පිස්සු බල්ලාට මෛත්‍රී කිරීම.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පිස්සු බල්ලාට මෛත්‍රී කිරීම.

    අන්‍යාගමිකයන් විසින් බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය අද මෙරට නිතර අසන්නට ලැබෙන මාතෘකාවකි. සිංහල බෞද්ධයෝ ඊට විරුද්ධ වෙති. එහෙත් ඇතැමුන් පවසන්නේ එසේ විරුද්ධ වීම බෞද්ධයන්ට සුදුසු නොවන බවය. වඩාත්ම හාස්‍යජනක කාරණය නම්, අන්‍යාගමිකයන් ද අද මේ ගැන බෞද්ධයන්ට බණ කියන්නට පටන් ගැනීම ය. එම නිසා, මෙවැනි සිද්ධියක දී බුදුරජාණන් වහන්සේ කෙසේ ක්‍රියා කරත් ද යන්න බෞද්ධයන්ට ඉතා වැදගත් කරුණකි. මෙම ජාතක කතාව දේශනා කිරීමට පදනම් වන්නේ දෙව්රම් වෙහෙර (ජේතවනාරාමය) අසල තීර්තකාරාමයක් ඉදි කිරීම සම්බන්ධ සිද්ධියකි.

    AjLc0yk.jpg

    එම කතාව මෙසේය.
    බුදුහිමියන් දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටියදී බුදුහිමියන්ගේ අසිරිමත් වූ බුදුගුණ අරබයා දෙව්රම් වෙහෙරට බොහෝ ජනයා මතු නොව දෙවි බඹුන් පවා රැස් වී තම ගැටලු නිරාකරණය කර ගනිමින් සැනසීමට පත් වූ බව පැහැදිලි ය.

    මේ නිසා සිදු වූයේ තීර්ථකාරාම වෙත ගිය පිරිස් තීර්ථකයන් අත්හැර දැමීමයි. තීර්ථකයන්ට ලද ලාභ සත්කාර සියල්ල මේ නිසා අහිමි විය. මෙයින් පිරිහිණු තීර්ථක පිරිසක් කල්පනා කළේ ජනයා තමන් හැර දමා දෙව්රම් විහාරයට ඇදෙන්නේ බුදුන්ගේ විශේෂතාවක් නිසා නොව දෙව්රම් වෙහෙර පිහිටි භූමියෙහි විශේෂතාවක් නිසා බවයි.

    එසේ සිතූ තීර්ථකයෝ දෙව්රම් වෙහෙර අසලින් ම තමන් ද ආරාමයක් තැනීමට සිතා කොසොල් රජ තුමාට මසුරන් ලක්‍ෂයක් අල්ලසක් ලෙස ප්‍රදානය කොට මේ සඳහා අවසර ලබා ගත්හ. විශාල පිරිසක් කාර්මිකයන් ද සමඟ පැමිණි තීර්ථක කණ්ඩායම මහා හඬ නංවමින් කෑ කෝ ගසමින් ආරාමය ඉදි කරන්නට වූහ.

    මීට පෙර නො ඇසූ කෝලාහලයක් ඇසූ බුදුපියාණෝ ඒ බව අනඳ තෙරුන්ගෙන් දැන වහාම රජුට දැනුම් දී එය නතර කරන්නැයි වදාළහ. මසුරන් ලක්‍ෂයේ බලය කෙතරම් ද යත් අනඳ තෙරුන් ප්‍රධාන භික්‍ෂුන් රජ ගෙට වැඩ මේ පිළිබඳ පැමිණිලි කිරීමට බලා සිටිය ද රජතුමා මැදුරෙහි නැතැයි, ආරක්‍ෂකයෝ පිළිතුරු දුන්හ.

    දෙවැනි දින සැරියුත් මුගලන් දෙනම මෙසේම රජ ගෙට වැඩ පැමිණිලි කිරීමට බලා සිටිය ද පෙර දිනම මෙන් රජතුමා ඉදිරියට නොපැමිණ මඟ හැර සිටියේ ය.

