පිරිමි පියයුරු පිළිකා

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    පිරිමි පියයුරු පිළිකා

    පිරිමි පියයුරු පිලිකා

    පියයුරු පිළිකා බොහෝවිට කාන්තාවන් අතර තමයි දක්නට ලැබෙන්නේ. නමුත් පිරිමින්ටත් පියයුරු පිළිකා හැදෙන්න පුලුවන් කියලා දන්නවාද?
    දැනගත්තාට පාඩුවක් නැ....

    Qu8W6ik


    ඔව්. පිරිමි අයටත් පියයුරු පිළිකා හැදෙන්න පුලුවන්. නමුත් කාන්තා පියයුරු පිළිකා තරම් පිරිමි පියයුරු පිලිකා ප්‍රසිද්ධ නැ. ඒ නිසා ගොඩක් පිරිමි මේ ගැන දන්නේ නැ.

    මේ ගැන කතා කරන්න නම් අඩිතාලමක් ලෙස පියයුරු ගැන සරලව දැනගමු...

    පියයුරු පටකය සැදී ඇත්තේ ශ්‍රාවී ග්‍රන්ථි දරණ අනුඛණ්ඩිකා, ප්‍රනාල, මේද පටක හා සම්බන්ධක පටක සහිත පංජරයකිනි. වැඩිවියට පත්වන තෙක් පිරිමි ලමයකුගේ හා ගැහැණු ලමයකුගේ තනපුඩු වලට යටින් හා අවට ස්වල්ප ප්‍රමාණයෙන් පියයුරු පටකය පවති. නමුදු වැඩිවියට පත්විමත් සමග හෝමෝන බලපෑම මධ්‍යයේ දැරියකගේ පියයුරු පටකය සීඝ්‍රයෙන් වර්ධනය වේ. නමුත් පිරිමියකුගේ එසේ පියයුරු පටකයේ සැලකිය යුතු වෙනස්කමක් සිදු නොවේ.

    නමුත් ඉතින් පියයුරු පටකයේ තියෙන්නෙත් සෛලමනේ. පිලිකාවක් ඇති වෙන්න පුලුවන්. ගෑණු පිරිමි කියලා බේදයක් නැ. නමුත් කාන්තාවන් තරම්ම පිරිමින් අතර පියයුරු පිළිකා තත්ත්ව දකින්න නැත්තේ ස්වල්ප ලෙස පියයුරු පටකය පිහිටිම, පියයුරු වල සෛල හා ප්‍රනාල එතරම් වර්ධනය වී නොමැති වීම යන කරුණු හේතුකොට ගෙනයි.

    පිරිමින්ට පියයුරු පිළිකා ඇතිවිය හැකි අවධානම් තත්ත්ව මොනවාද?​

    පිරිමින් වයස්ගත වීමත් සමග පියයුරු පිළිකා ඇතිවිමේ සම්බාවිතාවක් පෙන්වනවා. පියයුරු පිළිකා ඇති ඥාතින් සහිත පෙළවැලක් තිබිම, gynecomastia තත්ත්ව, විවිධ හොමෝන භාවිතය වැනි හේතු දක්වන්නට පුලුවන්.


    පිරිමි පියයුරු පිළිකා හදුනාගැනිම ගැන විශේෂයෙන්ම කතා කල යුතුයි. නොදැනුවත්කම හා නොසැලකිල්ල හේතුවෙන් පිරිමි පියයුරු පිළිකා තත්ත්ව හදුනාගන්නේ පරක්කු වෙලා.
    කාන්තාවන් පපුවේ ඇතිවන ගැටිති, හැඩයේ වෙනස්කම්, ආසාමාන්‍යතා ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. නමුත් පිරිමි අය එතරම් මේ ගැන සැලකිල්ලක් නැ. සැලකිල්ලෙන් ඉන්න!!!


    රෝග ලක්ෂණ​

    පිරිමි පියයුරු පිළිකා ලක්ෂණ හා කාන්තා පියයුරු පිළිකා ලක්ෂණ බොහෝමයක් එක හා සමානයි.

    1mt5c5b


    • තනපුඩුව හෝ අවට ඇතිවන ගැටිති.
    • තනපුඩුවේ හැඩයේ වෙනස්කම්
    • සම එක්වරම ඝණවීම්
    • සම තදගතියක් ඇතිවිම
    • කුෂ්ඨ
    • තනපුඩුවෙන් රුධිරය හෝ ශ්‍රාවයන් වහනය
    • කිහිලි ඉදිමිම
    • තනපුඩුව අවට සමේ වණ ඇතිවිම.

    සෑම ගැටිත්තක්ම පිළිකාවක් වෙන්නේ නැ. අහිංසක ගැටිතිත් මතු වෙනවා. නමුත් ඔබට අපහසුතාවක් දැනෙනවානම් වෛද්‍යවරයකු ලබා පරික්ෂා කරගන්නට දෙවරක් හිතන්න එපා!!!

    hCgBJWY


    පිළිකාවක් යැයි සැකයක් ඇතිවූ පසුව පිළිකාවේ අවධිය ඇතුලු කරුණු සෙවිමට පරික්ෂණ කටයුතු සිදුකරනවා. ඒ අනුව ඉදිරි ප්‍රතිකාර සිදුකරනවා.

    අලුත් දෙයක් දැනගන්න ඇතැයි සිතනවා.
    තවත් ලිපියකින් නැවත හමුවෙමු

    - රොෂීන් ප්‍රනාන්දු




    ප.ලි
    තවත් මෙවැනි ලිපි මා විසින් ලියන ජනේලය බ්ලොග් අඩවියට පිවිසිමෙන් කියවන්න පුලුවන්.
    දිනපතා අලුත් වන ලිපි දැනගන්න කැමැතිනම් follow කරන්න
    ස්තුතියි
     
    • Like
    Reactions: DJ_HarDWelL