පිස්සු හැදෙන සද දියකිදුරිය

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පිස්සු හැදෙන සද දියකිදුරිය 18 + ???

    විලාසිතා හා සාගරය සම්පූර්ණයෙන් ම එකිනෙකට පරස්පර වුවද, මෙම ලෝකයන් දෙක එක් කරමින් සිදු කළ අපූරු ඡායාරූප පෙළක් පිළිබඳූ ව පසුගියදා වාර්තා විය.
    මෙහි තව විශේෂත්වයක් වන්නේ මෙම ඡුායාරූප පෙළ ගෙන තිබුනේ ලොව විශාල මත්ස්‍යයා ලෙස හැඳින්වෙන තල්මස් මෝරුන් (Whale Sharks) සමග වීමයි.
    ඇමෙරිකානු ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු වන ශෝන් හෙන්ඩි‍්‍රක්ස් හා කි‍්‍රස්ටියන් ස්මිට් ගේ අදහසකට අනුව කෙරුනු මෙම ඡායාරූප එකතුව කාචගත වූයේ පිලිපීනයේ ඔස්ලොබ් ධීවර ගම්මානය ආශ‍්‍රිතවය. එම කාර්යය සඳහා දින 5ක් ගතවී තිබුණි.
    මෙම ඡායාරූප එකතුව සඳහා මෝස්තර නිරූපිකාවන් ලෙස එක් වී ඇත්තේ 32 හැවිරිදි හැනා ෆේ‍්‍රසර් හා 31 හැවිරිදි රොබර්ටා මැන්සීනෝ ය.
    අඩි 25ක් පමණ වඩා ගැඹුරු මුහුදේ ඔවුන් මෙලෙස පෙනී සිටින්නේ කිමිදුම් උපකරණද නොමැතිවය.
    දිය යට මෝස්තර නිරූපිකාවක් වන හැනා ෆේ‍්‍රසර් ලොවපුරා වඩාත් ජනපි‍්‍රය වන්නේ සමුදුරු ජීවීන් රැකීමේ අරමුණින් සිදුවන විවිධ වැඩසටහන් වලට දිය කිඳුරියක් ලෙස එක්වීමෙනි.
    දිය යට මෝස්තර නිරූපිකාවක් වන රොබර්ටා මැන්සීනෝ ද ජාත්‍යන්තර තලයේ බේස් ජම්පින් කී‍්‍රඩිකාවකි.
    මොවුන් දෙදෙනාගේ නිර්භීතභාවය, ස්වභාවික රූසපුව හා දිය යට මෝස්තර නිරූපිකාවක් ලෙස ඇති අත්දැකීම්, මෙම ඡායාරූප එකතුවේ අතිසාර්ථකත්වයට ඉවහල් වූ බව ශෝන් හෙන්ඩි‍්‍රක්ස් පවසයි.
    මෙහිදී තල්මස් මෝරුන් හා එකට මෙම ඡායාරූප ගැනීමට පිලිපීනයේ ඔස්ලොබ් ධීවර ගම්මානයේ ධීවරයන්ගේ දැනුමද ප‍්‍රයෝජනවත්වූ බව ඔහු පවසයි.
    ඔස්ලොබ් හි ධීවරයන් සමග ඉතා සමීප සබඳතාවයක් ගොඩනගා ඇති මෙම සතුන්, සෑම දිනකම නොගැඹුරු මුහුදට පැමිණෙන බවත්, ධීවරයන් විසින් ඔවුන්ට කුඩා කූනිස්සන් කෑමට ලබාදෙන බවත් හෙන්ඩි‍්‍රක්ස් වැඩිදුරටත් පවසයි.
    මෙම ඡායාරූප ෆොටෝෂොප් නිර්මාණ යැයි බොහෝ පුද්ගලයන් සිතුවද, ෆොටෝෂොප් මාදුකාංගය මගින් සිදුකර ඇත්තේ වර්ණ හා ආලෝකය වෙනස් කිරීම් පමණක් බව හෙන්ඩි‍්‍රක්ස් අවධාරණය කරයි.
    ලොව විශාලතම මත්ස්‍යයන් වන තල්මස් මෝරුන් ගේ දිග අඩි 30ක් පමණ වුවද, ඔවුන් ආහාරයට ගන්නේ මුහුදු ජලයේ වෙසෙන කුඩා ප්ලැන්ක්ටන් ජීවීන් පමණි.
    කෙසේවෙතත්, මේ වන විට වඳවී යාමේ තර්ජනයට ලක්වීමේ අවදානමක් (Vulnerable) ඇති මෙම අහිංසක සත්ත්වයා, මිනිසුන්ගේ නොදැනුවත්කම හා කෑදරකම හේතුවෙන් ධීවරයන්ගේ ගොදුරු බවට පත්වේ. එවැනි අභාග්‍යසම්පන්න අවස්ථාවක් පසුගියදා ශ‍්‍රී ලංකාවෙන් ද වාර්තා විය.


    article-2259016-16CE51A8000005DC-529_964x624.jpg




    article-2259016-16CE5147000005DC-265_470x649.jpg


    article-2259016-16CE4F5A000005DC-136_470x649.jpg




    article-2259016-16CE4FF7000005DC-841_964x641.jpg



    article-2259016-16CE51A3000005DC-586_964x639.jpg



    article-2259016-16CE4EF9000005DC-826_470x686.jpg


    article-2259016-16CE51F4000005DC-656_470x686.jpg


    article-2259016-16CE4F56000005DC-547_964x632.jpg



    article-2259016-16CE4F67000005DC-816_964x623.jpg


    article-2259016-16CE519F000005DC-260_964x633.jpg


    article-2259016-16CE5121000005DC-895_964x633.jpg


    article-2259016-16CE4F52000005DC-739_470x700.jpg



    article-2259016-16CE4EE5000005DC-131_470x700.jpg


    article-2259016-16CE51B6000005DC-714_964x1441.jpg



    ගත්තේ ශ්‍රී ලංකා මිරර් .කොම් එකෙන්

    හොදයි කියලා හිතෙනවනම් සලකල යන්න
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කට්ටිය බලයි කියලා හිතනවා ඕක ස්පෑම් වෙන එකක් ශෙයා කරේ මාර ගේමක් දීලා