ලංකාවේ සමහර පොරවල් ටැංකිවල දාල ඇති කරනවා. ඔකේ අවධානම තියෙන්නේ ස්වභාවික ජලාශවලට එකතු උනොත් කියන එක.
අනේ මන්ද මත්ස්‍ය විශේෂඥයෝ නම් කියන්නේ ඔය පිරාන මත්ස්‍ය කියන තරම් දරුණු නැහැ කියල.
Characidae පවුලට අයත් වන මාංශභක්ශකයෙක් වන මෙම මාළුවා මිරිදියෙහි ජීවත්වන මත්ස්‍යයෙකි. මොවුන් වාසය කරන්නේ දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගා ආශිතවය. පිරානා ලොව ප්‍රචලිත වී ඇත්තේ ඔවුන්ගේ තියුණු දත්, ශක්තිමත් හකු සහ මාංශ සදහා දක්වන කෑදර බව යන කරුණු මතය. පිරානා විශේෂ 20 කට අධික සංඛයාවක් මේ දක්වා හදුනාගෙන ඇත. මෙම මාළුවා විශේෂය අනුව සෙ. මී. 14 - 40 ත් අතර දිගකට වැඩේ. පිරානා මසුන් ඇමසන් ගංගාවේ සහ ඒ ආශ්‍රිතව මියයන සතුන් හා මසුන්ද රෝගී වී හෝ වයස් ගත වී ඇති මසුන් කා දැමීමට ප්‍රියකරන මත්ස්‍යයෙකි. මොවුන් බිත්තර දැමීමට ගං පතුලේ කුඩා වලක් සකස් කර ගනී. මෙම කූඩුව තුල දමන බිත්තර මොවුන් විසින් ආරක්ෂා කරයි. වැඩුණු පිරානා මසුන් රංචුවක් හට මිනිසෙකුගේ ප්‍රමාණයේ සතෙකු වූවත් තත්පර ගණනක් ඇතුලත සම්පූර්ණයෙන් කා දැමිය හැක.එසේ වුවත් සත්‍ය වශයෙන්ම පිරානා මසුන්ගේ ආහාර වට්ටෝරුවට මිනිසා ඇතුලත් නොවේ. මෙය වඩාත් සනාථ වනුයේ මොවුන්ගේ නිජබිම වූ ඇමසන් ගංගාවේදීවත් මිනිසෙකු මරා කා දැමූ සිද්ධියක් සාක්ෂි සහිතව වාර්ථා නොවී තිබීමය. මෙම මසුන් විවිධ චිත්‍රපට තුලින් මිනී කන්නෙකු ලෙස දක්වා තිබීම නිසා ලොව පුරාම පිරානා කෙරෙහි භයංකාර ආකල්පයක් ගොඩ නැගී ඇත. කෙසේ වෙතත් මොවුන්ගේ ශක්තිමත් දත්, මස් කැමට ඇති කැමැත්ත, වතුරට මිශ්‍ර වන ලේ ඔස්සේ තුවාල සිදු වී ඇති සතුන් දඩයම් කිරීමට හඹායාම වැනි කරුණු නිසා ඇමසන් ගංගාව ආශ්‍රිත ගෝත්‍රිකයන් දිය නෑමේදී සහ පිහිනීමේදි පිරානා මසුන් ගැන නිතර විමසිලිමත් වේ. පිහිනුම් කටයුතු වල සිටි විවිධ පුද්ගලයින්ට මෙම මසුන් පහර දී සපා කා තුවාල සිදු කල අවස්ථා වාර්ථා වේ.