පියල් නිශාන්තටත් බඩු පැකට්!

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මුල ඉඳලම කිව්වා අපි ,කොහෙන්දෝ මගුලකින් උස්සන් ආපු මේ ධම්මික පැණියේ ලණුව කන්න එපා කියලා.මොකද ආණ්ඩුව ඒ වෙනකොටත් කොරෝනා වෙනුවෙන් කරපු එක මාර්කටින් වැඩක්වත් ගොඩගියේ නෑ.චොපර් වලින් පිරිත් පැන් ඉස්සා,මුට්ටි කලගෙඩි ගඟවල් වලට විසිකළා,දේවාල ගාණේ ගියා,ඒ කළ කිසිම දෙයක් හරි ගියේ නෑ.විද්‍යාත්මක විසඳන්න ඕන අවුලක්,ප්‍රශ්නයක් ආණ්ඩුව අවිද්‍යාව අල්ලන් මිනිස්සු අවිද්‍යාවෙන් මුලා කරලා කරන්න යන දේ ගැන බරපතලකම තේරුණ නිසයි මුල ඉඳලම කිව්වේ.ඒත් ආණ්ඩුව පෙනි පෙනී ධම්මික පැණියක් අල්ලගත්තා.

    දේශීය වෛද්‍යවරයෙක් තියා පාරම්පරික වෛද්‍යවරයෙක්වත් නොව්ච්ච ධම්මික කියන මනුස්සයගේ පැණියකට රැවටුනා විතරක් නෙමෙයි,ඒ රැවටිල්ලේ ගොදුරු බවට රටේ ජනතාවත් පත්කර ගත්තා.ඉතාම කැත විදිහට.රටේ සෞඛ්‍ය කේෂ්ත්‍රයේම හයිය වෙච්ච සෞඛ්‍ය ඇමතිතුමිය මේ ධම්මික පැණිය රටේ මිනිස්සුන්ට පේන්න බිව්වා,දේශීය වෛද්‍ය අංශය බාර රාජ්‍ය අමාත්‍යවරයා දේශීය වෛද්‍යවරු පැත්තකින් තියලා මේ මිනිහා එක්ක මීඩියා ගානේ ගියා.අමාත්‍යංශ වලින් බෙහෙත් අඹරන්න මැෂින් දුන්නා.ඒක කමක් නෑ කියමුකෝ රටේ දේවල් කාබාසිනියා වෙන හැටියට.

    හැබැයි අපි මුල ඉඳලා කිව්වේ රටේ මිනිස්සු මුලාකරන්න එපා කියලා.සායනික පරික්ෂාවක් තියා,බෙහෙත් වට්ටෝරුවවත් නොදැන මේ සියල්ල කොම්බු නාලිකාවෙන් නිකරුනේ ප්‍රසිද්ධ කළා. මිනිස්සු කෑගල්ලේ පෝලිම් ගැහුණා.කොරෝනා නීති පැත්තකට දාලා මේ අමුලික බොරුව ගැන විස්වාස කළා.පාලකයෝ තව තවත් ඒ ගැන සහතික කළා.ඔක්ස්ෆර්ඩ් වැක්සින් එක,ෆයිසර් වැක්සින් එකටවත් නැති තාක්ෂණික කමිටු,විනය කමිටු මේක වෙනුවෙන් තිබ්බේ.අන්තිමේ නාටකයෝ පිපිරිලා ගියේ ශ්‍රීමහාබෝධිය ගාවදී.

    ඔන්න එතකොට එක එකාට තේරෙන්න ගත්ත මේක අවුලක් කියලා.හැබැයි ඒ නැවතුනේ නෑ.රාජ්‍ය ආයතන වල ඇතැම් සේවකයෝ ලක්ෂ ගණන් එකතු කරලා සල්ලි යවලා ගෙන්නගෙන බිව්වා මේ පැණිය.අපි මුල ඉඳලම කිව්වේ මේව ජනතාවට පෙන්නලා ජනතාව රැවටෙන්න කලින් මේ වැඩේ කරන්න එපා කියලා.දැන දැන කළා.

    අද මොකක්ද වෙලා තියෙන්නේ? කෑගල්ලේ අවට වැඩියම කෝවිඩ්.බහුතරයක් පැණිය බිව්ව අය.ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරයෙක් පේ වෙලා බීලා.ඒත් කෝවිඩ්.මේ ඔක්කොටම වඩා කතානායකට පැණිය දීලා ඒ වෙලාවෙම කෝප්පයක් විතර පැණි බීපු අප මිත්‍ර පියල් නිශාන්තටත් අද කෝව්ඩි.ඇත්තටම අපි කනගාටු වෙනවා.ඒ වගේ අපි ඉක්මනින් සුවය පතනවා මේ මිනිස්සුන්ටත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටත්.

