කළා. මිනිස්සු කෑගල්ලේ පෝලිම් ගැහුණා.කොරෝනා නීති පැත්තකට දාලා මේ අමුලික බොරුව ගැන විස්වාස කළා.පාලකයෝ තව තවත් ඒ ගැන සහතික කළා.ඔක්ස්ෆර්ඩ් වැක්සින් එක,ෆයිසර් වැක්සින් එකටවත් නැති තාක්ෂණික කමිටු,විනය කමිටු මේක වෙනුවෙන් තිබ්බේ.අන්තිමේ නාටකයෝ පිපිරිලා ගියේ ශ්‍රීමහාබෝධිය ගාවදී.
ඔන්න එතකොට එක එකාට තේරෙන්න ගත්ත මේක අවුලක් කියලා.හැබැයි ඒ නැවතුනේ නෑ.රාජ්‍ය ආයතන වල ඇතැම් සේවකයෝ ලක්ෂ ගණන් එකතු කරලා සල්ලි යවලා ගෙන්නගෙන බිව්වා මේ පැණිය.අපි මුල ඉඳලම කිව්වේ මේව ජනතාවට පෙන්නලා ජනතාව රැවටෙන්න කලින් මේ වැඩේ කරන්න එපා කියලා.දැන දැන කළා.
අද මොකක්ද වෙලා තියෙන්නේ? කෑගල්ලේ අවට වැඩියම කෝවිඩ්.බහුතරයක් පැණිය බිව්ව අය.ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරයෙක් පේ වෙලා බීලා.ඒත් කෝවිඩ්.මේ ඔක්කොටම වඩා කතානායකට පැණිය දීලා ඒ වෙලාවෙම කෝප්පයක් විතර පැණි බීපු අප මිත්‍ර පියල් නිශාන්තටත් අද කෝව්ඩි.ඇත්තටම අපි කනගාටු වෙනවා.ඒ වගේ අපි ඉක්මනින් සුවය පතනවා මේ මිනිස්සුන්ටත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටත්.
ඊට වඩා ඉල්ලනවා තවම රජයෙන් අනුමැතියක් නැති.කිසිම සහතිකයක් නැති මේ පැණිය දැන්වත් බොන්න එපා කියලා.අපි නෙමෙයි අර සුදර්ශනී ඇමතිතුමිය කියන දේවත් අහන්න !