    තුන්වන දින තමන් වහන්සේ ම ගැටලුවට මුහුණ දිය යුතුයි සිතා බුදුරජාණන් වහන්සේ ම භික්‍ෂු පිරිස ද සමඟ රජ ගෙදරට පිඬු සිඟා වැඩියහ. රජ ගෙදර දානය පිළිගත් බුදු හිමියෝ දානය වළඳා ආපසු වෙහෙරට නොයා රජ මිදුලෙහි පසෙකට වී වැඩ සිටියහ. රජතුමාට තවදුරටත් සැඟවී සිටිය නොහී බුදු හිමියන් හමුවට පැමිණි අතර, එහිදී තීර්ථකයන්ගේ ආරාමයට බුදු හිමියන් තම විරෝධය ප්‍රකාශ කළේ පෙර රජවරුන් අල්ලස් ලබා තාපසවරුන් දෙපිරිසකට කළ විපතක් හෙළිදරව් කෙරෙන භරු ජාතකය රජුට දේශනා කරමිනි.

    පෙර බරණැස බෝසතාණන් වහන්සේ තාපස පිරිසකට නායකත්වය දී ඉපදුණහ. වැසි කාලයෙහි නගරයෙහි උතුරු වාසලෙහි පිහිටි නුග ගසක් පිරිවරා ඔවුහු වාසය කරති. මෙකල තවත් පන්සියයක තාපස පිරිසක් දකුණු වාසලෙහි එවැනි ම නුග ගසක් පිරිවරා වාසය කරති. වැසි සමය අවසන් වූ පසු හිමාලයට තාපස දෙපිරිස ගමන් කරති.

    එක් වැසි සමයක් උදා වූ විට දෙවන තාපස පිරිස තම නුගය සොයා පැමිණියත් එය ඉදිරී බිම වැටී විනාශ වී ගොස් තිබුණි. ඔවුහු පළමු තාපස පිරිස සිටි උතුරු වාසල නුගය තම වාසය පිණිස තෝරා ගත්හ.

    එවිට පළමු තාපස පිරිස වනයේ සිට තම පැරණි නුගය සොයා පැමිණිය ද අනෙක් පිරිස එය අල්ලා ගෙන සිටිනු දැක එසේ කළේ මන්දැයි විමසා සිටියේ ය. අප පෙරාතුවම පැමිණි හෙයින් මෙහි නතර වූහ’යි ඔවුහු කීහ. ආපසු වෙනත් තැනකට යාමට නොහැකි බව ද කීහ.

    මෙසේ මේ දෙපිරිස අරගල කරන්නට වූහ. අවසන දෙපිරිස ම ගොස් රජුට පැමිණිලි කළහ. සාධාරණ විනිශ්චයක පිහිටි රජු පළමු තාපස පිරිසට නුගය පවරා දුන්හ.

    එයින් පරාජිත වූ දෙවන තාපස පිරිස නුගය ලබා ගැනීමට උපක්‍රමයක් සිතන්නේ රජුට අල්ලසක් දීමට තීරණය කළෝ ය. එය රනින් කරන ලද යානාවකි. එය රැගෙන ගොස් රජුට දී සතුටු කොට නුගය තමන්ට පවරා දෙන්නැයි ඉල්ලූහ.

    අල්ලසින් අගතියට පැමිණි රජතුමා නුගය දෙවන තාපස පිරිසට අයත් බව ප්‍රකාශ කළේ ය. රජුගේ අමනෝඥ තීරණය හමුවේ තාපසවරු නුගයට අරගල කළහ. කිසිවකුට එයින් ජයග්‍රහණයක් ලැබිය නොහැකි වූ අතර අවසන තාපස දෙපිරිස ම කලකිරී ආපසු හිමාලයට පිටත්ව ගියහ.

    තවුසන්ගේ ගැටලුවක් හමුවේ රජු අදහැමි පිළිවෙතින් ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය වූයේ ඒ ප්‍රදේශය අරක් ගෙන සිටි දෙවිවරුන් කෝපයට පත්වීමයි. දේවකෝපය හැම කල්හි ම මනුෂ්‍යයනට විපත් ගෙන දෙයි. මේ අසත්පුරුෂ රජුන්ට දඬුවම් පමුණුවන්නට සිතූ දෙවිවරු මුහුද ගොඩ ගලන්නට සලස්වා රජුගේ අණසක පැවති රාජ්‍යය විනාශ කර දැමූහ. එයින් බොහෝ මනුෂ්‍යයෝ නිරපරාදේ ම විපත්තියට පත් වූහ.