    ඊට වඩා ඉල්ලනවා තවම රජයෙන් අනුමැතියක් නැති.කිසිම සහතිකයක් නැති මේ පැණිය දැන්වත් බොන්න එපා කියලා.අපි නෙමෙයි අර සුදර්ශනී ඇමතිතුමිය කියන දේවත් අහන්න !

    1610975163930.png
    1610975169355.png
    1610975176297.png
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඉට්ස් ගුඩ් ටු සී දැට් ඩයි හාර්ඩ් අඩු ආදායම්ලාභී බයි පීපල් ආර් ඩයින්ග්. 🤣🤣
    දේ ඩිසර්වර්ඩ් ඉට්🤣
    වේටින්ග් ෆොර් ද ඩෙත්ස් ඔෆ් මම්ස් ඔෆ් දීස් මැදමුලන ෂිට් ඊටින්ග් වොර්ම්ස් @jcj @erozan @2osama @bambuwathamai 🤣🤣🤣
     
    • Haha
    Reactions: pavanruka

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාර්ලිමේන්තුවේ නම් බන් හැදෙන හැදෙන හැම එකාම මැරුණාට නම් කමක් නෑ බන්. ඕකුන් කොහොමත් මැරෙන්න ඕන උන්.
    ඒ උනාට මෝඩ මිනිස්සු පවු. ගොන් හැත්තව විශ්වාස කරලා ගිහින් පැණි බිව හරක්. උන්ට නම් ඉක්මන් සුව. ආයේ මේවගේ හරක් වැඩ නොකරන්න.

    දෙරණ, හිරු කියන පරයන්ට දම්මික හොර දෙටුවට නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    ලැප්ටොප් අරං නටන රටේ කළගෙඩි, පැණි කියන්නෙ ලොකු දේවල් තමයි.... දෙරණ වගේ වගකීමක් තියන මාධ්‍ය වලින් කරන්න ඕන නියම බුදුදහම පැත්තකට දාල මේ වගේ බෝන් අගේන් බුද්ධාගමක් ප්‍රචලිත කරන එක තමයි.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    @Elakiri Appachchi @rajitha.wijayaratne @පිටියෙ-අප්පු වගේ විචාර බුද්ධියක් නැති , තමන් තමයි හැමදේම දන්නෙ කියන ඊගෝ එකේ ඉන්න ගොබ්බ සේනලා ටික හැමදාම මේ වගේ ලණු කනවා. කාල පාඩුවේ ඉන්නෙ නැතිව අනිත් උන්වත් ඒ වලට දාන්න මේකෙ ත්‍රෙඩ්ස් දදා හැමනෙනවා. මුන් කියන අනිත් දේවලුත් මේ වගේ තමා.. පට්ට පල් පච, කෙබර.... සත පහකට විස්වාස කරන්න එපා කියන වචනයක්වත්...
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පාර්ලිමේන්තුවේ නම් බන් හැදෙන හැදෙන හැම එකාම මැරුණාට නම් කමක් නෑ බන්. ඕකුන් කොහොමත් මැරෙන්න ඕන උන්.
    ඒ උනාට මෝඩ මිනිස්සු පවු. ගොන් හැත්තව විශ්වාස කරලා ගිහින් පැණි බිව හරක්. උන්ට නම් ඉක්මන් සුව. ආයේ මේවගේ හරක් වැඩ නොකරන්න.

    දෙරණ, හිරු කියන පරයන්ට දම්මික හොර දෙටුවට නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන
    උප ජනාධිපති දිලිත් ජයවීරගෙ පවර් එක තමයි..කොහොමද පෙන්නපු නාටකේ..මිනිස්සු පොදි බැදිගනෙ පොරකකා ආවෙ පැනි ගන්න..මිනිහත් නිකන් හිට්ලර්ට හිටිය ගොබෙල්ස් වගේ...උ තමා රටේ මිනිස්සු හිතන විදිහ පවා පාලනය කරන්නෙ
     
    • Haha
    Reactions: lasankandy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,086
    113
    34
    Kalutara
    ඕක බොන්න කලින් මස් මාළු කන්න ඇති, ඒකයි හැදිලා තියෙන්නේ, ඕක බොන්න නම් කිලි වලින් ඈත් වෙලා ඉන්න ඕන දවස් 7ක්. 😪
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අප්පෝ මුගේ කෙරුවාව මේකේ කියනවා. පට්ට කෙබර හොරෙක්නේ. 07:30 අහපන්.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උප ජනාධිපති දිලිත් ජයවීරගෙ පවර් එක තමයි..කොහොමද පෙන්නපු නාටකේ..මිනිස්සු පොදි බැදිගනෙ පොරකකා ආවෙ පැනි ගන්න..මිනිහත් නිකන් හිට්ලර්ට හිටිය ගොබෙල්ස් වගේ...උ තමා රටේ මිනිස්සු හිතන විදිහ පවා පාලනය කරන්නෙ

    ඌ ඉස්සරහ අනික් උන් කුක්කෝ වගේ....