පිළිතුරු ගී හොයමුද ???
සිංහල ගීත සාහිත්‍යයේ තිබෙනවා පිළිතුරු ගී කියලා ලියැවුනු ගීත නිර්මාණයන්, මොනවද මේ පිළිතුරු ගී කියන්නේ යම් කිසි ගීතයක කියවෙන අර්ථයට පිළිතුරක් ලෙස හෝ එහි ප්‍රතිවිරුද්ධ අර්ථය ගෙනදෙන නිර්මාණයක් හෝ මුල් ගීතයේම දිගුවක් ලෙස ලියවෙන ගීතයක් පිළිතුරු ගීතයක් ලෙස හඳුන්වන්න පුලූවන්. ඇතැම් අවස්ථාවක මේ ගීත දෙකම එකම පදරචකයෙකු විසින් රචනා කරලා තිබෙන්න පුලූවන්. ඇතැම් ඒවා ගීත රචකයන් දෙදෙනෙකුගේ වන අවස්ථා තිබෙනවා.
මෙම පිළිතුරු ගීත කැසට් පට රැල්ලක් ලංකාවේ 90 දශකයේ දැඩිව පැවතුනා. මෙලෙස තරඟයට පිළිතුරු ගීත කැසට් පට නිකුත් කලේ සංජීවනි වීරසිංහ හා පුන්සිරි සොයියා විසින් ඔවුන් විසින් ගායනා කරන ලද ගීත මා ඉහත සඳහන් කල පිළිතුරු ලෙස හදුන්වන්න අපහසුයි. මොකද මොවුන් පිළිතුරු ගීත කියලා ගායනා කලේ ජනප්‍රිය ගීත වල වචන වෙනස් කර ගායනා කිරිමක් පමණයි. මා මුලින් සඳහන් කල පිළිතුරු ගීත වල එවැනි චවන වෙනස් කිරිමක් නෑ. එකිනෙකට වෙනස් පදමාලා දෙකක් තමයි තිබෙන්නේ
උදාහරණයක් ලෙස මම පිළිතුරු ගීත යුගල දෙකක් දාන්නම්, මේ ගීත හතරේ විශේෂත්වයක් තිබෙනවා. මේ ගීත හතරම රචනා කර තිබෙන්නේ එකම පදරචකයෙක්, ඔහු තමයි ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා
ඉන්දීවරි අබේවර්ධන ගායනා කල "සළු සෝදනා මම ලෙංචිනා" මේ ගීතය දැන් නම් ගුවන් විදුලියෙන් ඇහැන්නේ නැතිතරම් සංගීතය ඔස්ටින් මුණසිංහ
http://www.ananmanan.lk/free-sinhal...lenchina-indeewari-aberathne-sinhala-mp3.html
මේ ගීතයේ පිළිතුරු ගීතය
ගායනය සුනිල් එදිරිසිංහ
සංගීතය රෝහණ වීරසිංහ
ගායනය හා සංගීතය ගුණදාස කපුගේ
කපුගේ මහතා ගායනා කල ගීතයේ පිළිතුරු ගීතය
ගායනය නන්දා මාලනීමේ වගේ ගීත ගැන කතාකරන මගේ වෙනත් ත්‍රේඞ් එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1548175

ගායනය නන්දා මාලනී
සංගීතය සරත් දසනායක
http://www.elakiri.com/forum/showthread.php?t=1548175
කට්ටිය තමන් දන්න මේ වගේ සිංහල පිළිතුරු ගී අනෙක් අයට දැනගන්න දාන්න