    මේ අතීත කථාව ගෙනහැර දැක්වූ බුදුපියාණන් වහන්සේ කොසොල් රජුගේ අල්ලස් ක්‍රියාවේ බිහිසුණු බව පළ කළහ. එයින් බියට පත් රජතුමා ඝර්ථකාරාමය ඉදිකිරීම වහාම නතර කරවා බුද්ධ ශ්‍රාවකයන්ට නිසි සේ නිහඬව දහමෙහි නියැළෙන්නට මඟ සැලසීය.

    ඒ ප්‍රයෝගික වුත්.. මාහා කාරුණික වුත් ලොවුතුරා බුදු පි‍යාණන්ගේ ආදර්ශයි....
    බාගෙට බුදු දහම කියවා මාහා ලොකු ආගමික සහජීවනයක් හා කරුණාවක් උගන්නන්නට යන, බොදු බල සේනා හමුදුරුවන්ටද හැසීරීම උගන්නනට යන, සජීවන උණෙන් පෙළෙන නයිට්ක්ලබ් බෞද්ධයින්ට කියන්නට ඇත්තේ පළමුව බුදු දහම යනු කුමක් දැයි ඉගෙන ගනු....!!!
    බුදු දහම යනු ප්‍රයෝගික දහමකි...සියලු තැන්හී ආදේශනාත්මකය... බුදු රජාණන් වහන්සේ සතුන්ට හින්සා කරන්නට එපා යැයි අවවාද කොට ඇත.. නමුත් ගමේ පිස්සු බල්ලෙක් සැරිසරයි නම් ඒ බල්ලා ඉදිරියට ගොස් "අහං අවරෝ හෝමි කියා පලක් නැත" ඒ ගැන අප යමක් කළයුතුය.. ඔබ යමක් නොකර සිටින්නේ නම් එය බුදු දහම නොව නිගන්ඨ ආගම අනුගමනය කිරීමකි...
    ඔබට සියලු සතුන්ට කරුණාව දැක්විය හැකිය.. නමුත් ඔබට පිස්සු බල්ලේකු සමග නිදාගැනීමට නොහැකිය... ඔබට සැම ආගමක් සමගම සමගියෙන් සිටිය හැකිය.. නමුත් ඔබට ඉස්ලාම් අන්තවාදීන් සමග එය කළ නොහැකිය...


    wwj1ayX.jpg
    JHETc4U.jpg
     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට නොදන්න කමට අහන්නේ, වටරැක විජිතත් ඔය කියාපු ආකාරයේ සුනඛයෙක්ද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගමේ පිස්සු බල්ලෙක් සැරිසරයි නම් ඒ බල්ලා ඉදිරියට ගොස් "අහං අවරෝ හෝමි කියා පලක් නැත" ඒ ගැන අප යමක් කළයුතුය.
    :yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එතකොට නොදන්න කමට අහන්නේ, වටරැක විජිතත් ඔය කියාපු ආකාරයේ සුනඛයෙක්ද?
    පිස්සු බල්ලෝ හපාකෑවහම මිනිස්සුන්ටත් පිස්සුව බෝවෙනනව බව ඔබ අසානැද්ද?:angry:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පිස්සු බල්ලෝ හපාකෑවහම මිනිස්සුන්ටත් පිස්සුව බෝවෙනනව බව ඔබ අසානැද්ද?:angry:

    පිස්සු බල්ලන්ට මෛත්‍රී කිරීම විතරක් නෙමෙයි උන් හා තර්ක කිරීමත් වැඩක් නැති වැඩක්..:)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    sira kathawa.
    ape samahara ponnoyo hithanna agamika sajiwana kiyanna.
    kari hambayanta apita arinna deela balan inna eka kiyala.
    හැමොම කියන්නෙම "සිරා කතා" අප්පා.. ක්‍රියාව තමා කාගෙත් "සිරා" නැත්තේ.. එකෙක් රතු අකුරින් හැමතැනම හම්බයො kill කිය කිය යනවා, ඌ මරපු එකෙක්වත් නැ..