පියානෙනී~ඔබට~නිවන්~සුව
CSPMAXX එලකිරියේ ගොඩක් අය දැන අඳුරගත්තේ සයිබරයේ අතිශය ජනප්රිය වෙච්චි "මතක පොතක ලියැවී තිබුණා......" කථාවෙන්. එලකිරි සංචාරකයා කන්ඩායමේ ආදරණිය සාමාජිකයෙක් වෙච්චි අපේ සුමියාගේ ආදරණීය තාත්තා පහුගිය කාලයේ සිටියේ අසනීප තත්වයෙන්. දැන් සුළු මොහොතකට කලින් තමයි කණගාටුදායක ආරංචිය අපිට අසන්නට ලැබුනේ සුමියාගේ ආදරණීය තාත්තා ජීවන අරගලයෙන් තාවකාලිකව සමුගෙන තියෙනවා කියලා. බොහොම අපූරුවට කවි කටුගාන සුමියා තමන්ගේ ආදරණීය තාත්තාගෙ දුක්බර සමුගැනීම සයිබරයේ වචන වලට හරවල තිබුනෙ මෙන්න මෙහෙමයි.
ජීවීතේ රස කර විඳින්නට
මඟ දෙපස එලි පෙහෙලි කරදුන්
අපේ මහරජු සුවැති නින්දක
දිවි මඟේ දුර නිමා කරමින්
හඬන්නට කෑ ගසා හිතුනත්
මහා කඳු වැටි ඉරා දමමින්
නුඹේ ශක්තිය හයිය කර ගෙන
දරා ගන්නෙමි තාත්තේ මං......
තාත්තාගේ අවසන් කටයුතු කෙරෙන්නේ හෙට. පුළුවන් හැටියට අවමගුලේ කටයුතු වලට සම්බන්ධ වෙන්න කියලා එලකිරියේ හැමෝගෙන්ම මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා...
ජම්බුහග සෙවන
ඩි මෙල් මාවත
මීගහතැන්න
මතුගම
මේ තියෙන්නේ සුමියාගේ ගෙදර ලිපිනය. පුළුවන් හැටියට ගෙදරට ගොඩ වෙලා එන්න බලන්න..
තාත්තේ ඔබට නිවන් සුව! අවසාන වතාවට යන්න කලින් බලලා යන්න එන්නං.

Last edited: